- Plot 23 -

By Bulbz_D

869K 115K 39.8K

ගවීෂ් තිමෞර්ය වේඝර්ණාරච්චි , ලෝකයෙන් සැගව ගිය ධනවත් බල පරම්පරාවක මීළග තරුණ උරුමයයි .. සරල වදනින් , අමු කාළකණ... More

- 1 -
- 2 -
- 3 -
- 4 -
- 5 -
- 7 -
- 8 -
- 9 -
- 10 -
- 11 -
- 12 -
- 13 -
- 14 -
- 15 -
-16 -
- 17 -
- 18 -
- 19 -
- 20 -
- 21 -
- 22 -
- 23-
-24-
- 25 -
- 26 -
- 27 -
- 28 -
- 29 -
- 30 -
- 31 -
- 32 -
- 33 -
- 34 -
-35-
-36 -
-37-
- 38 -
-39-
- 40 -
- 41-
- 42-
- 43 -
- 44 -
-45-
- 46 -
- 47 -
- 48 -
- 49 -
- 50 -
- 51 -
- 52 -
- 53 -
- 54 -
- 55 -
- 56 -
- 57 -
- 58 -
- 59 -
- 60 -
- 61-
-62-
- 63 -
- 64 -
- 65 -
- 66 -
- 67 -
- 68 -
- 69 -
-70-
- 71 -
-72 -
- 73 -
- 74 -
-75-
- 76 -
- 77 -
-78-
- 79 -
- 80 -
- 81-
- 82 -
- 83 -
- 84 -
-85-
- 86 -
- 87 -
- 88 -
- 89-
- 90 -
- 91-
- 92 -
- 93 -
- 94 -
- 95 -
- 96 -
- 97 -
- 98 -
- 99 -
- 100 -
- 101 -
- 102 -
- 103 -
- 104 -
- 105 -
- 106 -
- 107 -
- 108 -
- 109 -
-110 -
- 111 -
- 112 -
- 113 -
- 114 -
- 115 -
- 116 -
- 117 -
- 118 -
- 119 -
- 120 -
-121 -
- 122 -
-123-
- 124-
- 125 -
A/N -

- 6 -

8.3K 1.1K 50
By Bulbz_D

'' ඉතින් ඕක තමයි උනේ.. මේක තව දුර අදින්න ඕන නම් ඩ්‍රොප් සෝන් එකේදි හම්බුවෙන්න පුලුවන් මිස්. '' සම්පූර්ණ කතාවම විස්තර කරපු චූටි මාමා කතා කලේ අත් දෙක බැදගෙන.. ගවීෂ් බලාගෙන ඉදියේ සාමාන්‍යයෙන් වලිවලට කතා කරන්නැති චූටි මාමගේ ඇස් දෙක දිහා.. මේකනේ චූටි මාමේ ගට් එකහ්..

'' ඔයාලගේ කෙනානේ මුලින්ම පටන් අරගෙන තියෙන්නේ ? කාගේද වැරැද්ද මෙතන ? ඒක පිළිගන්නවා මිස්ට වේඝර්ණාරච්චි.. මං මේක නිකන් අත අරින්නේ නැ.. '' 

'' හරි හරි.. ගවීෂ් වෙනුවෙන් අපිට සමාවෙන්න.. මේක නවත්තන්න. තව දුර දිග ගියොත් වෙන දේවල් දන්නවනේ ? '' සුදු මාමා මැද්දට පැන්නේ ගවීෂ්ගේ මූණ ගොරකා ලෙල්ලක් කරලා.. සුදු මාමා කිව්වොත් කිව්වා තමයි.. චූටි මාමාත් පැත්තකට වුනේ තව දුර දිග ගියොත් විලේජ් එකේම යුද්ධයක් උනත් ඇවිලෙන්න බැරිකමක් නැති නිසා...

'' අපි උඩට කියන්නේ ගවීෂ් ඇක්සිඩන්ට් උනා කියලා.. '' සුදු මාමා ආයේම කතා කලා....

'' මට කියන්න වෙන්නේ කොහෙද යන වල්ටේෂන් බල්ලෙක් මියුන්ගේ ඇගට පැනලා කියලා.. '' ක්‍රිෂ් දත්මිටි කන ගමන් කිව්වේ ගවීෂ් දිහා බලලා...

'' ඒයි තමුසේ මටද බල්ලා කිව්වේ ? '' ගවීෂ් සේලයින් කට්ට අදින ගමන් කිව්වේ යොවන්දි එයාව ආයේ ඇදෙන් හාන්සි කරවද්දි..

