🦋𝕄𝕪 𝔸𝕟𝕘𝕣𝕪 𝔹𝕖𝕒𝕣(�...

By Daisy93-94

21.8K 4.6K 672

🦋...නාහෙට නාහන හොස්ස ලගින් මැස්සෙක් ටවත් යන්න බැරි තරම් කොයි වෙලෙත් ඇවිලෙන්න බලාගෙන ඉන්න ජෝඩුවක් එකට වැඩ කරන... More

🦋1st🦋
🦋.2nd
🦋.4th
🦋.5th
🦋.6th
🦋.7nth
🦋.8th
🦋.9th
🦋.10th
🦋.11nth
🦋.12th
🦋.13nth
🦋14nth
🦋.15nth
16nth
17 chapter
18nth chapter
19
19 part 2
20. End

🦋.3rd

1.1K 252 17
By Daisy93-94

උදේ හයට විනාඩි දහයක් වෙද්දි alarm එකේ සද්දෙට ඇහැරුන ඕහානී, ඔලුව ඉස්සුවේ alarm එක off කරලා ඉතුරු විනාඩි දහය තව ටිකක්  නිදාගන්න හිතාගෙන.... ඒත් alarm එක off කරලා අනිත් පැත්ත හැරුන ඕහානිගේ ඇස් උඩ ගියේ කාමරේ දොර ගාව හිටගෙන හිටපු දෙන්නා දැක්කම.....

හා පැටියෙක් වගේ තියෙන ඇස් දෙක ඕනවටත් වඩා ලොකු කරගෙන අත් දෙක බැදගෙන ජන්කුක් ඕහානී දිහා බලාගෙන හිටගෙන ඉද්දි, තාමත් නිදිමතේ ඇස් දෙකත් බාගෙට ඇරගෙන පිජාමා කිට් එක පිටින්ම ඇස් පොඩි කර කර හිටගෙන හිටියේ ජිමින්....

කොල්ලො දෙන්නා දැක්ක පාර ඉක්මනින් නැගිටලා ඇද උඩ හිට ගත්ත කෙල්ල අත් දෙක ඉනට තියාගෙන ටිකක් වෙලා කේකුයි කිරිහොදියි වගේ පේන ඩබල දිහා බලාගෙන හිටියා.....

"තමුන්ලා දෙන්න මොකද මෙතන කරන්නේ...චිම්!!!"

ඕහානි කෑ ගහද්දී ජිමින් ගැස්සුනා...

"ආහ් නූනා...කුකී ට ඕනලු අද නූනගේ ඇසිස්ටන් වෙන්න...නූනාට වැඩත් වැඩි එකේ  මං කිව්වා ඔන්න ඔහේ කමක් නෑ කියලා..."

ජිමින් කියද්දී ජන්කුක් ඒ තාලේට ඔලුව වනන්න ගත්තේ ඔව් කියලා අගවන්න....

"මට ඇසිස්ටන් කෙනෙක් ඕනා වෙන්නේ නෑ කුක්...එනිවේ තෑන්ක්ස් ඔයා නූනා ගැන හිතුවට හොදේ "

පුලුවන් තරම් සාමකාමී පෙනුමක් මූනට අරගෙන ඕහානී කියද්දී ජන්කුක් ගේ මූන ඇදවෙලා ගියා.... ඒත් ඊලග තත්පරේ ජන්කුක් එයාගේ ලොකු ඇස් තවත් ලොකු කරගෙන කට උල් කරල ඕහානි දිහා බැලුවා.... ඔව් එයා දන්නවා එයාගේ හානී නුනා එයාගේ doe eyes දැක්කම ඕන දෙයක් කරනවා කියලා....

"නූනා ප්ලීස් ප්ලීස්...කුකී ගුඩ් බෝයි කෙනෙක් වගේ ඉන්නවා,  මිනී promice!!!"

