- Plot 23 -

By Bulbz_D

857K 113K 39K

ගවීෂ් තිමෞර්ය වේඝර්ණාරච්චි , ලෝකයෙන් සැගව ගිය ධනවත් බල පරම්පරාවක මීළග තරුණ උරුමයයි .. සරල වදනින් , අමු කාළකණ... More

- 1 -
- 2 -
- 3 -
- 4 -
- 5 -
- 6 -
- 8 -
- 9 -
- 10 -
- 11 -
- 12 -
- 13 -
- 14 -
- 15 -
-16 -
- 17 -
- 18 -
- 19 -
- 20 -
- 21 -
- 22 -
- 23-
-24-
- 25 -
- 26 -
- 27 -
- 28 -
- 29 -
- 30 -
- 31 -
- 32 -
- 33 -
- 34 -
-35-
-36 -
-37-
- 38 -
-39-
- 40 -
- 41-
- 42-
- 43 -
- 44 -
-45-
- 46 -
- 47 -
- 48 -
- 49 -
- 50 -
- 51 -
- 52 -
- 53 -
- 54 -
- 55 -
- 56 -
- 57 -
- 58 -
- 59 -
- 60 -
- 61-
-62-
- 63 -
- 64 -
- 65 -
- 66 -
- 67 -
- 68 -
- 69 -
-70-
- 71 -
-72 -
- 73 -
- 74 -
-75-
- 76 -
- 77 -
-78-
- 79 -
- 80 -
- 81-
- 82 -
- 83 -
- 84 -
-85-
- 86 -
- 87 -
- 88 -
- 89-
- 90 -
- 91-
- 92 -
- 93 -
- 94 -
- 95 -
- 96 -
- 97 -
- 98 -
- 99 -
- 100 -
- 101 -
- 102 -
- 103 -
- 104 -
- 105 -
- 106 -
- 107 -
- 108 -
- 109 -
-110 -
- 111 -
- 112 -
- 113 -
- 114 -
- 115 -
- 116 -
- 117 -
- 118 -
- 119 -
- 120 -
-121 -
- 122 -
-123-
- 124-
- 125 -
A/N -

- 7 -

7.9K 1.1K 93
By Bulbz_D

''හිතන් ඉන්නේ තමුසේ වල්ගාතරුවක් කියලාද ? කඩන් වැටෙනකොට ලස්සනට පේන්න ? ... ඉතින් දැන් මං ප්‍රාර්ථනාවක් කරන්න ඕන ද ? කඩන් වැටෙ - .... .  '' 

'' හෝව්ව් හෝ්ව්ව්ව්... තමුසේට කවුද ඕක කියවන්න කිව්වේ මෙහේ දීපාම්ම්..... '' ඩියොන් මෙච්චර වෙලා තාලේට කියවපු උගේ අතේ තිබ්බ කොළ කැල්ල උදුරලා ගුලිකරපු ගවීෂ් ඒක එහෙමම කටේ දාගත්තේ ඩියෝන් නහයත් අකුලලා ගවීෂ් දිහා බලද්දි..

'' මට කියන්න එපා ඒක කවියක් කියලා ? '' ආශදී නෝන්ඩියට කිව්වේ මේ දැන් සුයිසයිඩ් කරගන්න පුලුවන් සයිස් එකට...

'' නැ නැ. ඕක අර අභී ලිව්වේ.. දන්නවනේ මං අභී ඩයි හාඩ් ෆෑන් කෙනෙක්.. '' ගවීෂ් කිව්වේ කටේ දදා හප හප ඉදපු කොලේ එහෙමම ජනේලෙන් එළියට විසි කරලා...

'' ඇහ් සුදු මාමේ.. අභිෂේකා මෙච්චර කැතට ලියනව ද ? ''

'' ඒක කැත නෑ .. ඔය පැහැදිලි ඉරිසියාව !!!! '' ගවීෂ් මූණත් ඇදකරගන්න ගමන් කිව්වේ කොට්ටේ බදාගෙන එහා පැත්ත හැරෙන ගමන්... අම්මොහ්... තාම හතර හන්දි රිදෙනවා... ඒ අස්සේ මේ ඥාති පරපුර ඇවිත් එයාට නිගා කරනවා... 

