Jungkook pov
ඇත්තටම මට මේ මොකක්ද වෙලා තියෙන්නේ. ඇයි මට ටේහ්‍යුන්ග් ව මගේ කරගන්නම ඕනි කියලා හිතෙන්නේ. එයා මට චැලේන්ජ් කරා පුලුවන්නම් එයාව මගේ කරගෙන පෙන්නන්න කියලා. ඇත්තටම මම එහෙම කරන්න ඕනිද.. මටත් ඇයි මාව ගනන් ගන්නෙවත් නැති කෙනෙක්ව මගේ කරගන්න ඕනි වුනේ.
එක එක දෙවල් හිතන ගමන් මම කැබින් එකට වෙලා ඉද්දි යොන්ජුන් ඇවිත් මට කතා කරා.
"ජන්ග්කුක් බරටම කල්පනා කරන්නේ මොනවද? අද කම්පැනි එකේම ඉන්නද හිතන් ඉන්නේ...?"
"යොන්ජුනා ඔයා ආව එක හොදයි.. මේ අහන්නකෝ ඔයා කෙනෙක්ට කැමති නම් ඒයා චැලේන්ජ් කරොත් ඔයාට එයාගේ කැමැත්ත අරන් පෙන්නන්න කියලා ඔයා මොකද කරන්නේ...?"
"අාව් ආව් අපේ ජන්ග්කුක් ට ඒ කියන්නේ කෙනෙක්ට කැමැත්තක් ඇති වෙලා..."
"අනේ මන්දා ඒක කැමැත්තක් ද ආදරයක්ද කියල මට තේරෙන්නෑ යොන්ජුනා.. ඒත් ඒ චැලේන්ජ් එකට මම ෆේස් කරන්න ඕනි.."
"කවුද කියලා කියන්න පුලුවන්ද?"
"කිම් ටේහ්‍යුන්ග්"
"කිම් ටේහ්‍යුන්ග් ? කවුද ඒ කිම් ෆැමිලි එක් කෙනෙක්ද?"
"හහ්ම්ම්ම්ම් කිම් ෆැමිලි එකේ බ්ලැක් වොල්ෆ් අහලා තියෙනවා නේද?"
"කිම් ෆැමිලි එකේ බ්ලැක් වොල්ෆ් ? පිස්සුද ඔයාට එ් වගේ අමනුස්සයෙක්ට ආදරේ කරන්නේ.. අහල තියෙන විදියට එයාට කිසිම මනුස්ස ගතියක් ගෑවිලාවත් නෑ...."
"මට ආදරයක් නෙමේ තියෙන්නේ යොන්ජුනා මට එයාව මගේ කරගන්නෝන. අයිඩියා එකක් දෙනවකෝ"
"මෙහෙමයි එහෙම ඕනි නම් ඔයා එයාට කෙයාරින් බවක් කැමැත්තක් පෙන්නන්න එපා. හැම වෙලාටවම එයාට පේන්න ඉන්නෙපා. එයා ගනන් ගන්නවා කියන එක පෙන්නන්න එපා. එයාව ඩෝන්ට් කෙයාර් කරන තරමට එයාට ඔයා ගැන හිතෙනවා. ඒත් ඔයාට කොහෙන්ද එයාව හම්බවුනේ? දන්න තරමට බ්ලැක් වොල්ෆ්ව කවුරුත් දැකලවත් නෑ.."
"මම ඉන්නේ එහේ යොන්ජුන්. මම ඉන්නේ කිම් මැන්ෂන් එකේ "
"එහේ මොකද කරන්නේ?"
"මගේ සේෆ්ටී එකට. ඔයා දන්නවනේ ශින් ෆැමිලි එකෙන් මට තියෙන තර්ජන. ඒක නිසා මම ඉන්නේ කිම්ලා එක්ක."
"ඒකත් එහෙමද... අර විදියට කරලා බලන්නකෝ.... "
"හරි යොන්ජුනා. ඔයා යන්නද හදන්නේ..?"
"ඔව් රෑ වෙලා නිසා යන්න හදන්නේ... තාත්තාට බෙහෙත් ටික දෙන්නත් ඕනි"
"අැත්තට දැන් කෙහොමද බාප්පට.. මට වැඩත් එක්ක අහන්නත් බැරි වුනා.."
"වෙනදා විදියම තමයි. බෙඩ් එකට වෙලා ඉන්නවා.."
"හරි එහෙනම් ඔයා යන්න.. මාත් යනවා ටිකකින්..."
