SOULMATE(Completed)

By avivit-xia

71.6K 15K 4.9K

අයිතියක් තියෙනවනම් ලැබෙනවමයි.. හරිම තැනදී හොඳම වෙලාවෙදී ගැළපෙනම කෙනාට (උපුටා ගැනීම තහනම්.) More

°°••°°••°°
01
02
03
04
05
06
07
08
09
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
55
56
57
58
59
60
61
62
63
64
65
66(end)
••°°••°°••
ස්තූතියි.

54

683 173 57
By avivit-xia

"බස් එකේ ඉන්නෙ අම්මා.."

"ඔව්..මෙතීශත් එනවා.හා හරි හරි. "

මෝක්ශ අම්මත් එක්ක කතා කරද්දී මන් එළිය බලාගත්තා.

මිනිස්සු ස්ටෑන්ඩ් එක පුරාවට..ඒ මිනිස්සුන්ටත් එක එක විදිහෙ හීන, බලාපොරොත්තු ඇති.. ඒත් දැන් මට දැනෙන්නෙ තනිකරම හිස් ගතියක්.අපි දෙන්නටත් පුලුවන් වුනානම් අනිත් මිනිස්සු වගෙ හීන බලාපොරොත්තු ගොඩ ගහගෙන ආදරේ කරන්න..

"මේ.."

මෝක්ශ එයාගෙ ෆෝන් එක මගෙ පැත්තට දික් කරද්දී මන් එක දිහා බලලා හිනාවුනා.

"ආදරේ හිතෙනවා."

ඊයෙ රෑ අපි දෙන්නා ගැහුව ෆොටෝ එකක් දිහා බලාගෙන මන් එහෙම කියලා ආයෙත් කලින් වගේම හිස් හැඟීමකින් එළිය බලාගත්තා.

එදා අපි එද්දී පහු කරගෙන ආව දේවල්ම අද යද්දිත් පහු කරගෙන යනවා.













පැය ගානක් ඇවිත් ඇවිත් බස් එක අපි දෙන්නා දෙපැත්තකට යන්න ඕනි ස්ටෑන්ඩ් එකින් නැවැත්තුවේ මෝක්ශ ගානක් නෑ වගේ මන් දිහා බලාගෙන ඉද්දී.

"ඔයා බහින්නෙ නැද්ද මෝක්ශ?"

"නෑ මන් එන්නම් ඔයාලගෙ ගෙදරට.එකට බැනුම් අහමු... එකට ගුටි කමු."

"ඒක බොරු වැඩක්නෙ ඔයා යන්න.වෙලාව අපරාදේ බොරුවට.."

"බෑ ඔයාව මන් තනිකරන්නෙ නෑ."

"තනියක් මොකද..මන් කෙල්ලෙක් නෙවෙයි මෝක්ශ."

"එහෙම දෙයක් නෙවෙයි මෝඩයෝ මන් කියන්නෙ.තමුසෙව ගෙදරින් එක්කන් ගියේ මම නම් ආපහු ගෙදරට එක්කන් යන එකත් මගෙ වගකීමක්."

"ඒ මොනා කරත් වැඩක් නෑ මෝක්ශ..අපෙ අම්මයි තාත්තයි හිතන විදිහ වෙනස් වෙන්නෙ නෑනෙ..ඔහොම නෙවෙයි රථ පෙළපාලියකින් ඔයා මාව ගෙදර එක්කන් ගියත් එයාලට පේන්නෙ අපි දෙන්නගෙම වැරැද්ද.ඒ නිසා..එයාලව බොරුවට තවත් අවුස්සන්න ඕන නෑ ඔයා යන්න."

මන් මෝක්ශ දිහා බලාගෙන කිව්වේ බස් එක තව විනාඩි දෙකකින් තුනකින් ආයෙත් යන්න යන නිසා.

"ම්ම්...මේ....එහෙනම් මන් යන්නම්..පරිස්සමට ගිහින් මැසේජ් එකක් දාන්න.පුලුවන් වුනොත් කෝල් එකක් දෙන්න."

