SOULMATE(Completed)

By avivit-xia

70.1K 14.9K 4.9K

අයිතියක් තියෙනවනම් ලැබෙනවමයි.. හරිම තැනදී හොඳම වෙලාවෙදී ගැළපෙනම කෙනාට (උපුටා ගැනීම තහනම්.) More

°°••°°••°°
01
02
03
04
05
06
07
08
09
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
60
61
62
63
64
65
66(end)
••°°••°°••
ස්තූතියි.

59

701 187 40
By avivit-xia

"මෙතීශ අද හවස ඕෆ් වෙලා මගෙත් එක්ක පොඩි වැඩකට යමන්ද?"

උදේ එකොළහට විතර අචින්ත එහෙම අහද්දී මන් කර කර හිටිය වැඩෙන් ඇස් දෙක ගන්නෙ නැතුවම කරගෙන ගියේ ඌ ඉතිරි ටිකත් කියලා දානකන්.

"කෙල්ලගෙ බර්ත්ඩේ එක බන් මොනාහරි ගන්න.උබ ඕෆ් වුන ගමන් මොකාද එකා වගේ දුවන්නෙ නැතුව මන් එනකන් හිටපන්."

"හා හා."

අචින්ත ගියත් එක්කම මන් ආයෙත් තියෙන වැඩ ඔක්කොම පුලුවන් තරමින් ඉවර කර ගන්නේ නිදහසේ ගෙදර ගිහින් එන්න ඕනි නිසා.නැත්නම් ගොඩ ගහගත්තම අනිත් එකාට මන් නැතුව මොකවත් කරගන්න බෑ.

හවස් වෙලා ටවුන් එකේ  ශොපින් සෙන්ටර් එකකට ගිහින් අචින්ත මොනාද මන්දා හොයද්දී මන් පැත්තකින් වාඩිවුනේ ෆෝන් එකත් අතට ඇරගෙන.

"මේක හොඳයිද මෙතීශයා."

අචින්ත ගවුමක් ඇරගෙන ඇවිත් අත් දෙකෙන්ම අල්ලගෙන මට පෙන්නුවාම මම ඔහේ බලන් හිටියේ කියන්න තරම් අවුලක් වත් හොඳක් වත් පෙනුනෙ නැති නිසා.

"අවුලක් නෑ මචන්."

"මේක?"

"ඒකත් හොඳයි වගේ නේ."

"මන් තව එකක් ගෙනාවා බන්.මේක කොහොමද ?"

"ඒකත් හොඳයි බන්.

"මේ තුනෙන්ම හොඳ මොකක්ද මෙතීශයා?"

"ම්ම්..තුනම හොඳයිනෙ බන් වරදක් කියන්න නෑ."

"තුනම ගන්න බෑ බන්.මන් එකයි දෙන්නෙ.එකක් කියපන්කො උබ මාවත් අමාරුවේ දාන්නෙ නැතුව."

"මන් නිල් පාටට කැමති නෑ,රෝස පාටත් වැඩිය සෙට් නෑ මට.කොළ පාට එක ගනින්."

"කෙල්ල කොළ පාටට කැමති නෑ මෙතීශයා."

"එහෙනම් ඉතින් උබ මගෙන් අහන්නෙ..කෙල්ලගෙන් අහපන්කො."

"හරි හරි පාට ගැන හිතන්නෙ නැතුව කියපන් මොකක්ද හොඳ?"

"අර නිල් පාට එක හො‍ඳයි."

අන්තිමට මගෙ කැමැත්තට ගවුමකුත් ඇරගෙන අචින්ත කැශියර් එක ළඟට යද්දී මන් පැත්තකින් හිටගෙන හිටියා.

කාලෙකට පස්සෙ මගෙ මූනට එක පාරටම හිනාවක් ආවේ මගෙ දිහා බලාගෙන ටිපි ටිප් පැකට් එකක් කඩාගන්න බැරුව දඟලන පොඩි කොල්ලෙක් දැකලා.

ආ හරිනේ හරිනේ..