ජන්කුක් කෙදිරි ගාන්න ගද්දී, ජිමින් ගේ ඇස් දෙක උඩ ගියා... ගුඩ් බෝයි!! ජන්කුක්!! නසරානි ජන්කුක් කවදද ගුඩ් බෝයි කෙනෙක් වුනේ... ජිමින් යටගිය දවස බරණැස් නුවර වත් එහෙම දවසක් උදාවෙලා තිබුනද කියලා කල්පනා කලා....

මොකද කිව්වොත් ජන්කුක් ගේ මාම්  වගේම එයාගේ පපාත් ගොඩක් බිසී ලයිෆ් එකක් තමයි ගෙව්වේ... ඒ නිසාම ජන්කුක් පුංචි කාලේ ඉදලම  හැදුනේ එයාගේ නැනී එක්ක...ඒත් ඉඩක් ලැබුන ගමන්ම ජන්කුක් ව ඕනවටත් වඩා හුරතල් කරන්න කිම් කපල් එක අමතක කලේ නෑ...

ඒ නිසාම තමන් හෙට අනිද්දා කසාද බදින්න ඉන්න වයසේ කොල්ලෙක් කියන එක ජන්කුක් අමතක කරලා දැම්මා... ගෙදරදි විතරක්!!! හොදට මතක තියාගන්න!! ගෙදරදි එයා බේබ් කෙනෙක් වගේ කියුට් වුනත්,  කොලේජ් එකේ නසරානිම කොල්ලෝ දෙන්නා වුනේ ජිකුක් ජෝඩුව......

"නූනා ප්ලීස් ප්ලීස් අදට විතරක් නූනා!!"

වොෂ් රූම් එකේ දොරට තට්ටු කර කර ජන්කුක් නහයෙන් අඩන කොට තමයි ජිමින් හරි සිහියට ආවේ....

"ජිමිනා!!"

සද්දෙට හුස්මක් පහල දාපු ජිමින් දිහාට හැරුන ජන්කුක් ආපහු කන්කෙඳිරි ගාන්න ගත්තා....

"ආයිෂ් ජන්කුකා,  අපිට තව අවුරුද්දක් ම තියනවා, කෙදිරි ගාන් නැතුව මෙහේ එනවා යන්න!!!"

ජන්කුක් ගේ අතින් ඇදගෙන ජිමින් ඕහානිගේ රූම් එකෙන් එලියට යද්දී, ඉක්මනින් දුවගෙන ඇවිත් රූම් එකේ දොර ලොක් කරපු කෙල්ල වෙනදා වගේම අතට අහුවුන ඇදුම් කෑලි දෙකකුත් ඇදගෙන පහලට දිව්වේ ඒ වෙනකොට ත් වෙලාව හය හමාරට ලංවෙලා තිබුන නිසා....

"නූනා!!!"

පඩිපෙළ දිගේ පහලට දුවගෙන ගිය ඕහානි එක සැරේටම නැවතුනේ ජන්කුක් ගේ කෑ ගැහිල්ල ඇහිලා...ජිමින්ගේ රූම් එකේ ඉදන් හාවෙක් වගේ උඩ පැන පැන ඕහානී ලගට ආපු ජන්කුක් ගේ පිටිපස්සෙන් ම ජන්කුක් ගේ හුරතලා බාමිත් දුවගෙන ආවා.....

"ඒපාර මොකද?"

බාම් දිහා ඇස් කරකවලා බලලා ඕහානි ඇහුවා.. ඕහානි බාම්ව දකින්නේ මාසේකින් විතර... ජන්කුක් ට කොලේජ් එකේ exam තිබුන නිසා මිස්ටර් කිම් බාම්ව ජන්කුක් ගේ අත්තම්මා ගේ ගෙදර නවත්තලා කියලා ජිමින් දවසක් කිව්වා ඕහානිට මතකයි....

"ඔහ්  බාම්  බිග් බෝයි කෙනෙක් වෙලානේ!!"

