- Plot 23 -

By Bulbz_D

859K 114K 39.2K

ගවීෂ් තිමෞර්ය වේඝර්ණාරච්චි , ලෝකයෙන් සැගව ගිය ධනවත් බල පරම්පරාවක මීළග තරුණ උරුමයයි .. සරල වදනින් , අමු කාළකණ... More

- 1 -
- 2 -
- 3 -
- 4 -
- 5 -
- 6 -
- 7 -
- 8 -
- 9 -
- 10 -
- 11 -
- 12 -
- 13 -
- 15 -
-16 -
- 17 -
- 18 -
- 19 -
- 20 -
- 21 -
- 22 -
- 23-
-24-
- 25 -
- 26 -
- 27 -
- 28 -
- 29 -
- 30 -
- 31 -
- 32 -
- 33 -
- 34 -
-35-
-36 -
-37-
- 38 -
-39-
- 40 -
- 41-
- 42-
- 43 -
- 44 -
-45-
- 46 -
- 47 -
- 48 -
- 49 -
- 50 -
- 51 -
- 52 -
- 53 -
- 54 -
- 55 -
- 56 -
- 57 -
- 58 -
- 59 -
- 60 -
- 61-
-62-
- 63 -
- 64 -
- 65 -
- 66 -
- 67 -
- 68 -
- 69 -
-70-
- 71 -
-72 -
- 73 -
- 74 -
-75-
- 76 -
- 77 -
-78-
- 79 -
- 80 -
- 81-
- 82 -
- 83 -
- 84 -
-85-
- 86 -
- 87 -
- 88 -
- 89-
- 90 -
- 91-
- 92 -
- 93 -
- 94 -
- 95 -
- 96 -
- 97 -
- 98 -
- 99 -
- 100 -
- 101 -
- 102 -
- 103 -
- 104 -
- 105 -
- 106 -
- 107 -
- 108 -
- 109 -
-110 -
- 111 -
- 112 -
- 113 -
- 114 -
- 115 -
- 116 -
- 117 -
- 118 -
- 119 -
- 120 -
-121 -
- 122 -
-123-
- 124-
- 125 -
A/N -

- 14 -

7.4K 1K 67
By Bulbz_D

'' දැන් මොනා හොයන්නද මෙහේ ආවේ ? '' අරවින්ද් ඇහුවේ සද්දයක් නැතුව එයාගේ පිටිපස්සෙන් ආපු මියුන්ගෙන්...

''දෙයක් ගන්න ආවේ.. සීයාගේ වැඩේ ඉවරනේ ..'' මියුන් අරවින්ද්ට කිව්වේ එතන තිබ්බ ලොකු කළු පාට පරණ තාලේ ෂොප් එක ඉසසරහා පොඩ්ඩකට නැවතිලා... 

විලේජ් එකේ ඩ්‍රොප් සෝන් එක කියන්නේ තිබ්බ මගොඩි වැඩ සේරම සිද්ද වුන පැත්ත... ඩ්‍රග්ස් , හොරබඩු , ෆයිට්ස් තව හැමජාතියෙන්ම... සමහර විට මිනිමැරුම් පවා.. පාළු කඩ වීදි දෙකකින් කෙළවර වෙලා පස්වලට පවා අගුරු අළු කලවම් වෙලා තිබ්බ ඩ්‍රොප් සෝන් එක ගැන කොහොමත් අවුරුදු ගානක් පරණ පුරාවෘත්තයක් තියේ කියලා ඕනම විලේජර් කෙනෙක් දන්නවා... ආශක්‍යලාත් , වේඝර්ණලාත් අතරේ අවුරුදු ගානකට කලින් ඇවිළිලා තිබුන සටන නිසා ඩ්‍රොප් සෝන් එකට මෙහෙම උනා කියලාත් සමහරු කියනවා.. තව සමහරු කියන්නේ එයාල එකතු වෙලා  කරන්න ගියපු අත්හදාබැලිමක් වැරදිලා ඩ්‍රොප්සෝන් එකට මෙහෙම උනා කියලා... අදටත් ආශක්‍යලා වගේම වේඝර්ණලා අතර ඇතිවෙන ඕනම ෆයිට් එකක් තියෙන්නේ මේ ඩ්‍රොප් සෝන් එකේ තැනක තමයි..

