SOULMATE(Completed)

By avivit-xia

71.5K 15K 4.9K

අයිතියක් තියෙනවනම් ලැබෙනවමයි.. හරිම තැනදී හොඳම වෙලාවෙදී ගැළපෙනම කෙනාට (උපුටා ගැනීම තහනම්.) More

°°••°°••°°
01
02
03
04
05
06
07
08
09
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66(end)
••°°••°°••
ස්තූතියි.

41

952 200 113
By avivit-xia

"මෝක්ශ මල්ලි..."

"තවම නිදිද..."

"මෝක්ශ මල්ලී.."

"මල්ලී ..."

හීනෙන් වගේ ඇහුන කටහඬත් එක්කම මන් ඇස්  ඇරලා කාමරේ දිහා බැලුවා. ඒත් එක්කම මෝක්ශ කඩාගෙන බිඳගෙන දොරත් ඇරන් එළියට දුවන්න ගිහින් ආයෙ ඇඳුමක් නෑ කියලා මතක් වෙලා බිම වැටිලා තිබ්බ කලිසමත් ඇඳ ඇඳම එළියට දිව්වා.

ආ අර කෑම ගෙනත් දෙන්න එනවා කියපු අක්කා වෙන්න ඇති.

මෝක්ශගෙ ඇඟ නිකන් බතික් කරා වගේනෙ.අර එනවයි කිව්ව අක්කා බැඳපු කෙනෙක්ද දන්නෑ.මන් කොට්ටෙ අස්සෙ තිබ්බ ෆෝන් එක ඇරන් වෙලාව බැලුවා.දෙයියනෙ දැන් ඉතින් දවල්ට කෑවා වගේ තමයි..පුදුම බඩගින්නක්නෙ දෙයියනේ දැනෙන්නෙ.

ටික වෙලාවකින් ආයෙත් මෝක්ශ කාමරේ ඇතුළට එද්දී මන් ඇස් දෙකත් තද කරලා පියාගෙන නිදි වගේ හිටියා.

මෝක්ශ ඇඳේ දිගා වෙලා හිමින් හිමින් මන් නිදිද බලන්න මගෙ කණ අතගාද්දී මන් බොරුවට ටිකක් දැඟලුවාම මෝක්ශත් ආයෙත් නිදි වගේ හෙල්ලෙන්නෙ වත් නැතුව හිටියා.

විනාඩි පහළවක් විතර දෙන්නම බොරුවට වගේ නිදාගෙන ඉඳලා අන්තිමට මෝක්ශ නැගිටලා ඇඳ උඩින් වාඩිවුනා.

"ම්ම් මේ...මෙතීශ."

"මෙතීශ.."

මෝක්ශ හෙමීට හෙමීට මට කතා කරද්දී මන් හෙමීට ඇස් ඇරියා.ඊයේ රෑ වුන දේවල් ටික පෝළිමට මතක් වෙද්දී තොල් දෙකත් හපාගෙන උඩ බැලුවා.

දමාගෙන කරා වගේ නෙවෙයි දැන් කොහොමද අපි දෙන්නා මූනෙන් මූන බලන්නෙ දෙයියනේ..ශික්කේ..........මාව ලැජ්ජාවට දියවෙලා වැක්කෙරනවා..

"ම්..මේ..අර අක්කා කෑම ගෙනාවා..මේ....මන් ඔයාට කිරි එකක් හදන් එන්නද?"

"ම්ම්..හ..හා..හා.."

මෝක්ශ ආයෙත් එළියට යද්දී මන් කොට්ටෙ ඇරගෙන ගහගෙන ගහගෙන ගියේ ආපු ලැජ්ජාවට.අයියෝ.....හැම මනුස්සයෙක්ටම මේක කරාම මේ වගේද දන්නෑ උදේට.

මෝක්ශ එන්න කලින් බිමට නැමිලා මගෙ කලිසම ඇරන් බස බස ගාලා ඇඳගෙන ආයෙත් කලින් වගේම හාන්සි වුනා.

දෙයියනේ....මෝක්ශට මාව දැක්කම ඊයෙ රෑ මන් හිටිය විදිය මතක් වෙනවද දන්නෑ..හයියෝ....මන් පූසෙක් වගේ කෙඳිරිත් ගෑවා නේද....අනේ..............මගෙ ගොං කට.....හයියෝ....මට දැන් පූසෙක් ඥාව් ගෑවත් අපි දෙන්නගෙ ඩිස්ටි ඩිඩින් එක මතක් වෙයි දෙයි හාමුදුරුවනේ...

කුස්සියෙන් දඩන් බඩන් ගගා සද්ද ගොඩක් ඇහිලා ටික වෙලාවකට පස්සෙ මෝක්ශ බිම බලාගෙන ඇවිත් කිරි වීදුරුවක් මට දික් කරද්දී මාත් බිම බලාගෙනම ඒක ඇරන් බොන්න පටන් ගත්තා.

