🦋𝕄𝕪 𝔸𝕟𝕘𝕣𝕪 𝔹𝕖𝕒𝕣(�...

Von Daisy93-94

21.7K 4.6K 672

🦋...නාහෙට නාහන හොස්ස ලගින් මැස්සෙක් ටවත් යන්න බැරි තරම් කොයි වෙලෙත් ඇවිලෙන්න බලාගෙන ඉන්න ජෝඩුවක් එකට වැඩ කරන... Mehr

🦋1st🦋
🦋.2nd
🦋.3rd
🦋.4th
🦋.5th
🦋.6th
🦋.7nth
🦋.9th
🦋.10th
🦋.11nth
🦋.12th
🦋.13nth
🦋14nth
🦋.15nth
16nth
17 chapter
18nth chapter
19
19 part 2
20. End

🦋.8th

921 213 8
Von Daisy93-94

ලන්ච් එකෙන් පස්සේ වැඩි වෙලාවක්  නොඉදම තේහයුන් පිටවෙලා යන හැටි ජිකුක් ජෝඩුව කටවල් ඇදකරගෙන   සද්ද නැතුව බලාගෙන හිටියා.... බෙක්හයුන් එයාගේ බොක්සර් එක ගත්තේ නෑ කියලා  දිව්රලා  කිව්වට පස්සේ තේහයුන් ආපහු  ඒ ගැන මොකුත් ඇහුවේ නෑ වගේම.... එතනින් පස්සේ එයා වැඩිය කථා කලේත් නෑ... ඒත් එයාගේ ඇස් සැරෙන් සැරේට අවිශ්වාසෙන් බෙක්හයුන් ලග කීප වතාවක් නැවතෙනවා දැකපූ ජිකුක් ජෝඩුව පුටුව උඩ එහා මෙහා ඇබරිලා නිකා හිටියා ....

"හාහ් බලනවා ජිමිනී මේ හානී නූනා ගේ වැඩ "

තේහයුන් ගේ වාහනේ යන දිහා බලාගෙන කියපු ජන්කුක්  කට ඇද කරගෙන  පුටුවක් ඇදලා වාඩි වුනා....

"නූනා ඒක ගෙනාවේ තමුන් කියපු නිසා කුකී!!"

ජන්කුක් දිහා බලලා ජිමින් කිව්වා...

"යාහ් මං එයාට කිව්වද තේහයුන් ගේ බොක්සර් එක උස්සගෙන එන්න කියලා,  ඒකත් එයා කැමති ම එක!!"

ජන්කුක් කෑ ගැහුවා!! එයාට ඇත්තටම අද තේහයුන් ගැන දුක හිතුනා.... කොච්චර දග වැඩ කලත් ජන්කුක් ගේ හිත ගොඩක් අහිංසකයි..... එයා කැමති නෑ කවුරුත් ම දුකින් ඉන්නවට.... ඉතින් එයාට අද තේරුනා තේහයුන් එයාගේ මාම් එයා ලග නැති එකට දුකින් ඉන්නේ කියලා.... අනික එයාට මාම් ගෙන් gift ලැබෙන්නේ අවුරුද්දකට එක වතාවයි ලූ!!! හව් සෑඩ්!!! ජන්කුකීගේ මමා එයාට ලැබෙන හැම අවස්ථාවකම ජන්කුක් ට gift  දෙනවා.... පුංචි පුංචි අවස්ථා වලදී පවා!!!

ජන්කුක් ට හිතාගන්න බෑ මමා නැතුව තේහයුන් පුංචි කාලේ කොහොමද හිටියේ කියලවත්... හොදයි හානී නූනාටත් එයාගේ මාම් නෑ තමයි.... ඒත් ආන්ටි වූනී එයාට එයාගේ මාම් තරමටම ආදරෙයි කියලා ජන්කුක් දන්නවා.... ඒ වගේම ජිමිනිට පපා නැති වුනත් අංකල් යූන්ගි ජිමිනිට කවදාවත් ඒ අඩුව දැනෙන්න දුන් නෑ කියලා ජන්කුක් දන්නවා... ඒ නිසාමයි ජිමින් වෙලාවකට අංකල් යුන්ගිට පපා කියලා කථා කරන්නෙත්....

