🦋𝕄𝕪 𝔸𝕟𝕘𝕣𝕪 𝔹𝕖𝕒𝕣(�...

By Daisy93-94

21.9K 4.6K 672

🦋...නාහෙට නාහන හොස්ස ලගින් මැස්සෙක් ටවත් යන්න බැරි තරම් කොයි වෙලෙත් ඇවිලෙන්න බලාගෙන ඉන්න ජෝඩුවක් එකට වැඩ කරන... More

🦋1st🦋
🦋.2nd
🦋.3rd
🦋.4th
🦋.5th
🦋.6th
🦋.7nth
🦋.8th
🦋.9th
🦋.10th
🦋.11nth
🦋.12th
🦋.13nth
🦋14nth
🦋.15nth
16nth
17 chapter
18nth chapter
19
19 part 2

20. End

1.2K 241 86
By Daisy93-94

මිරර් ටේබල් එක ඉස්සරහ හිටගෙන අතේ තිබුන බැන්ගල් එකේ ලොක් එක තද කරන ගමන් හිටපු ඕහානී ගේ මූනේ හිනාවක් ඇදුනේ ඉනවටේ එතුන උනුසුම් අත් දෙකක් නිසා....

"Gorgeous!!"

මිරර් එකෙන් ඕහානී දිහා බලලා ඕහානීගේ උරහිසට නිකට තද කරගෙන තේහයුන් කෙදිරුවා... ඕහානී කට උල් කරල හිනාවුනා... එහෙමම ඕහානීව තමන්ගේ පැත්තට හරව ගත්ත තේහයුන් ඕහානීගේ කම්මුලට හාදුවක් දීලා මූනට එබුනා....

තේහයුන් ගේ උනුසුම් හුස්ම මූනට වදින කොට ඕහානිගේ ඇස් හෙමින් අඩවන් වුනා....

"යාහ් කිම් තේහයුන් තමුන් කොහෙද ඉන්නේ!!!"

තොල් පැටලෙන්න විනාඩියක් තියලා පහලින් ඇහුන තේහයුන් ගේ පපාගේ ලවුඩ්ස් පීකර් සද්දෙට ඕහානී විතරක් නෙවෙයි තේහයුනුත්  උඩ විසික්කා වෙලා ගියා....

"ආහ් ආයිෂ් මේ පපා නම්!!"

තනියම කොදුරන ගමන් අත ගසපු තේහයුන් කාමරේන් එලියට ගියේ ඕහානී හෙමින් හිනා වෙද්දි.....
********
"ලව්!!"
ඕහානී කොන්ඩේ ට කටුව ගහද්දී ආපහු ආපු තේහයුන් ආයේමත් ඕහානීව ලගට ඇදලා අරගෙන නලලට හාදුවක් තිබ්බා.....

"ආර්ග්හ් හෙයොන්ග්!! බේරගන්න ඌහ්...  නූනාහ්!! "

ඊලගට ඇහුනේ ජන්කුක් විලාප දෙන සද්දේ....

"යාහ් කුක් උදව් කරනවා මනුස්සයෝ ආයිෂ් ආව් මේ බල්ලා යාහ් යාහ්....!!"

තව ටිකකින් ඇහුනේ ජිමින් මොර දෙන සද්දේ....

"යාහ් හජිමාහ්!!"

ඊලගට ඇහුනේ ඕහානීගේ පපාගේ කෑ ගැහිල්ල, 

ඊටත් පස්සේ ඇහුනේ අංකල් ජූන්  එක දිගට සමාව ගන්න සද්දේ  එක්ක  පොඩි ලමයි කීප දෙනෙක් එක සැරේ අඩන සද්දේ... 

"ආයිෂ් එයා ආයේමත් ලමයිගේ සෙල්ලම් බඩු කඩලා වගේ....!!"

හිනාවෙන ඕහානී දිහා බලලා තේහයුන් කිව්වා.....

"හැපි ඇනිවසරි මයි ලව්!! "

පරිස්සමට ඕහානිගේ තොල් වලට හාදුවක් තියලා  ඊලගට කියපු තේහයුන් ඉක්මනින් රූම් එකෙන් එලියට ඇවිදගෙන ගියා....

