- Plot 23 -

Por Bulbz_D

876K 115K 39.9K

ගවීෂ් තිමෞර්ය වේඝර්ණාරච්චි , ලෝකයෙන් සැගව ගිය ධනවත් බල පරම්පරාවක මීළග තරුණ උරුමයයි .. සරල වදනින් , අමු කාළකණ... Mais

- 1 -
- 2 -
- 3 -
- 4 -
- 5 -
- 6 -
- 7 -
- 8 -
- 9 -
- 10 -
- 11 -
- 13 -
- 14 -
- 15 -
-16 -
- 17 -
- 18 -
- 19 -
- 20 -
- 21 -
- 22 -
- 23-
-24-
- 25 -
- 26 -
- 27 -
- 28 -
- 29 -
- 30 -
- 31 -
- 32 -
- 33 -
- 34 -
-35-
-36 -
-37-
- 38 -
-39-
- 40 -
- 41-
- 42-
- 43 -
- 44 -
-45-
- 46 -
- 47 -
- 48 -
- 49 -
- 50 -
- 51 -
- 52 -
- 53 -
- 54 -
- 55 -
- 56 -
- 57 -
- 58 -
- 59 -
- 60 -
- 61-
-62-
- 63 -
- 64 -
- 65 -
- 66 -
- 67 -
- 68 -
- 69 -
-70-
- 71 -
-72 -
- 73 -
- 74 -
-75-
- 76 -
- 77 -
-78-
- 79 -
- 80 -
- 81-
- 82 -
- 83 -
- 84 -
-85-
- 86 -
- 87 -
- 88 -
- 89-
- 90 -
- 91-
- 92 -
- 93 -
- 94 -
- 95 -
- 96 -
- 97 -
- 98 -
- 99 -
- 100 -
- 101 -
- 102 -
- 103 -
- 104 -
- 105 -
- 106 -
- 107 -
- 108 -
- 109 -
-110 -
- 111 -
- 112 -
- 113 -
- 114 -
- 115 -
- 116 -
- 117 -
- 118 -
- 119 -
- 120 -
-121 -
- 122 -
-123-
- 124-
- 125 -
A/N -

- 12 -

7.5K 1K 82
Por Bulbz_D

'' දැන් ඇතිනේ ගවිෂ් අය්යේ ? ''

'' බොට පිස්සුද ඩියෝන් ? පැය කියද රවුම් ගැහුවේ ? මාස දෙකක් ඩො දෙකක්... '' ගවීෂ් කිව්වේ ආයේම බයික් එක රේස් කරලා වේගේ වැඩි කරගන්න ගමන්.. ඩියෝන්ගේ කළු පාට යමහා එකයි , ගවීෂ්ගේ සුදු පාට යමහා එකයි දැන් හතර පස් වතාවකට වඩා විලේජ් එක පුරා සැරි සැරුවේ හෙන සද්දෙන් රේස් කරගෙනම තමයි... විලේජ් එකේ පාරවල්වල දූවිලිත් අවුස්සගෙන යමහා බයික් දෙකම පියාඹන්නේ පැයට කිලෝමිටර් බර ගණන්වල වේගෙන්... විලේජ් එකේ යොරෙල් ඒරියාස්වල ගුරුපාරවල්වල දූවිලි කුණාටු හද හද බයික් පදින එකත් වෙනම ආතල් එකක් ඉතින්....

'' එළියටත් යනවද ගවිෂ් අය්යේ ? '' ඩියෝන් ඇහුවේ ගවීෂ් අප්ලොෂ් එක ගාව බයික් එක ස්ලො කරපු නිසා..  අප්ලොෂ් එක ගාව ස්ලෝ වුනේ ගවීෂ් දන්නේම නැතුව මිසක් යන්න ඕනකමකට නෙවේ..  අනික අදම ගිහින් කේස් එකක් වැටුනොත් ආයේ මාස ගානක් කාමරේ තමයි. පස්සේ යන්න බැරිය ඕන නං ..  කෝමත් ගවීෂ්ගේ එළියේ සෙටාර් එකට කියලා තියෙන්නේ මාස දෙකකට රට ගියා කියලා.. ඒ පාර උන් ටික ඇවිත් චොකලටුයි බෝතලුයි ගැන ඇහුවම දිපන්කො ඉතින් උත්තර.....