ජිමින් ජන්කුක් ට කියලා තියනවා එයා එයාගේ නූනා එක්ක එයාගේ මමාව ෂෙයා කරගත්තා කියලා වගේම, නූනා එයාගේ පපාව ජිමිනි එක්ක ෂෙයා කරගත්තා කියලා..... ඒ නිසාම  ජිමින්ගෙයි හානී නූනාගෙයි අතරේ තියන්නේ ගොඩක් හයිය සහෝදර බැදීමක් කියලත් ජන්කුක් දන්නවා....ඒත් ඉතින් එහෙමයි කියලා ජිමින් කියන විදියට හානි නූනා තේහයුන් ගේ බොක්සර් එක උස්සගෙන ආපු එක නිකන් අතෑරලා දාන්න බෑනේ හූම්!!!!

"ජිමිනී....අපි ටේ ටේ හෙයොන්ග් ට එයාගේ බොක්සර් එක ආපහු දෙන්න ඕන!!!"

ජිමින් ඔලුව හරවලා බලද්දි ජන්කුක් හෙමින් කිව්වා....

"අපි!!! පිස්සු හැදිලද කුකී අපි කොහොමද ඒක දෙන්නේ!!"

ජිමින් කෑ ගැහුවා.... ජන්කුක් ගේ ඔලුවට පාරක් දෙන්න හිතෙන එක අමාරුවෙන් නවත්තගෙන ජිමින් එහාටයි මෙහාටයි ඇවිද්දා....අයිෂ් එයාට තේහයුන් මූන ගැහුනට පස්සේ කරන්න ගොඩක් දේවල් තිබුනා.....තේහයුන් exhibition එක බලලා එනකම් ජන්කුක් එක්ක එයා ගොඩක් දේවල් ප්ලෑන් කලා...

තේහයුන් එක්ක selfie ගොඩක් ගන්න,  එතකොට එයාගේ නූනා කොච්චර හොදයිද කියලා ටේටේට කියන්න එයාට හැමදේටමත් වඩා ඕන වුනා..... ඒත් කොහේවත් නැති බොක්සර් එකක් මැද්දට පැනලා ඒ හැමදේම වීනාශ කරලා දැම්මා.....

"අපි නෙවෙයි ජිමිනී, ඒක  අපේ හානී නූනාම ආපහු දේවී....!!"

ටිකක් වෙලා සද්ද නැතුව කල්පනා කර කර ඉදලා ජන්කුක් කියනකොට ජිමින් ක්ෂනිකව හැරිලා ජන්කුක් දිහා බැලුවා.....

"යාහ් නෝඕඕඕ.... කුක් එහෙම වුනොත් තේහයුන් නූනා ගැන මොනා හිතයිද...ඒක හරියන් නෑ...."

ජිමින් කලබලෙන් කිව්වා!!!

"අයිෂ් ජිමිනා...අපි නූනට කියමු එයා ඒක ගෙනාපු විදියට ම ආපහු ගෙනිහින් තියන්න කියලා එතකොට  හරිනේ.....!!!"

ජන්කුක් ඇගට පතට නොදැනී කීයනකොට ටිකක් වෙලා කල්පනා කරපු ජිමින් ඒකට ඔලුව වැනුවා.... හොදයි ඒත්  එයාලා දෙන්නම දැනගෙන හිටියේ නෑ  මේ වෙලාවේ බාම් තේහයුන් ගේ බොක්සර් එකට ලස්සන කතන්දරයක් කියලා දෙනවා කියන එක .....ඔහ් ලව්ලී බාමීඊ😌😌.....

___________________________________

"වට්....!!!! තමුන්ලා දෙන්නා කියන්නේ ඒ බොක්සර් එක ගත්තේ මං කියලද???"

