SOULMATE(Completed)

By avivit-xia

71.5K 15K 4.9K

අයිතියක් තියෙනවනම් ලැබෙනවමයි.. හරිම තැනදී හොඳම වෙලාවෙදී ගැළපෙනම කෙනාට (උපුටා ගැනීම තහනම්.) More

°°••°°••°°
01
02
03
04
05
06
07
08
09
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
57
58
59
60
61
62
63
64
65
66(end)
••°°••°°••
ස්තූතියි.

56

722 182 105
By avivit-xia

මන් අඬ අඬ හිනාවෙවී කියෙව්වේ මෝක්ශගෙ ඩයරි එක.

එයා ආසයිලු මෙතීශ යාලුව ගෙදර ගිහින් තියාගන්න..අම්මගෙනුත් ඇහුවලු..අම්මා කිව්වලු මෙතීශ යාලුව ඇරන් ගියොත් මෙතීශ යාලුගෙ අම්මා අඬයි කියලා.

තව තැනක තියනවා මන් හරියට බරයිලු.එයා බත් ගොඩක් කාලා ඉක්මනට ලොකු වෙනවලු මාව උස්සගෙන යන්න පූලුවන් විදිහට.

මන් නපුරු මායාකාරියෙක් වගේ මිතුනට වෙනස් කම් කරනවලු..

මගෙ කම්මුල් ඥානකතා මල්ලිගෙ වගේලු..

එයාගෙ අම්මගෙන් ඇහුවලු මට උම්මා එකක් දෙන්නද කියලා අම්මා කිව්වලු යාලු කැමතිනම් විතරක් දෙන්න කියලා.

ඒ වුනාට මූ එදා රෑ ඕක ඉස්සෙල්ලාම දෙද්දී මගෙන් ඇහුවේ නෑනෙ.

මන් කවදාවත් හිතුවෙ නෑ එයා ඩයරියක් ලියයි කියලා.ඒත් එයා හොස්ටල් එකට ආපු දවසෙ ඉඳන් එයා මට ආදරෙයි කිව්ව දවස වෙනකන්ම ඩයරි එක ලියලා තිබ්බෙ,එයාගෙ හිතේ තියෙන ආදරේ මන් කියලා හිතාගෙන ඩයරියට කියනවා කියලා.

එයා ලියපු සමහර දේවල් දැක්කම හිතෙනවා එයා මට පොඩි කාලෙ ඉඳන්ම ආදරේ කරාද කියලත්.

එයා දැකපු ලස්සනම ලෙච්චමී මමලු.හැබැයි ඒක කිව්වොත් මිතුනට වගේ එයාටත් වෙනස්කම් කරයි කියලා ඩයරියේ ලියනවලු..

වෙලාවකට මෝක්ශ මටත් වඩා මෝඩයෙක්ද කොහෙද..මගෙ මෝඩයා.

එයා මගෙ හැමදේකම දැකලා තියෙන්නෙ ආදරයක්.පාන් භාගෙ වගේ බස් එක ඇතුළෙ ත් එයා දැක්කෙ ලස්සනක්.එදා අනිත් ඔක්කොම ළමයි මට හිනාවෙද්දී මන් චිත්‍රේ විසි කරලා දුවගෙන ආවේ ආය ජීවිතේට චිත්‍ර කරන්නෙ නෑ කියලා හිතාගෙන.

ඒත් එදා ඩස්ට්බින් එකට ගුලි කරලා, ගුලි කරලා දැම්ම පාන්භාගෙ බස් එක, මෝක්ශගෙ ඩයරි එකේ ලස්සනට අලවලා තියෙනවා.

ඒක යටින් ලියලා තිබ්බෙ, අනිත් අය ඔක්කොම බස් එකක් අඳිද්දී මන් ඇඳපු වෙනස්ම පාන් භාගෙට එයා ආදරෙයි කියලා.

