🦋𝕄𝕪 𝔸𝕟𝕘𝕣𝕪 𝔹𝕖𝕒𝕣(�...

By Daisy93-94

21.7K 4.6K 672

🦋...නාහෙට නාහන හොස්ස ලගින් මැස්සෙක් ටවත් යන්න බැරි තරම් කොයි වෙලෙත් ඇවිලෙන්න බලාගෙන ඉන්න ජෝඩුවක් එකට වැඩ කරන... More

🦋1st🦋
🦋.2nd
🦋.3rd
🦋.4th
🦋.5th
🦋.6th
🦋.7nth
🦋.8th
🦋.9th
🦋.10th
🦋.11nth
🦋.12th
🦋.13nth
🦋14nth
🦋.15nth
16nth
17 chapter
18nth chapter
19
20. End

19 part 2

872 207 52
By Daisy93-94

අංකල් ජින් එයාලා වෙනුවෙන් වෙන් කරගත්ත රූම් එකකට ඇවිත් කවුච් එකට බරවුන ජිකුක් ජෝඩුව දාහට අරගෙන නිකන් වත් දීගන්න බැරි වුන සාම්පලේට විරිත්තගෙන ඉද්දි, අංකල් ජින් කලේ එක දිගටම එයාලා තරුන කාලේ ගියපු ඇඩ්වෙන්චර් ට්‍රිප්ස් ගැන පම්පෝරි ගහපු එක.... හක්ක පැනපු අස්සයෙක් වගේ අංකල් හේසෝක් ඒ හැම එකකට ම අත්පුඩි ගගහා හිනා වෙද්දි ජන්කුක් ජිමින් දිහා බලලා ඇස් රෝල් කලා... හාහ් ඇත්ත ටම එයාට හිතාගන්න බෑ තමන්ගේ පුතාගේ ලව්ලි ඩේට් එක විනාශ කරලා දාන්න අංකල් ජින්  මෙච්චර උනන්දුවෙන් කැපවීමෙන් වැඩ කරන්නේ කොහොමද කියලා....

ඒත් එක්කමයි පොලේ ගියපු වයසක අජුම්මලා දෙන්නෙක් වගේ ජන්කුක් ගේ පපායි අංකල් යුන්ගියි රූම් එකට කඩාපාත් වුනේ....අංකල් යුන්ගි ආපු ගමන් කවුච් එකට වැටෙද්දී ජන්කුක් ගේ පපා අංකල් ජින්ව බදාගෙන කෑ ගගහා උඩ පනින්න ගත්තා.... ජන්කුක් හිටියේ ඇත්තටම මේ එයාගේ පපාද කියලා ආපහු වතාවක් හිතන ගමන්...

මොකද එයාගේ පපා ටොප් බිස්නස්මන්ස්ලා කීප දෙනා අතරේ හිටියා වුනත්,  කොච්චර සුපර් ඉන්ටෙලිජන්ට් කැරැක්ටර් එකක් වුනත්, පුංචි කාලේ ඉඳලම පපා එක්ක එලියට යන හැම අවස්ථාවකම පපාව බලාගන්න සිද්ධ වුනේ ජන්කුක්ට.... පපා ඒ තරමටම childish.... ඒත් ඉතින් මමා ආසම පපාගේ ඒ විදියට කියලා ජන්කුක් නොදන්නවත් නෙවේ😌....

"එහෙනම් කොල්ලනේ ඉක්මනින් ලෑස්ති වෙමු.....!!"

අංකල් ජින් කියද්දී ජන්කුක් ඔලුව උස්සල අංකල් ජින් දිහා බැලුවා.... හැමෝටම අතේ තිබුන යුනිෆෝම් බෙදලා දීපු අංකල් ජින්, රූම් එකෙන් එලියට යන ජන්කුක්ගේ පපා දිහා බැලුවා... 

"නම්ජුනා මොකුත් කඩලා බිදලා දැම්මේ නෑ නේද එතන තිබුන....!!"

රූම් එකෙන් එලියට යන ගමන් හිටපු පපා හොර පූසෙක් වගේ අංකල් යූන් දිහා බලද්දි, ජන්කුක් අත්දැකීමෙන් දැනගෙන හිටියා පපාගේ ඒ හොර බැල්ම, ඒ නිසාම හුස්මක් පහල දාලා තමන්ගේ එහා පැත්තේ තිබුන යුනිෆෝම් එක අරගෙන ජන්කුක් ත් ජිමින් ගේ පස්සෙන් රූම් එකෙන් එලියට ආවා....

