- Plot 23 -

Da Bulbz_D

871K 115K 39.8K

ගවීෂ් තිමෞර්ය වේඝර්ණාරච්චි , ලෝකයෙන් සැගව ගිය ධනවත් බල පරම්පරාවක මීළග තරුණ උරුමයයි .. සරල වදනින් , අමු කාළකණ... Altro

- 1 -
- 2 -
- 3 -
- 4 -
- 5 -
- 6 -
- 7 -
- 8 -
- 9 -
- 10 -
- 12 -
- 13 -
- 14 -
- 15 -
-16 -
- 17 -
- 18 -
- 19 -
- 20 -
- 21 -
- 22 -
- 23-
-24-
- 25 -
- 26 -
- 27 -
- 28 -
- 29 -
- 30 -
- 31 -
- 32 -
- 33 -
- 34 -
-35-
-36 -
-37-
- 38 -
-39-
- 40 -
- 41-
- 42-
- 43 -
- 44 -
-45-
- 46 -
- 47 -
- 48 -
- 49 -
- 50 -
- 51 -
- 52 -
- 53 -
- 54 -
- 55 -
- 56 -
- 57 -
- 58 -
- 59 -
- 60 -
- 61-
-62-
- 63 -
- 64 -
- 65 -
- 66 -
- 67 -
- 68 -
- 69 -
-70-
- 71 -
-72 -
- 73 -
- 74 -
-75-
- 76 -
- 77 -
-78-
- 79 -
- 80 -
- 81-
- 82 -
- 83 -
- 84 -
-85-
- 86 -
- 87 -
- 88 -
- 89-
- 90 -
- 91-
- 92 -
- 93 -
- 94 -
- 95 -
- 96 -
- 97 -
- 98 -
- 99 -
- 100 -
- 101 -
- 102 -
- 103 -
- 104 -
- 105 -
- 106 -
- 107 -
- 108 -
- 109 -
-110 -
- 111 -
- 112 -
- 113 -
- 114 -
- 115 -
- 116 -
- 117 -
- 118 -
- 119 -
- 120 -
-121 -
- 122 -
-123-
- 124-
- 125 -
A/N -

- 11 -

7.3K 1K 60
Da Bulbz_D

පළවෙනි සතිය.. දෙවෙනි සතිය.. තුන් වෙනි සතිය... හතර වෙනි සතියත් ටිකක් වේගෙන් වගේ... පස්වෙනි සතිය එපාම කරපු විදියට... හය වෙනි සතිය හෙනම හිමින් ගිහින් , හත් වෙනි සතියෙන් පස්සේ දැන් අට වෙනි සතියත් ඉවර වෙන්න ළගයි... හරියට බැලුවොත් මාස දෙකක්..!!!!! දෙය්යනේ නාකිත් වෙලා අප්පාහ්...

'' ඒයි අහගෙනද ඉන්නේ ? '' යොවන්දි එයාගේ පොතෙන් ගවීෂ්ගේ ඔළුවටම පාරක් ගැහුවේ ගවීෂ්ව පියවි සිහියට අරගෙන ඇවිත්... ගැහුවට මොකද ගැහුවට පස්සේ ගවීෂ් මූණත් නරක් කරගෙන බලන විදියට යොවන්දිටත් අප්සෙට් යනවා...

'' කරන්න දෙයක් නෑ , ඔයාගෙත් පණ්ඩිතකමනේ.. '' යොවන්දි කිව්වේ එයා ගවීෂ්ට කියලා දුන්න පාඩම ටිකකට නතර කරන ගමන්... එකම අවුරුද්දේ උනාට කොහොමත් යොවන්දි මාස ගාණකින් ගවීෂ්ට අක්කානේ...

'' මට එළියට යන්න ඕන.. '' ගවීෂ් නහයෙන් කිව්වේ පොතෙන් මූණ වහගන්න ගමන්..