මෝක්ශ මගෙ අතත් හයියෙන් මිරික මිරික කලබලෙන් වට පිට බල බල එහෙම කියද්දී මාත් එයා දිහා බලාගෙන හිටියා..හරියට කල්ප කාලාන්තරයකින් දකින්න බැරි වෙයි වගේ.

එයාට වගේම මටත් ඕනි අවසාන වතාවට හාදුවක් තියලා යන්න වුනත් බස් එක පුරාම මිනිස්සු පිරිලා හිටිය නිසා ඒ වෙනුවට එයා මගෙ අත තදට මිරිකන්න පටන් ගත්තා.මාත් යන්න යන්න කිය කියම එයාගෙ අත ගලවගන්න බැරි වෙන්නම මගෙ අතෙන් පටල ගත්තා.

"මන් ඔයාට ගොඩක් ආදරෙයි..මාව විශ්වාස කරන්න මෝක්ශ."

මන් එයා දිහා බලාගෙන එහෙම කිව්වම එයා ආයෙත් පාරක් වටපිට බලලා මගෙ අතට තොල් දෙක තද කරේ මගෙ ඇස් වලට වගේම ඒ ඇස් වලටත් කඳුලු පිරිලා තියෙද්දී.

"මේක තියාගන්න..

මෝක්ශ කලබලෙන් වගේ එයාගෙ බෑග් එකෙන් එළියට ගත්ත කවරෙ ගැලවෙලා ගිය පරණ ඩයරි එකක් මට දෙද්දී මන් ඒක බෑග් එකට දාගෙන එයා දිහා බැලුවා.

"යන්න මෝක්ශ.."

"ම්ම්..මේ..වතුර බෝතලේ..වතුර බෝතලේ වතුර තියෙනවද මෙතීශ?"

"ඔව්."

"බඩගිනි වුනොත් කන්න මොනාහරි ගන්න සල්ලි.."

"මට සල්ලි තියෙනවා ළමයො.ඔයා දැන් බැහැලා යන්න..නැත්නම් ඔයාටත් අද මෙහෙමම යන්න තමයි වෙන්නෙ."

"එහෙනම් මන් යන්නම් මෙතීශ."

"පරිස්සමට ගෙදර යන්න ඔයත්."

"අ..අර පයිනස් ගෙඩිය දාගත්තද..ඔක්කොම දේවල්..මොකුත් අමතක වුනෙ නෑනෙ.."

"නෑ නෑ ..ඔක්කොම තියෙනවා ඔයා දැන් යන්න මෝක්ශ."









"මල්ලි ඔයත් යනවද?"

"අහ් න් නෑ නෑ අයියේ.."

"එහෙනම් බහින්න අනිත් මිනිස්සුන්ට ඉඩ නැති වෙනවනෙ."

කොන්දා එහෙම කෑ ගහන්න ගත්තම මෝක්ශ මගෙ අත තව ටිකක් තදට අල්ලගෙන නැගිට්ටේ අඩුම තරමෙ වෙනදා වගේ බදාගන්න වත් අපිට නිදහසක් නැති වෙද්දී..

මිනිස්සු අස්සෙන් අස්සෙන් රිංගලා මෝක්ශ බස් එකෙන් බැහැලා එළියට ගිහින් ආයෙත් ජනේලෙ ළඟට ආවම මන් ඒක අස්සෙන් මෝක්ශගෙ බෑග් එක දුන්නේ බස් එක හිමීට හිමීට ස්ටෑන්ඩ් එකෙන් අද්දලා පාරට දාද්දී.

මගෙ හිතයි එයාගෙ හිතයි තාමත් ස්ටෑන්ඩ් එකේම තියලා බස් එක හරවලා ගද්දී එයා හිමීට අත වනන්න පටන් ගත්තේ මාත් එයාට අත වනලා ඉස්සරහ බලා ගනිද්දී.