"ආහ් මේවා පරන හොටෙල් නේ හෙයොන්ග් දොරවල් ගොඩක් පරනයි, නැද්ද යුන්ගි හෙයොන්ග්!!"

පපා හෙමින් කියනවා ජන්කුක් ට යන්තමට ඇහුනා.....
                 
                          ****

"ආර්ග්හ් මට බෑ කුකී!!"

අතෑරපු ගමන් කකුල් දෙක ලගටම වැටෙන ඇගට වඩා දෙතුන් ගූනයක් ලොකු කලිසම අත් දෙකෙන්ම බඩ මැද්දට උස්සගෙන ජිමින් නහයෙන් ඇඩුවා..... ජන්කුක් ගේ ඇදුමත් ඊට වැඩි වෙනසක් තිබුනේ නෑ,   ඒකේ පස්ස පැත්තේ මැහුම් ලෙහිලා තිබුන එක ඇරෙන කොට ජන්කුක් ගේ කලිසමත් ජන්කුක් වගේ දෙන්නෙක් ට අදින්න තරම් ලොකුයි...

"ආහ් මේ හොටල් එකේ වැඩ කරන්නේ යෝධයෝද කොහෙද?"
ඇගට වඩා ලොකු කලිසම බෙල්ට් එකෙන් හිර කරගෙන ජන්කුක් ජිමින් ගේ එහාපැත්තෙන් වාඩි වුනා...

ඇත්තටම එයාලා දෙන්නා මේ ගමන ආපු එක ගැන සිය දහස් වාරයක් පසු තැවුනා.... ජිමින් මොනවා හරි දෙයක් කියන්න ජන්කුක් දිහාවට හැරෙන කොටම අංකල් ජින්ගේ ලවුඩ්ස් පීකර් සද්දේ  දොර ගාවින් ඇහුනා....

"හරි කොල්ලනේ මේ පැත්තෙන්!!"

හොරෙක් වගේ හෙමින් අඩිය තියලා ඉස්සරහට යන ගමන් අංකල් ජින් කිව්වා...රූෆ්ටොප් එකේ ඉහලට යන අත්වැට දිගටම fresh roses වලින් හරි ලස්සනට ඩෙකරේට් කරලා තිබුනා... ඇත්තටම තේහයුන් ගොඩක් මහන්සි වෙලා තිබුනා.... ජීවිතේ පලවෙනි වතාවට ජන්කුක් ටයි ජිමින් ටයි එයාලා ගේ දග වැඩේ ගැන වරදකාරී හැගීමක් දැනුනා.....
මුලින්ම ඒ දෙන්නට ඕන වුනේ තේහයුන් ට පාඩමක් උගන්වන්න... තේහයුන් ඒ දෙන්නගෙන් උදව් අරගෙන එයාලා නැතුව ඕහානී එක්ක බුසාන් එන්න හදපු එකට... ඒත් දැන් දකින ඇරේන්ජ්මන්ට්ස් දැක්කම ජිකුක් දෙන්නටම හිතුනා ඒ දෙන්නට තනියම ඒ දවස ගෙවන්න දුන්නා නම් කොච්චර ලස්සනද කියලා.... ඒ හැගිමෙන්ම ජිමින් ජන්කුක් දිහා බැලුවා.....

"කුකී!!"

"ටේටේ හෙයොන්ග් පව් චිම්!! බලන්න එයා කොච්චර මහන්සි වෙලාද කියලා...!!"

ජන්කුක් කට උල් කරගෙන කිව්වා...

"ම්ම්.. අපි මේක නවත්තන්න ඕන කුකී!!"

ජිමින් කියද්දී ජන්කුක් ඇස් ලොකු කරලා බැලුවා...ජිමින් ඇස් වලින් ඉස්සරහ පෙන්නුවා.....

"හරි කොල්ලනේ අපි දැන් ඉක්මනින් මේ මේස යටට ගිහින් හැන්ගෙමු, මං ඉගියක් දීපු ගමන්ම හැමෝම surprise කියලා ජෝඩුවගේ ඇගට පනින්න ඕන අරස්සෝ!!!"

අංකල් ජින් කට්ටියටම උපදෙස් දෙනවා... ජන්කුක් කට ඇදකරගත්තා...ඇත්තටම  එයාට ජීවිතේ පලවෙනි වතාවට තේරුනා දග වැඩ කරන අයව කන්ට්‍රෝල් කරන එක කොච්චර අමාරුද කියලා.....