''උබලා මට දොඩං ගෙඩියක්වත් ගෙනාවේ නැද්ද ? ආහ් ? '' ගවීෂ් ඇහුවේ සේරමලාට රවලා... නමට ඥාති කියන්නේ මුන් තමයි.. මැරුනම එයි පින් ඉල්ලන්න නං... තුන්වෙනි පරම්පරාවේ ප්‍රබල චරිත දෙකකුයි , දෙවෙනි පරම්පාවේ තනිකඩ ඩබලයි අද ගවීෂ්ගේ රූම් එකට කඩා වැදිලා... දවස් දෙකක් ගෙදරින් පිට නිදහසේ ඉදියා විතරයි... දැන් ඒ නිදහසත් ලෙෆ්ට්... හැබැයි අපරාදේ කියන්න බැ දැන් නං පාළු නැ පාලු නෑ ... මේ දවස් දෙකේම ගවීෂ් කලේ වැදුන පාරවල් ටිකේ හැටියට දවසේම නිදාගත්ත එක... හොද වෙනකං ගෙදර යන්නැතුව මෙහේ නවතින්න කියලා කිව්වේ සුදු මාමා තමයි... හැබැයි දැන් නං ගෙදර යන්න පුලුවන් තරමට සනිපයි... හෙට හවස වගේ යන්න කියලා තමයි ගවීෂ් ප්ලැන් කරන් ඉන්නේ.... මොකද අතිශය වැදගත් රාජකාරි කිහිපයක් තියෙනවනේ මිනිහාට... ඕ වෙන මොකක්ද ඉතින් රස්තියාදුව තමයි...

පැය දෙක තුනක්ම වල්පල් කියව කියව ඉදපු ආශදීයි ඩියෝනුයි එතනින් චුත උනේ ක්ලාස්වලට වාර්තා කරන්න ඕන නිසා...  චූටි මාමා කෝමත් වැඩි කාලයක් ඉදියේ පුස්තකාලේනේ... දැනුත් මේ හැබැයි පුස්තකාලේට එන ගමන් තමා ගවීෂ්ව බලන්න ඇවිත් තියෙන්නේ... ඒත් හැබැයි සුදු මාමා නං හෙළවෙන පාටක් නැ... අර කියන්නත් වගේ කවුරු යවාගත්තත් සුදු මාමාව නං මෙතනින් යවාගන්නවා බොරු....

'' කෝමද ඉතින් තැන හොදයිද ? '' මෙතුල ඇහුවේ ඇදට වෙලා ෆෝන් එක ඔබන්න ගත්ත ගවීෂ්ගෙන්...

'' තැන නං හොදයි.. '' සුදු මාමා එනපොට මනා සේ දැන ගොනා සේ ඉන්න තීරණය කරපු ගවීෂ් ඇනුමකුත් ඇරලා කිව්වේ ෆෝන් එක පැත්තකින් තියන ගමන්....

'' හ්ම් ඒක තමයි... ''

'' සුදු මාමේ...''

'' කියන්න''

'' ඊට වඩා ලේසි නැද්ද ඔයාගේ අර කව් බෝයි බෝයිෆ්‍රෙන්ඩ් ගැන මං මොනවද හිතන්නේ කියලා ඇහුවා නං ?ඇහ් ? '' ගවීෂ් පොල්ලෙන් ගහන්න වගේ ඇහුවේ සුදු මාමා ඔටෝම ජනෙල් පඩියෙන් බහිද්දි.. විසි හතක් උනාට සුදු මාමාගේ වැඩ ඔහොම්මයි.. හිතන් ඉන්නැති මං තාම පොඩි එකා කියලා..

'' ගවීෂ් කැමති නැනේ.. ? ''

'' ඊව්.. නෑ තමයි .. මට තේරෙන්නැ කෝමද .... කෝමද....  '' ගවීෂ් මූණ්ත් ඇද කලේ සුදු මාමා දිහා බලලා.. කෝමද සාම්ත සුදු මාමා තව කොල්ලෙක්ව කිස් කරන්නේ.. හිතද්දිත් හෙනම අවුල් නේහ්... එතකොට කවුද කොල්ලා කවුද කෙල්ල.... ඕවා මහ පැටලෙන වැඩනේ.. කෙල්ලෙක්ම හොයාගත්තම ඉවරනේ.. ගවීෂ් එයාටම කියාගත්තේ මෙතුල ගවීෂ් දිහාම බලාගෙන ඉද්දි...