''අද විතරයිනේ ඉතිරි ගවීෂ් '' යොවන්දි කිව්වේ කියන්න දෙයක් හිතාගන්න බැරුව... එක අතකට ගවීෂ් පව්... ඒත් මුටත් සියා එන දවසකම ඩ්‍රොප් සෝන් වලියක් දාගන්න හිතුනනේ... එදා සියාට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යකා වැහිලා ඉදියා කියලා යොවන්දිට මතකයි... ඩ්‍රොමිඩියන්ස්ලාගෙන් ගුටි කාලා බාගේට පණ නැතුව ඉදපු ගවීෂ්ට සිහිය නැති වෙනකම්ම සීයා පනිෂ් කළා කියන්න දැනගෙන ඉදියේ යොවන්දියි , චූටි මාමයි පනිෂ්මන්ට් එක කාපු ගවීෂ්නුයි විතරයි... සේරටම වඩා සියාට තද වෙලා තිබුනේ ගවීෂ් ආශක්‍යසිංහලා එකක් පැටලුන සම්පූර්ණ හේතුවම කන වැකිලා තිබ්බ නිසා..

එක අතකින් මෙවීනාගේ සිද්ධියට මේම පනිශ්මන්ට් එකක් ලැබෙයි කියලා ගවීෂ් කලින් හිතලා තිබ්බ නිසාම , සිහි නැති වෙනකම්ම පිට පුරාවට වැදුන සීයාගේ කිඹුල් හම් බෙල්ට් පාරවල් කොහොම හරි කාගෙන ඉවසගත්තත් , එතනින් එහාට ලැබුන පනිෂ්මන්ට් එක නම් ගවීෂ්ට දරුණු වැඩි... මාස දෙකක් යනකං වේඝර්ණාරච්චි මැන්ෂන් එකෙන් එළියට යන එක ගවීෂ්ට තහනම් වුනේ , හතරවටේ රෝන්ද ගහ ගහ ගත කරපු ගවීෂ්ගේ රස්තියාදුකාර ජිවිතේට බරපතළ කොමාවක් වැටෙද්දි..... මිස් වෙන ක්ලාසස් සේරම යොවන්දිට ආපහු ගවීෂ්ට කියලා දෙන්නත් සිද්ධ වෙලා තිබුණා.. එළියේ නිව්ස් ගැනත් ගවීෂ් යන්තං හරි අහගත්තේ යොවන්දිගෙන්...

'' මට එළියට යන්න ඕන.. '' ගවීෂ් ආයේම පොඩි එකෙක් වගේ කියනකොට නං යොවන්දිගේ හිත උණු වෙනවා.. ගවීෂ්ට පුරුදුම ඉතින් රවුම් ගහලනේ.. ඌ වගේ එකෙක්ට මාස දෙකක් යනකම් ෆෝන්ස් , වයිෆයි නැතුව නිවාස අඩස්සිය කියන්නේ ඉතින් දෙන්න පුලුවන් දරුණුම දඩුවම තමයි... ඒත් ඉතින් සීයා කිව්වොත් කිව්වාම තමයි.. ගවීෂ්ගේ අම්මයි තාත්තායි කොච්චර කතා කරලා බැලුවත් වැඩක් උනේ නැ .... මාස දෙකක් පුරාවට එයාගේ කාමරෙන් පිටට අඩියක්වත් තියන්න ගවීෂ්ට චාන්ස් එක ලැබුනේ නෑ.. එහෙම බැලුවම එක අතකින් මූ අඩන්නැතුව ජිවත් වෙලා ඉන්න එකත් පුදුමයි යොවන්දිට...

හරියට බැලුවොත් ගවීෂ්ගේ පළවෙනි සතියම ඉවර වුනේ තුවාල ටිකෙන් ටික හොද වෙන්න.. චූටි බාප්පා බැන බැන ගවීෂ්ට බෙහෙත් කලේ එකකට පස්සේ තව එකක් කියලා බැන බැන... දෙවෙනි සතියෙන් පස්සේ ගවීෂ්ගේ තුවාලත් හොද වීගෙන ආපු නිසා චූටි බාප්පාටත් ලොක් රූම් එකට ඇතුළු වෙන්න තහනම් උනා.. තුන් වෙනි සතිය වෙද්දි යොවන්දි විතරයි ගවීෂ්ව බලන්න ආවා නං , ඒකත් පාඩම් කියලා දෙන්න.. ඒකි ආවා කියලා මෙලො වැඩක් නෑ , පොත්වල මිසක් ක්ලාසස්වල වෙන මෙලො දෙයක් යොවන්දි දන්නැ... දෙවෙනි මාසේ පටන් ගනිද්දි නං ඇත්තටම මිනිහා ඉදියේ ඇඩෙන්න ඔන්න මෙන්න... හැමදාම ඩියෝන්ගේ බයික් එක ස්ටාට් වෙන සද්දේට ගවීෂ් කොට්ටෙන් කන් දෙක වහගන්න පුරුදු වෙලා ඉදියේ...සමහර වෙලාවට මෙලො දෙයක් හිතෙන්නැතුව සිවිලිම දිහා බලාගෙන ඉද්දි ගවීෂ්ට හිතෙනවා එයා මැරිල අපායේ ඇවිත්වත් ද  කියලත්.. කරන්නම වැඩක් නැති තැන තමයි මිනිහා පොත් ටිකත් අරගෙන මේසෙන් වාඩි වුනේ... පොත්වල තියෙන ජාති දැක්කම තමයි මිනිහාගේ ස්ට්‍රෙස් එක පීඑච් වක්‍රයක් වෙන්නේ...