'' නිශා අක්කට මේක ලස්සන වෙයිද ? '' මියුන් අැහුවේ චූටි ඩයමන්ඩ් පෙන්ඩන්ට් එකක් තිබ්බ චේන් එක උස්සලා අරවින්ද්ට පෙන්නන ගමන්... ආශක්‍යසිංහලා උනාට මොකද මියුනුයි අරවින්ද්නුයි පොඩ්ඩ ඇත්තන් ඇවිලෙනවා... දෙන්නටම තරහා යන නිසයි , දෙන්නම සෙකන්ඩ් වෙන්න කැමති නැති නිසයි කවුරුම හරි මැද්දට පනිනකම් ඉතින් වලිය ඇදෙනවා.. දෙන්නා එකට එළියට බහින්නේ එහෙමත් කලාතුරකින්... හැබැයි අපරාදේ කියන්න බෑ , නිශා අක්කාගේ ඕන වැඩකදි දෙන්නා කිරියි පැණියි වගේ... ඉතිහාසයේ එක් දවසක අර වේඝර්ණාරච්චිලගේ යුවනිදු හොද පාරවල් දෙක තුනක්ම කැවෙත් මියුනුයි අරවින්ද්නුයි එකතු වෙලා නෙලපුවයින් තමයි... දැනුත් මේ ෂොප් එකට පැන්නේ නිශා අක්කගේ බර්ත්ඩේ එකට මොනවාහරි ගන්න හිතාගෙන තමයි..

'' මේකේ සිල්ව චේන් එක නැද්ද ? '' අරවින්ද් ඇහුවේ ලස්සන අඩසදක් හැඩේට කපලා තිබ්බ දියමන්ති පෙන්ඩන්ට් එක අතට අරගෙන.... ඇස් දෙක පියාගෙන ඒක දැනෙන විදිය අතගාලා බලපු අරවින්ද් ඔළුව වැනුවේ ඒක ගමු කියන්න... නෙක්ලස් එක ගන්න තුන්වෙනි පරම්පරාවම වගේ දායකත්වය දරලා තියෙනවා කිව්වොත් වැරදි නෑ.. ක්‍රිෂ්ගෙන් තමයි වැඩි කොටස.. අනිත් අය සේරමලා තාම ඉතින් ඉස්කොලේ යනවනේ..

'' අක්කා ඕකට කැමති වෙයිද බං ? '' මියුන් බිල් එකත් පේ කරලා ෂොප් එකෙන් එළියට බැස්සම අරවින්ද් ආයේම ඇහුවේ මියුන් මුකුත් කියන්නැතුව ඔළුව වනලා ගුරු පාරට හැරෙද්දි..

'' උබ ? තමුසේ මොකද මෙහේ ? '' අරවින්ද්ගේ කටහඩට මියුන් ඔළුව හැරෙව්වේ තත්පර දෙකක පරක්කුවට සම්පූර්ණයෙන්ම ඒ පැත්තට හැරෙන ගමන්.. ආහ් හිතුව මෑන්ස් තමයි...  අරවින්ද්ගේ දකුණු පැත්තේ කලිසමේ සාක්කුවට අත් දෙක දාගෙන ඉදපු මියුන්ව දැක්කම යොවන්දි ගවීෂ්ගේ අතේ එලලුනේ වැඩි වෙලාවක් යන්න කලින් මෙතන දෙගොල්ලා මරාගන්න බැරිකමක් නැති නිසා... ටිකක් එහායින් ඉදපු නිසාද මන්දා ගවීෂ් තාම එයාව දැක්කේ නැ කියන්න මියුන්ට හොදටම ෂුවර්...

'' අහ් අපේ ලොකු ගස් ගදයා.. '' ගවිෂ් නෝන්ඩියට කිව්වේ යොවන්දි ආයේත් ඒ යකාව පිටිපස්සට අදිද්දි..
කොහෙද බක පණ්ඩිතයිනේ... එක පාරක් නාගෙන ඇවිත් සති දෙකක්ම ලොක් රූම් එකේ ඉදලා , තව යනවනේ ලැජ්ජ නැතුව පැටලෙන්න... යොවන්දි මුමුණ මුමුණ බැන්නේ මියුන් ගවීෂ් දිහා බලන විදියට තව ටිකකින් පොර ඇවිත් ගවීෂ්ගේ බෙල්ලෙන්ම අල්ලයිද දන්නැති නිසා...