ජන්කුක් ගේ doe eyes  මගෑරලා බාම් දිහා බලලා ඕහානි කිව්වා....ඇත්තටම තාම වයස මාස හතක් වුනත් බාම් ජිමින් ට වඩා චුට්ටයි කොට කියලා චූටි හිනාවක් මුනේ ඇදෙනකොට ඕහානිට හිතුනා......

"හානී නූනා,  නූනාට පුලුවන් ද අද එද්දී ටේටේගේ ගෙදරින් මොනා හරි අරගෙන එන්න මගේ කලෙක්ෂන් එකට!!"

ඕහානිගේ මූනේ හිනාව අතුරුදහන් වෙලා යද්දී ජන්කුක් ඇහුවා.....

"මොකක්!!!"

"නූනා ප්ලීස් බෑ කියලා නම් කියන්න එපා ප්ලීස් ප්ලීඊස්!!!"

ජන්කුක් අඩි පොලවේ හප්පන කොට චුට්ටන් බුල් කෙනෙක් වගේ ඉන්න බාමිත් උඩ පනින්න ගත්තා... ඒ නිසාම කලබල වුන ඕහානි අත් දෙක උස්සලා කැමැත්ත පෙන්නුවා....

"අරස්සෝ!!! මං ගේන්නම්...ආයිෂ් මටමනේ වෙන්නේ!!"

ජන්කුක් ගේ මූනේ හිනාවක් ඇදෙද්දී තනියම කුටු කුටු ගාන ගමන් ඕහානි මැන්ෂන් එකෙන් එලියට ඇවිදගෙන ගියා....

___________________________________

"යාහ් කිම් තේහයුන්!! තමුන් අද මුලු දවසම කුස්සි අම්මා වගේ පෑන්කේක් හද හද ඉන්නද හදන්නේ!!!"

තේහයුන් පස්වෙනි වතාවටත් කලු පාට වුන පෑන් කේක් එකක් dustbin එකට වීසි කරද්දි ඉවසීමේ අන්තිම සීමාව පන්නපු ඕහානී බෙරිහන් දෙන්න ගත්තා.....

ඒත් කෙල්ලව සත පහකට මායිම් නොකර කට උල් කරගෙන නිදිමත ඇස් වලින් ඕහානි දිහා වතාවක් බලපු තේහයුන් ආපහු වතාවක් බැටර් එකෙන් ටිකක් පෑන් එකට වත් කලා.....

"අයිෂ්!!! "

ඒ දිහා බලලා නහයෙන් පිබපු ඕහානී අඩියට දෙකට එතන්ට ඇවිදගෙන ගිහින් ලිප ඕෆ් කරලා දාලා අත් දෙක බැදගත්තා....

"යාහ් තමුන් මට breakfast හදන්න දෙන්නේ නැද්ද?"

තේහයුන් කෑ ගැහුවා....
තේහයුන් දිහා බලලා ඇස් රෝල් කරපු කෙල්ල,  පෑන් එකේ දැනටමත් කරවෙලා තිබුන පෑන්කේක් එක dustbin එකට අතෑරලා පෑන් එක සද්දෙට සින්ක් එක ඇතුලට දැම්මේ තේහයුන් ගැස්සිලා යද්දී....ඊලගට ඇස් වලින් බාජනේ හෝදන්න කියලා ඉගි කරපු කෙල්ල වෙන පෑන් එකක් හොයලා අරගත්තා....

වෙලා යන්න කලින්ම පෑන් කේක් හතරක් එක්ක ස්ටෝබෙරි ෂේක් එකක් හදලා ටේබල් එකට තියපු ඕහානී පැත්තකින් වාඩි වෙන කොට  බාජන ටික සෝදපු තේහයුන් ඇවිත් ඩයිනින්ග් ටේබල් එකට වාඩි වුනා....

