SOULMATE(Completed)

By avivit-xia

71.5K 15K 4.9K

අයිතියක් තියෙනවනම් ලැබෙනවමයි.. හරිම තැනදී හොඳම වෙලාවෙදී ගැළපෙනම කෙනාට (උපුටා ගැනීම තහනම්.) More

°°••°°••°°
01
02
03
04
05
06
07
09
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66(end)
••°°••°°••
ස්තූතියි.

08

1K 235 107
By avivit-xia

දෙයියනේ...මන් මෝක්ශ යාලු ත් ඇදගෙන ආය වොශ් රූම් එකෙන් එළියට පැන්නා.

චූ බර හැදුන මම යාලුත් ඇඳගෙන ලයිට් දාලා තිබුන වොශ් රූම් එකට යද්දී ඉමල්ක අයියා ජනීශ අයියව බිත්තියට හේත්තු කරගෙන ජනීශ අයියගෙ කට හපාගෙන ජනීශ අයියව මරන්න හදනවා.ජනීශ අයියා ජීවිතේ බේරගන්න හුස්ම අල්ල අල්ල ඉමල්ක අයියගෙ කොන්ඩෙන් ඇඳලා එයාව අයින් කරන්න හදනවා.
ඉමල්ක අයියා ජනීශ අයියට නපුරුකම් කරනවා කියල මට මුල ඉඳලම හිතුනා.එක දවසක් බත් බෙදාගන්න පෝළිමේ ඉද්දී ජනීශ අයියගෙ පස්ස පැත්තටත් හයියෙන් පාරක් ගැහුවා.ඒත් මන් හිතුවෙ නෑ හුස්ම හිරකරලා මරන්න තරම් ඒ දෙන්නා අතරෙ තරහක් ඇතියි කියලා.

"යාලු ඔයා ටෝච් එකෙන් ගහගෙන ගහගෙන යන්න පිට මැදට.මන් හපාගෙන හපාගෙන යන්නම්"

"හරි යාලු"

අපි දෙන්නා සද්දෙ ඇහෙන් නැති වෙන්න පහකුත් ගහලා මාපට ඇඟිල්ල උස්සලා ෆිට් එකකුත් පෙන්නලා ආයෙත් හෙමින් හෙමින් වොශ් රූම් එකට ගියා.


ඉමල්කයෝ අද උබෙ අවසානෙ.උබලා වගේ මැරයො නිසා අපිටත් මේ හොස්ටල් එකේ නිදහසේ ඉන්න බැරි වෙයි.

""ආ.........ඕ.......හයියේ....මා..........""

අපි දෙන්නම එකටම අපේ සටන් පාඨෙත් කියාගෙන කෑ ගහගෙන ඇතුළට ගිහින් ඉමල්ක මැරයව ඇදලා ගත්තා.මෝක්ශ ටෝච් එකෙන් ඉමල්ක මැරයගෙ පිට මැදට ටෑල් ටෑල් ගාලා ගහහෙන ගහගෙන යද්දී ...මන් ඉමල්ක මැරයගෙ අතක් ඇරන් හපා.......ගෙන හිටියා.

"ආ..ව්ව්ව්ව්....මොන හුත්තක්ද..අතෑරපන් පොඩි එකෝ..ආව්ව්ව්..යකෝ මුන්ව අයින් කරපන්කො බලන් ඉන්නෙ නැතුව"

ඉමල්ක මැරයා එහෙම කිය කිය බෙරිහන් දෙද්දී ජනීශ අයියා මාවයි මෝක්ශ යාලු වයි අයින් කරා.

"අපි කියනවා මිස්ට තමුසෙ ජනීශ අයියව මරන්න ගියා කියලා"

මෝක්ශ එහෙම කියලා කෑ ගහද්දී අපි දෙන්නම ඇස් කොනෙන් අපි දෙන්නා දිහා බලල ආයෙත් වැඩේ පටන් ගමු කියලා ඉඟියක් දුන්නා.

""ආ........ඕ......හයියේ.......මා......"''

අපි දෙන්නා අපෙ සටන් පාඨේ කියලා ආයෙත් ඉමල්ක මැරයව අඩපණ කරන්න පටන් ගත්තා.

"ආආ.....අනේ..මොන රෙද්දක්ද...මල්ලිලා...පලයංකෝ...නිදා ගනිල්ලකො..."

