'' සුදු මාමේ මං එන්නද ? '' ගවීෂ් ඇහුවේ කන්නාඩි දෙකත් දාගෙන කාමරේට වෙලා පොතක් කියව කියව ඉදපු සුදු මාමාගෙන්.. උඩම තට්ටුවේ කෙළවරේම තිබ්බ සුදු මාමාගේ කාමරේ බිමට තිබ්බේ ලී පොළවක්.... පරණ ලොකු රවුම් ජනේලය ගාවම තිබ්බ ඇදට සම්පූර්ණ අහස පේන විදියට තිබ්බ නිසාම ගවීෂ් මේ කාමරේට කෙල හල හල ඉදියා කිව්වොත් වැරදි නැ....ගවීෂ්ට ඇතුළට එන්න කියලා ඔළුව වනපු මෙතුල කන්නාඩිය ගලවලා පොතත් වහලා පැත්තකින් තිබ්බේ මේ හාදයා මොකද මේ වැරදිලා උඩ තට්ටුවට නැග්ගේ කියලා හිතාගන්න බැරැව...
එයාට වචනයක්වත් නොකියපු ගවීෂ් ලොකු රවුම් ජනේලේ ගාවට ගිහින් ඒකේ ජනෙල් පඩිය උඩින් වාඩි වෙනවා මෙතුල බලාගෙන ඉදියා... ඒ තමයි මේ පැත්තටම තියන උසම තැන.. ආයේ මුළු විලේජ් එකේ දකුණු පැත්තම වගේ පේනවා සැහෙන ඈතකට වෙනකම්.... වේඝර්ණාරච්චි මැන්ෂන් එකේ කොටස් දෙකයි... අවුරුදු තුන් සීයකට විතර පරණ සැරින් සැරේට අලුත් වැඩියා කරපු මැන්ෂන් එකේ ලොකු වපසරියක තිබ්බ මාළිගාවක් කිව්වට වැරදිත් නැ... ගාඩ්න් එකේ සැහෙන්න දුරකට යනකං හොර , ගිරිතිල්ල ගස් පේළියයි...
'' මොකො පාඩම් කරලා ඉවරද දැන් ? '' මෙතුල ඇහුවේ එයාගේ මිනි ෆ්‍රිජ් එකෙන් සන්ක්‍රෂ් කෑන් එකක් අරගෙන ගවීෂ්ට දික් කරන ගමන්... පාඩම් ? හහ්.. සුදු මාමා අහනකං පාඩම් කරන්න ඕන කියලාවත් මතක් නොවුන ගවීෂ් ස්මයිල් ඉන් පේන් හිනාවක් දාලා කැන් එක අතට ගත්තේ කිසි කතාවක් නැතුව.... කැවද බිවද අහන්න එකෙක් නෑ... පාඩම් කළාද කියලා නං අහනවා..
'' යොවන්දි නං මේ ටිකේම වැඩ.. දෙක තුන වෙනවා එළියේ වින්ට හවුස් එකේ ලයිට්ස් ඕෆ් වෙද්දි.... '' මෙතුල කිව්වේ යොවන්දිට නිදහසේ පාඩම් කරන්නම මේ දවස්වල ගාඩ්න් එකේ වින්ට හවුස් එක යොවන්දිට දිලා තියන නිසා... ගවීෂ්ටත් ඔය තහනමක් නැ එහේ යන්න , ඒමයි කියලා පොර පාඩම් කරනවා නං බැරිය ඉතින්...
'' යොවන්දි ආස නං කරපුවාවේ ඉතින්.. හැමෝගෙම ආසාවල් එක වගේ නැනේ... නේහ් ? '' ගවීෂ් කවදාවත් නැතුව සිරියස් පිට කතා කරනවා දැක්ක මෙතුල ඇස් බැම උඩ යවලා පැත්තේ පුටුවෙන් වාඩි වුනේ අද නං මොනාම හරි වෙලා තියෙනවා කියලා ඉවෙන් වගේ තේරුම් අරගෙන...