'' කැමැත්ත ඇති වෙන්නේ රූපෙට.. ඒත් අපි ආදරේ වෙන්නේ හිතට.. '' සුදු මාමා හිනාවෙලා කියලා යන්න නැගිට්ටේ සාක්කුවේ අත් දෙක ඔබාගන්න ගමන්...

'' ඔය සුදු මාමා යන්නද ? ''

'' නැතුව ඉතින්.. ''

'' මං යන්න කිව්වේ නැනේ ඉතින්..''  ගවීෂ් කරබාගෙන වගේ කිව්වේ එයා කිව්ව දේවල්වලින් සුදු මාමාගේ හිත රිදුනද කියලා හිතාගන්න බැරුව.. කළොත් කරන්නේ ඔය වගේ ගොන් වැඩක්මයි ගවීෂ්. !! බලනවා සුදු මාමාට දුක හිතුනද දන්නැ... දෙවෙනි පරම්පරාවේ පොඩ්ඩා නිසා සුදුමාමත් හුරතලේට තමයි හැදිලා තියෙන්නේ, හැබැයි පොඩ්ඩක් සාහිත්‍යට බරයි එයා...

'' නැ නැ මට වැඩ වගයක් තියෙනවා කොහොමත්...මොනා හරි ඕන උනොත් කෝල් එකක් දාන්නකො ඒනං..... '' මෙතුල කිව්වේ ගවීෂ්ට තට්ටුවකුත් දාලා....

'' සුදු මාමේ.. '' මෙතුල එළියට ගිහින් ආයේත් කාමරේ දොර වහන්න කලින් ආයේ එබුනේ ගවීෂ් කතා කරපු නිසා...

'' මේ දවස්ල අලුත් මාමා කෙනෙක් හොයනවා මං.. ගෙදර ඉන්න දෙන්නා මෙලො රහක් නැ ඒකයි.. කව්බෝයි ටයිප් අයට වේකන්සිස් වැඩියි... . '' ගවීෂ් කිව්වේ සුදු මාමාගෙන් ගුටි කන එකෙන් බේරෙන්න හොද හිනාවකුත් දාලා... ගවීෂ්ටත් හිනාවක් දාලා මෙතුල කාමරේ දොර වහලා ලොකු හුස්මක් පිට කලේ සැහැල්ලුවෙන්... ඔය කිව්වට ඕකාට ඕවා තේරෙන්නැ කියන්න මෙතුල හොදට දන්නවා.. කෝමත් ගවිෂ් තාම පොඩි එකානේ... කොයි වෙලෙත් වලියක් දාගෙන අඩු එල්ලගෙන ගෙදර එන එක තමයි වැඩේ.... ඒ වෙලාවට වලි බේරන්න යන්නෙත් මාමාලා ඩබල නෙව...  ඒ කල්පනාවෙන්ම සාක්කුවට අත් දෙකත් දාගෙන පඩිපෙළ බැහපු මෙතුල දඩාස්  ගාලා හැප්පුනේ උඩට පඩිපෙළ නැගපු මනුස්සයෙක්ගේ ඇගේ....

මියුන්.. !!

තමන් වචනයක්වත් කතා කරන්න කලින්ම මියුන් සොරි කියලා මුමුණලා එයාව පාස් කරගෙන යනවා මෙතුල බලන් ඉදියා... කොල්ලාට මාව අදුරගන්නවත් සිහියක් තිබ්බේ නැනේ.. මොකද ඒ ? විනාඩියක් ඉන්න.. එයා මොකද මෙහේ කරන්නේ ? මෙතුල ආපහු අඩියට දෙකට උඩට නැග්ගේ මියුන් මොකද මෙහේ කරන්නේ කියලා බලාගන්න.. ආයේ ගවීෂ් එක්ක ඒ කොල්ලා ඇවිලුනොත් ඒම බේරනවා බොරු.... ගවීෂ්ට වැදිලා තිබ්බ පාරවල් ටිකේ හැටියටම මෙතුල දැන් දන්නවා අහිංසකයි වගේ පෙනුනට කොල්ලාගේ භයානකකම...  මියුන් කෙලින්ම ගවීෂ්ගේ රූම් එකේ දොර ඇරියේ මෙතුල තව පඩියක් උඩට නගිද්දි... මේ මොකක්ද මෙතන වෙන්නේ ? !!!!