අද ඕහානිගෙයි තේහයුන් ගෙයි දහවෙනි විවාහ සංවත්සරය.... එදා තේහයුන් ඕහානීගේ කැමැත්ත අහලා මාස තුනක් ඇතුලත එයාලා මැරි කලා..... වැඩි සෙනගක් නැතුව චාම්ව  විවාහ උත්සවය තිබුන වුනත්  දවස් ගානක් සෝෂල් මීඩියා වල trending වුනේ තේහයුන් ගේ වෙඩින්ග් එක....

ඒකටත් හේතුවක් තිබුනා.....චර්ච් එකේ වැඩ ටික ඉවර කරලා මීඩියා වලින් ඇවිත් හිටපු අය පිටත් කරල වෙඩින්ග් සෙරමනි එකේ ඉතිරි වැඩ කලන්නයි ප්ලෑන් කරලා තිබුනේ....
ඉතින් මීඩියා එකේ අය වටවෙලා photos අරගෙන ඉවර වෙලා හනිමූන් ට්‍රිප් එක කොහෙටද ප්ලෑන් කරලා තියන්නේ කියලා තේහයුන් ගෙන් අහනකොට තේහයුන් ට හීන් දාඩිය දාන්න පටන් ගත්තා....
මොකද එදා එයාගේ ඩේට් එක අවුල්  කරායින් පස්සේ තේහයුන්  හැම තිස්සෙම බයෙන් හිටියේ  පපා  එයාගේ නසරානි යාලුවෝ ටිකත් එක්ක එකතු වෙලා ඉස්සර කාලේ කරපු ඇඩ්වෙන්චර් ගේම් එකක් ප්ලේ කරන්න එයාගේ අහිංසක හනිමූන් එක ගාව ගනී කියලා .
ඒ නිසාම එයා හනිමූන් ට්‍රිප් එක ගැන අඩු තරමේ ඕහානීට වත් කිව්වේ නෑ... එහෙම තියද්දී මීඩියා වලින් ඇවිත් ඒ ගැන අහද්දි තේහයුන් ට දාඩිය දාන එක හරිම සාමාන්‍යයි.... ඒත්..... එයා දාඩිය පිහගන්න බ්ලේසර් එකේ සාක්කුවෙන් ඇදලා ගත්ත දේ නම් සාමාන්‍ය වුනේ නෑ!!!!! ... හොදයි මං කලින් කිව්වද තේහයුන්  ඇදලා හිටියේ එයාගේ පපාගේ වෙඩින් එක  දවසේ පපා ඇදපු කෝට් කිට් එකමයි කියලා....  තේහයුන් ගේ විසි දෙවෙනි උපන් දිනේ දවසේ තමයි පපා තේහයුන් ට ඒක තෑගි කලේ.... තව ඒක ලානිල් පාට එකක් කියලා මං කිව්වේ නැද්ද...

එතකොට මං කිව්වද groom කෙනෙක් විදියට තේහයුන් ගොඩක් ගොඩක් හැන්ඩ්සම් වුනත් ජන්කුක් තේහයුන් දිහා බලාගෙන හිටියේ nervous වුන බැල්මකින් කියලා.... විශේෂයෙන් තේහයුන් පොකට් එකට අත දාන්න හදන කොට....🙂

