- Plot 23 -

By Bulbz_D

861K 114K 39.4K

ගවීෂ් තිමෞර්ය වේඝර්ණාරච්චි , ලෝකයෙන් සැගව ගිය ධනවත් බල පරම්පරාවක මීළග තරුණ උරුමයයි .. සරල වදනින් , අමු කාළකණ... More

- 1 -
- 3 -
- 4 -
- 5 -
- 6 -
- 7 -
- 8 -
- 9 -
- 10 -
- 11 -
- 12 -
- 13 -
- 14 -
- 15 -
-16 -
- 17 -
- 18 -
- 19 -
- 20 -
- 21 -
- 22 -
- 23-
-24-
- 25 -
- 26 -
- 27 -
- 28 -
- 29 -
- 30 -
- 31 -
- 32 -
- 33 -
- 34 -
-35-
-36 -
-37-
- 38 -
-39-
- 40 -
- 41-
- 42-
- 43 -
- 44 -
-45-
- 46 -
- 47 -
- 48 -
- 49 -
- 50 -
- 51 -
- 52 -
- 53 -
- 54 -
- 55 -
- 56 -
- 57 -
- 58 -
- 59 -
- 60 -
- 61-
-62-
- 63 -
- 64 -
- 65 -
- 66 -
- 67 -
- 68 -
- 69 -
-70-
- 71 -
-72 -
- 73 -
- 74 -
-75-
- 76 -
- 77 -
-78-
- 79 -
- 80 -
- 81-
- 82 -
- 83 -
- 84 -
-85-
- 86 -
- 87 -
- 88 -
- 89-
- 90 -
- 91-
- 92 -
- 93 -
- 94 -
- 95 -
- 96 -
- 97 -
- 98 -
- 99 -
- 100 -
- 101 -
- 102 -
- 103 -
- 104 -
- 105 -
- 106 -
- 107 -
- 108 -
- 109 -
-110 -
- 111 -
- 112 -
- 113 -
- 114 -
- 115 -
- 116 -
- 117 -
- 118 -
- 119 -
- 120 -
-121 -
- 122 -
-123-
- 124-
- 125 -
A/N -

- 2 -

12.7K 1.3K 118
By Bulbz_D

'' ඔය ඇති බං.. ''  එයාගේ චූටි මාමා අතේ තිබ්බ ග්ලාස් එක උදුරලා ගනිද්දි ගවීෂ් බලන් ඉදියේ පොඩි එකෙක් වගේ...

'' අය්යො ඉදලා ඉදලා...උබටත් ඒ කෙල්ලටම හිත ගියානේ..'' ඩියෝන් කිව්වේ අද දවාලේ වෙච්ච සිද්ධිය මතක් කරලා...

'' උබට මට කියන්න තිබ්බනේ ඩියොන්.. ඇහ්.. නැත්තන් මං අර ආශක්‍යසිංහලා ඉස්සරහ අච්චර චාටර් වෙනවද ආ්හ්... '' ගවීෂ් කිව්වේ තඩිම තඩි ඉක්කාවක් ඇරලා...

'' දැන් මේක සියා දැනගත්තොත්... '' ඩියෝන් කිව්වේ ගවීෂ්ට ඊළග ග්ලාස් එකත් හිර වෙද්දි...

'' තව ටිකකින් සීය මෙහේ ආවොත් කොහොමත් අපි සේරමලා එළියට දානවා ගෙදරින්.. '' ගවීෂ්ගේ තව කසින් කෙනෙක් උන ආශදී කිව්වේ බාබිකියු දාපු චිකන් ටික ටේබල් එක උඩින් තියන ගමන්...

ගවීෂ්ගේ ෆැමිලි එකේ දැන් තුන්වෙනි පරම්පරාව ඒ කියන්නේ ගවිෂ්ලා, ඒ පරම්පරාවේ ළමයි හයක් ඉදියා... මේක ඉතින් ඇවිත් එසේ මෙසේ පවුල් ගහකුත් නෙවේ... ගවීෂ්ගේ සියාට ළමයි හයක් ඉදියා... හය දෙනාගෙන් ගවීෂ්ගේ අම්මා තමයි දෙවෙනියා..ගවීෂ්ගේ ලොකු අම්මා නැති වෙලා...  ගවීෂ්ට ඉතින් එයාගේම කියලා කවුරුත් නැ.. එකා යකා කියලා කියනවනේ.... ගවීෂ්ගේ ලොකු මාමාගේ පුතා  ගවීෂ්ට වඩා දෙකක් වැඩිමල් ලොකු අය්යා දැන් ඉන්නේ කැනඩාවල..  එයාගේ නංගි තමයි දැන් කිව්ව ආශදී,.. ආශදීට තව අවුරුදු දොළහක මල්ලියෙක් ඉදියා.. එයා තමයි පවුලේ පොඩ්ඩා.....

