- Plot 23 -

By Bulbz_D

855K 113K 38.6K

ගවීෂ් තිමෞර්ය වේඝර්ණාරච්චි , ලෝකයෙන් සැගව ගිය ධනවත් බල පරම්පරාවක මීළග තරුණ උරුමයයි .. සරල වදනින් , අමු කාළකණ... More

- 1 -
- 2 -
- 3 -
- 4 -
- 5 -
- 6 -
- 7 -
- 8 -
- 9 -
- 11 -
- 12 -
- 13 -
- 14 -
- 15 -
-16 -
- 17 -
- 18 -
- 19 -
- 20 -
- 21 -
- 22 -
- 23-
-24-
- 25 -
- 26 -
- 27 -
- 28 -
- 29 -
- 30 -
- 31 -
- 32 -
- 33 -
- 34 -
-35-
-36 -
-37-
- 38 -
-39-
- 40 -
- 41-
- 42-
- 43 -
- 44 -
-45-
- 46 -
- 47 -
- 48 -
- 49 -
- 50 -
- 51 -
- 52 -
- 53 -
- 54 -
- 55 -
- 56 -
- 57 -
- 58 -
- 59 -
- 60 -
- 61-
-62-
- 63 -
- 64 -
- 65 -
- 66 -
- 67 -
- 68 -
- 69 -
-70-
- 71 -
-72 -
- 73 -
- 74 -
-75-
- 76 -
- 77 -
-78-
- 79 -
- 80 -
- 81-
- 82 -
- 83 -
- 84 -
-85-
- 86 -
- 87 -
- 88 -
- 89-
- 90 -
- 91-
- 92 -
- 93 -
- 94 -
- 95 -
- 96 -
- 97 -
- 98 -
- 99 -
- 100 -
- 101 -
- 102 -
- 103 -
- 104 -
- 105 -
- 106 -
- 107 -
- 108 -
- 109 -
-110 -
- 111 -
- 112 -
- 113 -
- 114 -
- 115 -
- 116 -
- 117 -
- 118 -
- 119 -
- 120 -
-121 -
- 122 -
-123-
- 124-
- 125 -
A/N -

- 10 -

7.7K 1K 41
By Bulbz_D

'' සංවෘත දෘඩ පද්ධතියකට නිශ්ක්‍රිය වායුවක් එකතු කළාම සමතුලිතයට බලපැමක් වෙන්නැ... සමතුලිතයට බලපෑම වෙන්නේ ඒකේ මොකක් හරි සංඝටකයක ආංශික පීඩනය වැඩිවුනොතින්නේහ්... නිෂ්ක්‍රිය වායුවකින් ආංශික පීඩනය වැඩි වෙන්නේ නැති නිසා පද්ධතියේ සමතුලිතතාවය වෙනස් වෙන්නෙත් නැ.. එතකොට දෙකම වැරදියි.. උත්තරය පහ... '' ප්‍රශ්නේ ගාවින් පහේ ඉලක්කම ලොකුවට රවුම් කරපු මියුන් පුටුවට හේත්තු වුනේ අත පය හිරි ඇරගන්න ගමන්.. සතියක්ම වගේ වැඩ මිස් වුනා කියන්නේ ආයේ මදි නොකියන්න වැඩ ගොඩ ගැහිලා තියෙන්නේ මිනිහට...

ලෝකය ගෝලාකාරයි , ඒ ගෝලාකාර ලෝකය විවිධාකාරයි කියනවා වගේ , ලබන අවුරුද්දේ ඒලෙවල් මියුන් මේම වැඩ කරද්දි , මේ වහළ යටම එහා පැත්තේ කාමරේ මේ අවුරුද්දේ ඒලෙවල් කරන එකා මේ වෙනකොට දාගෙන ඉන්නේ දාර ප්‍රේම ගීයක්...