තේහයුන් සාක්කුවෙන් එලියට අරගත්ත ගොඩක් සොෆ්ට් ලේන්සුවෙන් මූන පිහගද්දී මීඩියා වලින් ඇවිත් හිටපු අය පිස්සු හැදිලා වගේ එක දිගට photos අරගත්තා... හොදයි ඉතිම් එහෙම නැතුව බෑනේ  බිලියනර් කෙනෙක් වුන අයිඩල් කිම් තේහයුන් පොකට් එකෙන් ඇදලා ගත්ත ඉරුන බොක්සර් එකකින් මූන පිහින කොට..... ආහ් අහිංසක ජන්කුක් හිටියේ බිබී හිටපු බීම එක ඉස්මොල්ලේ ගිහින් එක දිගට කහින ගමන්.... ඕහානීගේ පපා වෙඩින්ග් එකෙත් අයිනක් අල්ලගෙන නිදි කිරපු නිසා වෙච්ච කිසි දෙයක් දැක්කේ නෑ.... අංකල් ජූන් කට ඇරගෙන පොල් ගහ වගේ හිටගෙන  අද කාලේ තියන විකාර විලාසිතා වලට  තනියම දෙස් දෙවොල් තිබ්බා... 
අලුත් ෆැෂන් වලට ගොඩක් කැමති අංකල් හේසෝක් කල්පනා කර කර හිටියේ වෙඩින් එක ඉවර වෙලා යන ගමන් සාක්කුවේ දාගෙන යන්න අලුත් බොක්සර් ටිකක් ගන්න එක ගැන..... එතකොට ජිමින් හිටියේ එක දිගට කහින ජන්කුක් ගේ පිටට අත දිගෑරලා ගහන අංකල් ජින් ගෙන් ජන්කුක් ව බේරගන්න විදියක් හිතන ගමන්.....
ඕහානී හිටියේ ලැජ්ජාවට චෙරි ගෙඩියක් වගේ රතු වෙලා....
බොක්සර් අලකලංචියෙන් පස්සේ වෙඩින් එකේ වැඩ ටික සාමකාමී ව ඉවර වුනා..  වෙඩින්ග් එකෙන් මාස තුනකට පස්සේ ඕහානී එයාලගේ පලවෙනි බේබ් එක්ක pregnant වුනා..  ඒ නිසාම ඕහානි එයාගේ France යන හීනේ අතෑරලා දාන්න හිතුවත් තේහයුන් ඒකට ඉඩ දුන්නේ නෑ..... එයා අවුරුදු දෙකක් එයාගේ වැඩ වලින් අයින් වෙලා ඕහානි එක්ක France ගියා....  අවුරුදු දෙකකට පස්සෙ ඕහානී fashion academy එකෙන් graduate වුනා.... එයාලා ආපහු කොරියාවට එනකොට ඕහානී එයාලගේ දෙවෙනි බේබි එක්ක pregnant වෙලා හීටියේ තේහයුන් ගේ දරාගන්න බැරි අහිංසක හැසිරීමේ අතුරු ප්‍රතිඵලයක් විදියට.....

ඊට අවුරුදු දෙකකට පස්සේ ඕහානී ආපහු pregnant වුනේ එයාගේ තුන්වෙනි බේබි බෝයි වෙනුවෙන්.... ඒ වතාවේ තේහයුන් ට ඕන වුනේ ඕහානී වගේම බේබි ගර්ල් කෙනෙක් වුනත් තුන්වෙනියත් බෝයී කෙනෙක් වෙද්දි, තේහයුන් උත්සාවන්තයා ජය ගනී කියන දේ ඉස්මුදුනින්ම අදහපු නිසා ඊට අවුරුදු දෙකකට පස්සේ  ඕහානී හතරවෙනී වතාවටත් pregnant වුනා....
තේහයුන් ගේ බලාපොරොත්තු ඉෂ්ට කරලා හතරවෙනියා බේබ් ගර්ල් කෙනෙක් වුන නිසා, තේහයුන් ට ඕන වුනා පවුලේ ගර්ල්ස්ලවයි බෝයිස්ලවයි බැලන්ස් කරන්න... ඒකේ ප්‍රතිඵලයක් විදියට ඕහානී පස්වෙනි වතාවටත් බේබි බෝයි කෙනෙක් එක්ක pregnant වුනා...
අන්තිමට හොදටම කේන්ති අරගත්ත ඕහානීගේ පපා  තව එක වතාවක් හරි ඕහානී pregnant වුනොත් තේහයුන් ලග තියෙන බේබි මේකින්ග් මැෂින් එකේ කී එක මිටියක් අරන් තලලා දානවා කියලා තර්ජනය කලාට පස්සේ එයාලගේ අවුරුදු දෙකක් වුන බේබි ගෙන්  පස්සේ ඕහානී ආය pregnant වුනේ නෑ... 😌😌😌....
******
ලෑස්ති වෙලා ඉවර වෙලා ඕහානි හෙමින් පහලට ආවේ  එන්න එන්නම පහලින් ඇහෙන සද්දේ වැඩි වූන නිසා..... අවුරුදු දහයක් වයස ටේහාන් හිටියේ එයාගේ හුරතල් බලු පැටියා අසරන චිම් සම්චොන් ව හපන්න දගලන දිහා බල බල හයියෙන් හිනා වෙවී..... අහිංසක ජිමින් හිටියේ කනුවක්  දිගේ උඩටම බඩ ගාලා..... එතකොට ජන්කුක් හිටියේ ඕහානීගේ අවුරුදු අටක් වුන ටේයූන් ව පිටේ තියාගෙන දනගාන ගමන්.... පුංචි ටේයූන් ගේ  අස්සයා වුන  කුකී සම්චොන්ගේ දිග කොන්ඩෙන් ඇදලා තමයි එයා  යන්න ඕන පැත්ත පෙන්නුවේ.....