එකපාරටම කාමරේ දොර ඇරුනු නිසා ගවීෂ් හිතුවේ සුදු මාමා වෙන්නැති කියලා... ඒ වෙනුවට දොර ගාව ඉදපු මියුන්ව දැක්කම ගවීෂ් ඇදෙන් බැස්සා නෙවේ මිනිහාට ඇදෙන් බිමට පැන්නුනා...දන්නැතුවම පපුවත් තද වෙනවා වැදුන පාරවල් ටික මතක් වෙලා...

'' තමුසේ ? ''  කාමරේ ඇතුලේ ගවීෂ්ගේ මාර ගර්ජනාව ඇහුනම මියුන් ගැස්සිලා ගිය විදිය ගවීෂ්ටත් පෙනුනා.. මියුන් කලබලේට ආයේම අඩියක් පස්සට තිබ්බේ කාමරේ අංකේ බලන්න...

'' ආහ් වැරදි රූම් එක..  '' ඇහෙන නැගෙන ගානට කියපු මියුන් පස්සට වුනේ ගවීෂ් ඊ ගහක් වගේ නැගිටිද්දි...

'' පොඩ්ඩක් හිටපන් ඕම.. '' ගවීෂ් කියලා කට ගන්නත් කලින් මියුන් ගවීෂ්ගේ රූම් එකේ දොර වහලා දැම්මේ මෙලෝ ගානක් නැතුව... මූ යකො පොඩ්ඩක් ඉන්න කියලා කිව්වා නේද මං !!!! ගවීෂ් අඩියට දෙකට දොර  ගාවට දුවලා ගිහින් රූම් එකේ දොර ඇරියේ මියුන් පිටිපස්ස හැරෙන්නත් කලින්....

'' මොකද තමුසේට වෙලා තියෙන්නේ ඒ පාර ? '' ගවීෂ් පුරුදු විදියට කඩන් පැන්නා.. වෙන මොකක්වත් නෙවේ මිනිහාට ඕනත් පැටලෙන්න තමයි... ඒ වුනාට ගවීෂ්ට උත්තර දෙන්න වෙලාව නාස්ති නොකරපු මියුන් එයාගේ කාමරේට ගිහින් දොර වහලා දැම්මේ ගවීෂ්ව මරාවේෂ කරන ගමන්.... යටි තොල හපාගෙන කටින් පිටවෙන්න ගියපු ලස්සන කුණුහර්ප  ටික නවත්තගත්ත ගවීෂ් කෙලින්ම මියුන්ගේ කාමරේ ඉස්සරහින් හිට ගත්තේ උගේ දොරට දාර පාරවල් දෙක තුනකින් දඩිබාන ගමන්...

'' අරිනවා මේ දොර. !!!! ඒයි තමුසේට ඇහුනද ගස් ගදයො... ඇරපන් මේ දොර.. '' ගවීෂ් කිව්වේ දොරට නවත්තන්නැතුවම තඩිබාන ගමන්... කියන මගුලක් අහන්නැති බක පණ්ඩිතයා මට පේන්න බෑ ඕකාව.. ගවීෂ් මිමිණුවේ අන්තිම පාරට දොරට පයින්පාරකුත් ගහලා ... කේන්තියටම උගේ කාමරේ දොරත් දඩාස් ගාලා වහලා දාපු ගවීෂ් ඇදට වැටුනේ ෆෝන් එක අතට අරගෙන...

හහ්.. එක්කො ඌ මට බය උනා.. නැත්තන් අරම වෙන්නැනේ.. බුහාහාහහාහා... ඌ මට බය වෙලා... ඒක තමයි වෙන්නැත්තේ.. බුහාහ් හහාහාහ්.. අම්මො බයට කාමරේට ගිහින් දොරත් වහගත්තා ද ? ගවීෂ් හිතුවේ ඇද උඩ පෙරළි පෙරළි හිනා වෙන ගමන්... නෑ හැබැයි ඒක නෙවේ උනේ... ගවීෂ්ගේ හිත ආයේ නෝනඩියක් දැම්මේ ගවීෂ් ආයේ ඇදෙන් බහිද්දි... ඌ මාව ගණන් ගත්තේ නැ නේද ? !!! ගවීෂ් පැත්තේ තියන චූටි මිරර් එකෙන් පේන උගේම රූපෙන් ඇහුවේ ඒකට ඔරවන ගමන්... එයාගේ රතු පාට ඇස් දෙක නෝන්ඩියට වගේ එයා දිහා බලාගෙන ඉද්දි ගවීෂ් ඇස් දෙක හිමින් පියාගත්තේ ඇද උඩම එරමිණියා ගොතාගෙන...