ගවීෂ්ගේම වයසේ ගවීෂ්ට වඩා වැඩිමල් යොවන්දි , දැන් නම් බරටම ඒලෙවල්වලට වැඩ කියලා ගවීෂ් දන්නවා... යොවන්දිගේ මල්ලි වුන ඩියෝන් තමයි ගවීෂ් එක්ක ඕන එකටට වල බැස්සේ... ඒ අැවිත් ගවීෂ්ගේ පුංචි අම්මගේ ළමයි...  තව ගවීෂ්ගේ සුදු මාමයි චූටි මාමයි තාම ඉතින් තනිකඩයි.. තනිකඩයි කියලා කිව්වට සුදු මාමාට නං සම්තින් සම්තින් තිබ්බා කියන්න සේරමලා වගේ දන්නවා.. ඉතින් ඒ තමයි වේඝර්ණාරච්චි ෆැමිලි එක... තාම ඉතින් උඩින්ම ඉන්නේ ගවීෂ්ගේ සීයා... අපරාදේ කියන්න බැ වේඝර්ණාඅච්චි තුන්වෙනි පරම්පරාවේ එක පරාණයක් නෑරම සියාට පණ බයයි...

'' ආශදී තමයි වගකියන්න ඕන... උබව ඩ්‍රොප් කරන්න ක්ලාස් එක ගාවට ගියාමයි ඒකිව මං මුලින්ම දැක්කේ.... කවුද බං දුරට දැක්කම ආශක්‍යසිංහ කෙනෙක් කියලා දන්නේ... ආහ්.. ඒකි ලස්සනට ඉදියා පීච් පාට ටීෂර්ට් එකටයි , බ්ලැක් කාගෝ එකටයි... තනි කොන්ඩේ ගොතලා.. ඉහීක්.... ජිවීතේ දුකක් බං... '' ගවීෂ් කිව්වේ ග්ලාස් එකේ අඩිය කටට හලාගන්න ගමන්....

'' සේරමත් හරි අර මියුන් කියන එකා මට දාපු ලුක් එක.. අඩො ඩියෝන් හැබැයි ඒකාගේ ඇස්වල වෙනසක් දැක්කද උබවත් ? '' ගවීෂ් එක පාර ඇහුවේ කෙලින් වෙන ගමන්...

'' මාත් අහන්න ඉදියේ.. කොහොමද ඒම උනේ කියලා... '' ඩියෝන් කිව්වේ අනිත් අයගෙත් අවධානය එයාලාට හම්බුවෙද්දි.. කොහොමත් ඩියෝන්ටයි ගවීෂ්ටයි අද දවාලේ ඉදන් තිබ්බ දැවෙන ප්‍රශ්නේ තමයි අර කොල්ලාගේ කළු ඇස්...

'' චූටි මාමේ මේහ්.. ගවීෂ් අය්යගේ ගාඩ් එක බිදුනා එතනදි.. ඒත් ඒ කොල්ලාගේ ඇස් දෙක කළු පාටටමයි  තිබ්බේ.. කොමද ඒම වෙන්නේ ? '' ඩියෝන් මෙතන වැඩිමල්ම කෙනා වුන චූටි මාමාගෙන්...

'' අපේ ගවීෂ්ගේ ගාඩ් එක බින්දා ? කවුද ඔය කොල්ලා ? ''  චූටි මාමා ඒක අහපු විදියට ගවීෂ්ට පොළොව පලාගෙන යන්නත් නොහිතුනාම නෙවේ.. මීට කලින් බිදිලම නැති එයාගේ ගාඩ් එකට කොහේවත් යන ආශක්‍යසිංහ කොල්ලෙක් කෙලියා කිව්වම ඉතින්... ලැජ්ජාව බාල්දියෙන් එකයිනේ...

