Jungkook pov
මට හිතා ගන්න බැරි වුනා ටේහ්‍යුන්ග් ගේ වෙනස. ඒ දුශ්ට චරිතේ ඇතුලේ ඒ තරම් ලස්සන හදවතක් තියෙනවා කියලා මට හිතා ගන්න බැරි වුනා. ඒත් මට බය හිතුනා කොයි වෙලාවේ කොහොම එයා වෙනස් වෙයිද කියලා. යද්දි නලලට දිලා ගියපු කිස් එක මම එනකන් පරිස්සමෙන් ඉන්න කිව්ව එක මතක් වෙන ගානට මගේ හදවත ගැහෙන්න ගත්තා. මට දැනුනා මට ටේහ්‍යුන්ග් ව මුලින් ආදරයක් නැතුව ඕන් වුනත් මේ හදවත ගැහෙන විදියට මම එයාට ආදරේ කරන්න පටන් අරන් කියලා. මම බලන් හිටියා එයා කිව්ව විදියටම අැදට වෙලා එයා එනකන්. ටේහ්‍යුන්ග් ගිහින් පැය ගානක් වුනා. යන්නෙ මොකටද? මොකක්ද ආව මැසේජ් එක මේ මොකුත් මට කිව්වෙත් නෑ. මගේ හිතට ලොකු බයක් ආවා.. මම ටේහ්‍යුන්ග් මතක් කර කර ඉන්න ගමන්ම නින්දට වැටුනේ මටවත් දැනෙන් නැතුව. ඒත් ෆෝන් එක රින්ග් වෙනවත් එක්ක මම ආයෙම ඇහැරුනා..
"හෙලෝ කවුද මේ....?"
"හොලෝ මිස්ටර් ජියෝන් ජන්ග්කුක් ඉතිං කොහොමද ?"
"කවුද මේ?"
"මාව අදුරගන්න බැරිද මිස්ටර් ජියෝන්... මම හිතුවේ මගේ කටහඩින් ඔයා මාව දන්නවා කියලා...."
"මට මිස්ටර් එක්ක විහිලු කර කර ඉන්න වෙලාවක් නෑ.. කියන්න දෙයක් තියෙනව නම් තමුන් කවුද කියලා කියලා ගත්ත හේතුව කියලා ෆෝන් එක තියනවා...."
"තරුණ මිනිස්සුන්ට මාර විදියට කේන්ති යනවනේ.. අරහෙන් එකෙක් මගේ මින්ස්සු පස් දෙනෙක්ව මරලා. මෙහෙන් තමුසේ කෑ ගහනවා..."
"මොකක්ද කියන්නේ මොකක් ගැනද කියන්නේ තමුසේ කවුද...?"
"මම ශින් හේ.... තමුසෙගේ පෙම්වතා මගේ මිනිස්සු පස් දෙනෙක්ව මට නැති කරා. තමුසේ හිතනව නම් තමුසෙලාට සැනසීමෙන් ඉන්න ලැබෙයි කියලා බලාගමූ වෙන දේ...."
"මොන මඟුලක්ද කියන්නේ මගේ පෙම්වතා කවුද ?"
"ඇයි තමුසේ දන්නෙම නැද්ද... කිම් ටේහ්‍යුන්ග් මේච්චර කල් හැන්ගිලානේ හිටියේ දැන් බලමු වෘකයාද සිංහයද කියලා........ තමුසෙලා හැමෝම පරිස්සමෙන් ඉන්නවා..."
"හරී බලමූ මිස්ටර් ශින්හේ...."
"බලනවා මම තමුසේ මාත් එක්ක කරපු නැති ඩීල් එක කරන විදිය... බලනවා තමුසේ ව ආරක්ෂා කරන කිම්ලට වෙන දේ ...."
"හරි බලමු පුලුවන් දෙයක් කරනවා. හැබැයි තව දෙයක් මතක තියාගන්නවා... හැප්පුනේ මුලු අන්ඩර්වර්ල්ඩ් එකම බයෙන් ඉන්න කිම් ෆැමිලි එකේ ඇල්ෆා එක්ක කියලා... "
"තමුසෙට ඒකා මහලොකු එකෙක් වුනාට ඌ මට නිකන්ම නිකන් හිවලෙක් විතරයි. බලමු මොකද වෙන්නේ කියලා..."