'' දැන් මේ ටික ඉවර කරලා දාන්න ගවීෂ්. එක්සැම් එකත් ළග එනවනේ.. '' ඒකි කියයි.. ඒකිට ඉතින් ක්ලාසස්වලත් හයස්ට් මාක්ස්... ගවීෂ් හිතුවේ කටේ ඔබාගෙන ඉදපු පැන කටින් ගන්න ගමන්...

'' සවුසේ හිතුවේ මං ඕක ලියනවා කියලාද ? '' ගවීෂ් නෝන්ඩිය ඇහුවේ යොවන්දිගේ ඉස්සරහම පොත වහලා දාලා...

'' ඇයි දැන් ?''

'' මං ඕක ලියලා ඔයාට ෆස්ට් වෙන්න බැරි වුනොත් ඒම ? කාට කියන්න ද ? '' ගවීෂ් කිව්වේ යොවන්දිගේ පොත් ප්‍රහාරයෙන් බේරෙන්න පැත්තට පනින ගමන්...

'' මහ මොකෙක්ද මන්දා.. '' යොවන්දි කිව්වේ ගවීෂ් දිහා බලලා බෙල්ලත් ඇල කරලා.... ගවීෂ් එක පාරට කෙලින් උනේ යොවන්දිගේ බෙල්ලේ තැනින් තිබ්බ නිල් පාට සලකුණුවලට... ගවීෂ් ඒක දැක්කා කියලා තේරුන යොවන්දි ටක් ගාලා ටී ෂර්ට් එක හදාගත්තේ බිම බලාගෙන...

'' සවුසේගේ බෙල්ලට මොකද උනේ ? '' 

'' මුකුත් නෑ.. ''

'' මේ මේ. මට බොරු කරන්න ලැස්ති වෙන්න එපා.. මොකද උනේ කියපන් '' ගවීෂ් සැර කලේ කේන්තියට...  ඇහුවාට ගවීෂ්ගේ යටිහිත හේතුව දැනගෙන ඉදියා කිව්වොත් වැරදි නෑ...

'' සීයා ද ? '' යොවන්දි සද්දයක් නැති නිසාම ගවීෂ් ඇහුවේ සද්දේ අඩු කරලා.. .

'' සීයාගේ වැරැද්දක් නෙවේ ගවීෂ්.. දන්නවානේ සමහර දේවල් අපිට නවත්තන්න බැ.... '' යොවන්දි හිනාවක් මවාගෙන කිව්වේ පොත් ටික එකතු කරගන්න ගමන්..

'' පොඩ්ඩක් ඉදපන්. අපි පොඩ්ඩක් කතා කරමු. '' ගවීෂ් එහෙම සිරියස් පිට කියන්නේ කලාතුරකින්... ඒත් ඒ කියන සැරේට ඒක කියන්නේ හදවතින්ම තමයි.. ඇරැත් පිට වෙන විස්තර කිසි දෙයක් දන්නැතුව දැන් ළිං මැඩියෙක් ගානට තමයි මිනිහාට දැනෙන්නේ....