'' නැ නැ , අපි වෙස්ට් ඒරියා එක පැත්තට යමුද ? '' ගවීෂ් ඇහුවේ බයික් එක රේස් කරලා...

'' අක්කව ගන්න කිව්වා ක්ලොක් ෂොප් එකෙන්.. '' ඩියෝන් කිව්වේ වෙලාව බලලා.. පරක්කු උනොත් යොවන්දිට මල පනිනවා ආයේ දෙකක් නැ ඉතින්...

'' හරේ.. මං ඒනං ට්‍රයිඩ්‍රැක්ස් එක පැත්තට යනවා සුදු මාමත් එහේ ඇතිනේ.. '' මාස දෙකකින් සුදු මාමව දකින්නත් බැරි උනා... චූටි මාමාගෙන් තමයි දැනගත්තේ ගිය සතියේ අර කව්ද බෝයි අවිනාශ් මස්සිනා එයාගේ සුදු මාමාට ප්‍රපෝස් කරලා කියලා... පේනවනේ ගවීෂ් කුරිරු පිටුපෑම ඉතින්... මාස දෙකයි පේන්න ඉදියේ නැත්තේ , සුදු මාමත් සේරම කරගෙන හුම්... දැන් හරි ගිහින් ඉන්නේ අර කව් බෝයි බොයිපෙන් නිසා...

ට්‍රයිඩ්‍රැක්ස් එක ගාව බයික් එකත් පාක් කරලා ඒ ගැම්මටම බිමට පැන්න ගවීෂ් ආයේ පාරක් ඇතුළට යන්න කලින් බැලුවේ ඒකෙත් බෝඩ් එක වෙනස් වෙලා තියන හැටි.. කාලය මැවු වෙනසක අරුමේ තමයි ඉතින්... කාලද සුදු මාමාද දන්නැ වෙනස මැවුවේ.. එව්වා ඉතින් වෙනම කතා...

'' හලොව් පොඩි මෑන්... අන්න ඔයාගේ සුදු මාමා කවුන්ට එක ගාව.. '' ඉස්සරහා මේසේට කොක්ටේල් එකක් සර්ව් කරපු අවිනාශ් ගවීෂ්ව අදුරගෙන සැලියුට් කරලා කිව්වේ ගවිෂ් විහිළුවට වගේ රවද්දි...  පහළ තට්ටුවම වගේ පිරිලි තිබ්බේ බාර්ලි සුවද මිශ්‍ර වුන අමුතුම සුවදකින්...

'' කවුන්ට එකටත් දැම්මද ඒ ඩිංගට ? හහ්.. '' ගවීෂ් ඇහුවේ අත් දෙකත් බැදගෙන කවුන්ට එක දිහාවට එබෙන ගමන්... මං නැති උනොත් සේරම ඉවරයි කියන්නේ නිකන්ද ... මොකක්ද බිල් එකක් ගැන නවත්තන්නැතුව කස්ටමර් එක්ක කියවන මෙතුල දිහා බලපු අවිනාශ්නුත් හිනා වුනේ ඔළුව දෙපැත්තට වනලා.. එක අතකට  අවිනාශ්ටත් ෂුවර් නැ මේ කොල්ලාව කවුන්ට එකේ තියන්න... කොල්ලව උස්සන් යයිද මන්දා කවුන්ට එකේ තියලා...

'' එයාමනේ කවුන්ට එක ඉල්ලගත්තේ.. ආ නැද්ද අවි ? '' ඒ කවුද ඒ මැද්දෙන් ඇඩ් දාපු කෙනා.. ගවීෂ් ආයේ රවලා බැලුවේ කොක්ටේල් එක බිබි ඉදපු කෙනා දිහා.. කවුද බොලව් මගේ මස්සිනාට අවි අවි ගාන එකා ?  දැකලා පුරුදුයි ටිකක්... ඩයස්ගේ නංගිද ? ආහ් මේ මෙයා... අර අරයා... කවුද කවුද නම....  ආාාාා-- හ්.... ක්‍රිෂ්... කොහෙද දන්නැ මෙයාගේ පුරු පුරු මල්ලි බබාහ් ? පොඩ්ඩක් ඉන්න පෝඩ්ඩක් ඉන්ට....  මේ අවිනාශ්කාරයා කෝමද ආශක්‍යසිංහලාව දන්නේ ? !!