ශින්හේ මට කෑගහලා ෆෝන් එක කට් කරා. වුන දේ මට හිතා ගන්න බැරි වුනා. ඒත් මොනවම හරි ලොකු දෙයක් වෙලා කියලා මට තේරුනා. එතකොටම ගෙදරට වාහන එන සද්දේ ඇහුන නිසා මම ටීශර්ට් එකත් දාගෙන පහලට ආවා. ටේහ්‍යුන්ග් ඇදුම් වල ලේ පෙරාගෙන ගෙදර ඇතුලට එනවා දැක්කාම මාව ස්ටක් වුනා. මගේ ලග ආදරෙන් ඉදලා එලියට ගියපු එයා ඇවිත් හිටියේ ගොඩක් හැක් වෙලා ලේ පෙරාගෙන. එයාගේ ඇස් බලන ඕනි කෙනෙක්ව පුච්චලා දාන්න පුලුවන් තරම් තරහකින් නපුරුකම පිරිලා තිබුනා. මට ගිහින් හැමදේම හරි කියලා එයාව තුරුල් කරගන්න ඕනි වුනත් මට ඒක කරන්න බැරි වුනා මොකද හොබි යුන්ගී ලී යන්ග් මේ හැමෝම එයා ලග හිටියා..
J- යූන්ගියා මොකද වුනේ....
Y- වෙන්න පුලුවන් ලොකුම දෙවල් වලින් එකක් වුනා...
J- මොකක්ද කියන්නේ තේරෙන්න කියන්න...
H- ශින් හේ අපේ කේ.එන් එක අල්ලගෙන... ඩ්‍රග්ස් අරගෙන ගිහින්. අපි යද්දි උගේ මිනිස්සු එතන හිටියා. අපේ ගාඩ්ලා මරලා දාලා. කොහොම හොයාගෙන කොහොම ඇතුලට ඇවිල්ලද දන්නෑ. අපේ වුන්ට වෙඩි තියනකන් උන්ට දැනිලා නෑ ශිට්. මෙච්චර අරක්ෂාවක් දීලා මෙච්චර දවසක් පරිස්සමෙන් කරගෙන ආව දේ මේකා කෑවා. උන් ඩ්‍රග්ස් අදින ගමන් හිටියේ.. එතන පස් දෙනෙක් හිටියා පහම ඉවරයක් කරා.
J- එතකොට ටේහ්‍යුන්ග් ගේ ඇයි ලේ....
Y-එකෙක් පිහියකින් ඇන්නා.. ඒක හරියට වැදුනේ නෑ...
J- ඇයි හොස්පිට්ල් ගියේ නැත්තේ?
T- මේ වගේ දෙවල් වලට හොස්පිට්ල් යන්න බෑ.. මේක හරියයි... මම බෙහෙත් දාගන්නම්...
J - යමු මම දාන්නම්...
මම එතනින් එහාට මොකුත් අහන්නැතුව ටේහ්‍යුන්ග් ව එක්කන් එයාගේ රූම් එකට ආවා බෙහෙත් දාන්න. එයාව ඇදෙන් තියලා මම ශර්ට් එක ගලවලා අයින් කරා. හවස මම ලීව් කරපු හියකීස් ඇගේ තැනින් තැන තිබුනා. මම එයාගේ ලේ පිහදාලා කැපුම් පාරවල් වලට බෙහෙත් දැම්මා....
"ටේ...හ්‍යුන්ග්......"
"ඕඕඕඕ කුකී.... කියන්න..."
"ඇයි මොකුත් කියන්නැත්තේ? ඔයාට රිදෙනවද?"
"නෑ බේබී.. ටිකක් රිදෙනවා ඒක හරියයි... "
"මොකද වුනේ....?"