මන් නැගිටලා ගිහින් ඒක කඩලා දෙන්න යනවත් එක්කම මගෙ මූණ දිහා බලාගෙන කොල්ලා ටිපි ටිප් පැකට් එක දෙපැත්තට ඇඳපු පාර බිම පුරාවටම ටිපි ටිප් ඉහිරිලා ගියා.

"ඇයි ආය අහුලන්නෙ, වැටුන ඒවා කන්න හොඳ නෑනෙ ළමයෝ."

මන් පොඩි කොල්ලා ගාවට ළං වෙලා එහෙම කිව්වම මගෙ  බිම බලාගෙන හිටිය කොල්ලා මගෙ මූන දිහා බලලා නැගිටලා කොහෙටදෝ දිව්වේ අන්තිමට මන් ම ඒ ඔක්කොම ටික අහුලලා පැත්තකින් තිබ්බ ඩස්ට් බින් එකට දද්දී.

"බබා තනියමද ආවේ..කෝ අම්මි හරි තාත්ති හරි නැද්ද?"

ගිෆ්ට් අයිටම්ස් වගයක් තිබ්බ රැක් එකකට මුවා වෙලා තවමත් මගෙ දිහා බලන් ඉන්න පොඩි එකා ළඟට ගිහින් මන් එහෙම ඇහුවම කොල්ලා ඔලුව දෙපැත්තට වනන්න පටන් ගත්තා.

"තනියමද ආවේ?"

"නෑ."

"කෝ ඉතින් ආපු අනිත් අය?"

"උඩ."

"මොකක්ද බබාගෙ නම?"

"......"

"නමක් නැද්ද?"

"......"

"මෙතීශ හරි බන්.යමන්."

පොඩි කොල්ලත් එක්ක කතා කර කර ඉද්දී අචින්ත ඇවිත් යමුයි කිව්වම මන් පොඩි එකාගෙ ඔලුවත් අතගාල බායි කිවේ කොල්ලා තාමත් මන් දිහා බලාගෙන කටේ ඇඟිල්ලක් ගහගෙන උරුවද්දී.

අචින්තගෙ බයික් එකේම ගෙදරට ඇවිත් ඌ ආය හරවන් යන්න ගියාම මන් ගේ ඇතුළට ආවා.

නිදාගන්න කලින් ගෙදර යන්න ඕනි නිසා දවස් දෙක තුනකට හරියන්න රෙදි ලෑස්ති කරගෙන ඇඳට පැන්නේ හැමදාම වගේ එයාගෙ ටීශර්ට් එකත් ගුලි කරගෙන.





















"මිතුනා මන් මේ බස් එකේ ඉන්නෙ බන්.උබ එක්කො මෙහෙට වරෙන් නැත්නම් උබ ඔහෙන් කෙල්ලෙක් හොයාගනින්.මන් ඒකි ගෙ මිනිහා වගෙනෙ හරියට."

"ඒකි ඒකි කියන්න එපා බන්.අක්කී කියපන්.වයසටවත් ගරු කරපන්."

"මල විකාර."

"ඔව් ඔව් උබට දැන් මල විකාර.ඉස්සර උබලා වද දෙද්දී ඒවා හො‍ඳයි."

"හෙලෝ.."

"හෙලෝ මෙතීශයා."

"හෙලෝ.."

"ඕ මන් තියන්නම් බන්."

"උබ අවුලෙන් ඉන්න එපා.උබලා දෙන්නට ජීවිතයක් තියෙන්න එපැයි බන්.හිත හදාගෙන එන දේකට මුහුණ දියන්."

"උබ දන්නෙ නැද්ද බන් මෝක්ශ ඉන්න තැනක්."

"නෑ.ඒක නෙවෙයි.. මාත් එන්නද ඔහෙට මාරුවක් හදාගෙන.අක්කිත් ඉන්නවනෙ."

"වරෙන් ඉතින්."

"හරි හරි උබ පරිස්සමට වරෙන් එහෙනම්.මන් තියන්නම්."

"බුදු සරණයි."