ටික වෙලාවකින් මෝක්ශත්  පැත්තකින් ඇවිත් වාඩිවුනා.

හයියෝ.....දැන් ඉතින් අපි දෙන්නට කවදා ඉන්න පුලුවන් වෙයිද දන්නෑ ආයෙත් හිටියා වගේ.අලුත බඳින හැම ජෝඩුවකටම මේ සෙතේද දන්නෑ වෙන්නෙ..ලැජ්ජාවේ දියවෙනවා ඇති අපි දෙන්නා වගේ.

කිරි එක බීලා ඉවරවුනාම මෝක්ශ ආයෙත් වීදුරුව උස්සන් කුස්සියට ගියා.ඒත් එක්කම මන් හොඳ හුස්මක් ඇරන් කොට්ටෙ යට තිබ්බ ෆෝන් එක ඇදලා ගත්තා.

'මිතුනා ඊයෙ අපි දෙන්නා ඩිස්ටි ඩිඩින් කරා..අඩේ මට මැරෙන්න තරම් ලැජ්ජයි බන්.'

මන් පට පට ගාලා මිතුනට මැසේජ් එකක් යවද්දී ගිය පමාවට ඒක සීන් වෙලා ටයිපින් වැටුනා.

'යස් හුත්තො යස්...දානවා අද එළි වෙනකන් රතිඤ්ඤා..'

මිතුනා එහෙම මැසේජ් එකක් දාලා තියෙද්දී මන් ශීට් එක අස්සට ඔලුව දාගෙන ටිකක් හිනාවෙලා ආයෙත් ඔලුව එළියට අරන් මිතුනට මැසේජ් එකක් ටයිප් කරන්න පටන් ගත්තා.

'උබට සතුටුතේ....මන් මෝක්ශ අතින් ඉඳුල් වුනා බන්.'

'මෙතීශයා කවුද උබලගෙ බොටම් ටොප්?'

'ඒ කියන්නෙ..'

'අයියෝ...උබ ඒක දන්නැතුවද ඩිස්ටි ඩිඩින් කරේ..මේක කියපන් කාගෙ එක කාටද දැම්මේ?'

මේ මිතුනා ඔක්කොටම හපන් වල් පප්පෙක්නෙ යකෝ...මන් දිවත් හපාගෙන තව මැසේජ් එකක් ටයිප් කරා.

'මෝක්ශගෙ එක මට'

'එහෙනම් උබ තමයි බොටම්'

මිතුනා එහෙම මැසේජ් එකක් එව්වම මන් විරිත්‍තගෙන ඉන්න බූරුවෙක්ගෙ මූනක් යවලා..තව එකක් ටයිප් කරා.

'මිතුනෝ..දැන් මොනාද අපි කරන්න ඕනි?'

'මෙතීශයා උබ දැන් පොඩ්ඩක් ආඩම්බරෙන් ඉඳපන්.මෝක්ශයට කියලා වැඩ කරවගනින්.ඊට පස්සෙ ඒවගෙ ෆොටෝ අපිටත් එවපන්.උගෙ බර්ත්ඩෙ එකත් ළඟයිනෙ.අපි ගම කමු ඕකගෙ.උබට කරපු වැඩේට'

'ඩිස්ටි ඩිඩින් එකක් වුනාට පස්සෙ ඒවද බන් කරන්න ඕනි?'

'උබ පැහෙන් නැතුව හිටපන්කො මෙතීශයා.මන් කියන විදියට කරපන්.උබ දවසක් දෙකක් වත් තරහ වෙලා ඉඳපන්.එතකොට තමා උබෙ අගේ වැඩි වෙන්නෙ.'

'හා හා..'

'මේ මෙතීශයා..මටත් කෙල්ලෙක් හම්බෙන්න කියලා ප්‍රාර්ථනා කරපන්කෝ බන්.මාත් ආසයි බන් කෙල්ලත් එක්ක උබලා වගේ කරන්න.'

'තොට සදාකල් තනිකඩව ඉන්න ලැබේවා......'

මන් මිතුනට එහෙම මැසේජ් එකක් යවලා ෆෝන් එක පැත්තකින් තිබ්බේ ඌ අමු කුණුහරප ගොඩක් පෝළිමට එවද්දී.

"සුදු මහත්තයෝ........."

මන් කාමරේ ඉඳන් තාලෙට කෑ ගහලා කියද්දි මෝක්ශ සාලෙ ඉඳන් පුටුවකුත් පෙරළගෙන දුවගෙන එන සද්දෙ ඇහුනා.

"ඇ.ඇයි..?"