'' මියුන් ආඝර්ව ආශක්‍යසිංහ.. අද තමයි හරියට දැක්කේත් ඌව... ''ගවීෂ් කිව්වේ දත් මිටි කන ගමන්.. කේන්තියට උගේ නහරත් ඉලිප්පිලා... එහෙන් ලැජ්ජාවට කන් දෙකත් ගිනි ගන්නවාද මන්දා...

'' මියුන්ව නං මං දැකලා තියෙනවා හැබැයි..  '' ආශදී කිව්වේ මූණ අකුලන ගමන්.... කොහොමත් ඒ තමයි වේඝර්ණාරච්චිලාගේ හැටි.. ආශක්‍යසිංහ නමක් ගැවුනොත් ඇත්තන් භූමිතෙල් වැදුන ගැරඩියො වගේ...

'' පොර මහ බයගුල්ලෙක්.. '' ගවීෂ් නෝන්ඩියට කිව්වේ තාම කල්පනාවක ඉන්න චූටි මාමා දිහා බලන ගමන්...

'' එහ් සුදූ,.. මියුන් කියලා කොල්ලෙක් ඉදියා ද ආශක්‍යසිංහලාගේ ? '' චූටි මාමා ඇහුවේ සුදු මාමා ග්ලාස් එක පැත්තකින් තියලා කතාවට එකතු වෙද්දි..

'' මං හිතන්නේ ඔය ආශක්‍යසිංහ සබ් ෆැමිලි වන්වල ලොකු කොල්ලා...මං දෙතුන් පාරක් දැකලා තියෙනවා විලේජ් එකේදි... එයා ගග ගාවට යනවා එනවා... ඇස් දෙකේ කතාව නං මටත් හිතාගන්න බැ.. දන්නවනේ අපේ කෙනෙක් අදුරගන්න තියන එකම විදිය ඒකනේ...  '' සුදු මාමා කියනවා සේරමලා අහන් ඉදියා...

'' මට හරියටම කියන්න මොකක්ද උනේ කියලා.. ''චූටි මාමා ඒ පාර ඇහුවේ ගවීෂ්ගෙන්....

'' වෙන මොකක්ද මං උට නෙලුවා.. හහ්.. '' ගවීෂ් නැගිට්ටේ දඩාං ගාලා ග්ලාස් එක තියන ගමන්...

'' ඌත් මුට නෙලුවා හැබැයි.. '' ඩියෝන් කිව්වේ ලොකු බාබිකියු කැල්ලක් කටේ ඔබාගෙන ගවීෂ්ට නෝන්ඩිය දාන ගමන්....

'' අනේ මගුල... මෙවීනා ආශක්‍යසිංහ කෙනෙක් නං මට එ්කිව දැහට නොපෙනුනට කමක් නැ.. මට තියන ප්‍රශ්නේ අර මියුන්ද මොකාද එකා මාත් එක්ක පැටලෙන්න ආපු එක.. '' ගවීෂ් කිව්වේ ටිපෝ එකටත් පයින් පාරක් අනින ගමන්...

'' කෝමට තියෙය්ද සියා දැනගත්තම එයාගේ ආදරණීය උරුමක්කාරයා ආශක්‍යසිංහ කෙල්ලෙක්ගේ පස්සෙන් ගිහින් ආශක්‍යසිංහ කොල්ලෙක්ගෙන් ගුටි කාලා ආවා කියලා ? '' ආශදි තාලේට කිව්වේ හිතුව විදියටම ගවීෂ්ව අවුස්සන ගමන්... මිනිහාට දැන් පොළව පලාගෙන යටටම ගිහින් ආයේ තව යටට සවලෙන් හාරන්න පුලුවන් මානසිකත්වයක් තියෙන්නේ...

'' හරි කට්ටිය කන්ටිනියු කරන්නකො.. මං විලේජ් එක පැත්තට යනවා... '' සුදු මාමා ෂේප් එකේ නැගිටින්නේ වෙන මොකටවත් නෙවේ එයාගේ හොර රහසේ කෙරීගෙන යන පවුලට අනුව නිතීවිරෝධී ප්‍රේමය හම්බුවෙන්න කියලා එතන ඉදපු සේරමලා වගේ දන්නවා.. හැබැයි ඉතින් නොදන්නවා වගේ ඉන්නවා..