ඇත්තටම යොන්ජුන් කිව්ව දේ හරියයිද... කිම් ටේහ්‍යුන්ග්.. එයාව දැකලා නැති ඕනිම කෙනෙක් කියයි එයා අමනුස්සයෙක් කියලා. ඒත් මට එයාව එහෙම පේන්නේ නැ. මට හිතෙන්නෙම ඒ අමනුස්සයෙක් කියන ලේබල් එක යට මනුස්සයෙක් ඉන්නවා කියලා. මට විශ්වාස කරන්න බෑ මේක ආදරයක්ද කියලා. ඒත් මොක්දෝ හේතුවකට මට ටේහ්‍යුන්ග් මතක් වෙන ගානට ලොකු ලෝබ කමක් වගේම මගේ කියලා හැගිමක් එනවා. කල්පනා කරලාම අන්තිමට මම යොන්ජුන් කිව්ව විදියට හැසිරෙන්න තීරනේ කරා. එයාව හම්බවෙලා මේ දෙවල් හැමදේම මෙහෙම වෙන්න ලොකු කාලයක් ගියෙ නැති වුනත් දැකපු දවසේ ඉදන් ටේහ්‍යුන්ග් ගැන දැනුන දේ එක්ක මට මේ දේ කරන්න ඕනි වුනා. මම තව කොච්චර කාලයක් කිම් ෆැමිලි එකේ ඉදීද කියන්න මම දැනන් හිටියේ නෑ. ඉක්මනින් යන්න වුනෝත් ආයි ටේහ්‍යුන්ග් ව දකින්නවත් වෙන්නෑ. මොකද එයා ගෙදරින් එලියට යන්නේවත් නැති තරම් නිසා. මේ හේතු නිසාම මම ටේහ්‍යුන්ග් මගේ කරගන්න වැඩේ ඉක්මන් කරන්න හිතා ගත්තා...
At Kim mantion
"ගොඩක් රෑ වෙලා ජන්ග්කුක් තාම ආවේ නෑ නේද හොබියා"
"ඒක තමයි යුන්ගියා.. "
"හොබියා කෝල් එකක් දාලා බලන්න සූබින්ට.."
"හරි යුන්ගියා.."
"හොබි යුන්ගි.. ඔය දෙන්නා එයාව කෙයාර් කරන එක නතර කරන්න එනවනම් එයි. නැත්තන් නිකන් ඉදී ඔයාලට වෙන වැඩතියෙනවා. අපිට කරන්න කීයක් වැඩ තියෙනවද... අනික එයා පොඩි ළමයෙක් නෙමේ."
"ටේයා ජූන්ගේ ඕඩර් එකක් ජන්ග්කුක් ව ප්‍රොටෙක්ට් කරන එක. අපි ඒ ඕඩර් එක කරන්නේ. "
"මම දෙන ඕඩර්ස් තමයි ඔයාලට කරන්න බැරි. දැන් මෙතන හැමදේම බලන කෙනා මම... මම කියන දේ කරන්න..."
"ටේයා ටේයා ටේයා...... "
"ඕන දෙයක් කරගන්නවාලා..."
"කොහෙද යන්නේ...."
"මම කොහේ ගියාම තමුසෙලාට මොකද?"
"ටේයා මොකද වෙලා තියෙන්නේ...?"
"මම කොහේ ගියාම තමුසෙලාට මොකද? දිස් ෆකින් ලයිෆ් ඊස් මයින්... ප්‍රොටෙක් කරන්න ඕනි උන් ඉන්නේ උන්ව ප්‍රොටෙක්ට් කරගන්නවාලා..."
"තනියම යන්නෙපා "
"මම එක එකා වගේ බය ගුල්ලෙක් නෙමේ මට මාව ප්‍රොටෙක්ට් කරගන්න පුලුවන්... ජස්ට් ෆක් ඕෆ් එව්රිවන්. අයි හේට් දිසි මැන්ෂන් නව්.."