පෑන් කේක් වැහෙන්නම මේපල් සිරප් හලපු තේහයුන් ඊලගට ලොකු විප් ක්‍රීම් තලියකුත් ඒ උඩට දාගත්තා.... නැගිටලා ගිහින් fridge එකෙන් ලොකු ස්ටෝබෙරි බෝල් එකකුත් අරගෙන ඇවිත් පැත්තකින් තියාගත්ත තේහයුන් පාඩුවේ කන්න පටන් ගත්තේ,  ඕහානී ජන්කුක් ගෙන් ආපු පනස්වෙනි කෝල් එකත් කට් කරලා දාද්දී.....

"Boyfriend ද ?"

විප් ක්‍රීම් වල දවටපු ස්ටෝබෙරි ගෙඩියක් කට ලගට ගන්න ගමන් තේහයුන් අහනකොට ඕහානී ගැස්සිලා ගියා....

"ආ හාහ් ඔව්!!"

තේහයුන් ඔලුව වනද්දී කියපු ඕහානි තේහයුන් ගේ ලිවින්ග් රූම් එක පුරා ඇස් අරගෙන ගියේ ජන්කුක් ගේ කලෙක්ෂන් එකට මොනවද අරගෙන යන්නේ කියලා කල්පනා කරන ගමන්.... හොදයි එයාට එයාගේ හුරතල් කූ දුකින් ඉන්නවා බලන්න බෑ කොහොමටවත්....

ඕහානි එයාගේ චිම්ට තරමට ම ජන්කුක් ටත් ආදරේ කලා.... හතර වටේ ඇස් අරගෙන ගිය ඕහානි ගේ ඇස් නැවතුනේ තේහයුන් ගේ ලොන්ඩ්රි රූම් එකේ දොර ගාව වැටිලා තිබුන අලුපාට දේ ගාව....

හොදයි ඒක ලේන්සුවක් නම් ඒකට එයාගේ චූටි කුකී ගොඩක් කැමති වෙයි... මුරන්ඩු ඕහානීගේ හිත එයාගේ චූටි සහෝදරයෝ වෙනුවෙන් ඕනම වෙලාවක බටර් වගේ මෙල්ට් වෙනවා...

ඒත් එක පාරටම ඕහානී ගැස්සිලා ගියේ තේහයුන් එක දිගට කහින්න ගත්ත නිසා....
තේහයුන් විනාඩි කීපයක් තිස්සේ ඉදලා ඕහානී දිහා බලාගෙන හිටියා ගේ වටේටම ඇස්  කරකවපු කෙල්ලගේ ඇස් දෙක ලොන්ඩ්රි රූම් එකේ දොර ලග වැටිලා තියන බොක්සර් එකේ නැවතුනාම කොල්ලට එලෝ පොල් පෙනුනා....

බඩගිනි උන නරියෙක් කුකුලෙක් දිහා බලනවා වගේ ඕහානී තමන් ගේ බොක්සර් එක දිහා බලාගෙන ඉද්දි තේහයුන් ට ලොකු කෙල ගුලියක් ගිලුනා....

ඒත් ඊලග තත්පරේ ඕහානීගේ බැල්ම ආසම සෙල්ලම් බඩුව දැක්ක පොඩි ලමයෙක් ගේ වගේ ආදරනීය බැල්මකට චේන්ජ් වෙනකොට තේහයුන් ට කකා හිටපු ස්ටෝබෙරි ගෙඩිය ඉස්මොල්ලේ ගියා......

"හේයි නෝ නෝ.... අල්ලන්න හිතන්න වත් එපා ,අයිති නැති දේවල් අල්ලන්න ලෑස්ති වෙන්න එපා ඕකේ !!!"

නවත්තන් නැතුව  කහින තේහයුන් දිහා බලලා ඕහානි නැගිටින්න හදනකොට තේහයුන් කැස්ස අතරේම කෑ ගැහුවා.....ඔව් එයා බය වුනා බැරිවෙලාවත් ඕහානීට එයාගේ බොක්සර් එක අරගෙන ගිහින් frame  කරලා තියාගන්න හිතිලද කවුද දන්නේ....fansලනේ.... ගෝෂ් ආඩම්බර තේහයුන් ගේ හිත ඇතුලේ පොඩි සතුටක් නලියෑවේ නැතුවමත් නෙවේ.. ...