"හෙයොන්ග් මොකක්ද ඉගිය "

"ආහ් ඉගිය!! ම් කොහොමද මං කුකුලෙක් වගේ කෑ ගැහුවොත්!!"

අංකල් ජින් ඇහුවා....

"ආහ් එයාලා බයේ පැනලා දුවයි!!"

අංකල් යුන්ගි කිව්වා...

"එහෙනම් හනා තුල් සෙත්!!"

"නෝ එතකොට එයාලට තේරෙනවා!!"

"හෙයොන්ග් කොහොමද ෂූඌට් කියාගෙන අපි එයාලගේ ඇගට පැන්නොත්!!"
මෙච්චර වෙලා කට වහගෙන හිටපු ජන්කුක් ගේ පපා කියන කොට, පපාට මේ වගේ විකාර අයිඩියා දෙන පපාගේ සුපර් පවර් බ්රේන් එකට ජන්කුක් එකසිය විසිපස් වෙනි වතාවටත්  දෙස් තිබ්බා.....

"ආහ් එයාලා හොදටම බය වෙයි,  වාව් නම්ජුනා අර්හ් වාව් "

වලිගේ කැඩුන අස්සයෙක් වගේ උඩ පනින ගමන් අංකල් හේසෝක් අත්පුඩි ගහද්දී, දෙපැත්තට වැනුන අංකල් ජින් පපාගේ අදහස අනුමත කරන හැටි අඩන්න බැරි කමට හිනා වෙලා ජන්කුක් බලාගෙන හිටියා.....

රූෆ්ටොප් එකේ තිබුන පුංචි රවුම් මේස විසිපහම ලස්සන සුදු පාට  ටේබල් ක්ලෝත් එකකින් බිමට එනකන්ම වැහිලා තිබුනා..... මැද තිබුන ටේබල් එකට රතු පාට ටේබල් ක්ලෝත් එකක් දාලා තිබුනා.... ඉර බැහැගෙන යමින් තිබුන,  නැවුම් රෝස මල් වල සුවඳ ලුනු රස දැවටුන මුහුදු හුලග එක්ක හැම තැනම පැතිරුනා.....

"හරි එහෙනම් ලගම ටේබල් එකක් ඇතුලට යමු!!" අංකල් ජින්ගේ විදානෙත් එක්ක කට්ටිය ඉස්සරහට ගියා.... ජිමින් ජන්කුක් ගේ අත අල්ල ගත්තා....

"කුකී!! අපි මේක නවත්තන්න ඕන!!"

"චිම්!! ඒත් අපි කොහොමද?"

"ෂ් අපි දෙන්නා තමයි මේක පටන් ගත්තේ,  තේහයුන් හෙයොන්ග් නූනට ගොඩක් කැමතියි කියලා මට හිතෙනවා කුකී,  අපි එයාලගේ ලස්සන දවස විනාස නොකර ඉමු!!"

"අපි කොහොමද එයාලව නවත්තන්නේ!!"

දැනටමත් මේස ඇතුලට රින්ගන කට්ටිය දිහා බලලා ජන්කුක් ඇහුවා...

"ඔයා අංකල් ජූන්වයි අංකල් ජීන්වයි බලාගන්න, මං පපාවයි හේසෝක් අංකල් වයි බලාගන්නම්!!"

"චිම් ඒත්!!"

"අහන්න කුකී,  මොනම හේතුවක් නිසාවත් එයාලට ඒ විකාර ඉගිය දෙන්න අවස්ථාවක් නොදී ඉමු ඒක තමයි හොදම වැඩේ තේරුනාද? එයාලට කියන්න අංකල් හේසෝක් ෂූඌට් කියන්නම් කිව්වා කියලා,  මං කියන්නම් අංකල් ජින් කිව්වා කියලා ඕකේ!!"

"හ්ම් fighting!!"

ජන්කුක් කිව්වා, ඔලුව වනපු ජිමින් හීනා වෙලා ගිහින් යුන්ගියි හේසෝක් යි ඉන්න ටේබල් එක ඇතුලට රින්ගුවා.... ජන්කුක් අමාරුවෙන් එයාගේ පපායි අංකල් ජිනුයි අතරින් ඇතුලට රින්ගුවා....