එයයි මායි අපි දෙන්නම ආදරේ කරේ වෙනස්ම දේවල් වලට..ඒක වෙන්න ඇති අපිට අපිවම හම්බුනේ.එක වගේ මිනිස්සු ගොඩක් මැද්දේ අපි දෙන්නා හරි වෙනස්. හරියට.. හරි හතරැස්වට ඇඳලා තිබ්බ බස් ගොඩක් මැද්දේ මගෙ පාන් භාග බස් එක එයාට විශේෂ වුනා වගේ.

එයා වගේම මමත් අපි දෙන්නගෙ පොඩි මතකයක් වුනත් දියමන්තියක් ලැබිලා වගේ පරිස්සම් කරා.

ඩයරි එකත් පරිස්සමට කබඩ් එකෙන් ගිහින් තියලා මන් මෝක්ශට කෝල් එකක් ගත්තේ බිසී වැටෙද්දී.මූ මාව බ්ලොක් කරලා වත්ද.

එයාට පුලුවන් නම් මාව බ්ලොක් කරන්න..මටත් පුලුවන් එයාව බ්ලොක් කරන්න.මාත් අනිත් පැත්තට මගෙ ෆෝන් එකෙන් මෝක්ශගෙ නම්බර් එක බ්ලොක් කරලා දැම්මා.

"පුතා ... ඉක්මනට මේ දොර අරින්න...පුතා...."

"චූටි අයියේ...."

මල්ලියි අම්මයි දොරට ගහ ගහ කෑ ගහද්දී මන් දඩිබිඩි ගාලා දොර ඇරියේ ඒ පාර මොකක් වෙලාද කියලා හිතන ගමන්.

"ඇයි අම්මා.."

"රිසාල්ට්ස් ඇවිත් ළමයෝ..ඉන්ඩෙක්ස් නම්බර් එක කියන්න ඉක්මනට."

"අයියේ ඉක්මන් කරනවා ඕයි..තමුසෙගෙ කෙරුවාව බලාගන්න."

"ඉක්මනට දෙන්න පුතා..තාත්තා කෝල් කරලා කිව්වේ."

"අනේ අම්මේ මට නිදහසේ ඉන්න දෙන්නකෝ.."

"අයියේ..ඉක්මන් කරනවා..සුන්දරයෝ..... වරෙන් බොසා අපේ ගෙදර.. තමුසෙගෙ සුදු අයියගෙ රිසාල්ට්ස් ඇවිල්ලා..."

"පුතා කියන සිංහල තේරෙන්නෙ නැද්ද?"

"මට මතක නෑ."

"අයියා බයේ... හූ... හූ....සුන්දර මෙහෙ වරෙන් බන්..මරු ෆිල්ම් එක."

"තාත්තට ඇරන් කියනවා මන් හැබැයි..ඉක්මනට දෙන්න.."

"ඔව් අයියේ ඉක්මනට දෙනවා.මූ මඟුල් නැටුවනෙ අම්මේ ඇටෙන් පොත්තෙන් එද්දීම මෝක්ශ අයියවත් අල්ලගෙන.දෙනවා ඔය නම්බර් එක තමුසෙගෙ කෙරුවාව බලාගන්න.අම්මෙ මෝක්ශ අයියටත් ඇරන් බලන්නකෝ.මූ නැතත් මෝක්ශ අයියා නම් පාස් වෙලා ඇති."

"අනේ දෙයියනේ..පලයල්ලකෝ හැමෝම..මගෙ ඔලුව කන්නෙ නැතුව..මට නිදහසේ ඉන්න දෙන්නකෝ.."

"මේ....මිනිස්සුත් කෝල් ගන්නවා රිසාල්ට් අහන්න..

හෙලෝ අක්කේ..ඔව් ඔව් මේ බලන්න යන්නේ.."

කාමරේ අස්සෙ එකම යුද්ධයක් වෙද්දී මගෙ ඉහින් කණින් දාඩිය දාගෙන එන්න ගත්තේ මොනා වෙලාද කියලා හිතද්දී.ඒ මදිවට අත් කකුල් පවා වෙවුලන්න ගත්ත නිසා මන් ඇඳෙන් වාඩි වුනේ මල්ලි සුන්දරයව එක්කන් එන්න දුවද්දී.යකෝ හරියට නිකන් කොටහලු වුනා වගේනෙ මේ මිනිස්සු හැසිරෙන්නෙ. අර වැඩේ කරද්දී වත් මෙච්චර බය හිතුනේ නෑ හත්වලාමේ.

