SOULMATE(Completed)

By avivit-xia

71.6K 15K 4.9K

අයිතියක් තියෙනවනම් ලැබෙනවමයි.. හරිම තැනදී හොඳම වෙලාවෙදී ගැළපෙනම කෙනාට (උපුටා ගැනීම තහනම්.) More

°°••°°••°°
01
02
03
04
05
06
07
08
09
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66(end)
••°°••°°••
ස්තූතියි.

52

733 178 28
By avivit-xia

'කවුද මේ'

නම්බර් එකකින් ඇලට් වගයක් ඇවිත් තියෙද්දී මන් එහෙම මැසේජ් එකක් දාලා ඇඳේ පෙරළුනා.

"මෙතීශ... මේ හැම එකම මන්ද තනියෙන් කරන්න ඕනි."

මෝක්ශ බාතෲම් එක අස්සෙ ඉඳන් කෑ ගහද්දී මන් ෆෝන් එකත් පැත්තකට දාලා බාතෲම් එකට ගියේ මෝක්ශ රෙදි බකට් එකක් ගොඩකරගෙන ඕනවට එපාවට අතෙන් අතුල්ල අතුල්ල ඉද්දී.

"මගෙ රෙද්දක් සේදුවා කියලා පව් නෑ මෝක්ශ.පොඩි කාලෙ රෙදි සෝදන විදිහ කියලා දුන්නෙත් මමනෙ."

"ඒ පොඩි කාලෙනේ.දැන් වරෙන්කෝ මේවා සෝදන්න."

මෝක්ශ කෑ ගහද්දී මන් අඩියට දෙකට රෙදි බකට් එක ළඟට ගිහින්, මෝක්ශ සබන් කුඩු වල පොඟවලා අතුල්ල අතුල්ල දෙන රෙදි , ටැප් එකට අල්ලලා සෝදලා තව බකට් එකකින් ගොඩ ගැහුවා.

වෙන කවුරු හරි සේදුවා නම් පැයක් තිස්සෙ සෝදන රෙදි කන්දරාව අපි දෙන්නා විනාඩි විස්සෙන් සෝදලා ඉවර කරා.

ඌරන්ට මොන සෞඛ්‍යයද.ඔය හිටියට මේ මනුස්සයා මටත් වඩා ඌරෙක් නෙ.

ඌරු කොල්ලයි..  ඌරු කොල්ලයි..

මන් එක ඒවා හිත හිත මෝක්ශ රෙදි වැලෙන් රෙදිටික දානකම් බකට් එකත් එහෙට මෙහෙට වන වන හිටියා.

"මෙතීශ මල්ලි..එන්නකෝ.."

නිමේශා අක්කා වැට ළඟට ඇවිත් මට කතා කරද්දී මන් බකට් එකත් බිමින් තියලා ගියේ නිමේශා අක්කගෙ බඩ ඉස්සරහට ඇවිත් ද කියලත් ශේප් එකේ බලාගෙන.කෙළින් බලලා අශාන් අයියට තියාගෙන ඉන්න හොඳ හිත නැති කරගෙන,ඊට පස්සෙ මෝක්ශයා මාව සැක කරලා මාව දාලා ගියාම...අම්මෝ මට බෑ එච්චර හරියක් කරගන්න නිමේශගෙ හිච්චි බඩ හින්දා.

"ඇයි අක්කෙ.."

"ඊයෙ මොකක්ද අප්පා අර නටපු පිස්සුව."

"කවුද?"

නිමේශා අක්කා අතෙනුත් කට වහගෙන හිනාවෙවී මොකක්දො පිස්සුවක් ගැන අහද්දී මන් නිමේශා අක්කලාගෙ ගෙදර රෙදි වැලේ වනලා තිබ්බ අශාන් අයියගේ ශෝටක් දිහා බලන් කල්පනා කරේ කවුද පිස්සුව නටපු එකා කියලා.

බැරිවෙලාවත් මෝක්ශ ගිහින් නිදි මතේම ගම කෑවද දන්නෑ.

"මූට කියලා වැඩක් නෑ අක්කෙ.තාම සිහියක් නෑ."

මෝක්ශ එහෙම කියාගෙන ඇතුළට යද්දී නිමේශා අක්කා මට, නිමේශා අක්කගෙ කෝණෙන් සිද්ධිය දැකපු විදිහ මුල ඉඳන් අගටම කියන්න පටන් ගත්තේ මට වැලේ වැල් නැති වෙලා මුණ වහගන්න පේර කොළයක් වත් නැති වෙද්දී.