''  ආහ් පොඩි මැන්... මේ ක්‍රිෂ්.. දන්නවත් ඇති සමහරවිට.. ක්‍රිෂ් මේ පොඩි මෑන්ස්.. අපේ මෙතුගේ නෙෆිව්.. '' අවිනාශ්ගේ හදුන්වාදීම වැඩක් නැද්දත් මන්දා...

'' හොද අතිත කතාවක් තියේ නේහ් මලයා අපිටත් ? '' ක්‍රිෂ් නෝන්ඩියට ඇහුවේ ගවීෂ් එහා පැත්තේ ටේබල් එකේ පුටුවත් ඇදලා අරගෙන එකෙන් වාඩි වෙද්දි... අක්කා කියන එකක් තමයි අක්කේ , ඒවා අමතක නොවන කතා.... ගවීෂ් හිතින් කිව්වේ ක්‍රිෂ්ගේ මූණ දිහාම රවලා බලලා....

'' තමුසේ මොකද බර්ඩ්‍රේන් යොරෙල්ස්ලා එක්ක කරන්නේ ? '' ගවීෂ් ක්‍රිෂ්ගෙන් ඇහුවේ මියුනුත් මෙහේ නතර වෙලා ඉදියානේද කියලා මතක් කරගෙන... දැන් නේ මෙතන වෙන දේවල් එළියට එන්නේ... මස්සිනාව ආයේම ඉන්ටවීව් කරලා ගන්න වෙනවා වගේ...

'' බුදු අම්මො මෙයා මට ගහයිද මන්දා ? '' ක්‍රිෂ් හිනා වෙවීම නෝන්ඩියට අවිගෙන් ඇහුවේ ගවීෂ් අත මිට මොළවගනිද්දි....  මේකිගේ කට බලහන්කො... ආශක්‍යසිංහලා !! සේරම එකයි... එදා තනියම ඩ්‍රොප් සෝන් එකේ ෆයිට් එකට එන්න කියලා , ආශක්‍යසිංහලා සෙට් වෙලාම එයාට ගහපු එක හෙන ලොකු කමක් කියලා වෙන්නැති හිතන් ඉන්නේ.... කෝමත් ඒ සිද්ධියෙන් පස්සේ , අරවින්ද්ව අල්ලගෙන රිටර්න් එක දෙන්න තමයි ගවීෂ් මග බලාගෙන ඉන්නේ....

'' ගවීෂ්.. කොයි වෙලේද ආවේ ? '' මෙතුල ඇහුවේ මේ දැන් ඇවිලෙන්න පුලුවන් ගානට ඉදපු ගවීෂ්ගේ පිටට තට්ටුවක් දාලා.... මේ පොඩි කොල්ලාත් දාගත්තොත් දාගන්නේ ප්‍රශ්න පිට ප්‍රශ්නම නෙව...

'' දැන් ආවේ දැන්ම යන්න හිතිලා තියෙන්නේ.. '' ගවීෂ් නහයෙනුත් පිඹලා කිව්වේ පුටුවත් පස්සට කරලා නැගිටින ගමන්... මෙතුල හිනා වෙලා ආයේම ගවීෂ්ගේ පිටට තට්ටුවක් දාලා ක්‍රිෂ් ඉදපු ටේබල් එකෙන්ම වාඩි වුනේ ගවීෂ්ගේ මූණ ගොරකා ලෙල්ලක් කරලා... සුදු මාමාට මොනවා වෙලාද !!? අනික ක්‍රිෂ් එයාට රැව්වට මොකද සුදු මාමා එක්ක නං සු සැට බාගේ දත් සේරම දාලා හිනා වෙනවා ගවීෂ් බලාගෙන ඉදියා... අපරාදේ කියන්න බැ මුන්ගේ හත්මුතු පරම්පරාවම එකයි.. හහ් මං සුදු මාමා තරං සුදු නැති නිසා වෙන්නැති වෙනස්කම...