'' හිත මත් වෙලා ටිකිරි ලියා..
නුඹ මත්තෙම නහින නිසා..
අමුතුම හැඩය ඔබේ...
නිතඹ ලෙලෙන තාලේට ආසම.. ''

ආහ්හ් !!!! ඉවසන්න මියුන් ඉවසන්න !!!. කොහොමත් තව ටිකකින් ක්‍රිෂ් අක්කා එනවා කිව්වනේ එයාව එකකන් යන්න.. එතකොට මේ මරගාත සේරම ඉවරයි... නිදහසේ පාඩුවේ ආශක්‍යසිංහ මැන්ෂන් එකට වෙලා වැඩ ටික කරගන්න පුලුවන්... මියුන් හිතාගත්තේ එහා කාමරේ ලී බිත්තිය දිහාවට වම් අතේ මැද ඇගිල්ල උස්සලා සැලියුට් කරන ගමන්... නැ ඒම ඉවසන්නත් බැ මේක.. මියුන් පුටුවත් පස්සට තල්ලු කරගෙනම නැගිට්ටේ එහා කාමරේ ඉන්න එකාට හොද වැයින් දෙකක් අමතලා එන්න.. වේඝර්ණාච්චිලාගේ එපාම කරපු එකා !!! ෂික්...

'' ඒයි &#$% !!! '' මියුන් කැගැහුවේ ගවීෂ්ගේ දොර ගැලවිලා යන සයිස් එකට පයින් පාරක් ගහලා... අර මගුලේ සද්දේට ඕක ඇහෙයිද ඉතින්.... මියුන් ගවීෂ්ගේ කාමරේ අගුල කැරකැව්වේ දොර ලොක් කරලා ඇති කියලා හිතාගෙන උනත් දොරේ අගුල කැරකැවිලා දොර ඇරුනේ මියුන් බලාපොරොත්තු නොවුන විදියට... කාමරේ හිස් !!! ඇද උඩ රින්ග් වෙන්නේ ගවීෂ්ගේ ෆෝන් එක.. ෂික්. දාන රිගින්ටෝන් එකක හැටිද අර... මොන මගුල හරි... මියුන් හිතුවේ කාමරේ දොර වහලා දාලා ආයේ හැරිලා උනාට ආයේම ගවීෂ්ගේ ෆෝන් එක රින්ග් වෙන්න ගත්තේ මියුන්ව මාරාවේෂ කරන ගමන්.. සයිලන්ට් දාලා යන මගුලක යන්න බැරිද දන්නෑ &$#& !! , ඌ කාලකන්නි උනාට මෙතන පාඩම් කරන මිනිස්සුත් ඉන්නවනේ... !!

සුදු පාට බැක් කවර් එකක් දාපු ගවීෂ්ගේ ෆෝන් එක අතට අරගෙන කෝල් කරේ කවුද කියලාවත් බලන්නැතුව ෆෝන් එක සයිලන්ට් කරපු මියුන් ඒක ඇද උඩටම විසි කරලා ආපහු හැරෙන පරක්කුවට ෆෝන් එක ආයේ රින්ග් වෙන්න ගත්තා.. මොන අළු කෙහෙල් ඇවරියක්ද මේහ්..

*ඩියොන්.. * ස්ක්‍රින් එකේ වැටුන නම කියවපු මියුන් ඕන රෙද්දක් වෙන්න කියලා ෆෝන් එක ආන්ස කලේ මේ මල කරුමෙන් බේරෙන්න.. උගේ මතකේ හරි නං ඩියෝන් කියන්නේ උගේම වයසේ ගවීෂ් වගේ අනිත් අපතයා... 

'' ඕයි ගවීෂ් අය්යේ... ෆෝන් එකක් උස්සන්න බැරිද යකො හදිසියකට.. '' ඩියෝන් මහ හය්යෙන් කැගැහුවේ මියුනේ කනෙන් ෆෝන් එක පැත්තකට ගනිද්දි.. එක වල්ලේ පොල් තමයි මේවත් ඉතින්...