එතකොට අවුරුදු හයක් වුන ටේමීන් හිටියේ ග්‍රෑන්ඩ් පා ජූන් එයාගේ කඩපු සෙල්ලම් බඩුව වෙනුවට අලුත් එකක් ඕඩර් කරන දිහා බලාගෙන..... එතකොටම අවුරුදු හතරක්  වුන  බේබ් ගර්ල් ටේහානී දුවගෙන ඇවිත් නිදිකිර කිර හිටපු එයාගේ ග්‍රෑන්ඩ්පා ගේ ඇගට පැන්නේ උඩ විසි වුන ඕහානීගේ පපා යුන්ගි, හජිමා කියලා මරහඩ තලද්දී......

තාමත් අවුරුදු දෙකක් වුන ටේජින් මරහඩ තලන්න අරගත්තේ එයාගේ ග්‍රෑන්ඩ්පා  ජීන් එක දිගට එයාගේ හැන්ඩ්සම් මූන ගැන හය හතර නොතේරෙන පොඩ්ඩත් එක්ක පම්පෝරි ගහන්න ගත්ත නිසා.....

ජන්කුක් ගේ මාම් මිසිස් කිම්ට හදිසි මීට්න් එකක් වැටුන නිසා ඇවිත් හිටියේ අංකල් ජූනුයි ජන්කුක් යි විතරයි....ජිමින් ගේ මාම් ආන්ටි වූනී හිටියේ කිචන් එකේ.... ඕහානී එහෙමම කිචන් එකට ගියේ ගේ පෙරලුනත් වගේ වගක් නැතුව පැත්තක වාඩි වෙලා, ලොකු ස්ටෝබෙරි පැකට් එකක් හිස් කරන තේහයුන් ටත් කථා කරන ගමන්....

ආන්ටි වූනී ලෑස්ති කරලා තිබුන ඇනිවසරි කේක් එක මේඩ් කෙනෙක් ලවා පාටි හෝල් එකට ගෙන්න ගත්ත ඕහානී ත් එතන්ට යනකොටම  අතින් කටින් බෑග් මලු ගොඩක් උස්සගත්ත අංකල් හේසෝක් කෑ ගහගෙන ඇතුලට ආවා... මාසේකට කලින් ලන්ඩන් ගිය අංකල් හේසෝක් ව දකිද්දී හැමෝගෙම මූනු හිනාවකින් එලිය වුනත්, එක පාරටම බෑග් මලු ටික සෝෆා එකට දාපු අංකල් හේසෝක් සාක්කුවෙන් බොක්සර් එකක් ඇදලා අරගෙන මූන පිහන්න ගන්න කොට කට්ටියගෙම මූනු ටික හත්තිලව්වට ගහපු කලාබර ගානට ඇද වෙලා ගියා......
හොදයි ඉතින් අවුරුදු දහයකට වතාවක් පරන fashion ආපහු උඩට එනවා කියන එක අනිත් අයට අමතක වුනාට fashion එක්කම ජීවත් වෙන අංකල් හේසෝක් ට ඒක අමතක වුනේ නෑ.... ඒ වගේම එයා බලාපොරොත්තුවෙන් ආවා  නිතරම fashionable විදියට ඉන්න ජන්කුක් යි ජිමිනුයි දෙන්නත් ඒ දෙන්නගෙ සාක්කු දෙකේ බොක්සර් දෙකක් දාගෙන ඒවි කියලා....  ජන්කුක් නැතත් ජිමින් වත්....ඒත්  ඒ වෙනුවට එයා දැක්කේ කනුවක් බදාගෙන කට විරිත්තගෙන එයා දිහා බලාගෙන ඉන්න ජිමින් ව....

දාඩිය පිහලා ඉවර වෙලා සෝෆා එකේ හරි බරි ගැහිලා,  බොක්සර් එක දිගෑරලා හෙමින් නවන්න ගත්ත අංකල් හේසෝක් දිහා දිලිසෙන ඇස් වලින් තවත් කෙනෙක් බලාගෙන හිටියා....