'' මං යනවා යන්න.. '' ගවීෂ් ගස්සගෙන අනිත් පැත්ත හැරුනේ බරගානක ප්‍රවේගෙන් උනාට ඒ ප්‍රවේගෙන්ම මිනිහා පොලා පැන්නේ මොකක හරි දඩාං ගාලා වැදිලා... මොන ***ද ? !!! ඔළුව උස්සල බලන්න කලින්ම දැනුන රෝයල් මිරාජ් සුවද නිසාම ගවීෂ් ඔළුව උස්සන එක මන්දගාමි කලේ හිතලමයි කිව්වට වරදකුත් නෑ... සුදු පාට ටී එක , සී බ්ලූ ඩෙනිම් එක , ආහ් කළු පාට කැප් එකක් , මූණට වඩා ලොකු ග්ලාසස් දෙකක්... වෙන මොකාද ඉතින් මූ ඒ යකාම තමයි...  ගවීෂ් කේන්තියෙන්ම අඩියක් පස්සට තිබ්බත් මියුන් ගවීෂ්ගේ කොලර් එකෙන් අල්ලලා ඉස්සරහට ඇද්දේ ඊට නොදෙවෙනි කේන්තියකින්... මුට මූණටම ගහන්න අත නළියනවා දැනුනත් අත මිට මොළවගෙන ගවීෂ් බලාගෙන ඉදියේ පළවෙනි ෂොට් එක මියුන් ගහනකම්... මියුන් දාගෙන ඉදපු ග්ලාසස් දෙක නහය දිගේ පහළට ලෙස්සලා ඇවිත් අග රැදිලා.... ඒ කළු ඇස්  මොහොතකට හැංගිලා , දිගම දිග ඇස් පිහාටුවලින් බාගේට වැහිලා.... යකො මුට තියෙන්නේ කෙල්ලෙක්ගේ වගේ පට්ට දිග ඇස් පිහාටුනේ !!!  සේරමත් හරි මූ කණ්ණාඩි දාන්නේ කවදා ඉදන්ද ? !!! ගවීෂ් ආයේ වෙන මුකුත් හිතාගන්නත් කලින් මියුන් ගවීෂ්ව ආයේ පිටිපස්සට තල්ලු කරලා අත ඇරලා දැම්මේ ක්‍රිෂ්නුයි මෙතුලයි නැගිටලා ඇවිත් ඇවිලෙන ඩබල දෙපැත්තට කරද්දි...

'' ක්ලාස් ඉවරද එතකොට වේලාසනින්ම  ? '' ක්‍රිෂ් ඇහුවේ මියුන් එක පාරක් ඔළුව වනලා ගවීෂ්ව අදාළම නෑ වගේ ඌ කලින් පිටිපස්සට ඇදපු පුටුවේ වාඩිවෙද්දි.. මුගේ මේ ලොකුකම තමයි මට අල්ලන්නේම නැත්තේ.. ගවීෂ් කිව්වේ මේසේට පයින් එකක් ගහලා සුදු මාමාගේ පිටිපස්සෙන් හිටගන්න ගමන්... ගවීෂ් අත් දෙක බැදගෙන එයා දිහා බල බල රවන විදිය මියුන්ට නොපෙනුනාම නෙවේ.. පොරත් හිමින් සැරේ කැප් එක ගලවලා මේසේ උඩින් තිබ්බේ ක්‍රිෂ් අහපු තව ප්‍රශ්නෙකට ඔළුව වනලා...

මියුන් ආඝර්වගේ පැති පෙනුම... ගවීෂ් දැන් මේ පපුවට අත් දෙක බැදන් ස්ටඩි කරන්නේ ඒක.... කැප් එක ගැලෙව්වම තමයි නළලට වැටුන කොන්ඩේ දැක්කේ පොඩි එකාගේ.... කලින් තට්ටේ ගාලාම වගේ කොටට නේද තිබ්බේ මතක විදියට... නහයේ ගැට්ටේ පහළට ලිස්සලා ඇවිත් තිබ්බ කණ්ණාඩි දෙක..... පුහ්. මට වඩා මොනා ද මේ පොඩි එකාගේ තියෙන්නේ...? ඕන නං ඇඩම්ස් ඇපල්-- ගවීෂ් ඉතිරි හිතන්න කලින් මියුන්ගේ කළු පාට ඇස් එක පාරටම වගේ ග්ලාසස්වලට යටින් කෙලින්ම එයා දිහාවට එල්ල වෙනවා ගවීෂ් බලාගෙන ඉදියේ පොඩි ගැස්මකුත් එක්ක... හරිනේ...හරිනේ... දැන් මොකද අහක බලන්න ද ? ඒක ඊට වඩා නෝන්ඩියිනේ... ඊයා ගවිෂ් , ක්ලාස්වල කෙල්ලො දිහා බලන්න ගිහිල්ලත් මේම නෝන්ඩි වෙලා නැ....දැන් බැලුවා නං ඇයි ගේම ද වගේ සයිස් එකට ගවීෂ් කෙලින්ම බලාගෙන ඉදියේ මියුන්ගේ කළුම කළු පාට ඇස් දිහා... මැදින් මැදින් සුදු මාමාගෙයි ක්‍රිෂ් අක්කාගෙයි අවිනාශ්ගෙයි දෙබස් ගවීෂ්ට ඇහෙන්නේ නැතුවම නෙවේ... ඒත් දැන් දැන් ඒවා සේරම අපැහැදිලි මිමිණිලි වෙලා... සමහර විට ඊට අර කලු ඇස්වල තිබ්බ නිහඩබවම ඊට වඩා ඝෝෂාකාරියි නිසාද මන්දා...