Kim taehyung pov
ජන්ග්කුක් මැන්ෂන් එකට එද්දිම මම එයාගේ මූනටම එහෙම කියාගෙන එලියට ආවා. කිසිම හැගීමක් නැතුව මම වේගෙන් කාර් එකත් ඩ්‍රයිව් කරන් අාවේ හැමදාම මම හිතට තරහක් දුකක් පාලුවක් එන වෙලාවට යන තැනට යන්න. මගේ අම්මගේ ග්‍රෙව් එකට. කවදාවත් මම එලිය වැටිලා තියෙන වෙලාවක මෙතනට ඇවිත් නෑ. හැමදාම ආවේ රෑ 11ට 13ට වගේ. එහෙම එන්න එක හේතුවක් වුනේ මාව කවුරුම හරි අදුරගනි කියන එක. මොකද මාව දැකලා නැති වුනත් මාව විනාශ කරන්න හොයන අය ඕනි තරම් කොරියා වල ඉන්නවා කියන්න මම දැනගෙන හිටියා. අනික මට හිතුනෙම අම්මා එයා මේ වෙලාවට මගේ ලඟට එයි කියලා. පාලුව කලුවර නිශ්ශබ්ද බව මේ හැමදේම තියෙන මේ ටයිම් එකට මේ හැමදේම එක්ක අම්මා ඉන්නවා කියලා මට දැනුනා. සෝ්ල් වල කෙලවරට වගේ වෙන්න තිබුන අපිට අයිති ලෑන්ඩ් එකක අම්මගේ ග්‍රෙව් එක හදලා තිබුනා. මම අදත් හිස් අතින්ම අම්මා බලන්න ආවා. මම කවදාවත් අම්මාව බලන්න එද්දි කිසිම දෙයක් ගෙනාවේ නෑ. ඒ මම එයාව බලන්න ආව පලවෙනි දවසෙත් ආවේ හිස් අතින්ම නිසා. එදා මම අම්මට පොරොන්දු වුනා මටම මම මනුස්සයෙක් කියලා දැනෙන දවසට එයාව බලන්න මල් අරන්න එන්නම් කියලා. තාමත් මට මම මනුස්සයෙක් කියලා දැනෙන්නේ නෑ. ඇත්තටම මට මගේ තරහව තාමත් කන්ට්‍රොල් කරගන්න බෑ. මගේ හිත සතුටු වුනේම අපිව රවට්ටන මිනිස්සු අපිට විරුද්ධ වෙන මිනිස්සු වැඩි වෙන තරමට. ඒ එතකොට මට ඒ මින්ස්සුන්ව හිතෙන විදියට ඉවරයක් කරන්න පුලුවන් නිසා. මනුස්සයෙක් ගේ හිතට දැනෙන ආදරය කරුනාව මේ දෙවල් මගේන් ඈත් වුනේ මට අවුරඅදු 13දි 16දි වගේ. එදා ඉදන් මගේ හිතේ කිසිම හැඟීමක් තිබුබේ නෑ. කලුවරේ මම තනියම අම්මගේ ග්‍රේව් එක ලඟට ආවා. මම මෙතනට එන හැමදාම දැනගෙන හිටියා මගේ ගාඩ්ලා මම පස්සෙන් එනවා කියලා. ඒත් එ් අය ලෑන්ඩ් එක ඇතුලට කවදාවත් අාවේ නෑ..
කලුවරේම මම අම්මගේ ග්‍රේව් එක ලගට ඇවිදන් ගියා. කිසිම සද්දයක් නැති මේ නිස්කලංක බවට මම ගොඩක් ආස කරා. ග්‍රෙව් එක ලග හදලා තිබ්බ කනුවට හේත්තු වෙලා මම හිස් අහස දිහා ඔහේ බලන් හිටියා..
අම්මේ අම්මට පුලුවන්ද ටේයා හැමදේම හරියයි කියලා එක පාරක් මගේ ලගට ඇවිත් කියන්න. මගේ හිත ආයෙමත් කලබලෙන්. මට දැනෙනවා මට මැන්ෂන් එකේ තිබුන තැන නැති වෙනවා කියලා. ජන්ග්කුක් එයා මැන්ෂන් එකට ආව දවසේ ඉදන් හැමෝම එයාව කෙයාර් කරන්න පටන් අරන්. මට ජන්ග්කුක් ව දැනෙන්නේ වෙනස්ම විදියකට. වෙලාවකට මට එයා ගැන ඉරිසියයි. වෙලාවකට මම එයාට ලෝබයි. එයා එක්ක මට කතා කරලා ඉන්න ඕනි. අම්මේ මම එයාව මගෙම කරගත්තා. මාත් එයාගෙම වුනා. එදා ඇත්තටම අම්මේ මගේ ජීවිතේ වෙනදට වාඩා වෙනස්ම දවසක් වුනා. ඒ හැගිම වෙනස්ම දෙයක් වුනා. එයා ලග මට වෙනස්ම දෙයක් දැනුනා. ඒත් මට බෑ අම්මේ. මට මේ හැගිම මොකක්ද කියන්න තේරෙන්නෑ. මම වගේ කෙනෙක් ජන්ග්කුක් වගේ කෙනෙක්ට ගැලපෙන්නෑ අම්මේ.. මට මේ දැනෙන දේ නැති කරගන්නෝන. ජන්ග්කුක් මැන්ෂන් එකට ඇවිත් එච්චර දවසක් නැති වුනත් මට එයා ගැන මේ දැනෙන දේ නැති කරගන්නෝන අම්මේ.
මම කොච්චර වෙලාවක්ද කියලා කියන්න බැරි තරම් කාලයක් ග්‍රෙව් එක ලගට වෙලා හිටියා...
Jungkook pov
කම්පැනි එකට වෙලා මම රෑ වෙනකන් හිටියේ මැන්ශන් එකට ගියොත් මට ටේහ්‍යුන්ග්ව බලන්න එයා එක්ක කතා කරන්න ඕනි වෙන නිසා. මම ගොඩක් රෑ වෙනකන් කම්පැනි එකට වෙලා ඉදලා මැන්ශන් එකට ගියා. ඒත් මම යද්දි ටේහ්‍යුන්ග් මැන්ෂන් එකේ හිටියේ නෑ.