ජන්කුකුයි ජිමිනුයි අත්දෙක බැදගෙන ඔලු ගෙඩි දෙක වනද්දී ඕහානී යටි ගිරියෙන් බෙරිහන් දුන්නා... හාහ් අද එයාට ගොඩක් මහන්සි.... වදකාර තේහයුන් මුලු හවස් වරුවම නහයෙන් අඩ අඩ එයාට වද දුන්නා..... fashion school එකට ජොයින් වෙන එක එයාගේ ජීවිතේ එකම අරමුණ නොවුන නම් තේහයුන් මේ වෙනකොට intensive care unitඑකේ ඇදක් උඩ රෙස්ට් කරනවා කියලා ඕහානි දන්නවා..... ඒ තරමට ම තේහයුන් ඕහානිට අද ජීවිතේ එපා කෙරෙව්වා!!! ආහ් එයාට වතාවක් හිතුනා තේහයුන් ඔය තරම් වදවෙන එයාගේ වදකාර බොක්සර් ටීක ඔක්කොම කෑලී කෑලි වලට ඉරලා දාන්නත්....

මොකද එයා අද අහිංසක ඕහානීව බ්ලැක් මේල් කලා.... තේහයුන් අද මුලු හවස් වරුවම කලේ ඕහානී ට කියලා එයාගේ මුලු ගේ පුරාම බොක්සර් එක හොයපු එක.... එයා ඒක හෙව්වේ නැත්නම් හෙට තියෙන  මීඩියා conference එක අවුල් කරනවා කියලා එයා ඕහානීට තර්ජනය කලා.... අසරන ඕහානී මුලු ගේම අනිත් පැත්ත හරවලා බැලුවත් තේහයුන් ගේ රත්තරනින් හදලා මැනික් ගල් වලින් වැඩ දාපු බොක්සර් එක අනතරස්දහන වෙලා තිබුනා..... ෆූහ් රත්තරනින් හදලා වගේනේ එයා දගලන්නේ....

එච්චර මහන්සි වෙලා නිදාගන්න බලාගෙන ගෙදර ආවම එයාගේ සහෝදරයෝ දෙන්නා එයාව ඇදගෙන ගිහින් කාමරේකට දාලා වහලා දැන් කියනවා ඒ වදකාර පිස්සු බොක්සර් හොරා එයා කියලා.... ඉතින් ඕහානීට තරහා යන එක අහන්නත් දෙයක්ද???? හූම්.....

"ඒක තමයි ඇත්ත නූනා!! මේ තියන්නේ ඒක!!!"

ජිමින් ගේ රූම් එකේ තිබුන කවුච් එකේ වනලා තිබුන බොක්සර් එක පෙන්නලා ජිමින් කිව්වා.....

"ආහ්!!"

ඕහානී කියන්න දෙයක් හිතාගන්න බැරුව ඒක දිහා බලාගෙන හිටියා... හොදයි ඒකේ ලොකු හිලක් හැදිලා තියන එක අමතක කරලා දාමුකෝ අපි....ඒත් ඕහානී කවද්ද ඒක ගෙනාවේ....පොඩ්ඩක් ඉන්න!!!! බැරිවෙලාවත් එයා!!!! ඔහ් ගෝව්ඩ්!!!! එයාට හැමදේම තේරෙන කොට එයා ඔලුව උස්සල ජිමිනුයි ජන්කුකුයි දිහා බැලුවා.....

ඕහානී දිහා බලාගෙන දෙන්නම ඔලු ගෙඩි දෙක වනද්දී එහෙමම ඔලුවේ අත ගහගත්ත ඕහානී බිමින් වාඩි වුනා.....ඕහානී ට හැමදේම තේරුනා...එයා එදා තේහයුන් ගේ ලේන්සුව කියලා අරගෙන ඇවිත් තියන්නේ එයාගේ වදකාර බොක්සර් එක..!!! ගෝව්ඩ් එයාට හිතාගන්නත්  බෑ එයා මුලු හවස් වරුවම ඒ විකාරේ පොකට් එකේ දාගෙන හිටියා කියලා!!!!

තුන් දෙනාම බිම වකුටු වෙලා ඉදගෙන කම්මුල් වලට අත් තියාගෙන කවුච් එක උඩ තියන බොක්සර් එක දිහා බලාගෙන හිටියේ,  අමාරුවෙන් ගොඩ ගත්ත පුරාවස්තුවක් දිහා බලාගෙන ඉන්න නාකි professor ලා තුන් දෙනෙක් වගේ......

"අපි ඒක එයාට ආපහු ගෙනිහින් දෙන්න ඕන නුනා!!"