'' මොකද තමුසේ ගේමද අදත් ? '' අරවින්ද් ඇහුවේ අඩියක් ගවීෂ් දිහාවට තියන ගමන්...

'' ගවීෂ් මේ...අර මල්ලිත් ඉන්නවා.. '' යොවන්දි මිමිණුවේ ගවීෂ්ට වටපිටාව බලන්නත් පොඩ්ඩක් මතක් කරවලා... මියුන්ගේ ඇස් ඉවසීමෙන් උඩ ඉදන් පහළට ගවීෂ්ව ස්කැන් කරනවා යොවන්දි බලාගෙන.. මියුන් මුකුත් කියන්නත් කලින්ම තත්පරේක පරක්කුවට ඊ ගහක් වගේ ගවීෂ් යොවන්දි දිහාවට හැරුනේ යොවන්දි ඇසුත් ලොකු කරගෙන බලාගෙන ඉද්දි... මේ මොනවා වෙලැයි මේ ?  යොවන්දි බලන් ඉද්දිම ගවීෂ්ගේ ඇස් රතු පාටින් පිරෙන්න ගත්තේ  යොවන්දි නළලත් රැලි කරගෙන මාරුවෙන් මාරුවට ගවීෂ් දිහායි ඊට පිටිපස්සෙන් පේන මියුන් දිහායි මේ මොන විකාරයක් ද වගේ බලද්දි...

'' අපි යං. '' ගවීෂ් පිටිපස්ස හැරිලාම කිව්වේ කොන්ෆියුස් එකේ උපරිම වෙලා තිබ්බ යොවන්දිව පාරේ අනිත් පැත්තට හිමින් තල්ලු කරන ගමන්... කොහොමත් ඩියෝන් එක්ක යොවන්දිව ඉක්මනට ගෙදර යවන තරමට ඇගට ගුණයි...

'' කොහේද තමුසේ යන්නේ ? '' අරවින්ද් කැගැහුවට ගවීෂ් මුකුත් නැහුන ගානට යොවන්දිවත් ඇදගෙනම අතුරුදහන් වෙනවා මියුන් බලාගෙන ඉදියා.. දැන් කොහොමත් සති දෙකහා මාරක් විතර තිස්සේ ඉදන්  ගවීෂ්ගේ හැසිරිම මේමයි කියන එක මියුන්ට අමුත්තක් නෙවේ.. පොරට ඒක අදාළත් නෑ , ගණන් ගන්නෙත් නෑ..

හැබැයි ගවීෂ්ගේ අතේ බැදලා තිබ්බ කොළ පාට නූල් දෙකින් එයා ටිකකට කලින් *ජගුවර් බන්ෂ්* එකට ගිහිල්ලා කියලා මියුන්ට ඇගිල්ලෙන් ඇනලා කියන්න ඕන නැ... ඩ්‍රොප් සෝන් එකේ තිබුණ ආශක්‍යසිංහලාටත් , වේඝාර්ණාරච්චිලාටත් එක වගේ පරණ අතීතයක් වගේම බැදීමක් තිබ්බ ජගුවර් බන්ෂ් එක එක්තරා විදියකට එයාලාගේ පූජනීයම ස්ථානයක් කිව්වට වැරදි නෑ... හරියටම කිව්වොත් ජගුවර් බන්ෂ් එක දැනට සාමාන්‍යය ලෝකෙන් වද වෙලා ගියා කියලා සලකන , මේච්‍යුරි ගහක් වටේ තිබුණ ගල්වලින් කරපු ජගුවර් පිළිම ගොඩකින් වට වෙලා තිබුනා කියන්න මියුන් අහලා තියෙනවා...  මේ ස්මාරකය , බර්ඩ්‍රේන්වරුන්ගෙත් , ඩොමිඩියන්වරුන්ගෙත් උපතේ ඉදන්ම පැවතුනා කියලා තමයි සැලකෙන්නේ.. කොහොම උනත් ශුද්ධ ආශක්‍යසිංහ හෝ වේඝාර්ණාරච්චි කෙනෙක්ට ඇර එතනට වෙන සාමාන්‍ය යොරෙල් කෙනෙක්ට පවා ජගුවර් බන්ෂ් එකට ඇතුළු වෙන්න තහනම් වෙලා තිබුනා..

