συɾ ʂƚσɾყ ♥️🌼||GL|| ᵒⁿᵍᵒⁱⁿᵍ

By SH-A-GGY

18.8K 2.2K 1.2K

ස්කූල් එකේ ඉන්න හිතුවක්කාරම කෙල්ල නැත්නම් Straight ස්කූල් ඩිපියුටි .මේ ඩිපියුටි ට ස්කූල් එකේ ඉන්න හෙඩ් ප්‍රි... More

- PARLIAMENT PRESIDENT -
- SO I HATE IT -
-A ගුඩ් නිව්ස් -
- ප්ලීස්ස්ස්ස්ස් එපා -
- හොද වැඩේ මට -
- නිව් කපල් -
INTRODUCE ♥️
- සිතූ ඊස් මිසින් -
- කිස් සීන් -
- බෑ කිව්වොත් බෑමයි -
- මළගෙදර -
- ගර්ල්ෆ්‍රෙන්ඩ් -
- හෙල්මට් මෑන් -
- මලවිකාර -
- ප්‍රොජෙක්ට් -
- මන් ඔයාට හරි ආදරෙයි ළමයො -
- මට හරි දුකයි අප්පා -
- මොකක්ද ඒ අවුල ..-
- මන් හරි පව් -
- අපි පාආආවෙන ලෝකෙ..-
- මේක මගේ කතාව ...! -
- මේක දරුණුයි -
- ලොකු කාලයක් -
- අවාරෙක මෙහි ඇවිත් -
- ලැජ්ජාවේ බෑ... -
- සදගනාව -
සිරිසේනXටීරෙක්ස් 👀 PART 1
සිරිසේන X ටීරෙක්ස් PART 2
- නුවරඑළි ඩේට් -

- I'M ලෙෆ්ට් -

647 91 48
By SH-A-GGY


ට්‍රීංංංංංංංංං

අද දිනට ඔබගේ අද්‍යන කටයුතු වල නිමාව.

බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා...

යෝවද තං පව කියද්දි වැදගෙනම ක්ලාස් එක ඇතුලට ගියපු මම බෑග් එකත් කරට දාගෙන පඩිපෙළ බැහැගෙන කෙලින්ම ගේට් එක ගාවට දුවන්න හැදුවත්,

"ඔහොම ඉන්නවා.."

හරිනෙ ආසාව මිස්ටර් ගොඩ්සිලා.
නැතහොත් ආදරණීය විනය භාර ගුරුභවතා.

"කොහෙ යනවා කියලද හිතන් ඉන්නෙ තමුසෙ."

අවලමේ යනවා ඇයි අහන්නෙ.😒
"ගේට් එක ගාවට යන්නෙ සර් ප.."

"තමුසෙට ඇහෙන් නැද්ද ගාතා කියනවා.
ඔය බැජ් එකක් ගහන්නෙ තමුසෙලට අනික් උන්ට ආදර්ශයක් වෙන්න කියලා මිසක් අනිත් උන්ට තියෙන නීති තමුසෙලට නැති වෙන්න නෙවෙයි."

"සොරි සර්."

"මට ඕනිනම් ඔය බැජ් එක දැන් වුනත් ගලවන්න පුළුවන් ."

ඉතින් ගලවහන්කො රෙද්ද.😒

මගේ වාසනාවකටද මන් දන්නැහැ එතකොටම ගාතා ඉවර වුනා.

"දැන් යනවා.ආයෙ මේ වගේ වැඩ වෙන්න බැහැ."

"ඕකේ ගොඩ්සිලා."
"මලෝට්ටයි.."

"ඕකේ සර්.."

"මොකක්ද කිව්වෙ තමුසෙ..."

මන් හැටට හැටේ දුවන් ගිහින් නතර වුනේ H හෝල් එක ගාව .පුහ්ඃ දඩ බල්ලෙක් වගේ මන් හති අරින ගමන් කනුවකට හේත්තුවක් දැම්මෙ ලග තිබ්බ පෝලිමෙ හිටපු පොඩි උන් ටිකගෙ කතාවටත් කන දාගෙන.

"ඒ බන් තාරු අක්කා මරු නේද?"

"ඔව් යකෝ එයා වෙනම බ්‍රෑන්ඩ් එකක්."

"හෙන හොදයි බන් තාරු අක්කා.
දවසක් අපි....බ්ලා බ්ලා..."

"ඒයි කියව කියව ඉන්නැතුව යනවා ඕයි ඉක්මනට ."

ඒ ඊරිසියාකාර දුෂ්ඨ මම 🙂.

ආආආආ මන් මොකටද කෑ ගැහුවෙ ඒ පොඩි උන්ට.ආ උන් කතා කරපු නිසානෙ .