බොක්සර් එක්ක සංසාර බැදීමක් තියන  ජන්කුක් ගේ බාමීගේ බේබ් පප්,  ටේහන්ගේ හුරතලා පොරනේසියන් පැරපියෝ තමයි ඒ... ආහ් ඇත්තටම අංකල් ජූන්  ඒ නම ජන්කුක් ට තියන්න බැරි වුන නිසා  ජන්කුක් ගේ බේබි කෙනෙකුට දාන්න හිතාගෙන හිටියත් කවදාවත්  මැරි කරන් නෑ කියලා ජන්කුක්  පොලවේ පස් කාපු නිසා අන්තිමේ අංකල් ජූන් තීරනේ කලා ඒ නම බාමීගේ බේබිට දාන්න 😌😌.....

නිවී සැනසිල්ලේ බොක්සර් එක නවපු අංකල් හේසෝක් ඒක සාක්කුවේ දාගන්න හදනකොටම දුවගෙන ආපු පොරනේසියන් පැරපියෝ අංකල් හේසෝක් ගේ අතින් බොක්සර් එක උදුරගෙන එලියට දුවගෙන යද්දී බයවුනු අංකල් හේසෝක් මරහඩ තලන්න පටන් ගත්තා.....

එතනින් එහාට මුලු ඇනිවසරි පාටි එකම එකම ගාලගෝට්ටියක් වුනේ අංකල් හේසෝක් ට ඒ බොක්සර් එක ගිෆ්ට් කරලා තිබුනේ එයාගේ අලුත් ගර්ල්ෆ්රෙන්ඩ් මිස් මරියා නිසා!!!

ඒක නැති වුනොත් මිස් මරියා එයාව කකුල් දෙකෙන් අල්ලලා අපුල්ලයි කියලා අඩා වැලපෙන අංකල් හේසෝක් ව සනසන ගමන් කට්ටිය ම ගාඩ්න් එකට පැනල පොරනේසියන් පැරපියෝ පස්සේ දිව්වේ අංකල් හේසෝක් ගේ විලාපේ අහගෙන ඉන්න බැරි තරම් ම වුන නිසා....

පොරනේසියත් බොක්සර් එක ලේසියෙන් ආපිට දෙන්න කැමැත්තක් තිබුනේ නැති නිසා ම හැමෝටම අකමැත්තෙන් වුනත් අංකල් ජින් ගේ ඇඩ්වෙන්චර් උපදෙස් අරගන්න සිද්ධ වුනා.... ආහ් ඇත්තටම ඒවා හරිම විකාර උපදෙස් වුනත් මේ වෙලාවේ වැදගත් දේ බොක්සර් එක නිසා හැමෝම ඒවට කැමති වුනා....

මුලින්ම තිබුනේ පදුරක් පිටි පස්සේ හැන්ගුන පොරනේසියන් ලගට බිම දිගේ බඩ ගාගෙන යන එක... ඒත් ටික වෙලාවකින් අංකල් ජූන් එයාගේ කොන්ද රිදෙනවා කියලා නහයෙන් අඩන්න ගත්ත නිසා බලු පැටියා බොක්සර් එකත් අරගෙන එතනින් එහාට ගියා...
ඊලගට මුලු ඇගේම කොල අතු ගහගෙන ගහක් වගේ හැන්ගි හැන්ගි එයාලා පොරනේසියන් ලගටම ගියත් ගහේ අත්තක් නහය ඇතුලට ගියපු නිසා තේහයුන් ට හචිමක් ගියා.... ලෝකේ පෙරලිලා යනවා වගේ පොලව දෙදරලා යන්න ඇහුන හචිං සද්දේ නිසා ඒ පාරත් මිෂන් එක fail වුනා.....
ඊලගට අංකල් ජින් යෝජනා කලේ සතුරා බය කරලා මානසිකව වට්ටන්න, කට්ටියම කෑ ගහගෙන පොරනේසියා ලගට දුවගෙන ගියත් අංකල් ජින් ගේ කකුල් දෙක අස්සෙන් රිංගලා එතනින් බේරුන පොරනේසියන් ගේ ඇතුලට දුවගෙන ගියා....

ඊට ටික ධෙලාවකට පස්සේ ටේහන් ආවේ හේසෝක් ගේ අනර්ඝ බොක්සර් එක කෝටු කෑල්ලකින් අල්ලගෙන.....