ඩ්‍රොමිඩියන්වරු වෙනුවෙන් මේච්‍යුරි ගහ හැමදාම පෙනි ඉදියත්, බර්ඩ්‍රේන්වරුන් වෙනුවෙන් පෙනී ඉදියා කියලා පුරාවෘත්තවල තියෙන ජගුවර් අතුරුහන් උන නිසාම , වේඝාර්ණලාගේ මේ ජගුවර් බන්ෂ් එකට තිබ්බ සම්බන්ධය ටිකෙන් ටික ගිලිහුනා කියලා තමයි මියුන් අහලා තියෙන්නේ... එක අතකට ආශක්‍යසිංහලාගේවත් , වේඝර්ණාරච්චිලාගේවත් තුන් වෙනි පරම්පරාව නං ඕකේ පස් පාගලවත් නෑ කිව්වට කමක් නෑ... හැබැයි මියුන් දන්න තරමින් සියා හැමදාම අරවින්ද්ගේ උපන්දිනේ දවසට එයාව වතාවත්වලට එක්කගෙන යනවා... මොකද ඩ්‍රොමිඩියන් උරුමය උනේ අරවින්ද් නිසා.. එක අතකට ගවීෂ් බර්ඩ්‍රේන් උරුමය නිසා එයාටත් ජගුවර් බන්ෂ් එකට නුහුරු තැනක් නොවෙන්න ඇති කියලා මියුන්ට හිතුනේ...

'' මං පැය බාගෙන් එන්නං.. '' මියුන් අරවින්ද්ට කිව්වේ ඌත් දෙපාරක් හිතන්නැතුව ඔළුව වනද්දි.. මියුන් තෝරපු මාලේ අක්කට දිලා අක්කාගෙන් ලකුණක් දාගන්න උගේ හිතේ තිබ්බ එක වෙනම කතාවක් ඉතින්... සාක්කුවේ තිබ්බ ෆෝන් එකත් අතට අරගෙන මියුන් වංගුවෙන් හැරෙනවා බලාගෙන ඉදලා උරහිස් දෙක අකුලපු අරවින්ද් මාලේ තිබ්බ බැග් එකත් වන වන හැරුනේ ඉක්මනට ආශක්‍යසිංහ මැන්ෂන් එකට යන්න...

ඩ්‍රොප් සෝන් එකේ ජගුවර් බන්ෂ් එක තියෙන තැන හොයාගන්නම මියුන්ට විනාඩි විස්සක් විතර ගියා.. අරවින්ද් කොච්චර පම්පොරි ගහලා තිබ්බත් මිනිහට කලින් මේකට යන්න හිතිලත් නෑ , ඕනකමක් ඇවිල්ලත් නෑ,.. පරණ නගරයක දොරටුවක් වගේ ලොකු ගල් දොරවල් දෙකකින් ඇතුළට යන්න තිබුණ ජගුවර් බන්ෂ් එකේ මැද හරියක් වෙනකම්ම තිබුනෙ පරණ සුන්බුන් නටබුන්.... හරිම අමුතු ගාම්භීර පෙනුමක් හැංගලා තිබ්බ ජගුවර් බන්ෂ් එකේ එක පැත්තක ජගුවර් පිළිමත් අනිත් පැත්තේ මේච්‍යුරි ගහේ කැටයමුත් කොටලා තිබ්බේ මියුන් කලින් අහලා තිබුනා වගේම.....