"අම්මා මට පොඩ්ඩකට ෆෝන් එක දෙන්නකෝ.."

"ෆෝන් එක මොකටද  නම්බර් එක කියන්න."

"අනේ අම්මා.......මොකද ඔයාලා පිස්සු හැදිලා වගේ කෑ ගහන්නෙ මට නිදහසේ ඉන්න දෙන්න..මන් බලන්නම් ෆෝන් එක දෙන්නකෝ."

අම්මගෙන් ෆෝන් එකත් ඉල්ලන් මන් දුවගෙන ආවේ එළියට.

මෝක්ශගෙ ෆෝන් එකට කෝල් එකක් ගද්දී තුන් වෙනි පාරට රින්ග්ස් ගිහින් ආන්ස්වර් වුනා.

"හෙලෝ..

"හෙලෝ මෝක්ශ."

"මොකද උබ. රට පලයන් ගගා දැන් ගන්නෙ."

"බූරුවො.....රිසාල්ට්ස් ඇවිත් හුත්තෝ."

"හුටා."

"මගෙ ඉන්ඩෙක්ස් නම්බර් එක මතකද මෝක්ශ..මට ඒක දාපු තැනක් මතක නෑනෙ.."

"හෙලෝ..හෙලෝ...මෝක්ශ..."

"ආ..ඔව් හෙලො හෙලෝ. "

"මෝක්ශ"

"අනේ මෙ..මෙතීශ ම..මට බයයි බන්."

"මේ...මෝක්ශ..තමුසෙ අඬනවද..."

"අඬන්නෑ බන්. ඕන මඟුලක්.ඒ වුනාට මාව වෙවුලනවා,වෙවුලනවා වගේනෙ.."

මෝක්ශ එහෙම කිව්ව ගමන් මාවත් තව ටිකක් වෙවුලන්න පටන් ගත්තේ ෆෝන් එක අල්ලන් ඉන්න වත් අත පණ නැති වෙද්දී.

"මෙතීශ අපි පාස් වෙලා ඇතිද?"

"මන් ද..දන්නෑ..මන් එක්සෑම් ෆේල් වුනොත් මාව අතාරිනවද සුදු මහත්තයා?"

"ඒ පාර තමුසෙත් අඬනවද මෙතීශ?"

"මන්  අහපු එකට උත්තර දීපන් උබ මාව අතාරිනවද මෝක්ශ?"

"පිස්සුද බන්..උබ ෆේල් නම් ඉතින් මාත් ෆේල් නෙ."

"අ..අනේ අපි මො..මොකද..ක..කරන්නෙ මෝක්ශ.."

"ම..මන් දන්නෑ..ම..මට බයයි..මෙච්චර අපිට වියදම් කරලා...ෆේල් වෙලා තිබ්බොත්..අපි ආයෙත් පාරක් ට්‍රයි කරමු මෙතීශ..ආයෙත් බෝඩිමට යමු.මිනිස්සුන්ටනෙ වැරදෙන්නෙ..අපෙ අම්මා ගහයි බන් මට.කමක් නෑ අපි ඊළඟ පාර ගොඩ දගමු.මිනිස්සුන්ටනෙ වැරදෙන්නෙ.."

මෝක්ශ නහයත් උඩට ඇඳ ඇඳ කියවගෙන යනවා ඇහෙද්දී මන් අතේ තිබ්බ නියපොතු ටික කට කට ගාලා කාගෙන කාගෙන ගියේ මෝක්ශගෙ අම්මා විතරක් මෝක්ශට ගැහුවට අපේ ගෙදර අම්මයි තාත්තයි දෙන්නම මට ගහන්න ඉන්නවා නේද කියලා මතක් වෙද්දී.ඔක්කොමත් හරි අපෙ මල්ලි එක දෙක කරලා ගමේම පතුරවයි.