ළගම හුළග කන ගාවින් යන සද්දේ , සියඹලා ගහේ කොළ හෙලවෙන සද්දේ , කාමරේ තියන ලොකු ලී ඔරලෝසුවේ තත්පර කටුවේ ටික් ටික් සද්දේ.... හෙමින් හෙමින් හැම හඩක්ම ගවීෂ්ට පැහැලිදි වෙන්න ගත්තා... පහළ තට්ටුවේ තැබෑරුමේ සද්දෙන් එහා කාමරේ සද්දේ වෙන් කරගන්න ගවීෂ් ආයේම හොද හුස්මක් ගත්තා.. ම්ම්...රෝයල් මිරාජ් !!... ඒ පර්ෆියුම් එකේ සුවද ගවීෂ් තත්පර ගානකදි අදුරගත්තා... වතුර බිංදු බිංදු වැටෙන සද්දේ එන්න එන්නම වැඩි වුනා...

ඩොග් ඩොග් ඩොග්.. ලී පොළොව යන්තමින් ක්රිස් ගාන හඩත් එක්කම ඇහෙන අඩි සද්දේ එච්චරම පැහැදිලි නැ... කොහේද පහළ බාර් එකේ ඉන්න උන් ටික කැගහනවා උපරිම ජවේ දාලා... පුදුම ශබ්ද දූෂණයක් අප්පා කරන්නේ මුන් ටික... පොඩ්ඩක් අහගන්න දෙන්න බැරිද ? මං මොකො ඕපදූප හොයනවද ..? ගවීෂ් හිතුවේ පහළ උන්ට අපායට යන්න පින් දෙන ගමන්.... ටිකක් පැහැදිලිව ඇහුන එහා කාමරේ දොරේ අගුල කැරකැවෙන සද්දේට ගවීෂ් ඇස් දෙක ඇරියේ අකුණක වේගෙන්.. හරි... එයාගේ කාමරේ පාස් කරපු අඩි සද්දේ පඩියෙන් පඩිය පහළට යනවා අහගෙන ඉදපු ගවීෂ් , ගලවලා ඇද උඩ දාලා තිබ්බ එයාගේ සුදු පාට ටී එක අරන් ඒක අස්සට බෙල්ලයි අත් දෙකයි ඔබාගන්න ගමන්  නැගිට්ටේ ඇද ගාව තිබ්බ රබර් සෙරෙප්පු දෙකේ කකුල පටලවගන්න ගමන්....

.
.
.
.

~  මතු සම්බන්ධයි ~

*අදහස කියන්න කාරුණික වෙන්න ඉතින්. වැඩ ගොඩක් අස්සේ මේකත් කරන්නේ , ස්ට්‍රෙස් නොවි ඉන්න ඕන නිසා.

Continue Reading

You'll Also Like

236K 25.9K 87
ဒီနေ့ ငါအချစ်တွေကိုလျစ်လျူရှုတယ်ပေါ့ နောက်နေ့ကျ ငါသူ့ကိုကန်ထုတ်ပစ်ဦးမယ် ဒီေန႔ ငါအခ်စ္ေတြကိုလ်စ္လ်ဴရႈတယ္ေပါ့ ေနာက္ေန႔က် ငါသူ႔ကိုကန္ထုတ္ပစ္ဦးမယ္... #...
172K 34.6K 83
STORY ] - COMPLETED ✅ ❌ All Rights Reserved ❌ Start Date - 2020 . 06 .05 Completed - 2020 .09 -03 _ සියලු දෙනා සර්ව සාධාරණ ද ? _ ''මෙතැනට අන් කිසි...
437K 85.9K 91
අග්නි.... නමට අග්නි...ඒ උනාට... මට දැනෙනවා වෙලාවකට මේ පපුවෙ සීතල.... අග්නි..... හිතුවෙ පිච්චෙන ගින්දර.... ඒත් ඇතුලෙ තිබුනෙම... උතුරන ආලය.... අග්නි...
13.5K 1.8K 21
❝ අපේ ආත්ම මාරු වෙලා හත්තිලව්වේ..❞ දෙන්නම එකම වෙලාවේ ඔලුව බදාගෙන කෑගැහුවේ වෙලා තියෙන විකාරරූපි දේ හරියටම ඔලුවට දාගන්න බැරි වුණු නිසා.. ඒ අතරේ මෝක්ශ...