මට දැන් ඕනි අඬන්න විතරයි.

මන් ම එක දවසක් එයාව ප්‍රොමිස් කර ගත්තට දුක හිතෙන වෙලාවට දෙන්නම එකට අඬමුයි කියලා සමහර තැන් එනවා හොරෙන්ම අඬන්න වෙන කියලා මට අද තේරුනා.

බෑග් එකේ සයිඩ් පොකට් එකෙන් එළියට ගත්ත අලුත්ම මාස්ක් එකත් ඇස් දෙක ගාවටම දාගෙන මන් අඬන්න පටන් ගත්තේ සමහර වෙලාවට ඉකියක් දෙකක් සද්දෙන් එළියට ආවත් කණ් බේරේ පැලෙන්න බස් එක පුරාවටම ඇහෙන ඩාං ඩීං ගාන සිංදු වලට පිංසිද්ධ වෙන්න මගෙ ඉකි සද්ද අනිත් මිනිස්සුන්ට ඇහෙන් නැති වෙද්දී.

ඇයි මටම මෙහෙම වෙන්නෙ..ඇයි අපිටම මෙහෙම වෙන්නෙ..ඇයි කවුරුත් අපිව තේරුම් නොගන්නෙ..
ඇයි කාටවත්ම බැරි අපේ පැත්තෙන් හිතල බලන්න..

කොල්ලෙක්ට ආදරේ කරන්න කෙල්ලෙක්ම ඕනිද..මොන දෙවියද ඒ නීති දැම්මේ..

අම්මටවත් තාත්තටවත් මාව තේරුම් ගන්න බෑ..ඇයි අපිටම මෙහෙම වෙන්නෙ මෝක්ශ..

"මල්ලි මොකක් හරි අවුලක්ද?"

ග්ලාස් එකට ඔලුවත් හේත්තු කරගෙන එක එක ඒවා හිත හිත අඬ අඬ ඉද්දී එහා පැත්තෙන් වාඩිවෙලා හිටිය අයියා කෙනෙක් එහෙම ඇහුවම මන් නෑ කියන්න ඔලුව වනලා ඇස් දෙක පියාගත්තේ තිබ්බ තරහට දුකට ඒ මනුස්සයටත් හිතින් බැන බැන.

නිදහසේ අඬන්නත් නෑ.

මඟකින් අර අයියා බැහැලා ගියාම මන් මාස්ක් එක ගලවල අතට ඇරන් ඒක ආයෙත් බෑග් එකටම දාගත්තේ ඇස් වලින් ගිය කඳුලු සේරම ඒකට උනලා වෙන්න ඕනි ඔක්කොම වෙලා තිබ්බ නිසා.









බස් එක ස්ටෑන්ඩ් එකෙන් නැවැත්තුවම මන් බෑග් එකත් එල්ලගෙන ගෙදරට යන්න පාරට ආවා.එදා කලුවරේ අත් දෙකත් අල්ලගෙන දුවගෙන ආව පාර දිගේ අද මන් තනියෙන් ඇවිදගෙන යනවා.



"චුටී අයියා..අම්මේ.....අම්මේ......."


මිදුල අයිනක පොතක් තියාගෙන පාඩම් කර කර හිටපු මල්ලි කෑ ගහගෙන ගේ ඇතුළට දුවද්දී සුන්දරයත් අපෙ ගෙදර බිත්තියකට මුවා වෙලා මන් දිහා බලන් හිටියා.

මාව දැක්කම බය හිතෙනවද දන්නෑ.

ගේ ඇතුළට යන්න අමුත්තක් වගේ දැනුන නිසා මන් බොරුවට බෑග් එක ඇර ඇර එළියට වෙලා ඉද්දී අම්මා ආවා.

"පුතා.."

අම්මා පැනලා මාව බඳාගෙන අඬන්න පටන් ගද්දී මන් අඬන්න තිබ්බ සේරම කඳුලු ටික බස් එක ඇතුළෙ හලලා ආව නිසා ඔහේ බලාගෙන හිටියා.