"ඕහ්  බේබි  මෙතන තුන් දෙනෙක් ට ඉඩ නෑනේ!!"

ජන්කුක් ගේ පපා හෙමින් කිව්වා...

"ආෂ් නම්ජූනා කට වහගන්නවා එයාලා එනවා!!"

පපාට වඩා සද්දෙන් අංකල් ජින් කියනකොට ජන්කුක් ඉක්මනින් කකුල් නවලා වාඩි වුනා.... එතකොටයි ජන්කුක් දැක්කේ ටේබල් එක ලගට ඇවිදගෙන එන එයාගේ හානී නුනාවයි, ටේටේ හෙයොන්ග් වයි....

"වාව්!!"

ජන්කුක් හෙමින් කිව්වා...අංකල් ජින් බුරුස් ගාලා නහය සූරලා ජන්කුක් ගේ කලිසමේ අත පිහ ගත්තා....
____________________________________

තේහයුන් එක්කම පඩිපෙළ දිගේ ඉහලට නැගපු ඕහානී ඇස් ලොකු කරගෙන බැලුවේ ලස්සනට ඩෙකරේට් කරලා තියන රූෆ්ටොප් එක දිහා.... ඕහානී දිහා බලලා හිනා වුන තේහයුන් මැද්දේ තිබුන රතු පාට ටේබල් එක ලගින් නැවතිලා ඕහානීට පුටුව ඇදලා දුන්නා.....

"ඔහ් මයි ජෙන්ට්ල්මන්!!"

මේසේ අස්සේ ඉදන් අංකල් ජින් කිව්වා!!..

"එයා එන්න වෙලා යනවද තේහයුන්!! "

වාඩි වෙලා වටපිට බලන ගමන් ඕහානි ඇහුවා...

"ටිකක් ලේට් වෙනවා කිව්වා!!"

සොෆ්ට් රෙඩ් වයින් එක ග්ලාස් එකේ බාගයක් වෙන්න දාලා ඕහානී ඉස්සරහින් තියපු තේහයුන් ෂැම්පේන් ඩිකැන්ටර් එක ලගට අරගත්තා....

ග්ලාස් එකේ  මැදක් වෙනකන් ෂැම්පේන් වත් කරපු තේහයුන් හාට්ස් හැඩේට හදලා තිබුන ඩාක් චොක්ලට් ප්ලේට් එක  ඕහානී ලගට ලං කලා....

"බඩගිනිද "

සොෆ්ට් ටෝන් එකකින් අහපු තේහයුන් ෂැම්පේන් උගුරක් බොන ගමන් වාඩි වෙද්දි ඕහානීගේ කම්මුල් ඩස්ට් පින්ක් කලර් එකට හැරුනා...

ඒත් එක්කම හෙමින් පූසෙක් ඥාව් කියන සද්දයක් ඇහුණා.... තේහයුන් උවමනාවෙන් වටපිට බැලුවා..... යන  යන තැන බඩු පෙරලන ජන්කුක් ගේ පපා ගේ කකුල වැදිලා පුටුවක් පෙරලෙන්න යද්දී ජන්කුක් පුටුව අල්ලගෙන හෙමින් ඥාව් කිව්වේ තේහයුන් එතනට එන එක නවත්තන්න.... ඒත් එක්කම  එහාපැත්තේ ටේබල් එක අස්සෙන් ඥාව් දෙකක් ඇහුනා....

තේහයුන් ඇස් පුංචි කරගෙන වටපිට බැලුවා.... ඕහානීට පූසෝ ඇලර්ජි කියලා තේහයුන් දැනගෙන හිටියා.....
ඊලග වතාවේ ඥාව් තුනක්!!! ගෝව්ඩ්  පූසෝ රංචුවක් ම ඉන්නවා වගේ.... තේහයුන් හොදට වට පිට බැලුවා..... ජන්කුක් තොල හපන ගමන් ඊලග ඥාව් එක අහන්න බලාගෙන හිටියා.... ඒත් ආයේ කවුරුත් ඥාව් කිව්වේ නෑ..... මොකද ජිමින් අංකල් හේසෝක් ට කිව්වා හොටෙල් එකට එහාපැත්තේ කැලේ ඉන්න පිබුරෝ පූස් පැටව් හොයාගෙන නිතරම ගෙවල් වලට යනවා කියලා.... අංකල් හේසෝක් ගේ ඥාව් සෙල්ලම එතනින් ම නැවතුනා.....