"අනේ සුදු මහත්තතයා...කූ කූ කූ....."

මන් කොට්ටයක් දිහා බලාගෙන සුදු මහත්තතයා කියද්දී මෝක්ශ ආයෙත් මූන එල්ලගෙන යන්න හැරුණා.

"හේයී....හැන්ඩ්සම්..කම් හියර්.."

මන් මෝක්ශට ඇඟිල්ලත් දික් කරලා එහෙම කතා කරාම මෝක්ශ මේ මොන විකාරයක්ද වගේ බැල්මකින් මන් දිහා බලාගෙන හිටියා.

"මගෙ කකුල් දෙකට පොඩි මසාජ් එකක් දෙන්න බේබි."

බේබි කිව්ව ගමන් මෝක්ශ රතු වෙවී, රතු වෙවී මගෙ ළඟට ඇවිත් මොකක්දෝ  ක්‍රීම් එකක් වගේ එකක් ගගා මගෙ කකුල් දෙක මසාජ් කරන්න පටන් ගත්තා.

"හොඳ බබා.. මට හරි සනීපයක් දැනෙනවා..ආ එතන එතන..එතන..තව ටිකක් පහළට වෙන්න..ආ..හොඳයි..තව ටිකක් මසාජ් කරන්න.."

මන් හෙමීට ෆෝන් එක ඇරන් මිතුනා කිව්ව විදිහටම මෝක්ශ නොදැනෙන ගානට වීඩියෝ කරලා ඒක මිතුනට යැව්වා.සුදු මහත්තතයගෙ උපන් දිනෙ වෙනුවෙන්නෙ හැමදේම.

"මෙතීශ, මන් ඔයාව බාතෲම් එකට එක්කන් යන්නද ?"

මෝක්ශ එහෙම අහද්දී මන් මිතුනා කිව්ව විදිහටම ආඩම්බරෙන් මෝක්ශ පැත්තට අත්දෙක දික්කරාම මෝක්ශ බැරි බැරි ගාතෙ මාවත් උස්සගෙන ගිහින් බාතෲම් එකෙන් තියලා එළියට ගියා.

මන් නොන්ඩි ගගහ කණ්නාඩිය ළඟට ගිහින් කලිසම ගලවලා පස්ස පැත්ත බැලුවා.හප්පේ......රතු පාට වෙලා දෙයියනේ.....මාව කාලා..... හොඳ වෙලාවට කාටවත් පේන්නෑ..දෙයියනේ මේක ඉතින් මෝක්ශ ඊයෙ රෑ දැක්කනේ ඇත්තට...




















"පුටා...පුටා ....."

දවල් වෙලා මෝක්ශගෙ අම්මයි,සුදු මැණිකයි ගෙදර ආවා.අද දවසෙම සුදු මැණිකගෙ වැඩේම පුටා පුටා කිය කිය මගෙ කම්මුල් හපන එක.අයියණ්ඩියි,මලයණ්ඩි දෙකම එකයි.

මෝක්ශත් කට ඇරගෙන මන් දිහයි,සුදු මැණික දිහයි බලන් ඉද්දී මන් සුදු මැණිකවත් වඩාගෙන ඇවිත් සාලෙ බිමින් වාඩිවුනා.

"පුටා..පුටා..."

"ඕ...එන්නකෝ අපි සෙල්ලමක් කරමුකෝ..මේකෙන් ඉලක්කෙට ගහන එක්කෙනා තමයි දිනුම්."

"පුටා...පුටා...කා....ක...."

මන් සෙල්ලම් බඩු දාලා තිබ්බ පෙට්ටියත් ඒ හරියටම ඇදලා ඇරගෙන ඉලක්කෙ විදිහට මෝක්ශව පෙන්නලා බෝනික්කෙක්ගෙ ගැලවෙලා ගිය අතක් ඇරගෙන මෝක්ශට ගහලා පෙන්නුවා.

මෝක්ශ ඒක අහුලගෙන ආය මට ගහන්න පටන් ගත්තා.

එහාට

මෙහාට

එහාට

මෙහාට

"මෙතීශ ඉස්සෙල්ලම උබ පටන් ගත්තේ..ඒ නිසා මට මේක ඉවර කරන්න දීපන්."

"බෑ තමුසෙ මට එවපු එක රිදෙන්න වැදුනා."

අපි දෙන්නා මාරුවෙන් මාරුවට සෙල්ලම්බඩු පෙට්ටියට අත දදා අහුවුන සෙල්ලම් බඩුවකින්ම ගහගනිද්දී සාලෙ අපායක් වෙලා තිබ්බා.

එක පාරටම ඇහුන සද්දයක් නිසා මෝක්ශයි මායි හැරිලා බැලුවම සුදු මැණික බයවෙලා අඬන්න ඔන්න මෙන්න වගේ මූනකුත් හදාගෙන අපි දිහා බලන් ඉන්නවා.