හීනෙන් වගේ ගේ ඇතුළට ඇවිදගෙන ආපු මම එහෙම්ම කාමරේට ඇවිත් ඇඳට වැටුනේ එහා පැත්තෙන් තිබ්බ මෝක්ශ ගෙ කොට්ටෙත් ලැජ්ජාවටම කොහෙටදෝ ගුවන් ගත කරලා.

ශිහ් ඔක්කොම බීපු නිසා තමයි.මෝක්ශ එක්ක තව මිනිහෙක් දෙනවා කිව්වත් ආය නම් බොන්නෑ.මන් ඔලුවෙන් කොට්ටෙට ගහගෙන ගහගෙන ගිහින් හති ඇර ඇර හිටියා.

"මෙතීශ.."

"මොකද.."

"තමුසෙනෙ අන්තිමට නැගිට්ටේ මේ බිම තියෙන ශීට් ටික නමනවා."

මෝක්ශ කෑ ගහද්දී මන් ආයෙත් නැගිටලා ගිහින් ශීට් ටික හතරට පහට නවලා මෝක්ශටත් ශීට් එකකින් චටස් ගාලා පාරක් ගහලා අනිත් පැත්තට මෝක්ශගෙනුත් පිට මැදට දිඩිස් ගාලා පාරකුත් කාලා ආවේ ඇඳට.

"මිතුනා උබනෙ..කතා දෙකක් නෑ. ඔහොම ගොන් ආතල් දෙන්නෙ උබ තමයි."

මන් ආයෙත් අර නම්බර් එකට එහෙම මැසේජ් එකක් දාල යවලා ඇඳේ පෙරළි පෙරළි ..ඒ නම්බර් එකෙන් රිප්ලයි එකක් එනකන් ඉද්දී ඒකෙන්ම කෝල් එකක් ආවා.

"මෙතීශ.."

"අම්මද...."

"ඔව් අම්මා තමයි.."

"අලුත් නම්බර් එකක්ද..ඇයි අම්මා.."

"මේ නටන විකාරෙ මොකක්ද කියනවා..හොඳටම ඇති පුතා.. ඉවසුවා ඉවසුවා..මොනාද අරූ එක්ක බාර් ගානෙ ගිහින් නටන පිස්සුව අපිට මෙහෙ ඉන්න විදිහක් නෑ.තාත්තා වැඩ කරන තැන මනුස්සයෙක්  මේ ළඟදි දැකලා දැන් තාත්තට ඔෆිස් එකේ වැඩ කරගන්න විදිහක් නෑ...අපිට ගමේ ඉන්නත් නෑ...ඒ මනුස්සයා හැම තැනම කියවනවා තමුසෙ කොල්ලෙක්ව ඉඹ ඉඹ ඉන්නවා දැක්කයි කියලා..  පුතා තවත් අපිට දුක් නොදී ඔය කරන මෝඩ වැඩේ නවත්තලා ගෙදර එන්න.මේ උපරිම හොඳින් කියන්නෙ..තාත්තට යකානැඟලා ඉන්නෙ.හෙට එන්න ගෙදර..ඔයාට අපෙ දුක තේරෙන්න ඕන පුතා.බබෙක් නෙවෙයිනෙ."

"අම්.. අම්මා...."

එච්චරයි කියාගන්න පුලුවන් වුනේ..මන් දන්නෑ ඇයි  මේ දේවල් මෙහෙම විසඳෙන්නෙ කියලා..හොරෙන් ආදරේ කරපු කාලෙ කොයිතරම් ලස්සනද .අපි දෙන්නට දෙන්නා කොයි තරම් සතුටින් හිටියද..

"ඇයි ?"

මන් ඇඳේ දිගාවෙලා කල්පනා කර කර ඉද්දී මෝක්ශ ඇවිත් එහෙම ඇහුවම මන් ඇඳෙන් වාඩ්වුනා

"අම්මා කතා කරා."

"බැන්නද?"

"හෙට මට යන්න වෙනව"

"පිස්සුද"

"ඇත්තටම කියන්නෙ මෝක්ශ.."

"ඇයි මොකද වුනේ ඔහොම කියන්න එක පාරටම."

"අපි දෙන්නගෙ ෆොටෝස් වගයක් ගහල බාර් එකට ආපු මනුස්සයෙක්.ඒ මනුස්සයා අපේ ගමේලු..තාත්තගෙ ඔෆිස් එකෙත් වැඩ කරනවලු.හැම තැනම කියවනවලු අපි දෙන්නා ගැන.මන් නම් දන්නෑ ඒ මනුස්සයව.අම්මා කිව්වා ගෙදර එන්න කියලා."

"ඔයාට පුලුවන්ද මෙතීශ මන් නැතුව ඉන්න.