'' මට බය ඒකි ඔච්චර මහන්සි වෙලා අන්තිම මොහොතේ මොනවාහරි වෙලා එක්සැම් අවුල් උනොත්... මේ වේඝර්ණාරච්චි ගෙදර !!!!.... එ්කේ ඕනම දෙයක් වෙන්න පුලුවන් නේහ් නේහ් සුදු මාමේ ? ඒ පාර මෙතන ඉන්න අය කියන්නේ අම්මො ඒකි මැරුන තරමක් මැරුනා , හරියට හුස්ම ගත්තෙත් නැ , කැමක් බිමක් නෑ , පොත්වලමයි ඉදියේ , ජිවිතයක් තිබ්බේ නැ බ්ලාහ් බ්ලාහ් බ්ලාහ්... - දැන් එච්චර මහන්සි නොවුන මං දැන් ඉදන්ම කොහොමත් කාලකන්නියා... කෝමත් අපතයා.. කෝමත් මෙලො වැඩකට නැති එකා... '' ගවීෂ් හිනා වෙලා කිව්වේ මෙතුලත් සද්ද නැතුව හිනා වෙලා අහස දිහා බලද්දි...
'' කාගේවත් හීන , කාගේවත් ආසාවල් , කාගේවත් අනන්‍යතාවය !!! ඒවා කොපි කරන්න පුලුවන් , ඒත් එයා වෙන්න අපිට බෑ.... ඒවා අපිට අයිතිත් නැ , අපිට අයිති කරගන්නත් බෑ.. ඒවාට සිමාවල් දාන්නත් අපිට බැ.. දැන් ගවීෂ්ට මොකද මේක ? '' සුදු මාමා හෙමින් ඇහුවේ ගවීෂ් අනිවාරෙන්ම මෙහේ ආවේ එයාගෙන් උපදෙසක් බලාපොරොත්තුවෙන් කියලා මෙතුල තේරුම් අරගෙන තිබ්බ නිසා...
'' සීයා යොවන්දිව මට ප්‍රපෝස් කරලා...''
'' වට් ?!!!! මේ එක්සැම් අස්සේ ? අප්පච්චි කොහොමද ඒම කියන්නේ ? !!!! '' මෙතුල ඇහුවේ ෂොක් වෙලා..
'' ෂොක් වෙන්න එපා ඉතින් , ඕක කවදාහරි වෙන්න තිබ්බ දේ නේහ්...මගෙන් තාම ඇහුවේ නෑ....'' ගවීෂ් කිව්වේ සන්ක්‍රෂ් එකේ ඉතිරි අන්තිම ටිකත් උගුරට හලා ගන්න ගමන්.... සුදු මැලි වෙලා ඉන්න සුදු මාමාව දැක්කම ගවීෂ්ට හිනාත් යනවා... දෙය්යනේ ඉතින් ප්‍රපෝස් කලේ මට, එයාට නෙවේනේ....
'' යුවනිදු තාම මැරි කරලත් නැ.. අඩුම චුටි අය්යායි මායි මැරි කරලත් නැතුව ඇයි ඔයාව ??? !!! '' මෙතුල ප්‍රශ්නේ ඇහුවට උත්තරේ ඒ ඩිංගට හිතට ඇවිත් ඉවරයි ... මේ පොඩි කොල්ලානේ වේඝර්ණාලාගේ ඊළග උරුමය....
'' හොව් හෝව්.... කවුද කවුද මැරි කරලා නැත්තේ ? අවිනාශ් අය්යේ මෙන්න වැඩක් !!! .. '' ගවීෂ් කිව්වේ මාතෘකාවෙන් පිට පනින්න උත්සහ කරන ගමන්...