ඉමල්ක මැරයා එහෙම කියලා කෑ ගහද්දී ජනීශ අයියා ආයෙත් ඉමල්ක මැරයව නැගිට්ටවලා අපි දෙන්නව මැරයගෙන් අයින් කරා.මුන් දෙන්නා මැරෙන්න නෙවේද මන්ද ගිහින් තියෙන්නෙ.දැං ටික්කට කලින් මරාගත්ත ඩබල මේ හොඳට ඉන්නෙ.

"මල්ලි කාටවත් කියන්න එපා..ඉමල්ක අයියට අර සුනඛ අවතාරෙ වැහිලා."

"ආ......??????"

ජනීශ අයියා කියපු කතාවට මායි මෝක්ශයි කටවල් ඇරගෙන මෙච්චර වෙලා මැරයෙක් කියලා හිතන් හිටපු ඉමල්ක කියන සුනඛ අවතාරෙ දිහා බැලුවා.ඇත්ත තමයි පොඩි බලු ගතියකුත් පේනවා.

"ඔව්..ඒකයි මේ එයා මගෙ කට හපන්න ගියේ..මාත් එයාගෙ කට හැපුවෙ එයාගෙ සුනඛ ආත්මෙ ඇඟෙන් අයින් කරන්න.නැත්නම් අපිටමයි කරදරේ..රෑට රෑට හැමෝගෙම කටවල් හපල මරලා දායි..දන්නවනෙ සුනඛ අවතාර ගැන.මන් අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ."

දෙයියනේ...ජනීශ අයියා කොයි තරම් නම් වීරයෙක්ද..හොස්ටල් එකේ ළමයි වෙනුවෙන් තමන්ගෙ ජීවිතේ අවදානමේ දාගන්න තරම්..මාත් ජනීශ අයියා වගෙ වෙනවා දවසක.සුනඛ අවතාර වලින් මේ ලෝකෙම බේරගන්නවා.

"අයියේ දැන් ඉමල්ක අයියගෙ අවතාරෙ ගිහින්ද"

මෝක්ශ යාලු පැත්තක වැටිලා තිබ්බ ටෝච් එකත් අහුලන් ගිහින් ජනීශ අයියගෙන් ඇහුවා.

"ඔව් මන් ඒ අවතාරෙ යැව්වා.දැන් බය වෙන්න එපා.හැබැයි මේ දේ තියෙන්න ඕන අපි හතර දෙනා අතර විතරයි.වෙන කවුරු හරි දැන ගත්තොත් එදාට මුලු හොස්ටල් එකම සුනඛ අවතාරෙ ඇවිත් කාලා දායි."

"අනේ අම්මෝ අපි නම් කියන්නෑ අයියේ කාටවත්ම. ප්‍රොමිස් වෙනවා.."

ජනීශ අයියයි, අවතාරෙ වැහුන ඉමල්ක අයියයි ආයෙ යන්න යද්දී කලින් තිබ්බ මගෙ චූ බර දෙගුන වෙලා තියෙද්දී..චූ බරක් තිබ්බෙ නැති මෝක්ශ යාලු ටත් චූ බරක් හැදිලා තිබුනා.අපි ඉක්මනට බර නිදහස් කරගෙන ඇවිත් සුනඛ අවතාරෙ විනාස කරන්න ප්ලෑන් කර කර නිදා ගත්තා.








"කවුද බලමු ඉස්සෙල්ලම ගිහින් බත් බෙදා ගන්නෙ..."

එක හමාරට ඉස්කෝලෙ ඇරුණම මෝක්ශ යාලුයි,මිතුනයි,මමයි හොස්ටල් එකට දූවගෙන ආවා බත් බෙදාගන්න.

මිතුනා වේග බට්ටා වගේ පළවෙනියටම දුවගෙන යද්දී මිතුන්ගෙ කණනාඩි දෙක බිම වැටිලා ඒක අහුලගෙන පිහිද පිහිද ඉද්දී මෝක්ශ මිතුන්ට හූ...කියාගෙන මිතුනව පාස් කරන් දුවගෙන ගියා.මන් පිටීපස්සෙන් බෑග් එකත් පස්ස පැත්තෙ වද්ද වද්ද දෙවෙනියට හරි යාගන්න ඕන කමට දුවගෙන ගියා.මේ බෑග් එක නම් මල වදයක් ටිකක් කොට කරගන්න ඕන .