කෝල් එක කට් කරලා මන් එළිය බලා ගත්තේ ඇඳුම් තුනහතරක් තිබ්බ බෑග් එකත් තුරුල් කරගෙන.

අනේ මට සමාවෙන්න මෝක්ශ. ඔයා සතුටින් ඇති නේද.මට සමාවෙන්න.මට තිබුනා එදා මැඳරූම් එකේදි ඔයාව මට එහාපැත්තෙන් වාඩි කර ගන්නෙ නැතුව ඉන්න..මට තිබුනා මිතුනගෙ මෝඩකම් බලාගෙන ඌව විතරක් යාලුවා කරගෙන ඉන්න..මට තිබුනා හැමදාමත් වගේ ආදරයක් හොයන්නෙ නැතුව ඉන්න. අපිට තිබ්බා හැමදේම මුලක ඉඳලා වෙනස් කර ගන්න..අපිට තිබ්බා යාලුවෝ කියන සීමාවේ විතරක් ඉන්න..

පාඩම් කරන්න ඉඩක් දුන්න මන්ද වැරදී...නපුරෙක් කියලා හිතාගෙන හිටිය වෙලාවක ජෑම් ටික ලෙවකාලා මගෙත් එක්ක හිනාවුන ඔයාද වැරදී..නැත්නම් යාලුවෝ දෙන්නෙක්ගෙන් අමුතු විදිහක ආදරයක් හොයපු අපි දෙන්නමද වැරදී?

අපි දෙන්නා එදා හම්බ නොවී හිටියනම්..සමහරවිට ඔයත් සතුටින් මාත් සතුටින්..

බස් එක වේගෙන් යන්න පටන් ගද්දී මන් ඇස් දෙක පියාගත්තේ සිහියෙන් ඉන්න ලෝකෙ ඇත්තටම මට තිත්ත වෙලා ගිහින් නිසා..මට ඕනි එයා ඉන්න හීන ලෝකෙම විතරයි. මුණ ගැහුන එක ගැන හිතින් දුක් වෙවී මන් කරේම එයත් එක්ක සතුටින් ගෙවන අනාගතයක් ගැන හීන දැක්ක එක්ක.එයාට තුරුල් වෙලා එයාගෙ ආදරේ මවා ගත්ත එක..

අනේ මට ඔයාට තුරුල් වෙන්න තිබ්බනම් මෝක්ශ..

ඔයා අදත් වෙනදා වගේ මගෙ එහාපැත්තෙන් වාඩිවෙලා යනවනම්.

එයත් එක්ක බස් එකේ ගිය පළවෙනි දවසම අමතක නොවෙන මතකයක්.එදා ඒක මට එපාම කරපු දෙයක් වුනත් අද මන් ඒ මතකෙට ඔක්කොටම වඩා ආදරෙයි.

පැය ගානකට පස්සෙ බස් එක අපෙ ස්ටෑන්ඩ් එකින් නැවැත්තුවම මන් බැහැලා ගෙදරට එන පාර දිගේ පයින්ම ඇවිදගෙන ආවා.

"සුන්දර.."

සුන්දරයා කොල්ලො සෙට් එකක් එක්ක මට ඉස්සරහින් පාරෙ ඇවිදගෙන යද්දී මන් කෑ ගැහුවම වටේ හිටපු කොල්ලොන්ටත් මොනාද කියලා මන් ගාවට දුවගෙන ආවා.

"සුන්දර කියන්න එපා හලෝ..මට නිලුපුල් කියනවා.අරුන් ඉස්සරහ ලැජ්ජවේ බෑ."

"උබට දැන් තමයි නම මතක් වෙන්නෙ."

"හරි හරි ඉතින්..කෙල්ලෙක් වත් කැමති  වෙන්නෑ හලෝ ඔය නම ඇහුවම."

"මල විකාර."

"චූටි අයියා තමයි ඕවා බෝ කරේ.දැන් ලොකු වෙලා හරියට චූටි අයියා."

"උබ මටත් වඩා ලොකුයි නෙ."

"එහෙම තමයි බොසා හැමදාම එක ගානට ඉන්න බෑනෙ."