'' මොනවා කතා කරන්නද ? හිතන්න දෙයක් නෑ මෙතන... ඔය ගණන් ටික හදලා දාන්න.. ''

'' අපි දෙන්නාම දැන් පොඩි ළමයි නෙවේනේ යොවන්දි. පොඩ්ඩක් වාඩි වෙයන් කතා කරන්න.... '' ගවිෂ් ටිකක් තදින් පුටුව යොවන්දිට තල්ලු කරලා කිව්වේ යොවන්දි එ් පාර ලොකු හුස්මක් පිට කරලා පුටුව උඩින් ඔහේ වාඩි වෙද්දි...

'' හරි මං අහන එකට ඔව්ද නැද කියන්න...'' ගවීෂ් පුළුවන් තරම් සන්සුන් විදියට ඇහුවේ යොවන්දි ඔළුව වනද්දි.. යොවන්දි එහෙම ලේසියට එළියට විවෘත වෙන චරිතයක් නෙවේ කියන්න ගවීෂ් හොදටම දන්නවා....

'' සීයා ඔයාට ප්‍රපෝසල් එකක් ගෙනාවා ? '' එයා අහන ප්‍රශ්නෙට උත්තරේ දැනගෙනම ගවීෂ් ඇහුවා.. කෙහෙම්මල් උගුරේ මොනාද හිර වෙලා ඒ අස්සේ... යොවන්දි හිමින් ඔළුව වනනවා ගවීෂ් බලාගෙන ඉදියා.. හරි ප්‍රශ්නයක් නෑ. ඒක එයා බලාපොරොත්තු වුන උත්තරේනේ කොහොමත්... දැන් ඉතිරි එක ප්‍රශ්නයයි... ගවීෂ් හුස්මක් ගත්තා... තව එකක් ගත්තා...

'' යුවනිදු අය්යාටද ? '' ඒකටත් යොවන්දි ඔළුව වනන්න කියලා හතර අතේ දෙය්යන්ට යදින ගමන් ගවීෂ් ඇහුවේ අඩමානේට... යොවන්දි බිම බලාගත්තේ කිසිම උත්තරයක් නැතුව.. හරි ඒක තමයි වෙන්න පුළුවන් නරකම දේ... මුළු ලොක් රූම් එකම නිශ්ශබ්දයි... ගවීෂ් පුටුවට හේත්තු වෙලා වටයක් කැරකැවුනේ පුළුවන් තරම් සන්සුන් විදියට ඉන්න ට්‍රයි කරලා.. මාස දෙකක් මෙතනම ඉදලා මිනිහාට ෂුවර් නැ යොවන්දිටත් කලින් එයාට ඇඩෙයිද කියලා... විනාඩියක් ගියා.. විනාඩි දෙකක් ගියා.. ඔරලෝසුව ටික් ගාන සද්දේ ඇරුනම රූම් එකම නිශ්ශබ්දයි...

'' ගවීෂ් -- '' යොවන්දිගේ කටහඩ බිදිලා.. එක අතකට ඒ කෙල්ල කියලත් මොනවා කරන්නද ? ඒක බර්ඩ්‍රේන්ස්ලාගේ සම්ප්‍රදාය.. ගවීෂ් මේසේ උඩින් ඔළුව තියාගත්තේ අත මිට මොළවගන්න ගමන්.. එක අතකට මෙවීනා එක්ක පැටලෙන්න ගියපු එකත් මේකට හේතුවක් වෙන්නැති... ෂිට්.. පොඩි ළමයෙක් වගේ හැසිරෙන්න මේක වෙලාවක් නෙවේ ගවීෂ් !! ගවීෂ් එයාටම තදින් කියාගත්තේ ආයේම හිමින් ඔළුව උස්සලා...

'' බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද ? '' තුන්වෙනි පරම්පරාව අතරේ රහස් නැති උනත් යොවන්දි විවෘත නැති නිසාම ගවීෂ් කෙලින්ම ඇහුවේ යොවන්දි දිහාවට හැරිලා.. එක අතකට මේකිට ඉදියොත් පුදුමයි...

'' නෑ ගවීෂ්..  ''

'' හරි , මං මේ අහන්න යන දේ සිරියස් වෙන්න පුලුවන් , මට අවංකවම හිතෙන දේ කියපන් හරිද ?..  '' ගවීෂ් විනාඩියක් ගත්තේ යොවන්දිගේ මූණ දිහා බලන්න ගට් එක එකතු කරගන්න... යොවන්දි යන්තං ඔළුව වැනුවේ ස්ථිර විදියට....