"මට යුන්ගිගෙන් මැසේජ් එක ආවේ කේ.එන් එකට එන්න කියලා. අපේ ඩ්‍රග්ස් ස්ටෝ එකට. මම එතනට යද්දි යුන්ගිලත් එතනට අාවා. අපි යද්දි ශින්හේ ගේ මිනිස්සු අපේ ඩ්‍රග්ස් සෑහෙන ප්‍රමානයක් ඇදලා. උන් මේ තැන කොහොම දැගත්තද කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. ආව තරහට අපි එතන හිටපු උන්ව ඉවරයක්ම කරා. ඒ ෆයිට් එකේදි එකෙක් මට පිහියකින් අැන්නා. එත් එ්ක හරයිට වැදුන්නැ කැපිලා ගියා විතරයි.. අපි බඩු ටික වෙන තැනකට යැව්වා ඉතුරුවා. ඒ කරලා තමයි ආවේ...
ටේහ්‍යුන්ග් එහෙම කියලා ඉවර වෙද්දි මම එයාව හග් කරගත්තා. මට තේරුනේ නෑ මොකක්ද කියන්නෝන කියලා. එයා එහෙම තුවාලා වෙනවා දකින්න එයාට එහෙම කරදර වෙනවා දකින්න මගේ හිතට ඕනි වුනේ නෑ..
"බේබී..."
"ම්ම්මම්ම්.. "
"ඇයි මේ...? මෙහෙම් තුවාල කරගන්නෙපා. මම කැමති නෑ ඔයාට මෙහෙම වෙනවට...."
"ඔයා විතරක් නෙමේ මම කැමතිතත් නෑ බේබී. ඒත් මේ මගේ ජීවිතේ හැටි. කොයි වෙලාවෙද කියන්න බෑ.. "
"විකාර කියවන්නෙපා..."
"ඒකයි පිලිගන්න අකමැති වුනත් ඇත්ත. මේ පොඩි කැපුම් පාරකට ඔයා කලබල වෙලා තියෙන්නේ.... මීට වඩා දෙවල් වෙන්න පුලුවන්.."
මම ටේහ්‍යුන්ග් ව බෙඩ් එකේ හාන්සි කරලා එයාගේ ඔලුව අතගාන ගමන් කල්පනා කරේ අද ශින්හේ ගෙන් ආව කෝල් එක ගැන එයාට කියනවද කියලා. ඒත් මේ වෙලා තියෙන දේත් එක්ක තවත් එයාගේ හිතට ප්‍රශ්නයක් දාන්න ඕනි නෑ කියලා හිතලා මම ඒක එයාට කියන්නෙ නැතුවම එයාට නින්ද යනකන් එයාගේ ඔලුව අත ගගා හිටියා...
"ජන්ග්කුක් ....."
මට කතා කරගෙන ටේහ්‍යුන්ග් ගේ රූම් එකට යුන්ගී ආව නිසා මම ගැස්සිලා එයාලා දිහා බැලුවත් මම කර කර හිටපු දේ ඒ දෙන්නම දැක්කා..
"යුන්ගී ක්ක්කියන්න..."
"ඔයා ටේහ්‍යුන්ග් ගේ ඔලුව අතගානවා.."
"ඕඕ ඕව් එයාට ටිකක් නින්ද යනකන් එහෙම කරා."
"ඒක කමක් නෑ.. එයා ඔයා එක්ක දැන් ශේප් වෙලා ඉන්නෙකත් හොදයි.. මම අාවේ කෑම ටික ආවා කන්න එන්න කියන්න. "
"හරී මම එන්නම් ඒත් ටේහ්‍යුන්ග් එයාට නින්ද ගියානේ..."
"රූම් එකට කෑම එවලා තියන්නම්. අැහැරුනාම කයි එයා.."
"හරී ම්ම්ම්ම් මම කාලා අරන් එන්නම්..."
"මෙච්චර දූශ්ට කම් කරලත් ඔයා එයාට ට්‍රීට් කරනවනේ.."
"එයා එහෙම කරාට මම එහෙම නෑ. අනික ටේහ්‍යුන්ග් වුනත් පෙන්නන තරම් දූශ්ට නෑ.මට එහෙම හිතුනා "
"ඔව් ටේයා එහෙම නෑ. ඔය කෑ ගැහුවට.. යමූ..."
"හරි යුන්ගි යමූ..."