සුන්දරයි මායි කියව කියව අපේ ගෙදර ළඟටම ආවම සුන්දර ආයෙත් අනිත් පැත්තට හැරිලා යාලුවෝ හොයාගෙන යද්දී මන් ගේ ඇතුළට ආවා.

"අම්මේ.."

ඇතුළට යද්දීම මන් කෑ ගහගෙන යද්දී මල්ලි කකුල් දෙකත් උඩින් තියගෙන ටීවි එක ඉස්සරහ් ඉ‍ඳගෙන ඉ‍ඳලා නැගිටලා ඇවිත් මගෙ බෑග් එක ඇදලා ගත්තා.

ලෝකෙ පෙරළුනත් මූ නම් වෙනස් වෙන්නෑ..කොහෙ ගිහින් ආවත් ඔලුව දාන්නෙ මල්ලට.

"කෝ බන් මොකුත් ගෙනාවෙ නැද්ද?"

"මොනා ගේන්නද ? තමුසෙ දැන් පොඩි එකෙක්ද?"

"එහෙනම් තමුසෙ සුන්දරත් එක්ක නැළවි නැළවි ආවේ.ඌ පොඩි එකෙක්ද දැන්.තමුසෙට පිටවුන් තමයි ලොකු."

මල්ලි මටත් ගස්සගෙන් ෆෝන් එක ඔබන්න පටන් ගද්දී මන් කාමරෙට ඇවිත් මගෙ ඇඳට වැටුනා.

මන් ගෙදර ආවා කියන්නේ, ආයෙත් යුද්ධෙ පටන් ගනීද දන්නෑ..

"පුතා දැන් ද ආවේ?"

"ඔව් අම්මා."

"දවස් තුනක් තියෙනවනෙ?"

"ඔව්."

"තාත්තට දෙයක් කතා කරන්නත් ඕනිලු.ආවම ඒවා කතා කරමු.දැන් නාලා එන්නකෝ කෑම කන්න."

අම්මා කාමරෙන් එළියට ගිය ගමන් මන් ආයෙත් ඇස් දෙක පියාගෙන කල්පනා කරේ ඒ පාර නම් වැඩේ හරිම තමයි කියලා.


රෑ වෙලා තාත්තත් ගෙදර ආවම මන් සාලෙට ගියේ අම්මා මට තුන් හතරපාරක්ම කතා කෙරුව නිසා

"පුතා..දැන් ඔහොම හිටියා ඇති නේ.අපිත් වයසට යනවනෙ."

"අපි දැන් කොයි වෙලේද කියන්න බෑ."

"ඉතින් ඒ නිසා අපෙන් වෙන්න ඕන වගකීම් ඉක්මනට කරලා ඉවරයක් කරාම අපිට සැනසීමෙන් ඉන්න පුලුවන්."

තාත්තා කියාගෙන යද්දී මන් ඔහේ අහගෙන හිටියේ මල්ලිත් ෆෝන් එක දිහා බල බල මේ පැත්තටත් ඔලුව දාද්දී.

"හෙට ගෑනු ළමයෙක්ගෙ ගෙදරින් එනවා.මන් බල කරන්නෑ.පුතාට එයා හොඳයි කියලා හිතෙනවනම් කියන්න..නැත්නම් ඒත් කියන්න.වෙන ළමයෙක් හොයා ගන්න පුලුවන්නෙ."

"මට කෝකත් එකයි ඉතින්.ඔයාලගෙ කැමැත්තට බන්දන එකේ මගෙ කැමැත්ත අකැමැත්ත අදාල නෑනෙ."

"ඔයාගෙ හොඳටමයි පුතා මේ කියන්නේ..පරණ රන්ඩු ආය ආය ඇඳගන්න හදන්න එපා.එදා පොරොන්දු වුනානෙ විකාර හිතන්නෙ නැතුව මිනිහෙක් වගේ හැසිරෙනවා කියලා."

"මන් දැන් රන්ඩු වුනේ නෑනෙ තාත්තා.ඔයාලා කරන දෙයක් ඉක්මනට කරන්න.මට මේ මාස ගානටම ආය ගෙදර එන්න බැරි වෙයි."