'' සුදු මාමේ මාත් එනවා. .. '' ජීවිතේට විලේජ් එකේ පස් පාගලා නැති ගවීෂ් කිව්වේ එයාගේ ෆෝන් එක සාක්කුවේ දාගෙන නැගිටින ගමන්... තව මෙතන ඉදියොත් ආශදීයි , ඩියෝනුයි එයාව නැති වෙන්නම නෝන්ඩි කරනවා....

.
.
.
.
.
.
.
.
.
.
.

'' ගවීෂ් වේඝර්ණාරච්චි.. '' එක පාරට එයාගේ ඉස්සරහ මේසේ උඩින් බැග් එක තියපු එකාව අදුරගන්න ගවීෂ්ට අමුතුවෙන් ඔළුව උස්සන්න ඕන උනේ නැ.. ගවීෂ් කෙලින්ම ෆෝන් එක පැත්තකින් තියලා කෙලින් උනේ උට නෝන්ඩි හිනාවක් දාන ගමන්.... උගේ ඇස් දෙකේ මතු වෙලා අතුරුදහන් උන නිල් පාට දිහා බලන් ඉදපු ගවීෂ් අත් දෙක බැදගත්තේ කට කොනෙන් හිනා වෙන ගමන්...

'' අරවින්ද් ආශක්‍යසිංහ... '' ගවීෂ් කිව්වේ ඒකාගේ වම් අතේ අල්ලේ තියන ගවීෂ්ම නිම කරපු ලස්සන ආට්වර්ක් එක දිහා බලලා....  තාම අගල් ගානක කැපුමක කැළැලක් අරවින්ද්ගේ අතේ තිබ්බා... ආශක්‍යසිංහලාගේ මොකාව දන්නැති උනත් අරවින්ද්ව නං ගවීෂ් හොදටම හොද-----ටම දන්නවා.. අරවින්ද් කියන්නේ ආශක්‍යසිංහලාගේ උරුමක්කාරයා.. ගවීෂ්ට අනුව කැරලි කොන්ඩේයි ටෑන් ස්කින් එකකුයි තිබ්බ මෙලෝ රහක් නැති අරවින්ද්ව පොඩ්ඩක් හරි ලස්සන කලේ එයා ගිෆ්ට් කරපු කැළැල... හැබැයි ඒකට හරියන්න අරවින්ද් දීපු කැළැලකුත් ගවීෂ්ගේ බෙල්ල පිටිපස්සට වෙන්න තිබ්බා.... ඒවා ඇවිත් අතීත කතා ගොඩක්..

'' උබටත් ඉතින් කොච්චර උනත් ආශක්‍යසිංහ කෙල්ලෙක්ටම හිත ගියා නේ ? '' අරවින්ද් නෝන්ඩියටම ඇහුවේ ගවීෂ්ගේ නහර ඉලිප්පිලා හිරිගඩු පිපෙද්දි.. තාම මේ මගුල ඉවර නැනේ...

'' හිත ගිහින් ඉදියා.. පාස්ට් ටෙන්ස් බං... කොහෙද පස්සෙනේ දන්නේ ඒකිත් වැදි පරම්පරාවක කියලා.. '' ඒ පාර ගවීෂ් ගානක් නැතුව කිව්වේ අරවින්ද්ව අවුස්සන ගමන්...

'' කට පරිස්සම් කරගන්නවා.... ''

'' ඇයි මොනා කරන්නද තමුසේ.. '' ගවීෂ් ඇහුවේ ඩෙස්ක් එකට පයින් ගහලා අරවින්ද් දිහාවට තල්ලු කරන ගමන්...

'' ඇතුළෙදි බලාගමු ... ''

'' තැනයි වෙලාවයි මං කියන්නද උබම කියනවද ?  '' ගවීෂ් ඇහුවේ අතේ ඇට කඩන ගමන්... කාලෙකින් කොහොමත් අතේ පයේ හිරි යවාගන්න බැරි උනා.. 

''  තමුසේ වගේ හාල් කැලිවලට නෙලනවට වඩා වැඩ තියෙනවා සොරි.. '' අරවින්ද් නැගිට්ටේ බැග් එක කරේ දාගන්න ගමන්..