මියුන්ගේ කළු ඇස් ග්ලාසස් දෙකට උඩින් එක වටයක් බය නැතුව ගවීෂ්ව ස්කැන් කළා... උඩ ඉදන් පහළට , ආයෙත් පහළ ඉදන් උඩට.... ඒ ඇවිත් ආයෙත් සුපුරුදු විදියට ගවීෂ්ගේ ඇස් දෙක කෙලින් නැවතුනා... ලබ් ඩබ්... ලබ් ඩබ්.... මියුන්ගේ ග්ලාසස් දෙකේ රිෆ්ලෙක්ට් උන තමන්ගේ රූපේ ඇස්දෙක හිතාගන්න බැරි ඉක්මනට රතු පාට වීගෙන යනවා දැක්ක ගවීෂ් ඇස් තත්පරේකට වහගෙන සුදු මාමා දිහාවට හැරුනේ කලබලෙන්.. ඇයි ? ගවීෂ් ඇයි ?? !!! මේ වෙලාවේ කේන්තියක්වත් කලබලයක්වත් නැතුව ගාඩ් එක බිදෙන්නේ ඇයි ? !!! එක්කො මට මූව පේන්නම බැරි නිසා ??

'' මොනවා හරි බොනව ද මියුන් ? ''  මෙතුල ඇහුවේ මියුන් එයාලා දිහා හැරිලා ඉදපු නිසා... සුදු මාමා ‍අහපු ප්‍රශ්නේට මියුන්ට වඩා වේගෙන් ඔළුව හැරෙව්වේ ගවීෂ් කිව්වොත් වැරදි නැ... හෝව් හෝව් හෝව්....මොනවාද මේ වෙන්නේ ! එයා ෂොප් එකට ඇවිත් දැන් පැය බාගයක් වෙන්න එනවා... මේ ඉන්න එකෙක් ආසාවට ඇහුවද මොනාද බොන්නේ කියලා !! මාස දෙකක් ලොක් රූම් එකේ ඉදලා ආවේ බොලව්...

'' ගවීෂ්ගෙනුත් එක්ක ඇහුවේ.. ''  ගවීෂ් මූණත් නරක් කරගෙන හැරුන විදියට අවුල මොකක් ද කියලා තේරුන මෙතුල ඇහුවේ ගවීෂ් ගස්සලා පැත්තකට වෙද්දි.. දැන් නං දුන්නත් බොන්නෑ..හහ්.. ගවීෂ් කවුන්ට එක ගාවට ගියේ මෙතුලත් හිනාවෙලා කොල්ලාගේ පිටට අත දාගෙන එයාව ෂේප් කරන්න දත කද්දි.... කොහේද ගැස් නං මෙන්න ගෑස්....

'' වේලාසන ඉවර උනා නං කෝල් එකක් දෙන්න තිබ්බනේ මියුන්.. ''

'' වේලාසන ඉවර උනේ නැ මං ඉන්ටවල් එකේ පැන්නා.. '' මියුන් ගානක් නැතුව කිව්වේ ග්ලාසස් දෙක පැත්තකින් ගලවලා තියලා ඇස් දෙක අතින් පොඩි කරන ගමන්... මොකා - ක් මියුන් වගේ එකෙක් ක්ලාස් එකකින් පැන්නා ? ගවීෂ්ගේ එක කනක් නෙවේ දෙකම තියෙන්නේ ටිකක් ඇතට වෙන්න තිබ්බ මේසේ කතාවට... එයාට විතරක් නෙවේ මෙතුලටත් ඒක ඇහෙනවා කියන්න ගවීෂ් දන්නවා...