තේහයුන් උවමනාවෙන් කන් දුන්නා,  හොදයි පූසෝ රංචුව යන්න ගියා කියලා එයා සැනසීමෙන් හුස්මක් ඉහලට අරගත්ත... ඒත් එක්කම එයාට ඇහුනේ කවුරු හරි තදට වීදුරුවක් පිහින සද්දේ.... ඕහානී ඇස් ලොකු කරගෙන වට පිට බැලුවා....

ජන්කුක් වගේම එයාගේ පපාත් බිසී වෙලා හිටියේ අංකල් ජින් ගේ ෂර්ට් එක ඇතුලේ දගලන චූටි මී පැටියා එලියට ගන්න....  අංකල් ජින් ගේ කලිසම් සාක්කුවක සැපට නිදාගෙන හිටපු පුංචි මී පැටියා ගැස්සිලා ඇහැරුනේ ජන්කුක් ගේ ඥාව් සද්දෙට..... එක දිගට ඇහුන ඥාව් සද්ද එක්ක කලබල වුන මී පැටියා සාක්කුවේන් එලියට ඇවිත් අංකල් ජින් ගේ ෂර්ට් එක ඇතුලට රින්ග ගත්තා....මී පැටියාගේ චූටි කකුල් වල කිතියට අංකල් ජින් එක දිගට කැකිරි පලන්න ගත්තේ මුලින්ම ජන්කුක් වයි පපාවයි පිස්සු වට්ටලා....ඒත් අන්තිමට බොත්තමක් අස්සෙන් දැකපු චූටි තෙත නහය නිසා අංකල් ජින් හිනාවෙන හේතුව ජන්කුක් හොයා ගත්තා.....

"යාහ් නම්ජුනා තමුන් මේ ඇදුම් කොහෙන්ද උස්සන් ආවේ ආ....ආයිෂ්  ආහ් ෆූහ්...."

ජන්කුක් මීපැටියා අල්ලලා අතට අරගත්තට පස්සේ අංකල් ජූන් ජන්කුක් ගේ පපාගේ ඇගට කඩා පැන්නා.... ඒකට ගැස්සුන පාර ජන්කුක් අතින් මී පැටියා අතෑරුනා.... ජන්කුක් ට ටිකක් සද්දෙට කෑ ගැහුනා....

"ඔහ් කවුද ඒ කෑ ගැහුවේ!!"

ඕහානී තේහයුන් දිහා බලලා ඇහුවා... ඉර එලිය වැටිලා රත්තරන් පාට වෙලා තියන ඕහානීගේ කම්මුල් දිහා බලාගෙන මනෝ ලෝකෙක හිටපු තේහයුන් ට ජන්කුක් ගේ සද්දේ ඇහුනේ නෑ....

"ඉන්න මං බලන්න, කොයි පැත්තෙන් ද ඇහුනේ!!"

පුටුව පිටිපස්සට කරලා නැගිටින ගමන් තේහයුන් ඇහුවා....

ඒත් එක්කම ජිමින් ගේ මේසේ පැත්තෙත් බඩගිනි වුන එළදෙනක් උම්බෑ කියනවා ඇහුනා, ජන්කුක් ලගේ මේසේ පැත්තෙත් බය වුන බලු කුක්කෙක් කෙදිරි ගානවා ඇහුනා....

"ඔහ් ඒ එලදෙනක්!!"
තේහයුන් ආපහු වාඩි වෙන ගමන් කිව්වා..

"මං හිතන්නේ බල්ලෙක්!"

ඕහානී වටපිට බලලා කිව්වා,

"එයා බය වෙලා වගේ!!"
ඕහානී ආයේම කිව්වා....

ඒත් එක්කම ඕහානී පුටුවෙන් උඩ විසික්කා වෙලා ගියේ, එයාට එක සැරේටම එයාගේ පපාගේ හජිමා සවුන්ඩ් එක ඇහුන නිසා.... ඕහානී ගැස්සිලා යනවා දැක්ක තේහයුන් ඇයි කියලා ඇහුවේ ඔලුව වනලා...

"අහ් අනී මට පපාගේ කට හඩ ඇහුනා !!"

ඕහානී වටපිට බලලා කිව්වා....