'' තොප්පිය හරියටම වැටුනද මන්දා.. .''  මියුන් ගානක් නැතුව කිව්වේ සේලයින් කටුව ගලවලා තියලා නැගිටින ගමන්.. සේරමත් හරි මුගේ මේ ගෑස් තමයි මට පේන්නම බැරි... ගවීෂ් ආයේ ඇදෙන් පනින්න හැදුවේ යොවන්දි ගවීෂ්ව ඇදෙන් හාන්සි කරවද්දි..

'' පාන් කියාගන්න බැ තව ගහගන්නත් යනවා.. '' චූටි මාමත් සැර කලේ ගවීෂ් මූණත් ගොරකා ලේල්ලක් කරගෙන ඇදෙන් හාන්සි වෙද්දි... එයාට නැගිට ගන්න බැරි වෙන්නයි මියුන්ට දැන්ම ඩිස්චාජ් වෙලා ගෙදර යන්න පුලුවන් වෙන්නයි මොකක්ද මේ ලොකේ තියන අසාධාරණකම ??? මේවා ඉවසන්න පුලුවන්ද ? හහ්...

මියුන් කිසිම අවුලක් නැතුව සාක්කුවට අත් දෙකම ඔබාගෙන එයාගේ ඇද පාස් කරනවා ගවීෂ් බලාගෙන ඉදියෙ සාප කරන ගමන්... ස්ටොබෙරි ගෙඩියක් වගේ ඔළුවට වඩා ලොකු බැන්ඩේජ් එකකුත් ඔතාගෙන මෙතන හිතාගෙන ඉන්නේ සෝ කුල් කියලාද දන්නැ ගස් ගදයා... අහුවෙයිනේ ඕකාව ඇතුලෙදි මට.. ^&**(%^(*& !!!!!!!

වෝඩ් එකෙන් එළියට ආපු මියුන් අයිනේ තිබ්බේ යකඩ බා(ර්) එකට බර දුන්නේ ඇගට පණ නැති ගතිය නිසාමයි... මිනිහා වාට්ටුවෙන් එළියට ආපු විදියට ක්‍රිෂ් නං හිතුවේ මුට මෙලො ආපදාවක් නැ කියලා.. ඒත් දැන් තමයි මුගේ මූණ දාහට අරන් සීයට දිලා වගේ සුදුමැලි වෙලා තියෙන්නේ.. බඩට වැදුන පාරවල් ටිකට තාම උගුරට එනවා වගේ දැනෙද්දි මියුන් එතන තිබ්බ පුටුවකින් වාඩි වුනේ ක්‍රිෂ් දිපූ වතුර බෝතලේත් අතට අරගෙන...  අර යකා ඔළුවේ පිටිපස්ස කොන්ක්‍රිට් බිත්තියේ හප්පපු හැප්පිල්ල මතක් වෙද්දි තාම තරු ඇස් ඉදිරියේ විසික් වෙනවා වගේ... මියුන් බැන්ඩේජ් කරලා තිබ්බ ඔළුව අත ගාලා බැලුවේ මැරුනේ නැති එකට පින් දිදි...

'' හොද වෙලාවට වදිද්දි පහළට තල්ලු වෙලා ..ඒක නිසා හීරිලා විතරයි...  නැත්තන් උබ එතනම ඉවරයි.. '' ක්‍රිෂ් කිව්වේ මියුන්ගේ ඔලුවේ තුවාලේ ගැන.. ක්‍රිෂ් එක්ක වැඩිය කතා නොකලට මියුන් ඔළුව වැනුවේ මුකුත් කියන්නැතුව...

'' මං පේන් කිලර්ස් ටිකක් දෙන්නම් ... ටිකක් හොද වෙනකං විලේජ් එකේ තැනක් බලන්නද ? නැත්තන් ගෙදරම යනවද ? '' ක්‍රිෂ් ඇහුවේ මේ තුවාල ගොඩ එක්ක මුව ආශක්‍යසිංහ මැන්ෂ්න් එකට එක්ක ගියොත් ප්‍රශ්නවලට උත්තර දීලාම මූ මැරෙන්න බැරි නැති නිසා.. මොනවා උනත් මේ වෙලාවේ ක්‍රිෂ්ටම කියපු එකත් සැනසිමයි මියුන්ට... මෙවීනාට කිව්වා නං හත්වලාමයි විලේජ් එකයි කොලේජ් එකයි දෙකම දෙදරවලා. අරවින්ද්ට කිව්වා නං ගවීෂ්ලායි වේඝර්ණාරච්චිලාගෙන් බාගයකුයි නිවන් ගිහින්...අනිත් අය කොහොමත් පොඩියිනේ තාම..