'' සීයා එනවලු අද රෑ.. දැන් බලහන් වෙලාව දැනටම හතට දහයයි....කොම හරි වරෙන් මෙහේ පුලුවන් තරම් ඉක්මනට...  සුදු මාමාත් ගෙදර ආවා !!  අනික - ''

මියුන් ෆෝන් එක කට් කරලා අායේ ඇද උඩට විසි කලේ  වේඝර්ණාරච්චිලාගේ මල කෙහෙම්මල් එයාට අදාළම නැති නිසා.. අනික දැනටම ෆෝන් එක සයිලන්ට් කරන්න ඇවිත් අනුන්ගේ කුණුගොඩවල් ඇවිස්සුවා වගේ ෆීලින් එකක් තමයි මියුන්ට දැනුනේ.. දැන් අර පාසි ගෙම්බා මෙතනට කඩන් පනින්න කලින් එළියට යාගන්න ඕන... නැත්තන් එනවානේ නැට්ටත් උස්සන්...  තව අඩියක් තියන්නත් කලින් මියුන්ගේ ෆෝන් එකත් රින්ග් වෙන්න ගත්තේ මියුන්වත් ටිකක් ගස්සන ගමන්.. හොර වැඩක් කරලා අහුවුනා වගේ නෙව හුහ්....

*ක්‍රිෂ්* මියුන් ෆෝන් එක ආන්ස කලේ හදිසියට...  ඉක්මනට ගෙදර පැනගත්තා නං කිසි කරදරයක් නැනේ..

'' හලො ? ''

'' අහ් හලො බේබි. මේහ්.. පොඩි එමජන්සි එකක් මෙහේ... අරවින්ද් කෝල් කළා.. සනෝශ්ගේ අත පොඩ්ඩක් ඩැමේජ් කියනවා... '' ක්‍රිෂ් හති දදා කියනවා මියුන් අහගෙන ඉදියා... හරිනේ , එතනත් එහෙනං මරාලයක් තමයි....

'' සනෝශ්ගේ ? ඒ මොකද ? '' ගවීෂ්ගේ කාමරේ දොර වහලා දාලා එයාගේ කාමරේට ගිහින් බැග් එක කරට දාගන්න ගමන් මියුන් ඇහුවේ තව ටිකකින් නොවරදවාම එයාට යන්න වෙන බව ඉවෙන් වගෙන් තේරිලා.. තුන්වෙනි පරම්පරාවේ අවුල කොතන ද මියුන් එතනට වාර්තා කලේ නැත්තන් ඒක කෙලවර වෙන්නේ කොහොමත් අවුල් ජාලයකින්...

'' බිල්ස් ටික මං අවී එක්ක බේරගන්නම්.. ඔයාට පුලුවන් ද  මේහ් -- ''

'' හරි හරි , තත්වේ බරපතල ද ? '' මියුන් කලබලෙන් ඇහුවේ අඩියට දෙකට පඩිපෙළ බහින ගමන්...

'' දන්නැ මාත් තාම මේ යන ගමන්.. ඩ්‍රොප් සෝන් එකේ මොනා හරි වෙලා මං හිතන්නේ.. -  '' ක්‍රිෂ් කිව්වේ හදිසියේ..

'' අරවින්ද්ගේ වලිවලට ටිව්න් ඩබල සෙට් උනේ කොහෙන් ද ? ''  මියුන් ඇහුවේ අවිනාශ් පේන්න නැති නිසා පරක්කු නොවි එළියට පැනගන්න ගමන්... කියන්න දේකුත් නැ මිනිහාට ඉවෙන් වගේ තේරෙනවා මේ පාර ඩ්‍රොප් සෝන් එකේ වලිය කවුරු එක්ක වෙන්නැති ද කියලා...