"ඒ මගෙ අම්මයි තාත්තයි මෝක්ශ..මන් ලොකු ප්‍රශ්නෙක ඉන්නෙ ඔයාට තේරෙනවා ඇති මාව..මට පැත්තක් ගන්න බෑ."

"ම්ම්.."

"දවසක් එයි එයාලා තේරුම් ගන්න එතකන් ටිකක් ඉවසමු මෝක්ශ."

"හෙට යනවද එතකොට."

"හ්ම්ම්.දෙන්නම යමු..හැමදාම හැංගිලා ඉන්න බෑනෙ මෝක්ශ"

"හ්ම්ම්"

"ඇයි ඔයා ඔහොම.. අදත් කතා කරලා ඉන්නකො.වෙනදා වගේ.."

මෝක්ශ ඕනවට එපාවට වගේ කතා කරද්දී ප්‍රශ්න ආවත් මන් හිනාවක් මවාගෙන එයාට තුරුලු වෙලා එහෙම කිව්වේ අපි දෙන්නගෙ ජීවතේ වෙනම පරිච්ඡේදයක් පටන් ගත්ත මේ තැන ඉන්න අවසාන දවස ලස්සනට ගෙවාගන්න ඕනි නිසා.

"මෝක්ශ අපි අද එළියට යමුද ?"

"හ්ම්ම්."

"ඇයි තමුසෙට කටක් ඇරලා කතා කරන්න බැරි මෝක්ශ..තමුසෙට තේරෙනවද මන් ඉන්න තත්ත්වෙ වත් අඩුම තරමේ..මට මාවම එපා වෙනවා මේ දෙවල් නිසා.පුලුවන් නම් මේ සේරම දමලා ගහලා යනවා ඔලුව හැරිච්ච අතේ.."

"ඉතින් පලයංකෝ.මන් බලෙන් තියාගත්තෙ නෑනෙ."

"මෝක්ශ මගෙ ඔලුව කන්නෙ නැතුව ඉන්නවද.මට නිදහස් වෙන්න ඕනි.මගෙ ඔලුවට මේවා බර වැඩී..මට ටිකක් තනියම ඉන්න දෙන්න."

"ආ එනවා ඔලුව හැරිච්ච අතකනෙ යන්න ඕනි වුනෙ."

"අතාරිනවා...මෝක්ශ.."

මන් එක එක ඒවා කියලා අවසානෙ අඬන්න ඕන වුනත් කරුමෙට අඬාගන්න වත් හයියක් නැති වෙද්දී ඔලුව හැරිච්ච අතක යනවයි කිව්ව කතාවට කුලප්පු වුන මෝක්ශ මගේ ශර්ට් කරෙන් ඇඳගෙන ගිහින් මාව එළියට දාලා දොර වහගත්තා.

මන් එහෙන්මම දොර අයිනෙන් වාඩිවෙලා කකුල් දෙක අස්සෙ ඔලුව ගහගෙන හිටියේ ඇස් දෙක අස්සෙන් කඳුලු එකපිට එක එළියට ගලන් එද්දී.

"ඇයි මල්ලේ.."

අශාන් අයියා මාව දැකලා මේ පැත්තට එද්දී මන් බස බස ගාලා අත් දෙකෙන් මූන පිහිදගෙන හිනාවක් ගත්තේ ඒ මිනිස්සුන්ට මේ ප්‍රශ්න දෙන්න ඕන නැති නිසා.

"නෑ අයියේ ඇතුළෙම ඉඳලා එපාවෙලා.පොඩ්ඩක් හුළං වැදෙන්න එළියට ආවා."

"ආ ඒක මිසක්.මන් බැලුවා ඔලුව ගහගෙන ඉද්දී අසනීපයක් වත්ද කියලා."

"ආ..නෑ නෑ අයියේ නිකන් මේ...ආතල් එකට එළියට ආවේ."

මන් එහෙම කිව්වම අශාන් අයියා ආයෙත් හිනාවෙලා ගේ ඇතුළට ගියා.

මන් හිමීට දොරේ යතුර දාන හිලට ඇහැ තියලා බැලුවේ මෝක්ශ මොනාහරි කරනවා පේනවද කියලා.

ආ...මේ ඉන්නේ හොරා වගේ..

දොර යටින් ලාවට ලාවට වගේ ඔලුවක් පෙනෙද්දී මෝක්ශත් ගේ ඇතුළෙන් දොරට පිටදීලා බිම ඉඳගෙන ඉන්නවා කියලා මන් හොයාගත්තා.

සමහර වෙලාවට මගෙ වචන සැර වැඩී..එතකොට එයාගෙ හිත සංවේදී වැඩි..තරහ ගියාම දෙන්නගෙන් එක්කෙනෙක්ටවත් මෙලොව සිහියක් නෑ.