ඉස්සෙල්ලම දුවගෙන ගියපු මෝක්ශ බ්‍රේක් පාරක් ගහගෙන හොස්ටල් එකේ දොර ළඟ ඉද්දී..මාත් ගිහින් බ්‍රේක් පාරක් ගැහුවා.මිතුනත් කණ්නාඩිය දාගෙන ඇවිත් අපි ළඟින් හිට ගත්තා.

"අලුත් යාලුවා ඇවිත් නේ..."

අලුත් යාලුවා ඉස්සරහ පුටුවක එයාගෙ අම්මයි තාත්තයි එක්ක ඉඳගෙන ඉද්දී අපි තුන් දෙනා අලුත් යාලුවටයි එයාගෙ අම්මටයි තාත්තටයිත් හිනා වීගෙනම ඇතුළට ගියා.





"හලෝ..ඔයාගෙ නම මොකක්ද?"

"එස්.එම්.ජයබිම ලංකා සිටිසේකර"

"ජයබිම මිතූ..ඔයාට යාලුවෙක් හම්බුනාද?"

මිතුනා එකටම ජයබිමත් එක්ක යාලු වෙන්න දඟලද්දී අපි නම් මිතුනට දාගෙන රැව්වා.එයා අපෙ යාලුවෙක් වුනොත් එයාවත් අපෙ කණ්ඩායමට බඳව ගන්න වෙනවා.ඒකෙන් වෙන්නෙ අපෙ රහස් තව එක්කෙනෙක් දැන ගන්න එක.අනික එහෙමවුනොත් වෙන්නෙ එම්ත්‍රී කියලා අපෙ කණ්ඩායමට දාන්න හිටපු නමට මැදින් ජේ අකුරකුත් පනින එක.
එහෙම වුනොත් මිතුනට ඕනි ඇටයක් කරගන්න කියලා මායි මෝක්ශයි වෙනම කණ්ඩායමක් හදාගෙන්නවා එම් ටූ කියල.

"මෝක්ශ යාලු අපි මිතුන් එක්ක තරහ වෙමුද?"

"ඇයි..?"

"එයා ජයබිමත් එක්ක යාලු වෙන්න හදන්නෙ."

"හා..එයා ජයබිමටත් කියයිද හලෝ මගෙ ටවල් එක වැටුන එක."

"නෑ අපි එයාව ප්‍රොමිස් කර ගත්තනේ"

මිතුන් දැන් අපිට වඩා ජයබිමව ලොකු කරගෙන.අපිට මොකෝ.







"පාර මතක නම් තාමත් ගේ ළඟයි දුවේ..."
"පාර මතක නම් තාමත් ගේ ළඟයි දුවේ..."

මායි මගෙ යාලුයි ගණන් පොත් දෙකකුත් අරන් පාඩම් කරන්න එළියට එද්දී මිතුනයි ජයබිමයයිත් එළියේ පාඩම් කරනවා අපි මිතුනට ඇහෙන්න සිංදුවකුත් කියාගෙන කබඩ් එක උඩින් වාඩිවුනා.පාර මතකනම් එයිනෙ අපිත් එක්ක යාලු වෙන්න.




"මෝක්ශ..මෙතීශ....අනේ මේ ජයබිම ට මොකක්ද වෙලා බිම වැටුනනේ..."

මිතුන් එහෙම කියලා කෑ ගහද්දී ගණන් පොතේ හිටපු මිනිස්සුන්ව පාට කර කර හිටපු මායි මගෙ යාලුයි දුවගෙන ගියා.

හානේ........මේ මොකද..ජයබිම පේර ගහ යට දිගා වෙලා.මන් හෙමීට මෝක්ශ යාලුව ඇදගෙන පැත්තකට ගියා.

"යාලු ඔයාට හිතෙන්නෙත් මට හිතෙන දේ ම නේද?"

"ඔව් හලෝ..එයාට කලන්තෙට වගේ ඇවිත් අපි වතුර ටිකක් දෙමුද?"

"අයියෝ.........මෙච්චර දේවල් ඇස් පනාපිට වෙලත් ඔයා කියනවද ඒ කලන්තයක් කියලා."

"එහෙනම්?"

"ඒ සුනඛ අවතාරේ මෝඩ යාලූ....එදා ඉමල්ක අයියගෙන් අයින් වුනාට පස්සෙ එයා අලුත් ළමයෙක් වගෙ වෙස් වලාගෙන ආවා වෙන්න බැරිද??"