එයාගේ එලදෙනගේ සවුන්ඩ් එක සාර්ථක වුන සතුටට හේසෝක්  යුන්ගිව තද කරලා බදාගද්දි යුන්ගි වෙනදා පුරුද්දට හජිමා කියලා කෑ ගැහුවේ ඉන්න තැන අමතක වෙලා.... ඕහානීට එයාව ඇහුනා කියලා තේරුන නිසා යුන්ගි ඉක්මනින් කිකිළියක් වගේ කෙකර ගාන්න පටන් ගත්තා....

"ඔහ් මං හිතන්නේ මේ ලග farm එකක් තියනවද කොහෙද.... ඒ කිකිළියක් "

තේහයුන් නහය අකුලගෙන කිව්වා...

"හ්ම් මං හිතන්නේ farm එකේ සත්තු එලියට පැනලද කොහෙද?"

ඕහානී කියද්දී ම,ජන්කුක් ගේ අත් වලින් බේරිලා හැන්ගිලා හිටපු මී පැටියා ඕහානිලා හිටපු ටේබල් එක පැත්තට දුවගෙන ගියා....

"ඕහ්!!"

මී පැටියා කකුල ලගට එද්දී ඕහානී ඉක්මනින් නැගිට්ටත් කලබලේ නිසා  කකුල පැටලිලා වැටෙන්න යද්දී තේහයුන් ඕහානීව අල්ල ගත්තා....
ඉනවටේ ට අත දාලා ඕහානීව ඇගට තද කරගත්ත තේහයුන් ඕහානී දිහාම බලාගෙන ඉද්දි ඕහානී හිටියේ රත්තරන් පාට ඉර එළිය වැටිලා දිලිසෙන තේහයුන් ගේ කඩවසම් මූන දිහා ම බලාගෙන සිතුවිළි අතරේ අතරමං වෙලා.....

"වෝහ් පරන තාලේ ෆිල්ම් එකක් වගේ!!"

අංකල් ජින් කියද්දී,  හේසෝක් අංකල් නහය උඩට අදින සද්දේ ජන්කුක් ට ඇහුනා.....

හමාගෙන ආපු මෘදු හුලගට ඕහානීගේ කෙහෙරැලි විසිරිලා යද්දී තේහයුන් හිමින් ඒවා ඕහානීගේ කන පිටිපස්සෙන් රැදෙව්වා ...

"ලස්සනයි!!"

තේහයුන් හෙමින් කිව්වා!! ඕහානීගේ ඇස් ගැස්සුනා.....

"ඕහානී!!! "

තේහයුන් ගොත ගැහුවා... ඕහානී බලාගෙන හිටියා....

"අම් ම් මේ මේකයි..... අ අද කිසිම මීට්න් එකක් නෑ!!"
තේහයුන් කිව්වා!!!

"මොකක්!!"

ඕහානී සද්දෙට ඇහුවා!!

"ආහ්...ම් මේකයි ඕ ඕහානී...ආහ් ඇත්තටම ආහ් සරන්ග්හේ ඕහානී...   will you be the love of my life??"

ගොත ගහලා ගොත ගහලා තේහයුන් හෙමින් අහනකොට ඕහානී ඇස් ලොකු කරගෙන බලාගෙන හිටියා.... හොදයි ඇත්තටම එයා හිටියේ පුදුම වෙලා.... එයාගේ ඒක පාර්ශවික ආදරේ එයාට propose කරනවා...ඉතින් එයා පුදුම වෙන එක සාමාන්‍ය දෙයක්....

"හාහ්!!"
තේහයුන් ඇහිබැමක් උස්සලා ඕහානීගේ මූනට එබුනා....

"මං ඒක යෙස් කියලා හිතගන්නද?"

ඕහානී ගේ මූන පුරා ලා රතක් ඉහිරිලා යද්දී තේහයුන් රහසින් ඇහුවා... බිම බලාගෙන හිටපු ඕහානී හෙමින් ඔලුව වැනුවා....
මලක් තරම් පරිස්සමින් ඕහානීගේ කම්මුල් අත් දෙකට මැදි කරගත්ත තේහයුන් හෙමින් ඕහානීගේ තොල් වලට නැමුනා....

ටේබල් එක ඇතුලේ ඉදන් කදුලු පිහ පිහ  මේක බලාගෙන හිටපු ඉමෝෂනල් අංකල් හේසෝක් ගේ ඉවසීම නැතිවෙලා එයා දෙවෙනි වතාවටත් යුන්ගිව බදා ගත්තා....කට ඇරගෙන රොමැන්ටික් සීන් එක දිහා බලාගෙන හිටපු අංකල් යුන්ගි ජිමින් වත් උඩ විසික්කා වෙලා යන්න,

"යාහ් හජිමාහ්!!"

