🦋𝕄𝕪 𝔸𝕟𝕘𝕣𝕪 𝔹𝕖𝕒𝕣(�...

By Daisy93-94

21.9K 4.6K 672

🦋...නාහෙට නාහන හොස්ස ලගින් මැස්සෙක් ටවත් යන්න බැරි තරම් කොයි වෙලෙත් ඇවිලෙන්න බලාගෙන ඉන්න ජෝඩුවක් එකට වැඩ කරන... More

🦋1st🦋
🦋.2nd
🦋.3rd
🦋.4th
🦋.5th
🦋.6th
🦋.7nth
🦋.8th
🦋.9th
🦋.10th
🦋.11nth
🦋.12th
🦋.13nth
🦋14nth
🦋.15nth
16nth
17 chapter
19
19 part 2
20. End

18nth chapter

897 197 35
By Daisy93-94

"ඔහ් වාව් හෙයොන්ග්.. ඔයාට ඕනේ එතකොට මගේ නූනව surprise කරන්නද?"

එයාගේ රෝස පාට කොට ගවුම දෙපැත්තට ඇදලා ජිමින් අහනකොට තේහයුන් හිනාවෙන ගමන් ඔලුව වැනුවා....

"දේහ් මං දන්නවනේ දැන් එයා මට කැමති කියලා කියලා,  මට ඕන එයාට propose කරන්න, ටිකක් ස්පෙශල් විදියට!"

ඔලුවට දාගෙන හිටපු විග් එක ගලවලා පැත්තකින් තියන ගමන් තේහයුන් කිව්වා.... එයාලා තුන් දෙනා හිටියේ තේහයුන් ගේ ගෙදර ලිවින්ග් රූම් එකේ....

ජිමින් තාමත් එයාගේ කොට ගවුම ඇදලා දිග කොන්ඩෙ දාගෙන හිටියා...ජන්කුක් එයාගේ කොට ගවුම ඇතුලෙන් fake breast එලියට අදින ගමන් හිටියා.... එතකොට ජන්කුක් ගේ රතුපාට දිග කොන්ඩෙ සෝෆා එක ලග බිම වැටිලා තිබුන....

"එතකොට දැන් මොකක්ද හෙයොන්ග් ගේ අයිඩියා එක.. "

"මොකුත් නෑ!!"

"වට්!!"

"ආහ් මට අයිඩියා එකක් ඕන ඔය දෙන්නගෙන්,  ඕහානී කැමති අකමැති දේවල් දන්නේ ඔයගොල්ලෝනේ..."

තේහයුන් කිව්වා....

"ආහ් නූනා කැමති වැඩිය සෙනග නැති තැන්වල ඉන්න තමා ඉතින්!!"

ජිමින් කිව්වා...

"ඇයි තව ටැන්ජරින් වලට "

ජන්කුක් ඉක්මනින් කිව්වා...

"ම්ම්හ් එහෙනම් අපි බීච්සයිඩ් හොටෙල් එකක්  බුක් කරමු!!"

තේහයුන් ඔලුව වනන ගමන් කිව්වා....

"ඔහ් හෙයොන්ග්!! බුසාන් වල තියෙන හොදම හොටෙල් එක තමයි හොටෙල් fiyona!! එයාලගේ හොටෙල් එකේ රූෆ්ටොප් එකට ලස්සන වීව් එකක් තියනවා,  සන්සෙට් එක එතනට ගොඩක් ලස්සනට පේනවා.... පපා එක්ක දවසක් මං එහේ  ගියා...!!"

ජන්කුක් කියද්දී තේහයුන් ගේ ඇස් සතුටින් දිලිසුනා...

"මාත් ඒක අහලා තියෙනවා!!" එහෙනම් අපි අනිද්දට හොටෙල් fiyona  බුක් කරමු!!"

Phone එක අතට ගන්න ගමන් තේහයුන් කිව්වා....

"අනිද්දට!!!"

ජන්කුක්යි ජිමිනුයි සද්දෙට ඇහුවා....

"ඔව් අනිද්දට!! මට බලාගෙන ඉන්න බෑ!!"

තේහයුන් කියද්දී, ජිමිනුයි ජන්කුකුයි ක්ෂනිකව බැල්මක් හුවමාරු කරගත්තා..