'' කතාවෙන් පනින්න එපා ගවිෂ්.. '' සුදු මාමා රතු වෙලා කිව්වේ ආයේම පුටුවෙන් වාඩිවෙන ගමන්....
'' එතකොට ඔයත් ළගදිම යනවද ? ''
'' ම්ම්ම්...අපි බලමු ඉතින්.. '' මෙතුල කිව්වේ සද්දේ අඩු කරලා.. යන්න වෙනවානේ...
'' අවිනාශ් අය්යා ගාවට ද ? එතකොට මට කවුද ඉන්නේ ? ''
'' ළමයො පොඩි දරුවෙක් වෙන්න එපා.. '' මෙතුල ටිකක් තදින් කිව්වේ දැන් ගවීෂ්ට දහනවයක් වෙන්නත් එන නිසා... කොච්චර වටේ පිටේට තද දාගෙන ඉදියත් ගවීෂ් ඇවිත් හැමතිස්සේම එයා එක්ක හුරතල් වෙනවා කියන එක මෙතුල හොදටම දන්න කාරණාවක්... මෙතුල ඉදපු තැනින් නැගටලා ගවීෂ් ගාවට ගියේ කොල්ලාගේ පිටට තට්ටුවක් දාලා එයාව සන්සුන් කරන ගමන්....
'' මායි යොවන්දියි කතා කලා ඒක ගැන.. '' ගවීෂ් කිව්වේ බිම බලාගෙන...
'' ම්ම් ඒක හොදයි.. මොනවද එයා කියන්නේ ? '' මෙතුල ඇහුවේ ඉවසීමෙන්...
'' සති තුනකට විතර කලින්... ඒ.. එ්ත් සුදු මාමේ ඒ වෙනකොට තිබ්බ තත්වෙයි දැන් තත්වෙයි වෙනස්.'' ගවීෂ් කිව්වේ බිම බලාගෙන...
'' ඒ කිව්වේ ? ''
'' මං-... ම-ම හිතන්නේ මට ගැනු ලමයි දැනෙන්නේ නැ....''
'' ආහ් ? '' මෙතුල ඇහුවේ නළලත් රැලි කරලා.. මොනාද මේ පොඩි එකා කියන්නේ.....!!???
'' මට එහෙම බැරිවෙයි ... '' ගවීෂ් කිව්වේ බිම බලාගෙන...
'' මොනවද කියන්නේ ? ඔයාට ඒම ප්‍රශ්නයක් තිබ්බේ නැ කලින් මං දන්න තරමින් ? !!! මං නිසා ද මේම උනේ දරුවො ? '' මෙතුල ඇහුවේ වරදකාරි හැගීමෙන්....
'' සුදු මාමේ අය්යො නෑ දෙය්යනේ.. !!! ඒක තමයි කිව්වේ සති තුනකට විතර කලින් කියලා.... '' ගවීෂ් කිව්වේ සුදු මාමාගේ ඉණ වටේ අත් දෙක දාලා බදාගෙන....
'' එහෙනම් මොකද උනේ කියන්න .. '' ප්‍රශ්නය හිතුවට වඩා දරුණුයි කියලා තේරුන මෙතුල සන්සුන්ව ඇහුවේ ගවීෂ්ගේ ඔළුව හිමින් අත ගාන ගමන්...
'' ඒක පටන් ගත්තේ මම.. මමයි වැරදි.. එයාට Viagra ඩෝස් එකක් ගිහින් තිබුනා...ඉහ්.... '' ගවීෂ් තද තද කරලා මෙතුලව බදාගෙන කිව්වේ ඇඩෙන්න ආපු එක නවත්තගන්න ගමන්... ගවීෂ් කවදාවත් මෙච්චර ඉමෝෂනල් වෙලා නොදැකපු මෙතුල ගවීෂ්ව එහාට කරලා එයා ඉස්සරහින් බිම දණගහගත්තේ ගවීෂ්ගේ මූණට එබෙන ගමන්...