"යූන්ගි හොබී ඔයාලා ඇයි ඇහැරගෙන නිදා ගන්නැද්ද...."
"ඔයා එනකන් හිටියේ. ආයේ පරක්කු වෙනවනම් අපිට කියන්න. "
"සොරි යුන්ගි මම ආයේ එහෙම කරන්නම්..."
"හරි එහෙනම් කෑම කාලා නිදා ගන්න.. මහන්සිත් ඇතිනේ.."
"හරී යුන්ගියා.."
කාමරේට ගිහින් වොශ් දාලා බාත් රොබ් එක පිටින්ම මම කෑම කන්න කියලා පහලට ආවා. මම එද්දිම ටේහ්‍යුන්ග් ගෙදරට ආව නිසා මට එයාව මගෑරගන්න බැරි වුනා. එයාව මගාරිනවා කියලා හිතාගෙන හිටියත් ඒ ඇස් දැකපු ගමන් මම ආයෙමත් එයා ලඟ සෙඩියුස් වුනා. මට එයාව සෙඩියුස් කරගෙන පෙන්නන්න කියලා එයා මට කිව්වත් හැමදාම වුනේ මම එයා ලඟ සෙඩියුස් වුන එක.
"මිස්ටර් ටේහ්‍යුන්ග්? ඔයා කොහෙද ගියේ?"
මම එයාට කතා කරත් එයා මගේ ලඟට ඇවිත් එයාගේ හුස්ම මගේ ඇගේ වදින ගානට ලන් වුනා. හෙමීට නැමිලා මගේ කන ලග එයාගේ ලිප්ස් වදින ගානට එයා පාත් වෙලා කතා කරන්න පටන් ගත්තා. එයාගේ ඒ ඩීප් වොයිස් එකට මාව හාෆ් ඔන් වුනා...
"මම කියල තියෙනවා මැන්ෂන් එක ඇතුලේ මේ විදියට ඇදගෙන ඇවිදින්නෙපා කියලා...."
"ඇයි ඔයාට ඉරිසියයි ද?"
"මම මොකටද ඉරිසියා කරන්නේ? මේ ගෙදර තව මිනිස්සු ඉන්නවා ඒකයි.."
"පෙන්න ගන්න ඕනිනම් රොබ් එකත් නැතුවම ඉන්නවා...."
එයා එහෙම කියලා මගේ බාත්.රොබ් එක.උරහිසෙන් පන්නලා වැට්ටුවා.. ඒක බිමට වැටෙන්න දෙන්නැතුව මම අල්ල ගත්තත් එයා ඊලඟට මගේ ඩික් එකෙන් අල්ලපු නිසා මට මගේ කන්ට්‍රෝල් එක හොදටම නැති වුනා...
"මිස්ටර් ටේහ්‍යුන්ග් ප්ලීස් ලෙට් මී ගෝ.... ආම් නොට් අ ටෝයි. ඔයාට ඕනි ඕනි වෙලාවට මාත් එක්ක සෙල්ලම් කරන්න බෑ. මගෙන් අයින් වෙනවා...."
"එහෙනම් මෙ විදියට අදින එක නතර කර ගන්නවා... මොකද මට පේන්න බෑ තමුසේ මෙහෙම ඇදගෙන ඉද්දි..."
එයා කියන වචනයක් ගානේ එයා මගේ ඩික් එක තද කර කර ඇල්ලුවා.
"තමුසෙට මේ විදියට ඉන්නෝන නම් මේ මැන්ෂන් එකෙන් යනවා. මොකද මේකේ ඉන්නේ එච්චර හොද වුන් නෙමේ..."
ටේහ්‍යුන්ග් මගේ මූනටම කෑ ගහලා මාව අතෑරලා යන්න ගියා. මට ලොකු වේදනවක් දැනුනා. එයාට මාව ඕනි වෙයි කියලා හිතලා එයාව ඈත් කරන්න හිතන් මම එයාට කෑ ගැහුවත් මම දැක්කා එයාගේ ඇස් වලින් එයා කිව්වෙම එයාට මාව ඕනි කියන එක. එයාගේ බොරු තරහා ඉස්සර කරගෙන එයා මට කෑ ගහනවා කියන දේමට තේරුනා. ඒත් එයා ඇයි එයා මේ තරම් දුශ්ට විදියට හැසිරෙන්නේ. කෑම කන්න පහලට ආවත් මට කන්න පිරියක් ආවේ නැති නිසා මම එහෙමම රූම් එකට ගිහින් නිදා ගත්තා...
...........................................................................
To be continue :-)
By Claerydee