"ඉන්ඩෙක්ස් නම්බර් එක එවපන් මෝක්ශ.මට මතක් නෑ දාපු තැන."

"තමුසෙගෙ වැදගත් ලියකියවිලි අස්සෙ තිබ්බේ.මගෙ එකත් තිබ්බා.මටත් එවනවකො..හැබැයි මගෙ රිසාල්ට් එක බලන්නෑ හොඳේ.."

මන් කාමරේට දුවගෙන ගිහින් වැදගත් ලියකියවිලි කියලා ගහලා තිබ්බ ෆයිල් එක ඇදලා ඒක අස්සෙ තිබ්බ අපි දෙන්නගෙ ඉන්ඩෙක්ස් නම්බර් දෙක ඇරගෙන මෝක්ශටත් මැසේජ් එකක් දාලා රිසාල්ට් බලන්න ගත්තේ අම්මයි,මල්ලියි,සුන්දරයි කාමරේට ඔලුව දාගෙන ඉද්දී.

නම්බර් එක ගහලා ඇස් දෙක පියා ගෙන ඕන මඟුලක් වෙන්න කියලා ෆෝන් එක දිහා බැලුවේ රිසාල්ට් ශීට් එක විරිත්ත විරිත්ත ඉන්නවා වගේ පෙනෙද්දී..

"අනේ පව්ව්ව්ව්.....අයියා ෆේල් වෙලා වගේ....ඉගෙන ගන්න කාලෙ මඟුල් නැටුවම ඔහොම වෙනවා.නේද අම්මේ..ඔන්න බලන්නකෝ මන් නම් හොඳට පාස් වෙන හැටි. නැද්ද බන් සුන්දරයා."

"ඔව් බොසා මාත් ශිෂ්‍යත්වේ පාස් වෙනවා කොහොමහරි.මාත් මඟුල් නැටුවෙ නෑනෙ චූටි අයියා වගේ."

"ඔව් බන්.මට නම් අපෙ පන්තියේ එක කෙල්ලෙක්ටවත් ඇහැ යන්නෑ."

"මටත් බොසා.එක වසරට අලුතින් ආපු නංගිලා ටිකක් ඉන්නවා....මට නම් පේන්න බෑ...එක කෙල්ලෙක් පන්තිය මැද්දේ චූත් දාගෙන.චූ බබලා නලවන්න මේ සුන්දර ලෑස්ති නෑ.නේ බොසා."

"ඒකනෙ බන් උබටයි මටයි විතරයි මොලෙ තියෙන්නෙ."

මල්ලි සුන්දරයි පිස්සො දෙන්නෙක් වගේ කියවද්දී  මන් අම්මා දිහා බැලුවේ අම්මත් බය වෙලා වගේ මන් දිහා බලන් ඉද්දී.

"පුතා ෆේල් ද  ?"


"බී තුනා.........යි....යකුනේ.......යකුනේ.... මට බී තුනායී.........ෆේල් නෑ..යකුනේ මන් ෆේල් නෑ....."

"සුන්දරයා මියුසික්."

මන් උඩ පැන පැන බී තුනයි කිය කිය කෑ ගහගෙන ගිහින් අම්මව බදාගෙන අම්මව උස්සගෙන වටයක් කැරකෙද්දී, මල්ලි සුන්දරයට මියුසික් කිව්ව ගමන් සුන්දරයා කබඩ් එකට ගහන්න පටන් ගත්තේ අම්මා  හිනාවෙලා තාත්තට කෝල් එකක් ගන්න එළියට යද්දී.

"චූටි අයියේ මෝක්ශ අයියට ගන්නවා.තමුසෙ උඩ පනින්නෙ මෝක්ශ අයියා පාස් ද ෆේල් ද කියලා වත් දන් නැතුව.තමුසෙනම් ආත්මාර්ථකාමියෙක්."