'' මොකක්ද උනේ කියන්න කෙලින්.. '' මෙතුල තදින් කිව්වේ මේ මෝඩ කොල්ලා එක්ක කේන්තියටත් එක්කමයි...
'' මං හිතුවේ එ-එයාව මට කන්ට්‍රොල්- කරගන්න පු-පුලුවන් කියලා... ඒත් - '' ගවීෂ් නැවැත්තුවේ සුදු මාමාගේ අල්ල එයාගේ කම්මුලේ චටාස් ගාලා වැදෙද්දි... පළවෙනි පාරට සුදු මාමා ගැහුව නිසාදො මෙච්චර වෙලා හිර වෙලා තිබ්බ කදුළු බිංදුවක් ගවිෂ්ගේ කම්මුල දිගේ බේරුනේ තාමත් කම්මුල පුපුරු ගහද්දි...
'' ඇයි මෙච්චර කල් ගත්තේ කියන්න !!! පණ්ඩිකම නැති වෙන්නේම නැද්ද ?? '' මෙතුල තදින් ඇහුවේ තාමත් නැති නොවුන කේන්තියෙන්... සති තුනක් තිස්සේ මේ කොල්ලා තනියම මොනවා කරලා ද !!! තාම අවුරුදු දහනවයක කොල්ලෙක් !!!! අනික පළවෙනි එක්ස්පිරියන්ස් එකම මෙහෙම උනාම මේ කොල්ලාගේ ඔරෙයින්ටේෂන්ස් එහෙම් පිටින්ම වෙනස් වෙන එක අහන්නත් දෙයක් නෙවේ....
'' කොහෙදි ද සිද්ධ උනේ ? ''
'' ට- ටයිඩ්‍රැක්ස් එකේදි.. '' මෙතුලගෙන් ඊළග කම්මුල් පාර කන්න ලැස්ති පිටම ඇස් දෙකත් තද කරලා වහගන්න ගමන් ගවීෂ් කිව්වේ අඩන්න ඔන්න මෙන්න... ඇඩෙන්න ඔන්න මෙන්න ඉන්නකොට , සුදු මාමාත් ගැහුවම....
'' මගෙයි වැරැද්ද.. '' මෙතුල හෙමින් මිමිණුවේ ගවීෂ්ගේ පිටට තට්ටුවක් දාලා එහාට වෙන ගමන්... විනාඩි ගාණක නිශ්ශබ්දතාවයෙන් කාමරේම පිරිලා ගියේ ගවීෂ් බිම බලාගෙනම ඉද්දි.... ඔරලෝසුවේ ටක් ටක් සද්දේයි එලියේ කොළ හෙලවන සද්දේයි ඇරැනම කාමරේම විනාඩි දහකට විතර නිශ්ශබ්ද උනා... ගවීෂ් දැන් ලොකු ළමෙයක් වෙන්නැති.. ඒත් මෙතුලගේ ඇස් දෙකෙන් එයා හැමදාම පොඩි ළමයෙක්ම තමයි... සිද්ධ වුන දේ මොකක් වුනත් , ඒ දේ මොකක් වෙන්නැතිද කියලා දැනටම මෙතුලගේ ඔළුවේ අවබෝධයක් තිබුනත් ඒකට එයා වගකියන්න ඕන කියලා මෙතුලගේ හිත දන්නවා... මෙච්චර කෙයාලස් අනේ කොහොමද ? මේ පොඩි එකා පව් දෙය්යනේ.. !!!! කවදාවත් නැතුව මං අතත් ඉස්සුවා.. මෙතුල හිතුවේ ගවීෂ් තාම කම්මුලට අත තියාගෙන බිම බලාගෙන ඉදපු විදියට හිත උණුවෙද්දි... සමහර විට කොල්ලෙක්ට මේම දෙයක් උනාම හංගන්න බලනවා වැඩියි.. ඒම එකේ ගවීෂ් ඇවිත් එයා එක්ක කියන්න ඇත්තේ දරාගන්න බැරිම තැන වෙන්නැති කියලයි මෙතුලට හිතුනේ...