'' ඔයාට හිතෙනවද මාත් එක්ක ඔයාට ජිවිතයක් තියෙයි කියලා ? '' 

'' මොනවද අහන්නේ ගවීෂ් !!!? '' යොවන්දි කලබලෙන් ඇහුවේ ගවීෂ් ආයේම හුස්මක් අරගෙන ගට් එක එකතු කරද්දි... මේකිටත් පොත්වල තියන ඒවා එක පාර තේරෙනවා , මේ මගුල තේරුම් යන්නැනේ...මේ වැඩේ මාර අමාරුයි අප්පා..

'' මං අැහුවේ , අපි දෙන්නා අතරේ ඉන්ටකෝස් රිලේෂන්ෂිප් එකක් පොසිබ්ල්ද යොවන්දි ?..'' ගවීෂ් සේරම ගට් එක දාලා ඇහුවේ එක හුස්මට.. තත්පරයක් දෙකක් යනකං කාමරේ නිශ්ශබ්ද වෙලා ගියේ ගවීෂ්ට දාඩිය දාද්දි.... හෝව් හෝව්.. ප්‍රශ්නයක් ඇහුවේ දෙය්යනේ මේකි අඩන්නේ මං මෙතන ඒකිව ඇබියුස් කළ ගානටනේ...

'' යො අඩන්න එපා මෝඩියේ... මං මෙතන සවුසේව රේප් කරන්නැ.. '' ගවීෂ් ආයේ සිරියස් මූඩ් එකෙන් පැනලා කිව්වේ යොවන්දිට තට්ටුවක් දානවද කියලාවත් හිතාගන්න බැරුව.. එක අතකින් කෙල්ල ඉන්න තත්වේ එයාටත් වඩා අන්ත ඇති... රේප් වෙනවාට වඩා වෙනසක් තියේද ඉතින්... කෙහෙම්මල් සංස්කෘතිය !!  ගවීෂ් පුටුවට හේත්තු උනේ වචනයක්වත් කියන්නැතුව... යොවන්දි තාම අඩනවා.. හරියටම කියනවා නං පොඩි කාලෙන් පස්සේ ඒකි අඩනවා දැක්ක පළවෙනි වතාව... වෙනදා උනා නං ගානක් නැතුව පිටට තට්ටුවක් දාලා හග් එකක් දෙන්න තිබුණා.. දැන් තත්වේ වෙනස්...

'' හරි හරි අපි එක්සැම් බලමුකො.. පස්සේ ඕක හිතන්න බැරිය හිමින් සැරේ... සීයා තාම මට කතා කළේ නැනෙ කෝමත්... සීයා හරි පුංචි අම්මි හරි  ඔයාට ආයේ මුකුත් කිව්වොත් සද්ද නැතුව ඉන්න හරිද ? '' ගවීෂ් කිව්වේ අනිවාරෙන් එයාගේ බෙල්ලේ තියන පාරවල් කට ගහන්න ගිහින් වුන දේවල් කියලා ගෙස් කරලා...

'' මේක නව-ත්තන්නකො ගවීෂ්.. අනේ... ප්ලිස්...'' යොවන්දි කිව්වේ එයාගේ අත් දෙකෙන්ම ගවීෂ්ගේ අත අල්ලගෙන... මෙතන එයාට වඩා කෙල්ල පව් .. ඒත් හරියට බැලුවොත් බර්ඩ්‍රේන් උරුමක්කාරයා විදියට ගවීෂ්ට තිබුණේ චොයිසස් දෙකයි... එක්කො යොවන්දි , එක්කො ආශදි.. කෙල්ලො දෙන්නාගෙන් එක්කෙනෙක්ගේ ජිවිතේ අනිවාරෙන්ම එයා නිසා විනාස වෙන එක නවත්තන්න බැ කියලා ගවීෂ් කලින් ඉදන්ම දැනන් ඉදියා.. ඒත් කවුද හිතුවේ සීයා යොවන්දිව තෝරාවි කියලා ? අනික ඒකත් මෙච්චර ඉක්මනින් ?