'' පුලුවන්කම තිබුන පළියට අනිත් අයගේ කතා හොරෙන් අහන් ඉන්න එක හොද නෑ පොඩි මහත්තයො.. '' මෙතුල හිනාවෙලා කිව්වේ ගවීෂ්ගේ කන චුට්ටක් මිරිකන ගමන්..

'' වේඝර්ණ කෙනෙක් උනෙත් නිකන් නෙවේනේ සුදු මාමේ.. පොඩ්ඩක් අහන් ඉදියට කමක් නෑ ඔයාගේ මහ ලොකු බෝයි පෙන් මොනවද අච්චර හැක හැක ගගා කියවන්නේ කියලා.. '' ගවීෂ් කිව්වේ තාම ක්‍රිෂ් එක්ක හිනා වෙවි මොනවද කියවන අවිනාශ්ව පෙන්නලා... මෙතුල ඒකටත් හිනා වෙලා ගවීෂ්ගේ ඔළුවට පාරකුත් හෙමින් ගැහුවා... .

'' ක්‍රිෂ් කියන්නේ අවීගේ එකම යාලුවා හරිද ? මට ඒ තැන ගන්නත් බැ, ගන්න ඕනෙත් නෑ ... ''

'' ආශක්‍යසිංහ කෙනෙක් !!! ''

'' ඔයා ඔය හොරෙන් අහන් ඉන්නෙත් ආශක්‍යසිංහ කෙනෙක්ගේ කටහඩ නෙවේද පොඩි මහත්තයො ආහ් ? ''

'' පිස්සුද සුදු මාමේ ... මං මේ -

'' අක්කේ මේහ්.. '' ඒ මියුන්ගේ කටහඩ... ගවීෂ් ආයේ කට පියාගත්තේ අතන කතා වෙන දේවල් ටික අහගන්න කියලා තේරුන මෙතුල පොඩි එකාගේ පිටට තට්ටුවක් දාලා ආයේ ඒ පැත්තට ගියේ ගවීෂ්ව තනි කරලා... අ-ක්-කේ...  අක්කා කෙනෙක්ට නංගි කෙනෙක්ට වගේ අක්කා කියනවා දැක්කමයි... ඔහොමම අය්යේ කියලා කියන්නත් බැරිද දන්නැ... ඔය මුස්පේන්තුවා ඕක කියන්නෑ කියටවත් හහ්..

'' මගේ බෙහෙත් ? ''

'' අර කවුන්ට එක ගාව බැග් එකේ , දකුණු පැත්තේ පොකට් එක හරිද ? !!!  .'' ක්‍රිෂ් තදින් කිව්වේ ඊටත් කලින් මියුන් පුටුව පස්සට කරලා නැගිටිද්දි.. හරිනේ... එච්චරයි අඩු දැන් මේ පැත්තට නේ එන්නේ... ගවිෂ් කවුන්ට එක ගාවින් එහාට වුනේ තනියම මෙතන ඉදලා ආයේ ගුටිත් කාලා ලොක් රූම් එකේ ඉන්න කිසිම ආසාවක් නැති නිසා.. මදැයි සැනසිමේ සතිඅන්තේ ටිකක් ඇවිදින්න ආවා...

'
'
'
'
'
'

~ මතු සම්බන්ධයි ~

Continuar a ler

Também vai Gostar

177K 3.9K 33
"..ဒီမှာ ကိုလူချော..." "..ဗျာ..." "..ကျွတ်...အဲ့ဒီလိုခေါ်ပြန်ရင်လည်း ဦးလေးကြီးနာမည်က တင်စီးလိုက်တာ..စံမကြိုက်ပါဘူး..." "ကို.ဖြုတ်ပြီးခေါ်.." "ဟင်.. အ...
709 65 8
Original Name: Princess Wei Yang/Concubine's daughter is Poisonous Original Author : Qin Jian Genre : Drama, Mature, Josei, Romance This is not my ow...
82.8K 15.3K 64
"හැමදාම වගේ මගේ ජීවිතේ මුලින්ම හිටියේ එයා.. අපි විවාහ වුණා.. දරුවෝ එක්ක කාලේ ගත කරා.. සතුටු වුණා.. අදටත් සතුටින් ජීවත් වෙනවා.. ඉස්සරහට යද්දීත් සතුටින...
332 133 16
Hogwarts වලට Blackpink ලා ගියොත් කොහොම තියෙයිද?