'' හරි... වුන දේ වෙලා ඉවරයි..ඔයාට දැනෙන දේ කියන්න අවංකවම.... ඔයාට ඉන්සෙකියුර් ගතියක් දැනෙනවද දරුවො ? '' මෙතුල ඇහුවේ ගවීෂ්ව ආයේම ළගට අරගෙන... ඒ වගේ අත්දැකිමක් නිසා වෙන්න පුලුවන් දේවල් මොනවගේද කියන්න සයිකොලොජි ඉගෙන ගත්ත මෙතුලට අමුතුවෙන් කියන්න ඕන නැ.... ඒත් ගවීෂ් ඉක්මනින් ඔළුව වැනුවේ නෑ කියන්න...
'' මට සේෆ් ගතියක් දැනෙනවා සුදු මාමේ...වෙනදට වඩා.. ඉස්සරහට මොන දේ උනත් මං අයිති -.... හරියට කියනවා නං , කලින් - මට යොවන්දිව -ප්‍රපෝස් - කරපු වෙලේ... මට බ-ය හි-තුනා... දැන් ඒක දැ-නෙන්නේ නෑ.. ඊට වඩා එහාට ගිහින් ඉවරයි මං...- මං -මං ඒක-ට කැම-තියි...'' ගවීෂ් අවංකවම කිව්වේ මෙතුල මුකුත් කියන්නැතුව ඔළුව වනද්දි... ඒ හිතුවක්කාර , නාහෙට අහන්නැති ගවීෂ් නෙවේ , ගවීෂ්ගේ ඇතුළාන්තයේ ඉන්න අහිංසකයා... මෙතුල ගාවදි විතරක්ම එළියට දාලා තියෙන ගවීෂ්ගේ අහිංසක පැත්ත....
'' ම්ම්... මේ සිද්ධියෙන් පස්සේ මියුන් මොනව ද කිව්වේ ? ''
'' ආහ් ? ''
'' උණහපුළුවෙක් වගේ බලන්න එපා.. ඔයා මෙච්චර කෙයාලස් වෙනවා නං අර ආශක්‍යසිංහ කොල්ලා ගාවදිම වෙන්න එපැයි ගවීෂ්.. අනික ටයිඩ්‍රැක්ස් එකේදි... ඉතින් - ඊට පස්සේ එයාව හම්බුනා ද ? '' ගවීෂ් ඔළුව වැනුවේ හිමින්... මෙතුල බලාගෙන ඉද්දිම ගවීෂ්ගේ ඇස් දෙක ආයේම රතු පාටින් පිරිලා ගියේ මෙතුල ඒක නොදැක්කා වගේ යන්තං හිනා වෙලා අහස දිහා බලද්දි....
'' අපො...පස්සේ දවසේම හම්බුනා හොස්පිටල් එකේදි.. ක්‍රිෂ් එක්ක ඉදියේ මොකට රවුම් ගහනවද මන්දා... ලස්සන නර්ස්ලා ඒම ඉන්නවනේ ඉතින්.... මං ගියේ ආශදිගේ අත කෲක්ෂන්ක්ස් හුරලා එයාට බෙහෙත් අරන් දෙන්න... පොර ඇහුවා මගෙන් සනිප නැද්ද කියලා.... මං තමුසේට මොකද කියලා අහපු නිසා මාවත් තල්ලු කරලා රවලා ගියා... '' ගවීෂ් නහයෙන් පිඹලා කිව්වේ අදෘශ්‍යමාන මියුන්ට රවන ගමන්...