මන් හෙමීට දොර ළඟින් නැගිටලා ගිහින් අන්දර වැටෙන් කෝටු ටිකක් කඩන් ඇවිත් දොර යටින් ඇතුළට දැම්මේ ඒ ටික ආයෙත් එළියට එද්දී.

මන් ආයෙම ඒ ටික ඇතුළට තල්ලු කරලා දැම්මම...ඒ විදිහටම එයා ඒ ටික එළියට තල්ලු කරන්න ගත්තා.

"එහෙටයි මෙහෙටයි කෝටු තල්ලු කර කර ඉන්නද අදහස..මාව ඇතුළට ගන්නෙ නැද්ද?"

මන් ඇතුළට ඇහෙන විදිහට එහෙම කියලා ආයෙත් ඉස්සරහ බලා ගද්දී දොර ඇරෙන සද්දෙත් එක්කම වගේ දොරට පිට තියන් හිටිය මාව පිටිපස්සට තල්ලු වුනේ ඔලුව ඩොග් ගාලා බිම ඇනෙන්න ඔන්න මෙන්න තියෙද්දී.

ඒත් එක්කම එතනින් වාඩිවුනු මෝක්ශත් මාව බදාගෙන මගෙ ඇඟට බරදෙද්දී ඔලුව ගිහින් බිම ඇනුනෙ මන් අමාරුවෙන් අමාරුවෙන් කොන්ද කෙලින් කරගෙන ආයෙත් හරියට වාඩිවෙද්දි.

"මට සමාවෙන්න එළියට දැම්මට."

මෝක්ශත් මගෙ බෙල්ල අස්සෙ ඔලුව ගහගෙන කිව්වම මන් එයාගෙ පිට අතගාන්න පටන් ගත්තේ එයා අඬනවා කියලා තේරෙද්දී.

"මටත් සමාවෙන්න..මාත් අර විදිහට කිව්වට."

"මෙතීශ ගෙදර ගියා කියලා මාව අමතක කරන්නෑ, දාලා යන්නෑ කියලා ප්‍රොමිස් වෙන්න..මට ඔයා විතරයි ඉන්නෙ..මට ඔයාව නැතුව දවසක් වත් ඉන්න අමාරුයි."

"සමහර වෙලාවට අපිට කාලෙට ඉඩ දීලා බලන් ඉන්න වෙනවා ප්‍රශ්නෙ උණුසුම ටික කාලෙකට අඩු වෙලා යනකන්."

"උබ කොහෙන්ද බර ටෝක් දෙන්න පුරුදු වුනේ..මගෙ මෝඩ අලේ දැන් ලොකු මිනිහෙක් වෙලාද? "

එයා අඬන එක නවත්තලා හිනාවෙවී එහෙම කියද්දී මටත් බකස් ගාලා හිනාවක් පැන්නෙ කලින් හිටපු දුක්ඛිත මූඩ් එක වාෂ්ප වෙලාම ගිහින් මට එයාගැන ආදරයක් හිතෙද්දී.

මෝඩ අලේ..

නිකන් නෙවෙයි..

එයාගෙ මෝඩ අලේ..

කමක් නෑ මෝඩ අලයක් බැරි නම් කොහිල අලයක් හරි වෙනවනම් එයාගෙ වෙලා.

••••••••••••••••••••••••••••••••••••••••••••••••••

කතාව කියවන හැමෝටම ස්තූතියි.❤️

Avivit 💜️

Continue Reading

You'll Also Like

38.3K 6.3K 15
මගේ හිතේ ඉඩ දැන් නුඹ අතින් හැඩවෙන සිතුවමකි !
105K 18.2K 58
❝ ﹏ මට මේක කියන්නකෝ අග්‍ර..බියුටි ඇන්ඩ් ද බීස්ට් එකේ කුමාරයා ශාපයක් නිසා එච්චර කැත රාක්‍ෂයෙක් වුනේ නැත්තම් බෙල් වගේ දුප්පත් කෙල්ලෙක් දිහා අඩුම තරමෙ බ...
62.3K 8.4K 33
Após a morte de seu pai Edward Teach, um dos maiores e mais respeitados piratas da região do Caribe, Mon assume como capitã do navio Concorde. Bem qu...
110K 21K 41
💚.... මට කේන්තී........ ඇයි එහෙම ... මට බෑ වෙනස්වෙන්න.... මේ මගේ විදිහ.... කාටද පුලුවන් මාව වෙනස් කරන්න............ ❤️......ඕනෙනෑ මට ඔයාව....... තර...