'' හරි .. නහින්නැතුව ඉන්නවා.. ඔයාගේ අර ෆෙමිනිසම් ටෝක්ස් දාන්න යන්න එපා හරිද මේ වෙලාවේ ? ඔය මොළගෙඩිය පාවිච්චි කරලා එක්සැම් කරගනින්.. '' ගවීෂ් ඒ පාර නම් කිව්වේ යොවන්දි එකට අල්ලලා ගුලි කරගෙන ඉදපු අතට පුංචි තට්ටුවක් දාලා...

'' එක්සැම් කරගෙන මෙහේ හිර වෙන්නද ගවීෂ් ? '' යොවන්දි ඇහුවේ කෙලින්ම ගවීෂ්ගේ මූණ දිහා බලලා... කෙල්ලගේ හීන ඇස්වලම බිදිලා ගිහින් තියන විදිය පේනකොට ගවීෂ්ගේ හිතට එන්නෙත් ගිල්ට් එකක්... ගවීෂ් ඒ සැරේ ලොකු හුස්මක් ගත්තේ ආයේම යොවන්දි දිහාවට හැරිලා..

'' හරි බං ඇත්ත.. දැනට මොනවා වෙයිද කියන්න මං දන්නෙත් නැ.. මං හෙල්ප්ලස්.. මටම තේරෙනවා... ඒත් මං එක දෙයක් පොරොන්දු වෙන්නං උබට... සවුසේගේ ඩ්‍රිම්ස්වලට නං වැටෙන්න දෙන්නේ නැ මං නිසා.. තේරුණාද උබට ?  ''  ගවීෂ් එයා ගැනම ලොකු විශ්වාසෙකින් කිව්වේ මේසේ උඩ තිබ්බ යොවන්දිගේ අත හිමින් අල්ලගෙන... මේ වෙලාවේ හැටියට ගවීෂ්ට උනත් විශ්වාසෙන් කියන්න පුලුවන් එච්චරයි..

'' ඔයා හරි ගවිෂ්... එක්සැම් කරගෙන පුළුවන් දෙයක් කරමු.. මං දැන් යන්නම්... ''  යොවන්දි නැගිට්ටේ ගවීෂ්ට තට්ටුවක් දාගෙනම...

'' හරි නෝමල් විදියට ඉන්න.. අනිත් අයට මුකුත් කියන්න යන්නත් එපා හරිද ? ''

'' ඕකේ බොස්.. අර ගණන් ටික හදලා තියන්න හෙට බලාගමු නැත්තන්.. '' යොවන්දි දොර වහන්න කලින් සැර කලා..

'' පුහ්.. හෙට මගේ නැට්ටක්වත් හොයන්න වෙන්නැ කෙල්ලේ.... මොකද මං ෆ්‍රී..!!!!. '' ගවීෂ් කිව්වේ යොවන්දි රවලා දොර වහද්දි... හම්.. ආයේම කාමරෙයි , එයයි විතරයි... ආහ් තව අමතර හිතන්න ප්‍රශ්නෙකුයි...

.
.
.
.
.
.
.
.
.
.
.

~ මතු සම්බන්ධයි ~

Continua a leggere

Ti piacerà anche

2.1K 514 20
jikook ff Gift story 😚 මේක වෙනස් විදියේ කතාවක් , මේකේ ඉදිරිය තීරණය කරන්නේ මම නෙමේ. එහෙනම් ?? කියවලා බලන්නකෝ...... එනම් Let's go.....
27.4K 5.7K 42
මෙය ff එකක් හෝ BL එකක් නොවන බව කරුණාවෙන් සලකන්න. ඕතරයාගේ අනන්‍යතාවය සෙවීමට යාමෙන් වළකින්න. කියැවිමෙන් පසු අන්තර්ගතයේ සත්‍ය අසත්‍ය භාවයන් සොයා යෑමේ වග...
13.5K 1.8K 21
❝ අපේ ආත්ම මාරු වෙලා හත්තිලව්වේ..❞ දෙන්නම එකම වෙලාවේ ඔලුව බදාගෙන කෑගැහුවේ වෙලා තියෙන විකාරරූපි දේ හරියටම ඔලුවට දාගන්න බැරි වුණු නිසා.. ඒ අතරේ මෝක්ශ...
330 133 16
Hogwarts වලට Blackpink ලා ගියොත් කොහොම තියෙයිද?