'' දන්නැ බං , සනොශ් තනොශ් විතරක් නෙවේ මෙවිනාත් ඉදලා තියේ මං හිතන්නේ.. ''

'' මෙවීනාට මොකද ? '' මියුන් කලබලෙන් ඇහුවේ පාර දිගේ අඩිය ඉක්මන් කරන ගමන්.. ඒකි සේරටම හපන්.. පොඩ්ඩක් ගෙදර නැති උනාම යනවා මහ ලොකුවට උඩ දාගෙන වලිවලට.. නැන්දයි මාමයිත් මෙවීනාව කොයි වෙලෙත් හුරතල් කරලාම නාහේට අහන්නැති ගානට ඒකි හිතුවක්කාරයිනේ...

'' මෙවීනාට අවුලක් නෑ .. ඔය පාරට ආවාද ? මං ඔයාව අරලිය පියස ගාවින් ගන්නම්. පස්සේ කතා කරමු.. '' ක්‍රිෂ් කෝල් එක කට් කලේ මියුන් ඒ පැතතට අඩිය ඉක්මන් කරද්දි..

කෝමත් විලේජ් එකේ ඩාක්ම පැත්ත වුන ඩ්‍රොප් සෝන් එකේ වෙන දේවල් බර්ඩ්‍රේන්ස්ලාටවත් , ඩ්‍රොමිඩියන්ස්ලාටවත් නුපුරුදු දේවල් නම් නෙවේ.. විශේෂයෙන් ඉතින් තුන්වෙනි පරම්පරාවට... මියුන් ඩ්‍රොප් සෝන් එකට දැනට ගිහින් තියෙන්නේ දෙපාරයි.. එක පාරක් තුවාල උන අරවින්ද්ව ඇඩ්මිට් කරන්න.. ඒ සැරේ අරවින්ද්ගේ අතක් කැපිලා ලේ විලක් තිබුනා කියලා මියුන්ට මතකයි... මතක හැටියට ඒකත් ගවීෂ්ගේ වැඩක්... කොහොමත් උරුමක්කාරයො දෙන්නාගේ පැටලිලි නං මදි නොකියන්න තිබ්බානේ... අනිත් සැරේ ඔය වේඝර්ණලාගේ ලොකුම එකා වුන යුවිනිදු වේඝර්ණාරච්චි එක්ක අරවින්ද් පැටලුන වෙලාවේ.... ඒ ඇරෙන්න අදුරු ඩ්‍රොප් සෝන් එකට මියුන් අඩිය තියලම නැති තරම්... ඒත් එයා දන්න විදියට අරවින්ද් අය්යා නම් ගෙදරට වඩා ඉදියේ ඩ්‍රොප් සෝන් එකේ...

ක්‍රිෂ් මියුන්වත් ඇදගෙනම කෙලින්ම ගියේ ආශක්‍යසිංහ මැන්ෂන් එකට... ආශක්‍යසිංහ මැන්ෂන් එකේ බේස්මන්ට් එක තමයි දැන් තුන්වෙනි පරම්පරාවේ මූලස්ථානය වගේ තැන... මොන හදිසියකදි උනත් වැඩිහිටි අයවලුන් දැනගන්නේ නැතුව බේස්මන්ට් එකේ එයාලාගේ පොදු කාමරේට බැහැලා හැමදේම ඩිස්කස් කරන්න එයාලා පරිස්සම් උනා.. මියුන් පඩිපෙළ දිගේ පහළට බැහැලා එයාලාගේ පොදු කාමරේට අඩිය තියන්නත් කලින් මෙවීනා එයාගේ ඇගට පැන්නේ මියුන් බැග් එක හිමින් සැරේ බිමට අත ඇරලා මෙවීනාගේ පිටට තට්ටුවක් දාද්දි.. මතක දවසක ඉදලා මියුනුයි මෙවීනායි හැදුනේ එකට.... ඒ වුනාට දෙන්නා අහසට පොළව වගේ වෙනස්...