"ඒත් හෙයොන්ග් අනිද්දට අපිට ලෙක්චර්ස්නේ ඒවා ඉවර වෙලා අපි කොහොමද හවස් වෙද්දි බුසාන් එන්නේ!!"

ජන්කුක් ඇහුවා..

"ආහ් ඉට්ස් ඕකේ....ඔයාලා දෙන්නා කරදර වෙන්න ඕන නෑ,  මං ඕහානී එක්ක යන්නම්... එයයි මායි විතරක් එතන ඉන්නවා නම් මං කොහොමත් කැමතියි.. "

තේහයුන් ලස්සනට හිනා වෙලා කියද්දී, ජන්කුක් ගෙයි ජිමින්ගෙයි මූනු දෙක කරවෙච්ච රොටි දෙකක් වගේ ඇදවෙලා ගියා.... ඒත් එක්කම ජන්කුක් ඇස් රෝල් කරලා ජිමින් දිහා බැලුවා....  ජිමින් ජන්කුක් දිහා බලලා දිව රෝල් කලා.... ඕහානී එක්ක හනීමූන් ටුවර් එක ප්ලෑන් කරන ගමන් හිටපු අසරන තේහයුන් මේ කිසිම දෙයක් දැක්කේ නෑ.....

____________________________________

බෝගම් ව මීට් වෙලා ගෙදර ඇවිත් හොදට නිදාගත්ත ඕහානී හවස හතට විතර ඇහැරලා උනු චොක්ලට් කිරි එකකුත් අරගෙන බැල්කනි එකට ගියේ නිදහසේ කල්පනා කරන ගමන් කිරි එක බොන්න හිතාගෙන.....

ඒත් ඕහානීගේ රූම් එකේ  බැල්කනි එකට පේන කිම් මැන්ෂන් එකේ  ඕපන් බැල්කනී එක දිහා අහම්බෙන් බලපු ඕහානීට කිරි එක ඉස්මොල්ලේ ගියා....

ගෝව්ඩ් පත්තරයක් බලන අංකල් කිම්ගේ බෙල්ල වටේ අත් දෙක පටලගෙන මුකුළු කර කර හිටියේ පොඩි කෙල්ලෙක් කියලා ඕහානීට සීයට දාහක් ෂුවර්..... කොටම කොට  හිර ගවුමක් ඇදලා හිටපු කෙල්ලට පිට දිගේ ඉහිරිලා ගිය දිග කොන්ඩයක් තිබුනා....

අංකල් ජූන් ගේ එකම සහෝදරී ඉන්නේ කැනඩා වල...ඒත් ඕහානීට හොදට මතකයි ජන්කුක් මීට දවස් කීපෙකට කලින් කිව්වා එයාගේ ආන්ටීගේ බේබි ඩිලිවරි එක තව මාසේකින් කියලා.... එතකොට කවුද මේ.....

බැරිවෙලාවත් අංකල් ජූන්ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්!!! ඕහානී ඇස් ලොකු කරගත්තා.... ඒත් එක්කම ඒ ගර්ල් අංකල් ජූන් ගේ කම්මුලට කිස් එකක් දුන්නා.... ඕහානී කට ඇරගෙන බලාගෙන හිටියා... අනිත් කම්මුලට තවත් කිස් එකක්... ඕහ් නලලටත්.... හොදයි අංකල් ජූන් ගොඩක්  කියුට් නිසා ඕන කෙනෙකුට කිසස් දෙන්න හිතෙනවා තමා.... 😌😌 ඒත් ඉතින් ඔහොම ප්රසිද්ධියේ!!!! ඕහානී උරහිස් අකුල ගත්තා....

ඒත් එක්කම බැල්කනි එකට ආවේ ජිමින්.... ඕහානී ආපහු සැරයක් ඇස් ලොකු කරගත්ත... ගෝව්ඩ් අංකල් ජූන්ගේ නාඩගම් නිසා ඕහානීගේ හුරතල් චිම් නරක් වෙනවා... ඕහානී මූන අකුලගෙන හිතුවා....
ඒත් ඊලගට සිද්ධ වුන දේ නිසා ඕහානීගේ ඒ සිතුවිල්ල ජන්කුක් ගේ බඩට වැටුන කෑමක් වගේ වාෂ්ප වෙලා ගියා....