"ඕහ් දැක්කනේ අංකල් සොකී,  ඕහ් ටේහන් මයි බේබි!!"

ඒක දැකලා තේහයුන් ආඩම්බර වෙන්න ගත්තා.... ඒත් එයා දැනගෙන හිටියේ නෑ ටේහන් බොක්සර් එක පොරනේසියාගෙන් ගත්තේ පොරනේසියන් ආසම කරන සෙල්ලම් බඩුව එයාට දීලා කියලා.... ගෝව්ඩ් මං කිව්වද පොරනේසියන් ගේ favourite ම ටෝයි එක තේහයුන් ගේ දත් බුරුසුව කියලා!!!! දරුවෝ පුංචි කාලේ ඉඳලම ජීකූක් ජෝඩුව ලග බලාගන්න දාලා යනකොට තේහයුන් ට මීට වඩා දේවල් හිතන්න තිබුනා මොනවා වුනත්....😌😌

බොක්සර් මෙහෙයුමෙන් පස්සේ තේහයුන් ඕහානී එක්ක එකතුවෙලා  ඇනිවසරි කේක් එක කැපුවා,  තේහයුන් පලවෙනි කේක් කෑල්ල ඕහානී ට කැව්වා,  කේක් කෑල්ලක් කැවා විතරයි ඕහානී ට වමනේ යන්න ආවා.....තේහයුන් හිනාවෙද්දි ඕහානීගේ පපා මිටියක් හොයන්න දිව්වා!!!
අන්තිමට ඕහානී කේක් කෑල්ලත් එක්ක තිබුන එයාගේ ගිෆ්ට් එක ලස්සන ඩයමන්ඩ් රින්ග් එක කටෙන් එලියට අරගත්තා.....

"හැපි ඇනිවසරි මයි ලව් !!!"

තේහයුන් හෙමින් කිව්වා... යුන්ගි ට මිටිය අතෑරුනා.... ඒක වැටුනේ අංකල් ජූන්ගේ කකුල උඩට.... අංකල් ජූන් මරහඩ තලද්දී තේහයුන් ට තුරුල් වුන ඕහානී හෙමින් හිනා වුනා.... කාලේකට කලින්  පාලුවට ගිහින් තිබුන කිම් මැන්ෂන් එක හිනා හඩින් දෝංකාර දුන්නා......

හිනාවෙන් පටන් ගත්ත එයාලගේ කථාව හිනාවෙන්ම ගලාගෙන ගියා,......!!!

End...
____________________________________

ඔන්න ඉවරයි,  ආයේ ඉතින් ඔයාලත් එක්ක හිනාවෙලා පිස්සු නටන්න ටේ හානී එන්නේ නෑ... IM SORRY continue කරනවා අදින් පස්සේ,  ඒක කියවන පිරිස අඩුයි, සීරියස් කථා කියවන්න ගොඩක් අය කැමති නෑනේ...ඒත් මං ආස ඒ ජාතියේ ඒවට😘

එහෙනම් පරිස්සමින් ඉන්න ආදරෙයි හොදේ....
පේජ් එකට සපෝට් කරපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි, 🥺🥺ගොඩක් ආදරෙයි මං😘😘💜💜

#Deshu

Continue Reading

You'll Also Like

3.1K 604 10
💥තම රාජකාරියට හදවතින්ම ගෞරව කරමින් මෙහෙයුමක නියැලී සිටින එක කෙල්ලෙක්😌 💥එක කුස උපන් සහෝදර සහෝදරියන් මෙන් හැම දේකටම එකටම සිටින යහළුවන් කීපදෙනෙක්❤ 💥...
10K 1.5K 32
රුදුරු පලිගැනීමක ආත්මීය අඳෝනාව...💀⚡
596K 9.2K 87
A text story set place in the golden trio era! You are the it girl of Slytherin, the glue holding your deranged friend group together, the girl no...
3.8K 426 26
තමන්ගේ අයියා ගැන නංගි ගේ හිතේ කෂ් ඵකක් වගේ ආදරයක් ඇති උනොත් මොනා වෙයිද 😥 "ඔප්පා ඔයත් මාව දාලා යනවද ඔයත් ගියාම මම ආයෙත් තනි වෙයි නේද" ...