'' කොහේද දෙය්යනේ ඉදියේ මෙච්චර කල් ? '' දැන් තමයි මෙවිනාගේ මහා ප්‍රශ්න වැල පටන් ගන්නේ.. මියුන් ඒ පාර උත්තර නොදිම කාමරේ වටේම බැලුවේ මොකක්ද දැන් වෙලා තියන ආපදාව කියලා... පොඩි කලබලකාරි ගතියක් ගැවිලා තිබ්බ කාමරේ කෙළවරේම සනෝශ්ගේ අත අල්ලගෙන එයාගේ එහා පැත්තේම ඉදියේ තනොශ්... සනොශ්ගේ අතේ මැණික් කටුව ගාව ඉදන් වැලමිට හරියට යනකම්ම ගැඹුරු කැපුම් තුනක් විතර තියෙනවා දැක්ක මියුන් නළල රැලි කලේ පොඩි එකා ඒ සේරම වෙලත් මෙලො ගානක් නෑ වගේ කාගෙන ඉන්න විදිය දැකලා... සනෝශ්ට ඇඩිල්ල කෙසේ වෙතත් කරන්න වෙලා තිබ්බේ එයාගේ අත අල්ලන් අඩන තනෝශ්ව නළවන එක... මරු ඩබල ඉතින්.... නිශා අක්කාට මේවා පේන්නේ නැති නිසාම හොදයි. නැත්තන් සේරටම කලින් නිශා අක්කා නළවන්න වෙනම මෙහෙයුමක් කරන්න වෙනවා... ක්‍රිෂ් ඉක්මනින්ම සනොශ්ගේ අතට බෙහෙත් කරන අතරේ මියුන් එතනම පුටුවක් උඩට බර වුනේ තත්වය හිතුව තරම්ම බරපතළ නැති නිසා..

'' අහ් හා... මියුන්.. තමුසේ කොහේද පැල් බැන්දේ මෙච්චර කල් ? '' අරවින්ද් නෝන්ඩියට ඇහුවේ මෙවීනා මියුන්ගේ ඉස්සරහින් හිටගනිද්දි.. නැත්තන් මෙතනත් අරවින්ද් වලියක් අදින්න බැරිකමක් නෑ... අරවින්ද් නෝන්ඩියට කතා කරන විදියෙන් මියුන් හිතාගත්තා , මොනා වුනත් මේ පාර ඩ්‍රොප් සෝන් ෆයිට් එක වින් කරලා තියෙන්නේ ආශක්‍යසිංහලා කියලා... නැත්තන් අරවින්ද් මෙච්චර උඩ යන්නැ... අනේ ඉතින් මැස්සෙක් ගිය උඩ කිව්වලු...

'' අහපන් ඉතින් මොකද උනේ කියලා.. '' අරවින්ද්ම පටන් ගත්තේ එයාගේ පම්පොරිය...

'' ඇත්තටම මොකද උනේ මල්ලි ? '' පැත්තක ඉදපු නිශා අක්කා ඇහුවේ සන්සුන් විදියට.. අනිත් අය වෙන දේ දැක්කා හරි , ඒත් තාම වෙනදේ හිතාගන්න බැරුව නිශා අක්කා ඇහුවේ අරවින්ද්ගේ කටහඩ පැත්තට එයාගේ ඇස් හරවන ගමන්..

'' ඌම තමයි හෙන ලොකු ටෝක්ස් දිලා ඩ්‍රොප් සෝන් එකේදි සෙට් වෙමු කිව්වේ... අන්තිමට අපෙනුත් කාලා උගේ ෆැමිලි කා එකේ ඌ දාගෙන  ගිය විදිය බලන්නයි තිබ්බේ උබට.... '' අරවින්ද් උත්තර දුන්නේ මියුන්ට.... පම්පොරිය තාම ඉවර නෑ,. හැබැයි අපරාදේ කියන්න බැ මේ පාර නම් අරවින්ද් අය්යා මරු... මියුන් හිතුවේ කටකොනකින් හිනා වෙලා... කෝමත් ඕකා වැඩි දවසක් යන්න කලින් කට නිසා නහිනවා කියලා මියුන් හිතලමයි තිබ්බේ...