'' වොහ්..'' .. මියුන් මිමිණුවේ ඉස්සරහා පුරාවට පැතිරිලා තිබුන මේච්‍යුරි ගහ නිසා... ඒක සාමාන්‍ය ගහක් නෙවේ... මහා විශාල අතු අතරේ කොළ හෙලවෙන සද්දේටම මනස සන්සුන් වෙනවා... ගහ නිසාමදො හරි අමුතු අදුරක් මැද්දේ පහන් පත්තු කරලා තිබුනේ අදුර ටිකෙන් ටික අඩුවෙන්න...ඒත් තව ටිකකින් වහින්නත් වගේ අහස හොදටම කළු කරලා...... අවුරුදු දෙසීයක් තුන් සීයක් විතර පරණ ගහේ තිබුණේ හරිම අමුතුම ගාම්භීර පෙනුමක්. ගහ වට කරන් ඉදපු කොළ පාට මැණික් ගල් ඇස්වලට අල්ලපු ජගුවර්  පිළිමත් එතනට ගෙනාවේ හරි අමුතු ඓතිහාසික පුද බිමක ස්වරූපයක්.... එතනින් එහාට වෙනමම කැටයම් දාපු ගල් බැම්මකින් වට කරලා තිබුනා කියලා දැක්ක මියුන් එයා දාගෙන ඉදපු රබර් සෙරෙප්පු දෙක පැත්තකින් ගලවලා තිබ්බේ හිතට දැනුන ගෞරවනීය හැගීම නිසා කිව්වොත් වැරදි නෑ...

මියුන් ඇතුළට අඩිය තියන්න කලින්ම මහ හය්යෙන් අකුණක් පිපිරුවේ පළාතම එළිය කරලා.. හරිනේ එච්චරයි අඩුවට තිබ්බේ.... පොද ගහනවා.... වැඩි වෙලා යන්න කලින් වැහි පොද එන්න එන්න මොර සූරන වැස්සක් වෙනවා කියලා තේරුන මියුන් වට පිට බැලුවේ හෙවණට තැනක් හොයාගන්න... මිනිහා වැඩිය හිතන්නේ නැතුව මේච්‍යුරි ගහ යටට දුවගෙන ගියේ ඒ පළාතම අඩු නැතුව ගහෙන් හෙවණ වෙලා තිබුණ නිසා..  දෙයය්නේ දැන් නේ දැක්කේ !!!! මේච්‍යුරි අතුවල යට හරියේ එල්ලලා තිබුනේ වීදුරු බෝතල් සිය ගාණක්..... අත ගාවම තිබ්බ බෝතලේ හිමින් හරවලා බලපු මියුන් ඒකේ විදුරුවලම කොටලා තිබ්බ ලේබල් හිමින් කියෙව්වා...

'' මේවිභු ආශක්‍යසිංහ..... සධාර්න ආශක්‍යසිංහ.... ඒ ලොකු මාමාගේ අය්යා නේ ? ???? ඒ කියන්නේ මෙතන තාත්තාත් ඇති !!!! '' වෙන දෙයක් හිතන්න කලින්ම මියුන්ට ටිකක් සද්දෙන් කියවුනේ සතුටට.....

'' කවුද ඔය දරුවා ? ''  මියුන් ගැස්සිලා ගියේ එ් ගැඹුරු කටහඩට... පරණ ඍෂිවරයෙකුගේ පෙනුම තිබ්බ ඒ මනුස්සයාව දැක්ක මියුන් සද්ද නැතුව ඔළුව පහත් කරලා ආචාර කලේ ඒ කවුද කියලා හිතාගන්න බැරුව... ඒත් ඊට කලින් එයාගේ පිටිපස්සෙන් බිම බලාගෙන ඇතුළු මලුවට ආව කෙනා නම් කවුද කියලා කියන්න මියුන්ට දෙපාරක් බලන්න ඕනත් නැ.. 

'' මං ආශක්‍යසිංහ... '' මියුන් කිව්වේ ගවීෂ් ඔළුව උස්සලා බලලා ආපහු දැක්කේ නැ වගේ හැරිලා ගහේ අනිත් පැත්තට යන විදිය බලාගෙන....

'' ආශක්‍යසිංහ කවුද ? '' ඍෂිතුමා ඇහුවේ නළල රැලි කරලා...

'' විමල් ආශක්‍යසිංහගේ දෙවෙනි මුණුපුරා... '' මියුන් මිමිණුවේ ඍෂිතුමා ආයේම නළල රැලි කරද්දි...