කොහොමහරි එහෙම හිත හදාගෙන ගෙදර ආපු මම බෑග් එක ගලවලා දාලා වොශ්රූම් එකට රිංගගන් සුදු ගවුමත් ගලවලා දාලා හෑන්ඩ් ෂවර් එක අරන් මගෙ ගායන සහ නර්තන හැකියාව ඔප් නංවමින් පැයක් පමණ කැපවෙලා අවසානයෙ ජජ් මණ්ඩලය වුන මව් යානාවගෙ දැඩි බලකිරීම මත වොශ්රූම් එකෙන් එලියට ඇවිත් කොන්ඩෙත් ටවල් එකෙන් ඔතාගෙන බෙදල තිබ්බ බත් එකත් කාලා කෙලින්ම පැන්නෙ මගෙ ආදරණීය ලව් එක ගාවට.

වෙන මොකෙක්වත් නෙවේ ඇද.😒

හෑන්ෆ්‍රී දෙකත් ගහගෙන නින්දක් ලෝඩ් කරගත්ත මම පැය දෙකක නින්දකින් නැගිට්ටෙ කන ගාව දැනුන සීතලට.

"ආආආආ මවුසියාආආආ ඔහේව මම.."

"ඔහෙ හිටු නකුටු බෝල පස්සා"

"ම්ම්‍රියෑඈව්.."

සෙක් මුගෙ කට හඩත් නිකන් ලෑන් මාස්ටර් එකක් හුටු හුටු ගානවා වගේ.

අතට අහුවුන එකෙන් මවුසියට දමල ගහපු මම ආයෙ සැරයක් නිදාගන්න හැදුවත් දොර ගාව ඉදන් මන් දිහාත් මන් මවුසියට දමල ගහපු මොකක්ද කියලවත් නොදන්න මගුල දිහා ත අම්මා බලන් හිටියෙ කොස්සත් අතේ තියන්.

"සා වාව් දැන් නම් witch වගේමයි අම්මී.."

"මොකද අම්මි රවන්නෙ ?"

"ගැහැණු ළමයෙක් වුනාම ඔහොම හැසිරෙනවද සිතූ..."

"වෙයිට් වෙයිට් මොකද මේ සිතූ ගෑවෙ.
කටපුරා සුදු මැණික නොකියා."

"මොකෝ අනේ.."

"මේ බලනවා දොර ගාව තියෙන්නෙ මොකක්ද කියලා."

මන් ජිරාෆ් වගේ බෙල්ලත් ඔහෙක් කරන් බැලුවෙ මොකක්ද යකෝ දොර ගාව හැලුවෙ කියලා.

"ආආආආ "
"ආආආආආආආ"

🙂👍.

"මවුසියට ගැහුවෙ හී හී.."

"අනේ මන් දන්නැහැ ළමයො දවසක මේවට බැනුම් අහන්නෙ දීග යන ගෙදර මිනිස්සුන්ගෙන්."

"අහවල් එකටද දීග යන්නෙ මන් ගෙදට්ට නාකි වෙනවා."

"දවසක ඒ පිරිමි ළමයාගෙන් බැනුම් අහද්දි තේරෙයි මේ අම්මා කියපුවා ඇත්ත කියලා."

"මන් කොල්ලෙක් බදින්නැහැ එතකොට හරිනෙ ."

"මන් බදිනවා කෙල්ලෙක් එතකොට හරිනෙ."

"ඔව් පුළුවන් නම් කරගනින්කො අපේ මූණෙත් දැලි ගාන වැඩක්."

"හී හී ජෝක් එකක් නෙ කරේ."

මන් දත් සෙට් එකත් විරිත්තන් ගිහින් අම්මව බදාගත්තෙ ඇස් දෙකත් පියාගෙන.
මන් විතරනෙ ඉතින් 😌.
ගෙදරටම ඉන්න පිච්ච මල.අපි රෝස මල් වෙන්න යන්නැහැ .පින්වන්ත ළමයිනෙ ඉතින් අපි.

අම්මා කුස්සියටත් ගිහින් කයියක් දාලා ස්කූල් එකේ වුන හැම කේලමක්ම කියලා මන් ආයෙ කාමරේට ආවෙ ක්ලාස් වැඩ කරන්න කියල.

ඊට කලින් ෆෝන් එක පොඩ්ඩක් බලන්න ඕනි ඔන්ලයින් ගියෙත් නෑනෙ .

මීඩියා පොත් ටිකයි චිත්‍ර පොතයි උස්සන් මේසෙට ආපු මම ෆෝන් එක අරන් ඩේටා ඔන් කරලා වට්සැප් ජාලයට ගියා.ටික වෙලාවක් මැසේජ් වලින් වට්සැප් එක පිරෙන දිහා සන්සුන් ලෙස බලන් හිටපු මම බැලුවෙ ඉන්බොක්ස් මැසේජ් මොනාද කියලා.කියන්න සතුටුයි ඔක්කොම ගෲප් මැසේජ් 👍.

කොටසක් පාප මිතුරියො දෙන්නගෙන් .

මැසේජ් පන්සිය ගානක් ...යකෝ දුන්නම කන්නා ගෲප් එකෙන් .මුන් මොනාද මෙච්චර චැට් කරන්නෙ වෙනදට සල්ලි දීලවත් චැට් කරන්න එන්නැති උන්.

ඔය ඔක්කොම අතරෙ අසවල්
ශිෂ්‍ය නායක සංසදයේ මැසේජ් පහක්.