"ආ...නේ..ඇත්තමයී....මට ඕක මතක් උනේ නෑනෙ.එතකොට මිතුන් මෙච්චර කල් යාලු වෙලා ඉඳලා තියෙන්නෙ සුනඛ අවතාරයක් එක්ක එහෙනම්"

"අපි එදා ජනීශ අයියා කරපු විදිහටම කරලා අවතාරෙ පන්නලා දාමූ.."

"මිතුනෝ..ස්ස් ස්ස් මිතුනෝ"

අපි මිතුනට චූස් පාරක් දාලා ජයබිමට නොදැනෙන්න මිතුනව ළඟට ගෙන්න ගත්තා.

"තමුසෙ දන්නවද තමුසෙගෙ යාලුවා සුනඛ අවතාරයක් කියලා.."

"මොකාක්...???"

"ඔව්...පේන්නැද්ද වැටිලා වගේ ඉන්න විදිහ.ඔහොම වෙන්නෙ සුනඛ අවතාර වලට..එදා අපි ඇස් දෙකෙන්ම යම්කිසි දෙයක් දැක්කා.හැබැයි ඒක කියන්න බෑ.අපි ප්‍රොමිස් වුනා"

"අනේ හලෝ මට බයයිනේ...මාත් දැන් සුනඛයෙක් වෙයිද..."

"ඔයා එයා දුන්න මොනාහරි කෑවද"

"වතුර බිව්වා..ආය තේ බොද්දී එයා දුන්න බිස්කට් එකක් කෑවා..ආය එයා දුන්න චුයින්ගම් එකක් කෑවා.එච්චරයි.අනේ හලෝ මන් එහෙම වෙන එකක් නෑ නේද කියන්නකො.."

"නෑ එහෙම වෙන එකක් නෑ.ඔයත් අපේ සුනඛ අවතාර විනාශ කිරීමෙ කන්ඩායමට බැඳෙන්න.හාද..මිනිස්සු විදිහට ඉන්න අවතාර අපි විනාශ කරලා දානවා "

"හරි එහෙනම් මාත් එනවා ඔයාලගෙ කන්ඩායමට.දැන් අර ගහ යට දිගාවෙලා ඉන්න අවතාරෙට මොකද කරන්නෙ"

"මිතුනා, දුවගෙන ගිහින් තමුසෙගෙ වතුර බෝතලේ ගේනවා වතුර එකක් පුරවගෙන.ඉස්සරහ මල් ගහෙන් මල් ටිකකුත් බෝතලේට දාගෙන එනවා"

මන් එහෙම කියලා මිතුනව ඒ වැඩේට පිටත් කරලා මෝක්ශ යාලු ත් ඇදගෙන කබඩ් එකට මුවා වෙලා ගහයට ඉන්න ජයබිම සුනඛ අවතාරෙ නැගිටීයිද කියලා බලාගෙන හිටියා.අද තමයි අපේ දවස.කොහොමහරි සුනඛ අවතාරෙ විනාස කරලා අපිත් ජනීශ අයියා වගේ වීරයෝ වෙනවා.









••••••••••••••••••••••••••••••••••••••••••••••••••

ජයබිම කොලුවට හන්තාන දෙවියන්ගෙම පිහිටයි 🙂
ඉක්මනට දුවලා හැංගියන් කොල්ලො අරුන් තුන්දෙනාට අහුවෙන්න කලිම්.

කතාව කියවන හැමෝටම ගොඩක් ස්තූතියි ❤️

Avivit 💜️








Continue Reading

You'll Also Like

286K 49.3K 61
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)
56.3K 4.3K 60
ផែនដីក្រឡាប់ចាក់ មនុស្សស្អីតាំងពីកំលោះមកដល់ពោះម៉ាយកូនប្រាំហើយ រកប្រពន្ធជាប់លាប់និងគេ១ក៏គ្មាន មិនមែនលែងលះទៅឯណាទេ គឺពួកគេនិងស្លាប់ដោយគ្មានមូលហេតុនៅដែល...
75.8K 9.9K 51
"හදිසි කෝපය නිසා සිදු වු අත් වැරැද්දක්" "දඩුවමක් වශයෙන් හතුරෝ දෙන්නගේ විවාහයක් " "අහම්බෙන් සිතේ දලුලන ආදරයක් " සතුටු දායක අවසානයක් වෙයිද ? දුඛ්ඛදායක...
39K 2.8K 72
ဖတ်ကြည့်နော်😉😉