මන් එහෙම කියාගෙන කාමරේට ඇවිත් හයියෙන් දොරත් වහගෙන ඇඳට වැටුනේ මගෙ ඔලුව පැලෙන්න තරම් රිදෙද්දී.

ශික් මොන කරුමයක්ද මේ..ඇයි මන් කැමති දෙයක් කරන්න මට නිදහසක් නැත්තේ..

ඇයි මාව කාටවත්ම තේරෙන්නෙ නැත්තේ..

"අයියේ..හෙට තමුසෙව බලන්න නරි ලේලියෙක් එනවලු.නරි බෑනයි නරි ලේලියි..ලව් කරන හැටි මැවිලා පේනවා.."

මල්ලි දොරට එහාපැත්තේ ඉඳන් කෑ ගහද්දී මන් කොට්ටෙ දොරේ වැඳෙන්න විසි කරලා මේසේ උඩ තිබ්බ එලාම් එකත් ජනේලෙන් එළියට විසි කරලා දැම්මා.

නරි ලේලී..

නල්ලමලේ නරි ලේලි..

"අයියේ,තමුසෙට මෝක්ශ අයියව එපා නම් මන් තමුසෙ වගේ වෙස් වලාඟෙන ගිහින් මෝක්ශ අයියව කසාඳ බැඳගන්නද?තමුසෙට පේන්න අපි ලල් එකේ ඉන්නවා ඊට පස්සෙ.තමුසෙ අර එනවයි කියන නරි ලේලිත් එක්ක හඳට හූ කිය කිය ඉන්නවා.මායි මෝක්ශ අයියයි ලෝකෙ වටේ රවුම් ගහනවා.සුන්දරයට උබලගෙ අර කණ්නාඩි නාම්බාව සෙට් කරලා දෙනවා.මෑවිලා පේනවා ඕයී.."

"සුදු පුතා..උබත් ඒ පාර කොල්ලො පස්සෙ දුවන්න පටන් ගත්තද? ආහ්?? ආහ්?"

"ආව්හ්හ්...අනේ අම්මා විහිලුවක් වත් කරන්න බැරිඳ මේ ගෙදර..මට ඕනි කොල්ලෙක් නෑ.මන් කොහොමත් කෙල්ලෙක්ව සෙට් කරගන්න ඉන්නෙ.ඒ වැඩෙත් ලාවට ලාවට කෙරීගෙන යන්නෙ."

••••••••••••••••••••••••••••••••••••••••••••••••••

කියවන හැමෝටම ගොඩක් ස්තුතියි.❤️

Avivit 💜️

Continue Reading

You'll Also Like

5.7K 1.1K 7
අපි කොච්චර ආදරේ කරත් වැඩක් නෑ.. අපේ ආදරේ එයාලට දැනෙන්නේ නැත්තම්.. ඒ වගෙම තමයි අපිට නොසිතු මොහොතක හිතන්නෙවත් නැති කෙනෙක් අපිට ආදරේ කරන්න පුළුවන්.. මේක...
97.6K 5.7K 46
ហេតុអីចក្រវាលនេះតម្រូវឲ្យមនុស្សដែលមិនគួរជួបគ្នាសោះ បានឆ្លងសម័យកាលមកជួបនិងស្រលាញ់គ្នា ហើយចុងក្រោយក៏បញ្ចប់ដោយម្នាក់ត្រូវចាកចេញ និងម្នាក់ទៀតចំណាយពេលមួយជ...
96.4K 16.9K 50
මියැදුණු සෙනෙහසක නැවත පුනරාගමනය.....🌼
568K 35.2K 70
« បងសន្យា បងមិនឲអ្នកណាមកធ្វើអ្វីមកលើអូនបានឡើយ អូនគឺជារបស់បងជាប្រពន្ធរបស់បងម្នាក់គត់ Kim Taehyung » « មិនថាអ្នកណានោះទេឲតែហ៊ានប៉ះពាល់ប្រពន្ធកូនយើងសូម្ប...