ඒ දිහා බලාගෙන ම ජන්කුක් කියන කොට ඕහානි ඔලුව හරවලා ජන්කුක් දිහා බැලුවා... ජන්කුක් ට මොලේ උන වත් හැදිලද??

"වට්ට්!!!"

ඕහානී සද්දෙට ඇහුවා!!

"අපි නෙවෙයි ඇත්තටම නූනා ඔයා ඒක ආපහු අරගෙන යන්න ඕන "

ඒ පාර ජිමින් කිව්වා... ගෝව්ඩ් ඒ පාර ජිමින්ටත්  මොලේ උන බෝවෙලා!!!

"අයිෂ් තමුන්ලා දෙන්නට පිස්සු හැදිලද? මං කොහොමද ඒක ආපහු එයාට දෙන්නේ!!!"

"ඔයා ඒක එයාගේ අතට දෙන්න ඕන නැ නූනා!! ඔයා ඒක ගත්ත තැනින්ම ආපහු තියන්න!! එතකොට හරි!!!"

ගෝෂ් ඒකත් ඇත්ත තමයි!! ඔහ් clever ජන්කුකී!! ඕහානී හැදුවේ හිනාවෙලා ජන්කුක් ගේ මහත කම්මුල් දෙක squish කරන්න...ඒත්  එතකොටයි එයාට මතක් උනේ එයා ඒක ගත්ත තැන....

"හෙල් නෝ කුක්.... ආහ් ඇත්තටම මං ඒක ගත්තේ එයාගේ ලොන්ඩ්රි රූම් එක ඉස්සරහ බිම වැටිලා තිබිලා......!!!"

කොල්ලෝ දෙන්නා හුලං ගිය බැලුන් දෙකක් වගේ ඇකිලිලා යද්දී ඕහානී කිව්වා.....හොදයි ඉතින් එයා හිතුවේ ඒක ලේන්සුවක් කියලනේ හූම්!!! ඒත් පොඩ්ඩක් ඉන්න!!! ඒක හිල් වෙලා නේද???.....

"ආයිෂ් මේ වදකාර කිම් තේහයුන් අද මට කියලා මුලු ගේ පුරාම හෙව්වේ මේ හිලක් හැදුන පරන බොක්සර් එකද ඇත්තටම ආයීෂ්!!! මට එන තරහා!!!"

ඇගිල්ලෙන් බොක්සර් එක පෙන්නලා පොලවට එකක් ගහලා ඕහානී  කියනකොට ජන්කුක් උගුර පාදන්න ගත්තා....

"අහ්ම්!!! ඇත්තටම නූනා...ඒක කලින් ඉරිලා තිබුනේ නෑ... !!!"

"ඉරිලා තිබුනේ නෑ!! ඒකේ තේරුම ඒක මෙහෙට ආවට පස්සේ ඉරුනා කියන එකද?"

ඕහානී ඇස් ලොකු කරගෙන අහද්දි ජන්කුක් හෙමින් ඔලුව වැනුවා....
ඒත් එක්කම ඕහානීගේ ඔලුවට ආවේ බොක්සර් එක දෙපැත්තෙන් අල්ලගෙන ඒක ගන්න දෙපැත්තට ඇද ඇද රන්ඩු කරන ජනකුක්  වයි ජිමින් වයි!! හරියට පුංචි කාලේ  එයාලා ආසම කරපු අල්ලපු ගෙදර ලමයාගේ සෙල්ලම් කා එක  ඕහානි ඒ දෙන්නාට ගෙනත් දුන්නට පස්සේ එයාලා ඒක ගන්න පොර කෑවා වගේ... Eww ....ඕහානී නහය අකුල ගත්තා.....

"අයිෂ් නූනා!!! විකාර හිතන්න එපා!!!"

ඕහානීගේ මූන දිහා බලාගෙන හිටපු ජිමින් කිව්වා!!! හොදයි එයා තරම් එයාගේ නූනව දන්න වෙන කෙනෙක් ඉන්නවද?

"ආහ් නූනා ඇත්තටම ඒක කලේ බාම්!!"

"බාම්!!!"