"මොකද ගිය මිනිහා ආපහු ආවේ.දැන් තේරුනාද උඩ පැනගෙන ගියාට."

තාත්තා සාලෙ පුටුවකින් වාඩිවෙලා ටීවි එක දිහා බලාගෙන එහෙම කියද්දී මට මහන්සි නිසාම මන් මොකුත් නොකිය කට වහගෙන හිටියා.

"අපි දෙයක් කිව්වනම් කිව්වේ ඔයාගෙ හොඳට පුතා.. දැන් ආය කලින් වගේ ඉන්න.ඔය විකාර දේවල් හිතන්නෙ නැතුව.අර එහා පැත්තෙ කොල්ලා කෝස් එකකට යනවලු පුතාවත් ඒකට දාන්නම්.එතකොට කොල්ලො විතරක් නෙවෙයි කෙල්ලොත් ආශ්‍රය කරන්න හුරු වෙනවනේ.කැමතිද පුතා.?"

"අම්මා මට මහන්සියි."

"ආ ගිහින් නාගෙන එන්නකෝ..මන් බත් බෙදලා තියන්නම්.ඇති යන්තම් දැන්වත් මොලේ පෑදුනා."

අම්මා යන්න ගියාම මන් ඇවිත් ඇඳට වැටුනේ ලොකු හුස්මක් ඇරන් පහළට දාන ගමන්.

මට හේතු කියලම මහන්සියි..හැමදේටම වඩා සද්ද නැතුව ඉන්න එක හොඳයි.

'මන් ආවා'

මන් මෝක්ශට මැසේජ් එකක් දාලා බාතෲම් එකට ගියේ ඇඟට වඩා හිතයි ඔලුවයි හෙම්බත් වෙලා තියෙද්දී.














"හෙට ලෑස්ති වෙන්න පුතා අර ළමයත් එක්ක කෝස් එක බලන්න යන්න."

"අනේ මට නිදහසේ ඉන්න දෙන්නකෝ අම්මා.."

"නරකට කරන දෙයක් නෙවෙයිනෙ යාලුවෝ හොයාගන්න.. කාමරේ අස්සටම වෙලා ඉන්නෙ නැතුව."

"මට ඉන්න යාලුවෝ හොඳටම ඇති අම්මා."

"ඉන්න යාලුවෝ, යාලුවෝ විදිහට හිටියනම් අපිටත් කමක් නෑ.ඒත් එහෙම නොවෙන එකනෙ වැඩේ."

රෑ වෙලා බත් එකකුත් බෙදාගෙන කන්න පටන් ගත්ත ගමන් අම්මත් ඇවිත් එක එක ඒවා කියන්න පටන් ගද්දී කටවල් දෙක තුනකින්ම මට කන එකත් එපා වුනා.

"මන් කියන්නම්කො අර පුතාට හෙට එන්න කියලා."

"අනේ අම්මා........... කට වහගන්නකෝ..ඔයාලට මාව රූකඩයක් වගෙ පේනවද.."

මන් බත් පිඟානත් කෑලි කෑලි වෙන්නම පොළවෙ ගහලා නැගිටලා කාමරේට එද්දී සාලෙ වාඩිවෙලා හිටිය තාත්තයි,අම්මයි,මල්ලියි තුන් දෙනාම බය වෙලා වගේ මන් දිහා බලන් හිටියා.

"මෙතීශ....මේ දොර ඇරපන්..උබ ඕනවට වඩා වැඩී.මෙච්චර කල් පාඩුවේ හිටිය නිසාද මෙච්චර හිතුවක්කාරකම..ඇරපන් මේ දොර."

"තාත්තා ඔයාලා මොනා කිව්වත් මන් මෝක්ශට ආදරෙයි..මන් දැන් පොඩි ළමයෙක් නෙවෙයි තාත්තා..අනික එයා නරක කෙනෙකුත් නෙවෙයි..මාව ටිකක් තේරුම් ගන්න.."