හිනාවෙවී අංකල් ජූනුයි එයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්යි ඉන්න තැනට ආපු ජන්කුක්  එක පාරටම අත දික් කරලා අංකල් ජූන් ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ගේ පස්ස පැත්ත මිරිකුවේ ඕහානී බලාගෙන ඉද්දිමයි..... දෙයියනේ දෙයියනේ ඕහානී ට කැරකිල්ල වගේ හැදුනා.... එයාගේ හුරතල් චිම්!!!!  ඕහ් ඇත්තටම මෙතන චිම් ගේ වරදක් නෑ... එයා අනිවාරෙන් ම අංකල් ජූන් එහෙම කරනවා දකින්න ඇති... ඕහානී හිතුවා.... 

ඒත් එක්කම ඕහානී දැක්කා ආන්ටි කිම්ගේ වාහනේ කිම් මැන්ෂන් එකේ ගේට් එකෙන් ඇතුලට දානවා... අංකල් ජූන් ඉවරයි කියලා හිතන ගමන් ඕහානි ඒ පැත්ත බලද්දි, වාහනේ සද්දේ ඇහුන අංකල් ජූන්ගේ  නැහැදිච්ච ගර්ල් ෆ්‍රෙන්ඩ් ඉක්මනින් ඇතුලට දිව්වා...අංකල් ජූන් ඉක්මනින් පත්තරේට මූන නවා ගත්තා....

ගෝව්ඩ් හව් ඩෙයා දෙම්... !!!
____________________________________
"ආහ් චිම් එහෙනම් කොහොම හරි අංකල් යූන් වයි ආන්ටිවයි කැමති කරගන්නවා හරී!!"

ඩිනර් එකත් අරගෙන ගෙදර එන්න පිටත් වෙන ජිමින් දිහා බලලා ජන්කුක් කිව්වා.....

"ඒක හරි.... මගේ පෙනුම කොහොමද කුක්... මේ නලලේ තැල්ම ඒක පේනවද?"

"ආයිෂ් දොරේ හැප්පුනා කියනවා චිම් ඕක එච්චර දෙයක් නෙවේ!!"

ජිමින් ගේ නලලේ දම් පාට වෙලා තිබුන තැල්ම දිහා බලලා  ජන්කුක් කිව්වා...

"ආහ් දොරක් නෙවේ ගල් රෝලක්!!"

ඇගිලි තුඩු වලින් නලල අතගාගන්න ගමන් ජිමින් කිව්වා....

"ගෝව්ඩ් චිම් ටේටේ හෙයොන්ග් තාම ජීවත් වෙනවද දන්නේ නෑ... "

"Pray කරමු එයාගේ පපා එයාගේ අතක් පයක් විතරක් කඩලා ඉතුරු කරන්න කියලා!!! "

උරහිස් අකුලලා ජිමින් කිව්වා...

"ආයිෂ් අංකල් ජින් ගේ කටේ සද්දෙට මගේ කන්දෙක තාමත් රිදෙනවා....මට පේන්නේ එයා කෑමට අමතරව ලවුඩ්ස් පීකර් එකකුත් ගිලිනවද කොහෙද!!"

ඇගිල්ලක් කන ඇතුලට දාලා කරකවන ගමන් ජන්කුක් කිව්වා හවස වුන සිද්ධිය මතක් කර කර ම ජිමින් ඔලුව හෙල්ලුවා.....

Flashback......few hours ago ...at taehyung's apartment.....

එයාලා තුන් දෙනා කථා කර කර ඉන්න අතරේ ඩෝ බෙල් එක රින්ග් වෙද්දි තේහයුන් ගැස්සිලා ජන්කුක් දිහයි ජිමින් දිහයි බැලුවා....

"ඔයාලා ඩ්‍රයිවර් ට ගෙදර නම්බර් එක කිව්වද?"

තේහයුන් ඇහුවා!!

"නෝව්!!"

ජන්කුක් කිව්වා, ජිමිනුත් ඒක අනුමත කලා...

"කවුද මේ වෙලාවේ!!!"

නැගිටලා දොර ලගට යන ගමන් තේහයුන් හෙමින් කිව්වා...

"හෙයොන්ග් හානී නූනාවත්ද දන්නේ නෑ කෝකටත් බලලා ඉන්න... නූනා අපිව මෙහෙම දැක්කොත් හෙයොන්ග් ඉවරයි !!"