ඕහානී සද්දෙන් අහනකොට ජන්කුක් හෙමින් ඔලුව වැනුවා!!!

තේහයුන් ගේ බොක්සර් එක ආපහු දෙන්න ඕන කියලා ජිමින් එක්ක කථා වුන විදියටම හවස ජිමින් එක්කම ගෙදර ආපු ජන්කුක් බොක්සර් එක තියලා තිබුන තැන බැලුවත් ඒක එතනින් වාෂ්ප වෙලා තිබුනා....

ඊට පස්සේ දෙන්නම එකතු වෙලා මුලු රූම් එකම අනිත් පැත්ත හරවලා ඒක හෙව්වා....ඒත් ඒක වාෂ්ප වෙලා... කෑල්ලක් වත් ඉතිරි නොවීම වාෂ්ප වෙලා!!!! හොයලා හොයලා අන්තිමට එයාලා දෙන්නා හිතුවා ජන්කුක් ගේ බොක්සර්  එකක් ඒ වෙනුවට තේහයුන් ට ආපහු දෙන්න..... හව් ස්වීට්!!!

ඒත් ජිමින් කිව්වා තේහයුන් ට සයිස් එක මාරු වෙලා කියලා තේරෙයි කියලා.... වෙල් ඒකත් ඇත්ත!! ඒත්  අන්තිමේදි හැමදාමත් වගේ ජිමින් ගේ ටිකිරි මොලේට අදහසක් ආවා... හොදයි එයාලට පුලුවන් අංකල් යූන්ගේ එකක් තේහයුන් ට ගිෆ්ට් කරන්න!!!

Highfive එකක් දාලා ඒ අදහසට එකඟ වෙලා ඒ දෙන්නා වාඩිවෙලා හිටපු තැනින් නැගිටිද්දිම රූම් එක ඉස්සරහ හිටගෙන හිටියේ බාම්....  බාම්ගේ කකුල් දෙක ලග බිම තේහයුන් ගේ බොක්සර් එකත් තිබුන !!!

දැකපු ගමන්ම ජන්කුක් ඒක ගන්න හැදුවත් එයාගේ අලුත් යාලුවා ජන්කුක් ට දෙන්න බාමීට ඕන වුනේ නෑ!! ඇත්තටම එයා යාලුවා ජන්කුක් ගෙන්  බේරගන්න බය නැතුව සටන් කලා!!!  සටනේ අවසාන ප්‍රතිඵලය විදියට බාමීගේ අලුත් යාලුවා ජන්කුක් අල්ල ගත්තා!!! ඒත් ඒ වෙනුවට බාමීට අලුත් යාලුවෙක් හම්බ වුනා!!!
ඔහ් ඇත්තටම පපාගේ පාට පාට බොක්සර් කලෙක්ෂන් එකෙන් එකක් අඩු වුනාට එයාට ගානක් නෑ කියලා ජන්කුක් දැනගෙන හිටියා!!!!😌😌😌.... ඕඕඕ  papa's lovely boy 🙂🙂....

🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋

ආදරෙයි පරිස්සමින් ඉන්න හොදේ

Deshu🦋
22/10/10

Weiterlesen

Das wird dir gefallen

1.2K 346 14
•••මට හැගෙනවා ඒවා මා තුළ වැඩෙනවා.... මේ පිපෙන මල් සියල්ලත් ඔබ වගෙයි සුන්දරයි... මරණීයයි...🌹
5K 1.1K 10
' මම නොදැනුවත්ම ඒ ගතිගුණ වලට ආදරේ කරත් ගිනි රතු පාට ලිලී මල් එයාගෙ නමින් මගෙ පෙනහළු වල පිපුණෙ මම දැනුවත්වමයි...' ▪ Completed On 2022-04-25
37.2K 4.6K 17
ජීවිතේ කියන්නෙ පුදුමාකාර දෙයක්. එක තප්පරයෙන් ලොකු වෙනසක් කරන්න පුලුවන් .
6.7K 821 10
සීතල කුමාරයෙක්ගේ හිත හොරකම් කරපු දගකාර කෙල්ලෙක් වටා ගෙතුනු පුංචි කතාවක්..🌿 𝚈𝙾𝙾𝙽𝙶𝙸 𝙵𝙵