සෙක් මන් මුලින්ම බැලුවෙ මොන මැසේජ් එක කියලද හිතන්නෙ.

ඔව් ඒ ශිෂ්‍ය නායක සංසදයේ ගෲප් එක🙂.
මේකනෙ මොනාහරි වැදගත් දෙයක් කියලද දන්නැහැ නෙ.

ගෲප් එක ඔන් කරද්දිම.

"හෙට සිට සියලුම ශිෂ්‍ය නායක නායිකාවන් පෙ.ව 6.55 වන විට පාසලට පැමිණ සිටීමට කටයුතු කරන්න"

තාරුන්‍යා .

හැච හැච හැච.. 😑
සෙක් අපරාදෙ මුලින්ම මේ මගුලට ගියේ.

අනිත් චැට් හතරෙ

ඕකෙ ඕකේ ඕකේ ඕකේ.

😒වට්ද ෆෘට්.

මන් තාරුන්‍යා ගෙ මැසේජ් එකට ගිහින් ටච් කරලා ප්‍රයිවට් මැසේජ් එකට ගිහින් ෆක් යූ කියලා ටයිප් කරලා දාලා ගියේ දුන්නම කන්නා ගෲප් එකට.

ගෲප් එකේ ඔය අතරෙ කතාව යන්නෙ මන් ගැන කියලා දැක්ක මන් මුකුත් නොකියා ඉමෝජියක් දැම්මෙ මොකක්ද වෙලා තියෙන්නෙ බලන්න.

"ආආආ සුදු නෝනා.."

"මොකද වෙලා තියෙන්නෙ තොපිට."

"උඩට ගිහින් බලාම් චැට් එකේ🌚."

ඒ හද මූන එව්වෙ මොකද මුන්ව ශුවර් නෑ.
මන් චැට් එකේ උඩටම ගියාම දැක්කෙ..

ෆක්..

මො..මොකක්ද යකෝ ඒ ..
කවුද ඒ ෆොටෝ එක ගැහුවෙ..

ඒ අතරෙ 

වෙයිට් මන් තාරුන්‍යා ට මැසේජ් එකක් දැම්මා නේද යකො ඒකි මගෙ කන්ටෑක්වත් නෑ.

මන් මොකක්ද දැම්මෙ මැසේජ් එක?

ආයෙ සැරයක් බෑක් ගිහින් unknown number  එකකට දාලා තිබ්බ චැට් එක ඔන් කරා විතරයි තිබ්බෙ.

"ෆක් යූ 🖕 "

මට gaurawayen budusaranai .🙂👍.

එතකොට ටයිපින් කියලා වැටුනෙ තාරුන්‍යා ගෙ නම්බර් එකෙන් .

මන් ගොනා වගේ ඕෆ්ලයින් නොගිහින් චැට් එකේම ඉද්දි තාරුන්‍යා රිප්ලයි එකක් දැම්මා.
එතකොට ම සීන් වුනා🙂.

"I don't mind showing your stupidity to me, don't go showing it to others."

"are you understand lil stupid ?"

ඇයි දෛවය මටම මෙතරම් සරදම් 🙂.

ඒ අතරෙ දුන්නම කන්නා ගෲප් එකෙන් ,

"ආආ සිතූ සුදු නෝනා එක්ක චැට්ද?"

ආආආආ this cari life 😑

මට කෑ ගහන්න ඕනෙ ...






















හායි ළමායි....🌚

කතාව කියවන වෝට් කරන කමෙන්ට් කරන ඔක්කොටම තෑන්ක්ස් 🤍.

අප්ඩේට් පුළුවන් උන ගමන් දෙන්නම් දවසක් දෙකක් ලේට් වෙයි.

අනිත් කතාවෙත් ඉක්මනට දෙන්නම්.

BYE.
STAY SAFE .
LOVE YOU ALL ♥️.



















OUR STORY ♥️🌼

Continue Reading

You'll Also Like

15.9K 1.6K 18
" ඇයි අයියෙ ඔයා කොයි වෙලෙත් මාව සුදු අරලිය මලකට සමාන කරන්නෙ.." මං අයියගෙ මූන දිහා බලන් අහනකොට එයා මගෙ ඇස් දෙක දිහා බැලුවා.. මගෙ අයියගෙ මූනෙ ඇඳිලා තිබ...
5.2K 586 15
බොහෝ පෙම් කවි ලියූ පසුවද සියුම් කැපුමක් මෙන් රැඳී නොලී කවියක් තිබිය නොහැකිද හදේ යම් රිදුමක් දිදී....?
49.8K 6.6K 55
"ඒයි ඇටිකිච්ච ඔහොම ඉන්නවා" "නේත්‍ර, නේත්‍ර... මගේ නම නේත්‍ර" "මොකද උඹේ කට ඔච්චර සද්දෙ, මට ඔය වයසට වඩා උඩ පනින්න දඟලන ඇටි කිච්චන්ව පේන්න බෑ. ඒ නිසා මට...
19.3K 46 22
This is the second instalment to my 3 Part series of Books about a Young Blonde Teen Girl who suddenly starts to loose control of her bladder and bow...