සෝෆා එක උඩ තිබුන එයාගේ fake breast ආපහු ඇදුම ඇතුලට දාන ගමන් ජන්කුක් කිව්වා....

ඒත් එක්කම කැම් එකෙන් ඇවිත් ඉන්න කෙනා දැකපු තේහයුන් අඩියට දෙකට ජන්කුක් ලා ඉන්න තැනට ආවා....

"හේයි ඇවිත් තියන්නේ මගේ පපා... ඔයාලා දෙන්නා ටිකක් ඇතුලට ගිහින් ඉන්න මං පපා එක්ක කථා කරලා පපා ගියාම කථා කරන්නම් හාද?"

තේහයුන් ඇහුවා...

ඔලුව වනපු ජිකුක් ජෝඩුව තැන තැන වැටිලා තිබුන එයාලගේ කලමනා ටිකත් එකතු කරගෙන තේහයුන් ගේ රූම් එකට ගියා....

කොල්ලෝ දෙන්නා රූම් එකට යනවත් එක්කම තේහයුන් දොර ඇරියා... හොදයි එයාට ටිකක් දාඩිය දාලා තිබුනා.....

"කිම් තේහයුන්!! මොකද දොර අරින්න තමුන්ට මෙච්චර වෙලා ගියේ!!!"

අපාර්මන්ට් එකේ බිත්ති දෙදරලා බිමට සමතලා වෙන්න තරම් උච්ඡ ස්වරයෙන් කෑ ගහපු මිස්ටර් ජින් තේහයුන් ගේ උඩ ඉදන් පහලටම බැලුවා......

"මොකද ථමුන්ට ඔය තරම් දාඩිය දාලා!!"

ඊලගට තේහයුන් ලගට ඇවිත් මිස්ටර් ජින් ඇහුවා.....

"ද් දාඩිය ක් කෝ කොහෙද?"

පපා දිහා හොරෙන් බලන ගමන් තේහයුන් ඇහුවා....

ඒත් තේහයුන් අහපු දේ ඇහුනේ නැති ගානට එයාගේ පපා කලේ සෝෆා එක පිටිපස්සේ, කර්ට්න් අස්සේ මොනාද හොයන එක....තේහයුන් කලේ ගල්ගිලලා වගේ බලාගෙන ඉන්න එක....

තේහයුන් ට තේරුනා.... තේහයුන් ගේ අල්ලපු ගෙදර ඉන්න මිස්ටර් වැන්ග් අදත් මොනා හරි දෙයක් එයාගේ පපාට වාර්තා කරලා කියලා... එතකොටමයි තේහයුන් ට මතක් වුනේ රූම් එකේ ඉන්න ජිමින් වයි ජන්කුක් වයි....

"ටේ!! ''

ආපහු වතාවක් පපාගේ හයිපිච් වොයිස් එක ඇහුන නිසා ගැස්සිලා ගිය තේහයුන් ඒ පැත්ත බැලුවා...

"තමුන් හවස කෙල්ලෝ දෙන්නෙක් අපාර්මන්ට් එකට එක්කන් ආවේ මොකටද "

ඉනට අත් දෙක තියාගෙන තේහයුන් දිහා බලලා පපා අහනකොට තේහයුන් කෙල්ලෝ කියන්නේ කවුද වගේ බැල්මකින් එයාගේ පපා දිහා බැලුවා...

"කිම් තේහයුන්!! මං තමුන්ගෙන් අහන්නේ!!"

"ක් කෙල්ලෝ!! ම් මොන ක් කෙල්ලෝද? පපාට කවුරු හරි බොරුවක් කියලා...!!"

තේහයුන් ගොත ගැහුවා....දොරට කන තියාගෙන එලියේ වෙන සංවාදේ අහගෙන හිටපු ජන්කුක් ජිමින් දිහා බලලා ඇස් රෝල් කලා...

"මේ ගේ ඇතුලේ කොහේ හරි ඉදලා මට කෙල්ලෝ දෙන්නෙක් හම්බ වුනොත් මං උන් දෙන්නව අදම තමුන්ට කසාද බන්දලා දීලා තමුන්ව   ඇන්ටාක්ටීකාවට යවනවා කරෝල වේලන්න.... දැනගන්නවා කිම් තේහයුන්!!!"