"මන් ෆේල් නම් මෝක්ශත් ෆේල්..මන් පාස් නම් මෝක්ශත් පාස්.මට බී තුනයි නම් මෝක්ශටත් බී තුනයි."

"තමුසෙ කොහොමද එහෙම කියන්නෙ."

"අපි දෙන්නම හිතන්නෙ එකම මොලෙන්නෙ."

මන් මල්ලිට එහෙම කියාගෙන අම්මව හොයාගෙන ඇවිත් අම්මගෙන් ෆෝන් එක ඇරන් එළියට ආවේ මෝක්ශට කතා කරන්න.

"මෝක්ශ පුතී....මට බී තුනයී...."

"මටත් බී තුනයි යකඩෝ..
චූටි මැණිකී.....මට මාර හැපී බන්..අද ඉඳන් අපි තව ටිකක් මහන්සි වෙලා වැඩ කරන්න ඕන බන්..නේද මෙතිශයා."

"ඔව් ඒක ඇත්ත.දැන් පේනවනෙ මොන මඟුලක් කර කර හරි අපි වැඩේ කරගත්තනෙ.."

"මේ මිතුනටයි ඔසදයටයි ගනින් බන්."

මෝක්ශ එහෙම කිව්වම මන් මෝක්ශගෙ කෝල් එකත් කට් කරලා මිතුනට ගත්තේ ඌට ගත්තා කියන්නෙ මුලු ඉස්කෝලෙම රිසාල්ට්ස් දැන ගන්න පුලුවන් නිසා.






අන්තිමට අපි හැමෝම පාස් වෙන්න ඕනි හොඳම විදිහට පාස් වෙලා.මිතුනට ඒ දෙකයි බී එකයි.ඔසදයට ඒ තුනයි.මෝක්ශයි මායි එක්ක ඒලෙවල් පන්තියේ හිටිය යසස් ට බී දෙකයි, සී එකයි.

අන්තිමට ගණන් බැරිවෙලා හිටිය මාත් මොන ජිරිබිරිස් එක දාලා හරි මහන්සි උන නිසා හිතුවටත් වඩා හොඳ රිසාල්ට් එකක් ආවා.

මට වෙන හැමදේම වෙන්නෙ හොඳ පැත්තෙ අනිත් පැත්තට වුනත් මොන පිනකටදෝ මේක හොඳ විදිහට වුනා.

••••••••••••••••••••••••••••••••••••••••••••••••••

නිදාගෙන හිටිය වෙලාවක ඒලෙවල් රිසාල්ට්ස් ඇවිත් මොලේ කොලොප්පන් වෙලා ගිය මම.ඒ හැඟීම මතක් වෙද්දිත් සැප සැප.. මතකද පුතී ඒ භයානක  මොහොත KavithaDissanayake

         

අවුරුදු පහක් තිස්සෙ හිතේ තියන් ඉන්න ඒකපාර්ශවික ප්‍රේමයක් නිසා මන් හොඳටම බැට කනවා යාලුවනේ.කමඥ්ඥෑ.🙂👍

කතාව කියවන හැමෝගෙම ලැබෙන්න තියෙන රිසාල්ට් එකක් ඉක්මනට ලැබේවා....ආ...ඕ...හයියේ..මා...😗😗❤️

Avivit 💜️

Continue Reading

You'll Also Like

81.3K 20.2K 62
💚❤ පෙරවදන් කුමකටද...... පසු වදනින් මුණගැසෙන තුරු.......❤💚 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎...........❤️‍🔥❤️‍🔥
37.8K 6.2K 15
මගේ හිතේ ඉඩ දැන් නුඹ අතින් හැඩවෙන සිතුවමකි !
110K 21K 41
💚.... මට කේන්තී........ ඇයි එහෙම ... මට බෑ වෙනස්වෙන්න.... මේ මගේ විදිහ.... කාටද පුලුවන් මාව වෙනස් කරන්න............ ❤️......ඕනෙනෑ මට ඔයාව....... තර...
189K 27.5K 62
අහස් කුස පවා සවන් දෙන ආදරයක්...✈