'' ඇයි සුදු මාමේ හිනා වෙන්නේ ? '' මෙතුල මුකුත් නැ කියන්න ඔළුව වනලා ආයේ අහස බැලුවේ හිනාවෙලා.. එක අතකට දවසක එයා උකුලේ තියලා නළවපු පොඩි කොල්ලා මෙච්චර ඉක්මනට ලොකු වෙලා ආදරේ කරන්නත් ගනි කියලා මෙතුල හිතුවේ නැ.. සමහර විට කාලය හිතුවටත් වඩා වේගෙන් ගතවෙලා....සමහර විට අතීතයේ හිතුවට වඩා අනාගතේ හිතුවට වඩා ගොඩක් වෙනස් වෙලා...
'' ගවීෂ්ට මොන වගේ හැගිමක්ද තියෙන්නේ ? ඔය කඩන්න යන්නේ බරපතළම නීතිය.. ඇරත් අප්පච්චි ඔයාව තෝරගෙන ඉවරයි..... '' මෙතුල සන්සුන්ව ඇහුවේ වෙන වේඝර්ණ කෙනෙක් ගෙන් නම් මේ විදියට ප්‍රශ්නය සන්සුන්ව ඉදිරිපත් නොවෙන නිසා.. කොච්චර ගවීෂ්ට ආදරේ උනත් , වෙන කිසිම වේඝර්ණාරච්චි කෙනෙක් මේ විදියට රියැක්ට් කරන්නැ කියලා ගවීෂ් පවා දන්නවා... බැරිම තැන මේක කියන්න ගවීෂ් සුදු මාමාව තෝරගත්තේත් ඒකමයි...
'' සුදු මාමා හොයලා දෙන්නකො මේ කෙහෙම්මල් ඇස් රතු වෙන එක නවත්තන්න පුලුවන් විදියක්.. සුදු මාමා පල්ලා මං ආයේ ජිවිතේට ඕක ගැන හිතන්නේවත් නැ... '' ගවීෂ් කිව්වේ එයාගේ තද රතු පාට වෙලා තිබ්බ ඇස් දෙකෙන් මෙතුල දිහා බලලා.. ගවීෂ් හරි... ඒවා එයාට නවත්තන්න පුලුවන් දෙයක් වුනා නං , එයා මේ වෙනකොට පවුල වෙනුවෙන් ඒක කරලා...
'' අමතක කරන්න බලන්න ගවීෂ්.. ඒක අතීතය එක්කම වළදාන්න... මං කැමති නෑ ඔයා ඇතුළෙන් මැරිලා යනවට.. '' මෙතුල කිව්වේ අත් දෙකත් බැදගෙන ජනේලෙන් එළිය බලලා.... හැගීමක් හදවතට ආවාම , ඕනම කෙනෙක්ව මත් කරනවා... සමහරු ඒ මත් ගතියෙන්ම ටිකෙන් ටික මරලා දානවා.. තව සමහරු ජිවීත කාලේටම ඒ මතින්ම ජීවත් වෙනවා...මත් ගතිය මැදදි ඇහැරුනොත් ? ....
'' නෑ නෑ....මං මේ එහෙම සිරියස් හිතන කොල්ලෙක් නෙවේනේ... '' ගවීෂ් ඈත බලාගෙන වගේ කිව්වේ මේක මෙතනින් එහාට තව දුර යන්නැ කියන විශ්වාසෙත් එක්ක.. එව්.. කෝමත් ඒක ඉවරයි.. කෝමත් ඇස් දෙක රතු පාට වෙන්නේ එයාගේ විතරමයිනේ...
'' අපි බලමු.. කො කො. දැන් යන්න කාමරේට , එක්සැම් එකටත් තව මාස එකහාමාරක් වගේනේ.. ෂුප්....'' මෙතුල කිව්වේ මූණ ඇඹුල් කරග්තත ගවීෂ්ව කාමරෙන් එළියට තල්ලු කරන ගමන්....
'' මං ඕක ලියන්නෑ වදේ !!!!! ''
'
'
'
'
'
'
~ මතු සම්බන්ධයි ~