මම යුන්ගි එක්ක කෑම කන්න පහලට ගියා
කන්න ගත්තත් මට මතක් වුනේ ටේහ්‍යුන්ග්ව. එයා බඩගින්නෙම තුවාල වේදනාවට විතරක් නෙමේ හිතේ වේදනාවටත් එක්ක නිදා ගත්තා. මට ඒයා එක්ක කතා කරපු ඒ ටික වෙලාවට වුනත් තේරුණේ වුන දේ එක්ක එයා ගොඩක් තරහින් වේදනාවෙන් ඉන්නවා කියලා. එයාට එහෙම වෙන්න හේතු තිබුනා.
"යුන්ගි"
"කියන්න ජන්ග්කුක්"
"ටේහ්‍යුන්ග් එයා ඉන්නේ අවුලෙන් නේද?"
"ඔව් එනකන්ම වචනයක් වත් කතා කරේ නෑ. වෙලා තියෙන දේ දැක්කාම එකෙකවත් ඉතුරු වෙන්නැති වෙන්න මරලම දැම්මා.."
"මේ ශින්හේ ගේ මිනිස්සු නේද?"
"ඔව් උන් තමයි තිරින්නු"
"උන් කොහොමද එතන හොයාගෙන තියෙන්නේ"
"අපිටත් තියෙන ප්‍රශ්නේ ඕක. හිතෙන්නේ ඇතුලේ කවුරු හරි ඉන්නවා උන්ට ඔත්තු දෙන... ජූන් ගියපු දවසේ ඉදන් කරන හැමදේම අවුල් යනවා. එදා ඩ්‍රග්ස් ගියේ නෑ. අද පොට් එක අල්ලගත්තා.. මට හිතා ගන්න බෑ..."
"ටේහ්‍යුන්ග් ටත් අවුල් ඇත්තේ එයා වැඩ පටන් ගත්ත දවසේ ඉදන් ඒවා අවුල් වෙන නිසා වෙන්න ඇති..."
"ඔව් ගොඩක්ම ඒකයි. ජූන් එයාව විශ්වාස කරලා දුන්න වැඩනේ..."
"එතකොට දෝ ජන් ව හම්බවුනේ නැද්ද. ඌව හොයන්නනනේ ගියේ...?"
"නෑ.. අපි අපේ අයව තැන් දෙක තුනක දාලා අාවේ. බලමු ඌට හැන්ගිලා ඉන්න විදියක් නෑ..."
"හරී යුන්ගි එහෙනම් මම මේ කෑම ටිකත් අරන් ටේහ්‍යුන්ග් ට දිලා නිදා ගන්න යනවා. මගෙන් මොනවම හරී උදව්වක් ඕනි නම් කියන්න හොදද... ඕනිම දේකට මම ඉන්නවා..."
"හරී ජන්ග්කුක් මේ වෙනදෙවල් එක්ක ඔයා ආරක්ෂා වෙලා ඉන්න ඒ තමයි හොදම උදව්ව. මොකද ජූන්ගේ තවත් දෙයක් නැති වෙනවා බලන් ඉන්න බෑ..."
"හරී යුන්ගි මට තේරුණා.. ගුඩ් නියට් "
"නයිට් ජන්ග්කුක් "
යුන්ගිලාට වුනත් මම ශින්හේ ගෙන් ආව කෝල් එක ගැන කියන්න ගියේ නෑ. මොකද එයාලා හැමෝම ඒ වෙන හැම වැඩක් මැදම මගේ.ආරක්ශාව බැලුවා. එයාලට වෙලා තියෙන ප්‍රශ්නත් එක්ක මට ඕනි වුනේ නෑ මට ශින්හේගේන තවත් තර්ජන එනයා කියලා කරදර කරන්න.. මම කෑමත් අරන් ආයෙම ටේහ්‍යුන්ග්ගේ කාමරේට ආවේ එයාට කෑම දෙන්න ඕනි නිසා. මම එද්දි යූ සන්ග් එයා ලගට වෙලා හිටියත් මම එනවා දැක්කාම මටත් රවාගෙනම යූ සන්ග් එයාගේ කාමරේ ඇතුලට ගියා....
...........................................................................
To be continue :-)
By Claerydee