හුස්ම හිර කරගෙන කියවන එයාගේ පපා දිහා බලලා තේහයුන් කෙල ගිලින කොට, කාමරේ ඇතුලේ හිටපු ජිකුක් ජෝඩුව මූනෙන් මූන බලා ගත්තා....හොදයි ඒ දෙන්නට කීයටවත් ඕන වුනේ නෑ කිම් තේහයුන් ව කසාද බඳින්න....ඊටත් වඩා අර ලවුඩ්ස් පීකර් අංකල් ජින් ව එයාලගේ father in law කරගන්න එයාලා දෙන්නාගෙන් කාටවත් ම ඕන වුනේ නෑ......

"චිම්!!"

කලබලෙන් අර ඇගට වඩා ලොකු breast  එක ගවුම ඇතුලට කොටන ජිමින් දිහා බලලා ජන්කුක් හෙමින් කිව්වා....

"ඕක මගේ කොන්ඩේ!!"

"ආයිෂ් කුකී ඕක දාගන්නවා!! මෙතනින් යනකන්....නැත්නම් අපිට වෙන්නේ අර මෝඩ තේහයුන් ව කසාද බැඳලා සීතලේ ගැහි ගැහි කරෝල වේලන්න!! "

ජිමින් කියනකොට, කට ඇදකරගත්ත ජන්කුක් බිම තිබුන දිග කොන්ඩයක් තිබුන විග් එක ඔලුවට දාගෙන ආපහු දොරට කන තිබ්බා.....

"කුකී මං three කිව්ව ගමන්ම එලියට පැනල දුවමු හරිද...මෝඩ වැඩ නම් කරන්න එපා.....!!"

ජන්කුක් ඔලුව වැනුවා .... ජිමින් කවුන්ට් කලා....

"Three!!!"

ඒත් එක්කම දොර වේගෙන් ඇරුනා... දොර ඉස්සරහ හිටගෙන හිටපු තේහයුන් ගේ පපාගේ ඇගේ වැදීගෙනම ජිකුක් ජෝඩුව දොර ගාවට දුවගෙන ආවා....

ගේ ඇතුලෙන් කොරියාවේ නැගී එන රැප් කින්ග් හුස්මක් කටක් නොගෙන රැප් කරනවා ඇහෙද්දි , ඉක්මනින් ඉස්සරහ දොර ඇරපු ජිමින් ගේ ඇග උඩට වැටුනේ දොරට කන තියාගෙන ඇතුලේ වෙන දේවල් අහගෙන හිටපු තේහයුන් ගේ නේබර් මිස්ටර් වැන්ග්!!!

එහෙමම කොට මහත මිස්ටර් වැන්ග් ව අනිත් පැත්තට පෙරලලා  පාගගෙන පෙරලගෙන ලිෆ්ට් එක ලගට දුවපු ජිමින් ආපිට හැරෙද්දී මිස්ටර් වැන්ග් ගේ මූනට උඩින් පැනපු ජන්කුක්ත් ලිෆ්ට් එක ඇතුලට දුවගෙන යද්දී මිස්ටර් වැන්ග් හිටියේ තරු මන්දාකිණියම එක සැරේ බලන ගමන් දෙලොවක් අතර අතරමං වෙලා....

End flashback.....

____________________________________

තව දෙකකින් ඉවරයි මේක...
පරිස්සමින් ඉන්න හොදේ ආදරෙයි...😘💜💜

#Deshu





Continue Reading

You'll Also Like

653 104 11
"ලෙඩෙක්..." පලවෙනි වතාවට ඒ වචන මාව නොමරා මැරුවා...
1.2K 346 14
•••මට හැගෙනවා ඒවා මා තුළ වැඩෙනවා.... මේ පිපෙන මල් සියල්ලත් ඔබ වගෙයි සුන්දරයි... මරණීයයි...🌹
8.9K 1.5K 29
ලංකාවේ කෙල්ලො දෙන්නෙක්ට korea වෙදි හමුවෙන කොල්ලො 7 දෙනෙක්. අහම්බෙන් ඇති වන ආදරයක්........ හිත් බිදීම්...වෙන්වීම් වලින් පිරුණු ඒ ආදර කතාවේ අවසානය කුම...
959K 21.8K 49
In wich a one night stand turns out to be a lot more than that.