ගාද්දී ගැස්සිලා ගිය ඕහානි ඉක්මනින් තේහයුන් ලගින් මෑත් වෙලා වට පිට බැලුවා.....මේ වතාවේ සද්දෙට ඇහුන හජිමා එක නිසා තේහයුනුත් වටපිට බලද්දී අංකල් ජින් එක සැරේටම ඌරු පැටියෙක් වගේ නහේන් පිබින්න ගද්‍දී බය වුන ජන්කුක් එයාගේ පපාගේ ඇගේ එල්ලුනා.....

"යාහ් ඒ මොකෙක්ද?"

වටපිට බලලා ඕහානි ඇහුවා....

"නාකි බූරුවෙක් වගේ!!"

ඕහානීගේ අතින් අල්ලගෙන තේහයුන් කිව්වා....

"නෝව් වයසක එලදෙනක් වගේ!"

ඕහානී වාද කලා...

"නෝව් බූරුවෙක්!!

තේහයුන් කට උල් කරගත්තා...

"නෝව් අතැරලා දාපු එලදෙනක්!!"

"ම්හ් කැත වයසක බූරුවෙක්!!"

තේහයුන් ගෙයි ඕහානීගෙයි වාදේ දුර දිග යද්දී අංකල් ජින් කොච්චි කරලක් වගේ රතු වෙන දිහා ජන්කුක් බලාගෙන හිටියේ තුෂ්නිම්භූත වෙලා, රතු වෙලා රතු වෙලා අන්තිමට එයා මහ හයියෙන්,,,

"යාආආආහ් මෝඩයෝ දෙන්නා අයිම් පිග් ඔයින්ක් ඔයින්ක්!!"

කියලා කෑ ගහද්දී කලබල වුන ජන්කුක් ගේ පපා මේසේත් පෙරලගෙන නැගිටලා ෂූඌඌඌට් කියලා කෑ ගහද්දී එහාපැත්තේ මේසේ යටින් මරහඩ තලාගෙන එලියට පැන්නේ අංකල් හේසෝකුයි ඕහානීගේ පපා යුන්ගියි....

වෙන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරි වුන ඕහානීව අත් දෙකෙන්ම තද කරලා අල්ලගෙන ඉන්න  තේහයුන් පැත්තක හිටගෙන  ඉද්දී,  වාඩි වුන තැනම ගල් බූත වෙලා ජීකුක් ජෝඩුව මූනෙන් මූන බලා ගත්තා.....

මේ කිසි දෙයක් ගැන වගේ වගක් නැති වයසක උන්දලා හතර දෙනා යාලුකම් නෑදැ කම් වලට පෙරලුන සතුට සැමරුවා...
____________________________________

ඔන්න කාලේකින් ආවා... හොදින් ඉන්නවා නේද ඔයාලා 😘💜....පරිස්සමින් ඉන්න හොදේ....ආදරෙයි ගොඩක්....
ෆයිනල් එකෙන් හම්බ වෙමු 😘😘

#Deshu
____________________________________
ජීවිතේ කෙටියි...දත් තියෙන කාලේ හිනා වෙලා ඉන්න 😁😜

Continue Reading

You'll Also Like

13.6K 1.6K 12
"ජන්කුක් කොහොමද ලංකාවෙ ඉන්නෙ... ඊටත් වඩා එයා කොහොමද දැන් අපේ ගෙදර ඉන්නෙ." Start date: 01.12.2022 End date. : 23.07.2023
5K 1.1K 10
' මම නොදැනුවත්ම ඒ ගතිගුණ වලට ආදරේ කරත් ගිනි රතු පාට ලිලී මල් එයාගෙ නමින් මගෙ පෙනහළු වල පිපුණෙ මම දැනුවත්වමයි...' ▪ Completed On 2022-04-25 Ⓒ︎ All rig...
4.8K 818 12
රෑට රෑට හොරෙන් ඇවිත් තනි මකන ආදරවන්තයා😚❤️night prince ❤️
3K 559 23
" ඔයා මට කොහොම සැලකුවත් කමක් නැහැ...! ඔයාට මේ හිතේ තියන තැන එහෙම්මමයි..." 🥀 • S̶o̶ Y̶e̶o̶n̶ • ______________________________ " මට සමාවෙන්න...