ඒ හරියෙම පැත්තකින් බිම වැටිලා තිබ්බෙ මෝක්ශගෙ ෆෝන් එක.හරිනෙ සුදු මැණික වැඩ දීලා වගේ.ලොකු අවුලක් නොවෙන්න ෆෝන් එකේ මැදින්ම හරහට ඉරි තුන හතරක් ගිහින් තිබ්බා.

"අම්මා.....මේ මල්ලි මගෙ ෆෝන් එක පොළවෙ ගැහුවා.."

මෝක්ශ ෆෝන් එක ටීශර්ට් එකෙන් අතුල්ල අතුල්ල කෑ ගහද්දී සුදු මැණික අඩාගෙන කාමරේට දිව්වා.

"හොඳ වැඩේ උබට..මෝඩ මෝක්ශයා.."

මන් මෝක්ශට එහෙම කියලා සුදු මැණික පස්සෙන් දුවගෙන ගියා.නැත්නන් ඊළඟට මගේ ෆෝන් එක තමයි.






















"මෝක්ශ, හෙට තාත්තා එන්නම් කිව්වා."

"එතකොට හෙට යනවද?"

"හ්ම්ම් යන්න වෙනවනෙ ඉතින්..ආයෙ දවසක එන්නම්කෝ."

දවල් වෙලා කාලා හාන්සියක් දාන්න ඇඳට ආව හැටියේ මන් මෝක්ශට එහෙම කිව්වම මෝක්ශ මූනත් ඇඹුල් කරගෙන ඇස් දෙක පියාගත්තා.

හැමදාම එකට ඉන්න බෑනෙ.ඒක අපි දෙන්නටම තේරුම් ගන්න වෙනවා.ඔන්න අපි දෙන්නා කොල්ලෙකුයි කෙල්ලෙකුයි උනානම් ගෙදරට කිව්වම බන්දලාත් දෙයි.ඒත් ඉතින් මේ වගේ දෙයක්...අනෙ මන්දන්නෑ එයාටයි මටයි මොනා වෙයිද කියලා.

"තරහද මෝක්ශ.."

මන් මෝක්ශව අත් දෙකෙන්ම තුරුලු කරගෙන එහෙම ඇහුවා.

"මට පාලු හිතෙයි ඔයා ගියාම."

"අපිට කවදාවත් එකට ඉඳන් නිදහසේ ආදරේ කරන්න බැරි වෙයිද මෝක්ශ ?"

"ළඟින් හිටියත් නැතත් ආදරේ වෙනසක් වෙන්නෙ නෑ.අපි බලමුකෝ.දවසක මේ දෙවල් අම්මලාට කියන්නම වෙයි..එදාට බලමු.දැන් සතුටින් ඉමු.මට ඔයත් එක්ක ඉන්න තප්පරයක් වුනත් ආදරෙන් ඉන්න ඕනි."

"මාත් ඔයාට ආදරෙයි මෝක්ශ හැමදාටම."

"මමත්..මොන දේවල් වුනත් අපි දෙන්නා ආදරෙන් ඉමු මැණික."



"සලාං"



මෝක්ශ එහෙම කියලා මගෙ නලලට හාදුවක් තියාගෙන ඉද්දී එක පාරටම ඇහුන සද්දෙ නිසා අපි දෙන්නම ගැස්සිලා ගිහින් දොර දිහා බැලුවා.

••••••••••••••••••••••••••••••••••••••••••••••••••

මොකක්ද සද්දෙ..??

කතාව කියවන හැමෝටම ගොඩක් ස්තූතියි.❤️

Avivit 💜️

Continue Reading

You'll Also Like

176K 26.6K 21
"နွေအရောင်တွေဟာ ဝိုင်လိုပဲ..."
62.2K 8.4K 33
Após a morte de seu pai Edward Teach, um dos maiores e mais respeitados piratas da região do Caribe, Mon assume como capitã do navio Concorde. Bem qu...
5.2K 751 20
"පුදසුන අභියස ❤"මේක මම අවුරුදු ගානකට කලින් ඒ කියන්නෙ මම 11 වසරේ(2018) වගේ ඉද්දි කියවපු ලස්සන gay love story එකක් 😍අවුරුදු ගානක් ගිහිල්ලාත් තාමත් හදව...
105K 18.1K 58
❝ ﹏ මට මේක කියන්නකෝ අග්‍ර..බියුටි ඇන්ඩ් ද බීස්ට් එකේ කුමාරයා ශාපයක් නිසා එච්චර කැත රාක්‍ෂයෙක් වුනේ නැත්තම් බෙල් වගේ දුප්පත් කෙල්ලෙක් දිහා අඩුම තරමෙ බ...