තාත්තා ඇවිත් දොර අරින්න කිය කිය කෑ ගහද්දී මන් ඇතුළෙ ඉඳන්ම එහෙම කෑ ගහගෙන ඇවිත් ඇඳට වැටුනා.

"උබට මේක නවත්තන්න බැරි නම් අරූට කියලා හරි නැවැත්තුවනම් හරි නේ.උගෙ අම්මා හුරතල් කරනවා වැඩි.. තාත්තට කියන්නම්කො."

තාත්තා එහෙම කියනවා ඇහෙද්දී මට කරන්ට් එක වැදිලා වගේ නැගිට්ටුනේ මෝක්ශගෙ තාත්තා දැන ගත්තොත් මොනා වෙයිද කියලා හිතද්දී.

"තාත්තා .... කියන්න එපා..එයාගෙ තාත්තට නම් කියන්න එපා.."

මන් කාමරේ ඇතුළෙ ඉඳන්ම කියව කියව එළියට දුවද්දිත් තාත්තා ෆෝන් එක කණේ ගහගෙන කියවනවා.

"අම්මා, තාත්තා මෝක්ශගෙ තාත්තටද කතා කරන්නෙ?"

"ඔව්."

මන් කාමරේට ඇවිත් ආයෙත් ඇඳට වැටුනේ සේරම දමලා ගහලා යන්න හිතෙද්දී.

අහුවෙන අහුවෙන බඩු වලට පයින් ගගහා ගිහින්, මුලු ඇඳම කණපිට ගහද්දී..විසි වෙලා ගිය බෑග් එකින් ලාවට එළියට පැන්නේ මෝක්ශ දුන්න ඩයරි එක.

අඬන්න කඳුලු වත් නැති වෙද්දී මන් 'මෝක්ශ මන්සිඳු 2013 6A' කියලා පොල් ගෙඩි අකුරු වලින් ලියලා තිබ්බ ඩයරිය තුරුල් කරගෙන පිටුවක් පිටුවක් ගානෙ ඉව ඇල්ලුවේ මෝක්ශගෙ සුව‍ඳ හොයන්න.


••••••••••••••••••••••••••••••••••••••••••••••••••

කතාව ඉවරයි කියලා බොරුවක් කිව්වේ...එදා අප්‍රේල් පළවෙනිදනෙ....හිකි හිකි...

කලින් චැපියෙ ඇට හිරවුන හැමෝටම මගෙ ගානෙ පොඩි මෝස්සගෙයි,මෙතීසගෙයි බෝතලෙන් බෝ ටිකක් ජෙන්නම් යාලු.😹😹

කතාව කියවන හැමෝටම ස්තූතියි.❤️

Avivit 💜️

Continue Reading

You'll Also Like

81.5K 20.2K 62
💚❤ පෙරවදන් කුමකටද...... පසු වදනින් මුණගැසෙන තුරු.......❤💚 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎...........❤️‍🔥❤️‍🔥
6.1K 1.2K 7
❤️ නොපෙනෙන අනාගතයකට බයේ ඔයා පෙනෙන වර්තමානයේ ප්‍රශ්නවලින් පැනල යන්නද හදන්නෙ බබා........ 💚 නොපෙනෙන අනාගතේ ගැන හිතල පෙනෙන වර්තමානයේ වැඩ කලොත් අනාග...
8.6K 1.1K 29
නුඹ දන්නවාද දන්නෙ නෑ..... මගෙ ආදරේ ...... මම ඉන්නවාද දන්නෙ නෑ...... ඔබෙ ලෝකයේ....... 🧡❤️💜️
1.3K 199 19
.... ශ්‍රි කියලා කියන්නේ "මම ඔයාට ආදරෙයි ශේනූ අයියේ, ඒත්" කියලා කියන කෙනෙක් නෙවෙයි. "මම ඔයාට ආදරෙයි ශේනූ අයියේ, එච්චරයි " කියලා කියන කෙනෙක්. ජීවිතේ ක...