'' උබ බය නං කෙලින් කියපන් ඉතින්.. '' ගවීෂ්නුත් නැගිට්ටේ වටේ ඉන්න ළමයින්ගේ සම්පූර්ණ අවධානේ එයාලා දිහාවට හැරෙද්දි...

'' ලබන සතියේ සෙනසුරාදා හවස හයට.. ඩ්‍රොප් සොන් එකේදි....ගට් එකක් තියේ නං තනියම වරෙන්.''

'' සතියක්ම බයට උබට නින්ද යයිද දන්නෙත් නැ.. සියු  සූන් ගස් ගදයා....  '' ගවීෂ් ආයේම ඩෙස්ක් එක අරවින්ද්ගේ ඇගට තල්ලු කරන ගමන් නැගිට්ටේ ඩියෝන්ටයි ආශදීටයි ක්ලාස් ඉවර වෙන්න වෙලාව ළග නිසා..

'' කලිසම තෙමාගන්නවා ඒම නෙවේ බෙළල් බට්ටා.. ''  අරවින්ද් කෑගැහුවේ ගවීෂ් හැරෙන්නේවත් නැතුව වම් අතේ මැද අගිල්ල උස්සලා පෙන්නද්දි...

අද සේරමලා ක්ලාස් යන දවස... කොටින්ම කියනවා නං මුළු ෆැමිලි එකම වගේ සෙට් වෙන දවස... ක්ලාස් එකේ මිස්ගෙන් ප්‍රශ්න අහ අහ ඉදපු යොවන්දිව බොහොම අමාරුවෙන් ඇදන් ආපු ගවීෂ් වාහනේට නැග්ගේ ඩියෝන්වයි ආශදීවයි පරක්කු වෙන්න කලින් ක්ලාස් එකෙන් ගන්න ඕන නිසා.. නැත්තන් මේ වෙද්දි මොනා කරගෙනද කියලා ෂුවර් නැති ඩබලක් තමයි ඒ... දැන් දොළහා වසරේ ක්ලාස් පැත්තට යනවා කියන්නේම කෙලින්ම මෙවීනාවයි මියුන්වයි හම්බුවෙන්න තියන ඉඩකඩ 100%යි... දැන් ඉතින් කෝමද රෙද්දක් ඇදගෙන මෙවීනා දිහා බලන්නේ ගවීෂ් ? ලෝකේ මෙච්චර කෙල්ලො ඉන්නවා.. ඒම එකේ හිත ගිය එකීම ආශක්‍යසිංහ කෙනෙක් උනානේ....

'' ඒක තමයි කියන්නේ කෙල්ලෙක්ගෙන් ආස්ක් අවුට් කරන්න කලින් කාගේ කවුද කියලා හොයලා ඉන්න කියලා... '' යොවන්දි කිව්වේ ගවීෂ්ගේ හිත කියෙව්වා වගේ.. ඒකි කියයි.. ඒකිට නං පොත් තමයි ලව් එක... පේනවනේ තාම ක්ලාස් පොත් ටික අතේ...

'' ඒයි මේ.. ඔයා ගිහින් අර දෙන්නව අරන් එනවකො.. '' ගවීෂ් යොවන්දිට කිව්වේ ඇත තියාම මෙවීනාව ක්ලාස් එක ගාව දැක්ක නිසා...

'' අනේ මේ එයාලා පොඩි ළමයිද ? වාහනේ දැක්කම ඒවිනේ.. නේද චූටි මාමේ ? ''

'' ඩියෝන්ට කෝල් එකක් දාන්න '' චූටි මාමා කිව්ව විදියට ගවීෂ් ඩියෝන්ට කෝල් එකක් දැම්මේ ඩාක් කරපු විදුරුවලින් ඇත පේන මෙවීනා දිහා බලාගෙන.. ඒකි තාම ලස්සනයිනේ... නැ නැ ඒකි ආශක්‍යසිංහ කෙනෙක් යකොව්.. උන් සේරම එකයි.. කො ඒකිගේ මහ ලොකු ගාඩ් කාරයා එතකොට... ?? ගවීෂ්ට දැවෙන ප්‍රශ්න....

කෝල් එක ගන්න පරක්කුවට ආශදීවත් වාහනේට තල්ලු කරපු ඩියෝන් වාහනේට නැග්ගේ ගවීෂ්වත් බය කරන ගමන්.. පොඩ්ඩක් කියලා නගින්න බැරිය එක පාර කඩා පාත් වෙන්නේ මෙතන... දෙන්නත් එක්කම හති දදා වාහනේට නැගපු විදියට ඩ්‍රයිවින් සීට් එකේ ඉදපු චූටි මාමාත් හැරෙනවා ගවීෂ් දැක්කා....