'' විලේජ් එකේ ඉදලා එන්නම්. ''

'' කොහේද නවතින්නේ ? තැනක් තිද නැත්තන් මං අදුරන තැනක් තියෙනවා.. යොරෙල්*කෙනෙක්ගේ ..''
( යොරෙල් - මිශ්‍ර පෙළපත)


'' මොන යොරෙල්* කෙනෙක්ද ? ''

'' මෙහෙමයි එයා හැබැයි බ්‍රර්ඩ්‍රේන් යොරෙල් කෙනෙක්.. ඒත් මගේ හොදම යාලුවෙක්'' ක්‍රිෂ් කිව්වේ නම්බ එක ඩයල් කරලා කෝල් එකකුත් ගන්න ගමන්..

'' හලො බ්‍රො... නැ නැ බං.. මගේ මල්ලි කෙනෙක්ව ටික දවසක් ඔයාගේ රිසෝට් එකේ තියාගන්න පුලුවන්ද ? ඕ ඕ .. ආශක්‍යසිංහ කෙනෙක්..  නෑ නෑ පොඩි අවුලක් වෙලා ගෙදර යන්න විදියක් නැ දැන්ම... හරි අවුලක් නැනේ එහෙනම් ? තැන්ක්ස් බ්‍රො.. හරි එහෙනං දැන් එන්නං මං.. '' ක්‍රිෂ් කෝල් එක කට් කරලා මියුන්ගේ බැග් එක කරේ දාගෙන නැගිට්ටේ කොල්ලව එහේ ගිහින් දාන්න පුලුවන් කියලා ෂුවර් නිසා..

'' නැගිටින්න පුලුවන්ද මං උදව් කරන්නද ? ''

'' නැ මට පුලුවන් තැන්ක්ස්. '' මියුන් නැගිට්ටේ අත මිට මොළව ගන්න ගමන්.. කියන තරම් ලේසි නැ ඇග පත රිදෙන හැටියට..

'' ඔයාට ඕනම බඩු ටික කියන්න මං අද රැම ගෙනත් දෙන්නම් .. ගෙදරට කියන්නං ඉස්කොලේ වැඩකට නතර වෙලා කියලා.. ''

'' නැ මං මෙවිනාට කෝල් එකක් දාලා කියන්නං ඒක. '' මියුන් කිව්වේ ක්‍රිෂ් අක්කාත් එක්ක එක පාරට එයා ෆිට් උනේ කොහොමද කියලා මැන්ෂන් එකට නිකන්ම සැක හිතෙන නිසා..

'' මේ යොරෙල්ව ෂුවර්ද ? බ්‍රර්ඩ්‍රේන් යොරෙල් කෙනෙක් නං ? '' මියුන් ආයේ ඇහුවේ බර්ඩ්‍රේන්ලා තියා බර්ඩ්‍රේන්ලාගේ යොරෙල්ස්ලා වුනත් විශ්වාස කරන්න බැරි නිසා..

'' ඔව් ඔව් බං.. මිනිහා බ්‍රර්ඩ්‍රේන්ලාට ලෝයල්.. ඒත් මට ෂුවර් සියට දාහක්...  . ''

'' බෝයිෆ්‍රෙන්ඩ් ? '' මියුන් අහන්න ගියේ අහන්න ඉදපු ප්‍රශ්නේ නෙවේ.. ඊකෙය්යා කවදා ඉදන් ද අනුන්ගේ ඒවා හොයන්න ගත්තේ මියුන්... !!!

'' මේකයි මල්ලියේ වැරදිලාවත් කොහෙන් හරි උබට නෑනෙක් ගෙනාවත් , මස්සිනෙක් නං නැ මගෙන්.. අනික මේ පිස්සාටත් ගැනු ළමයි ඇලජික් යූ නො ?  '' ක්‍රිෂ් කිව්වේ මියුන් එක පාරක් ඔළුව වනද්දි...  කොහොමත් අදාළ නැති ප්‍රශ්නයක් ඇහුවටත් මිනිහාටත් ලැජ්ජයි දැන්... ඒ වුනාට ක්‍රිෂ් එක්ක ඉන්න එකින් එයාට දැනෙන්නේ සැනසීමක්...
ක්‍රිෂ් වගේම මියුන් පාරේ යද්දි විලේජ් එකේ ගස්වල මල් වැටෙන එක හරිම සාමාන්‍යයි.. ඒක ඕනම ආශක්‍යසිංහ කෙනෙක්ට සාමාන්‍යයි... වෙන විදියකින් කියනවා නං එයාලාගේ ඩ්‍රොමිඩියන් ඉන්ට්‍රෝනවලට හැකියා ගොඩක් පිහිටලා තිබ්බා...  ක්‍රිෂ් යන ගමනුත් මල් පොහොට්ටු ඇහැරවනවා මියුන් බලාගෙන ඉදියා.. 