'' වේඝාර්ණලා කියක් ඉදියා ද ? '' නිශා අක්කා ආයේ ඇහුවේ ක්‍රිෂ් සනෝශ්ගේ තුවාලේට සර්ජිකල් දානකොට තනෝශ් බෙරිහන් දෙද්දි...

'' අර ගවීෂ් තමයි.. ගවීෂ් විතරයි ඉතින්.... '' උත්තර දුන්නේ මෙවීනා...හරිනේ කිව්වා අද නං හොදටම කාලා ගිහින් පාසි ගෙම්බා...

'' දෙය්යනේ.. සේරමලා එකතු වෙලා එක්කෙනෙක්ට ද ගැහුවේ ? ඔයාලා කියක් ද !!!? සනෝශ් තනෝශ් ? මෙවීනා ? අරවින්ද් ? මියුන් ඔයත් ඉදියා ද ? '' නිශා අක්කා ඇහුවේ මියුන් ඉදියා කියලා හිතපු පැත්තට ඇගිල්ල දික් කරලා...

'' මියුන් ?? හහ් හහ්... එයාට ඇවිත් කරන්න පුලුවන් බලන් ඉන්න එක විතරයි....ඒවා ඩ්‍රොප් සෝන් ෆයිට් අක්කා.. නිකමොන් ට -  '' අරවින්ද් නෝන්ඩියට කිව්වේ මියුන් උත්තර දෙන්නත් කලින්..

'' අරවින්ද් !! '' ක්‍රිෂ් මැද්දට පැන්නේ සනෝශ්ට බෙහෙත් කරන එක නවත්තලා... ඊළගට මුළු කාමරේම අවධානේ එයා දිහාවට කියලා තේරුන මියුන් පැත්තකට දාපු බෑග් එකත් අතට අරන් කේන්තියෙන් නැගිට්ටේ පුළුවන් තරං ඉක්මනට කාමරෙන් එළියට යන්න...

'' මොනාද ඒ කිව්වේ වින්ද් ? ම්ම් ? '' නිශා අක්කා සන්සුන් විදියට අරවින්ද්ගෙන් අහනවා ඇහුනත් මියුන් පොදු කාමරේ දොර වහලා දැම්මේ ලොකු හුස්මක් ගන්න ගමන්....

.
.
.
.
.
.

~ මතු සම්බන්ධයි ~

Continue Reading

You'll Also Like

27.3K 5.7K 42
මෙය ff එකක් හෝ BL එකක් නොවන බව කරුණාවෙන් සලකන්න. ඕතරයාගේ අනන්‍යතාවය සෙවීමට යාමෙන් වළකින්න. කියැවිමෙන් පසු අන්තර්ගතයේ සත්‍ය අසත්‍ය භාවයන් සොයා යෑමේ වග...
2.1K 514 20
jikook ff Gift story 😚 මේක වෙනස් විදියේ කතාවක් , මේකේ ඉදිරිය තීරණය කරන්නේ මම නෙමේ. එහෙනම් ?? කියවලා බලන්නකෝ...... එනම් Let's go.....
13.5K 1.8K 21
❝ අපේ ආත්ම මාරු වෙලා හත්තිලව්වේ..❞ දෙන්නම එකම වෙලාවේ ඔලුව බදාගෙන කෑගැහුවේ වෙලා තියෙන විකාරරූපි දේ හරියටම ඔලුවට දාගන්න බැරි වුණු නිසා.. ඒ අතරේ මෝක්ශ...
328 133 16
Hogwarts වලට Blackpink ලා ගියොත් කොහොම තියෙයිද?