'' ඇස් මොක ද ? ''  මියුන් බැලුවේ ටිකක් එහායින් එයාලාගේ කතාව අහගෙන පහන් පත්තු කරන ගවීෂ් දිහා... ඒ ප්‍රශ්නේ කොහොමත් ගවිෂ්ට තියෙන දැවෙන ප්‍රශ්නේ....

''  තාම දන්නැ.. ''  එයාගේ උත්තරේට ඍෂිතුමාගේ එච්චර කැමැත්තක් නැ කියන්න මියුන්ට හොදටම තේරෙනවා...

'' දැන් මේ දරුවා මොකට ද මෙහේ ? '' ඍෂිතුමා වෙනසක් පෙන්නන්තුව ඇහුවේ මියුන්ට පහළ ගල් බැම්මෙන් වාඩි වෙන්න කියලා ඉගි කරන ගමන්... තාම වැස්ස නැවතිලත් නැ.... අහස පුරාවට අකුණු පුපුරනවා..

'' අරයා මොකද මෙහේ ? '' මියුන් උත්තර දෙන්නැතුව ඍෂිතුමාගෙන් ඇහුවේ ටිකක් එහාට වෙන්න පහන් පත්තු කරන ගවීෂ්ව පෙන්නලා...

'' වතාවත් කරනවා.. ඇයි තමුසේට මොකද ? ''  ඍෂිතුමා උත්තර දෙන්න කලින් ගවීෂ් කඩන් පැන්නේ මෙච්චර වෙලා කතාව අහන් ඉදියේ හොරෙන් කියලා අමතක වෙලා...

'' ෂ්ෂ්.. තැන කොතනද කියලා සිහියේ තියාගන්න වේඝර්ණ !! '' ඍෂිතුමා ගවීෂ්ට තදින් කිව්වේ ගවීෂ් මේච්‍යුරි ගහා දිහාවට හැරිලා පව් කමා කරද්දි... කොහෙද යන ගස් ගදයෙක් ඇවිල්ලා එනවනේ ඉතින් පැටලෙන්න...

'' ස්වයං දඩුවමක්... දැන් කිහිප දවසක ඉදලා... '' ඍෂිතුමා ටිකකින් කිව්වේ මේච්‍යුරි ගහට පෝර දාන්න ලොකු පිත්තල භාජනයත් කර උඩ තියාගෙන අසපුව ගාවට ගිය ගවීෂ් දිහා බලලා....

''  හරියටම කොච්චර කල්ද ? '' මියුන් ඇහුවේ නෝන්ඩියට හිනා වෙලා.. මොකක්ද දන්නැ මේ පාර කරපු වැරැද්ද ? මාස දෙකක් ලොක් රූම් ඉදලත් හැදුනේ නැ කිව්වම....

'' සති දෙකහාමාරක් විතර....''

.
.
.
.
.
.
.
.

~ මතු සම්බන්ධයි ~

Continue Reading

You'll Also Like

2.1K 514 20
jikook ff Gift story 😚 මේක වෙනස් විදියේ කතාවක් , මේකේ ඉදිරිය තීරණය කරන්නේ මම නෙමේ. එහෙනම් ?? කියවලා බලන්නකෝ...... එනම් Let's go.....
13.5K 1.8K 21
❝ අපේ ආත්ම මාරු වෙලා හත්තිලව්වේ..❞ දෙන්නම එකම වෙලාවේ ඔලුව බදාගෙන කෑගැහුවේ වෙලා තියෙන විකාරරූපි දේ හරියටම ඔලුවට දාගන්න බැරි වුණු නිසා.. ඒ අතරේ මෝක්ශ...
236K 25.9K 87
ဒီနေ့ ငါအချစ်တွေကိုလျစ်လျူရှုတယ်ပေါ့ နောက်နေ့ကျ ငါသူ့ကိုကန်ထုတ်ပစ်ဦးမယ် ဒီေန႔ ငါအခ်စ္ေတြကိုလ်စ္လ်ဴရႈတယ္ေပါ့ ေနာက္ေန႔က် ငါသူ႔ကိုကန္ထုတ္ပစ္ဦးမယ္... #...
328 133 16
Hogwarts වලට Blackpink ලා ගියොත් කොහොම තියෙයිද?