'' මේක තමයි තැන.. '' ක්‍රිෂ් නතර වුනේ පරණ තාලේට හදපු ඒත් අමුතුම විදියට කහ පාට ලයිට් දාපු ඇන්ටික් තානායමක... '' ටයිඩ්‍රැක්ස් '' .. ලොකුවට නම ගහලා තිබ්බේ කහ පාට ලොකු බල්බ් වටේ ගහලා...  ආසම විදියට හදලා තිබ්බ , ගගටත් ගොඩක් ළගින් තිබ්බ තැනට මේ වෙනකොටත් මියුන්ගේ හිත ගිහින් ඉවරයි..

'' අවිනාශ්!!!! .... ක්‍රිෂ් පැන්නේ ටැටූ ගොඩක් ගහලා තිබ්බ තිස් පහක විතර පෙනුමක් තිබ්බ ටිකක් උස පිරිමි කෙනෙක්ගේ ඇගට... කැරලි කොන්ඩේ ටිකක් වවලා උඩට කරලා ගැට ගහලා තිබ්බ එයාගේ තිබ්බේ පොඩි කාලේ බලපු ෆිල්ම්වල කව්බෝයිගේ පෙනුමක් කියලා මියුන්ට හිතුනේ.... මොනා උනත් ක්‍රිෂ්ගේ යාලුවෙක් කියලා නං කියන්න පුලුවන්... ''

'' උඩම තට්ටුවේ දෙවෙනි කාමරේ .. ගග පැත්තට '' අවිනාශ් කිව්වේ මියුන්ට සැලියුට් එකක් ගහලා ග්‍රීට් කරන ගමන්..

'' බියර්ද ? සොෆ්ට් මොනාහරිද ? ''

'' කොක්ටේල් එකක්.. '' ක්‍රිෂ් කිව්වේ කවුන්ටරේ උඩට පැනලා... මියුන් සද්ද නැතුව ලී පඩිපෙළ දිගේ උඩට ගියේ කාමරේට ගිහින් ඉක්මනට ඇදට වැටෙන්න ඕන නිසා..

'' කොමද ඉතින් බෝයිෆිට ආහ්.. කවුද කියලාවත් කිව්වේ නැ තාම.. '' ක්‍රිෂ් අහනවා ඇහුනත් මියුන් සද්ද නැතුව උඩටම නැග්ගේ ටයිඩ්‍රැක්ස් එකේ වටේ බල බල...

කාමරේට ඇවිත් ලී ජනෙල් ජනෙල් ඇරිය ගමන් පෙනුන ගග මියුන්ව සන්සුන් කළා... රෑ වෙලා විලේජ් එකේම ලයිට් දාලා කහ පාටින් තැන තැන....ඇද ගාවම තිබ්බේ පරණ තාලේ කුරුළු කූඩුවක්.. කුරුල්ලො නම් නෑ... එතනම එහා පැත්තේ තඩිම තඩි සියඹලා ගහක්... ඕන නං එතනට නගින්නත් පුලුවන් වගේ... නැවක ස්ටොරූම් එකක් තාලේට හදලා තිබ්බ කාමරේ හරියට පරණ ෆිල්ම් එකක කාමරයක් වගේ... තනිකරම ලීවලින් හදලා , උඩ විදුරු ලී කවුළු තියලා තිබ්බා.... හරිම නිදහස්.. මෙතන හැමදාම නවතින්න තියේ නං මරු.... ක්ලාස් බැග් එක එහෙමම අත ඇරපු මියුන් අැද උඩින් පරිස්සමින් දිගා වුනේ අත පය රිදෙන ඒවාල කෙදිරිය හිමින් පිට කරලා... හතර වටෙන් නින්ද එයාට ලං වෙද්දි මියුන් ඇස් පියාගත්තේ නිවි සැනසිල්ලේ හොද නින්දක් දාන්න.... 

.
.
.
.
.
.

~ මතු සම්බන්ධයි ~

Continue Reading

You'll Also Like

172K 34.6K 83
STORY ] - COMPLETED ✅ ❌ All Rights Reserved ❌ Start Date - 2020 . 06 .05 Completed - 2020 .09 -03 _ සියලු දෙනා සර්ව සාධාරණ ද ? _ ''මෙතැනට අන් කිසි...
13.5K 1.8K 21
❝ අපේ ආත්ම මාරු වෙලා හත්තිලව්වේ..❞ දෙන්නම එකම වෙලාවේ ඔලුව බදාගෙන කෑගැහුවේ වෙලා තියෙන විකාරරූපි දේ හරියටම ඔලුවට දාගන්න බැරි වුණු නිසා.. ඒ අතරේ මෝක්ශ...
817 151 15
ග්‍රැමෆෝනයක්!? 🎶 පුදුමකාර ලෙස හිටිහැටියේ මායා ලොවට ඇතුල්වෙන ළමයෙක්...🔮✨💫 උරුමය නිසා වික්‍රමයක යෙදෙන්න අවස්ථාවක්...⚔️🛡️ ඔහු තම මිතුරන් දෙදෙනා සමග...