'' මේකි අර මියුන් එක්ක කතා කලා.. '' ඩියෝන් කේන්තියෙන් කිව්වේ හැමෝම ආශදී දිහා බලද්දි...

'' මං නෙවේ චුටි මාමේ.. මියුන් තමයි ඇවිත් මගෙන් ඇහුවේ මෙවීනාව දැක්කද කියලා.. එයා කලින් ගැනු ළමයි දෙතුන් දෙනෙක්ගෙන්ම ඇහුවා ඒක... ඌ දන්නැ මං කවුද කියලවත්...  '' ආශදී ඩියෝන්ට රැව්වේ එයාගේ අතත් ගසලා දාලා...

'' මගුල.. ඌ මේකි එක්ක කතා කරලා හැරෙද්දිම අරවින්ද් අය්යා කඩන් පාත් උනා.. අරවින්ද් අය්යා දන්නවනේ ආශදිව...

'' නැහ් ? '' ගවීෂ්නුත් කතාවට එන්ටර් උනේ දැන්.... අරවින්ද් ගැවුනේ කොතනින්ද එතැන් සිට කතාව මේ ගවීෂ්ටයි අදාළයි....

'' අරවින්ද් අය්යා මියුන්ගේ බෙල්ලෙන් ඇල්ලුවේ සතෙක් වගේ... ඌ අරවින්ද් අය්යව තල්ලු කලා... අරවින්ද් අය්යා ආයේ කේන්තියෙන් පැන්නට මියුන් බලපු විදියට ඌ මෙල්ල උනා...  මෙවීනා දුවන් ආවේ එතකොට ... ඌ ඇවිත් අරවින්ද් අය්යව පස්සට ඇද්දා.. ඌ අපි දෙන්නා දිහාවට හෙන ලුක් එකක් දාලා ගියේ පස්සේ බලාගමු වගේ... '' ඩියෝන් හති දාගෙන කියාගෙන ගියේ ගවීෂ් දිහා බල බල.... ඒ කියන්නේ උගේ අර කළු ඇස්වලට අරවින්ද්නුත් මෙල්ල කරන්න පුලුවන් වගේ..

'' ඇතුළේදි විසදගමු මේක... ආශක්‍යසිංහලා ගැන තව හොයන්න වෙනවා වගේ..... '' 

.
.
.
.
.
.

~ මතු සම්බන්ධයි ~

Continue Reading

You'll Also Like

689K 39.9K 100
ပေါ့ပေါ့ပါးပါးနဲ့ အချစ်ပုံစံလေးပါ။ ဓားပြဗိုလ်ဖြစ်တဲ့ မိုးညိုထင်နဲ့ သူကြီးသား သာလွန်ချမ်းတို့ရဲ့ ချစ်စရာပုံစံလေးပါ။ Start date.6.3.2022 End date.4.9.2...
2.1K 514 20
jikook ff Gift story 😚 මේක වෙනස් විදියේ කතාවක් , මේකේ ඉදිරිය තීරණය කරන්නේ මම නෙමේ. එහෙනම් ?? කියවලා බලන්නකෝ...... එනම් Let's go.....
176K 3.9K 33
"..ဒီမှာ ကိုလူချော..." "..ဗျာ..." "..ကျွတ်...အဲ့ဒီလိုခေါ်ပြန်ရင်လည်း ဦးလေးကြီးနာမည်က တင်စီးလိုက်တာ..စံမကြိုက်ပါဘူး..." "ကို.ဖြုတ်ပြီးခေါ်.." "ဟင်.. အ...
237K 25.9K 87
ဒီနေ့ ငါအချစ်တွေကိုလျစ်လျူရှုတယ်ပေါ့ နောက်နေ့ကျ ငါသူ့ကိုကန်ထုတ်ပစ်ဦးမယ် ဒီေန႔ ငါအခ်စ္ေတြကိုလ်စ္လ်ဴရႈတယ္ေပါ့ ေနာက္ေန႔က် ငါသူ႔ကိုကန္ထုတ္ပစ္ဦးမယ္... #...