තේහයුන් ගේ පිටට තට්ටු කරන්න හිතාගෙන නැගිටපු ඕහානී ආපහු එහෙමම වාඩි වුනේ තේහයුන් ගේ කෑ ගැහිල්ල ට...

"ෆූහ් වැඩේමයි අල්ලන්න, උනහපුලු නැට්ටා!!!"

තනියම කුටු කුටු ගාන ගමන් වාඩි වුන කෙල්ල ආපහු වතාවක් තේහයුන් ගේ අලුපාට ලේන්සුවට ආදරනීය  බැල්මක් දැම්මා.....හොදයි ඇත්තටම එයා ඇස් පියාගෙන හිනා වෙන ගමන් ජන්කුක් ඒ ගැන සතුටු වෙන විදිය මතක් කලා....
ඒත් තේහයුන් ට නම් ඒ දර්ශනේ සුවදායක වුනේ නෑ....
____________________________________

"ජන්කුකී "

කිම් මැන්ෂන් එකේ තුන්වෙනි තට්ටුවේ ඕපන් බැල්කනී එකේ සැප පුටුවකට හේත්තු වෙලා අහස දිහා බලාගෙන ජිමින් හෙමින් කියනකොට, හවස හතරට මුන ගැහෙමු කිව්වේ රෙබෙකාටද ජෙනීටද කියලා කල්පනා කර කර හිටපු ජන්කුක් ඔලුව හරවලා ජිමින් දිහා බැලුවා....

"වේහ්..!!"

"මොකද හිතන්නේ ටේටේ හෙයොන්ග් මගේ නූනගේ boyfriend වුනොත්!!!"

ඇස් හීන් කරලා ආඩම්බර මූනක් හදාගෙන ජිමින් අහනකොට, ජන්කුක් ඇස් ලොකු කරගෙන කටත් ඇරගෙන ජිමින් දිහා බැලුවා....

"හේයි මෝඩ කුකී,  මොකද වෙන්නේ අපි ඒ දෙන්නව සෙට් කලොත්!! එතකොට ඔයාට ටේටේ හෙයොන්ග් එක්ක ඕන තරම් කථා කරන්න පුලුවන්, නූනා එයාව ගෙදරත් එක්ක එයි.. !!!"

ජිමින් ඇස් රෝල් කරලා කියද්දී ජන්කුක් ගේ මූනේ මල් යායක් ම පිපුනා.....

"මේ අහනවා කුකී අපි ඒ දෙන්නව කොහොම හරි ලංකරන්න ඕන, අපි ඒකට මොකක් හරි ප්ලෑන් එකක් ගහන්න ඕන...."

ජිමින් කියද්දී ජන්කුක් වේගෙන් ඔලුව වැනුවා...කොහොමත් ජිමින් එයාගේ බිත්තරයක් තරම් ඔලු ගෙඩිය ඇතුලේ තියන සුට්ටං මොලෙන්  හිතලා අදින ඕනම නසරානී ප්ලෑන් එකක් දෙපාරක් නොහිතම ක්රියාත්මක කරන්න ජන්කුක් සැදී පැහැදී හිටියා.....

ජන්කුක් කැමති බව තේරුන ගමන්ම වාඩි වෙලා හිටපු පුටුව අමාරුවෙන් ඇදලා ජන්කුක් ට ලං කරගත්ත ජිමින් තොල හපන ගමන් ජන්කුක් දිහා බැලුවා...

"ජන්කුකා අපි මුලින්ම නූනට ටේටේ හෙයොන්ග් ගැන හොද කියන්න ඕන!!"

ජිමින් කියනකොට ජන්කුක් ඇස් හීන් කරලා ජිමින් දිහා බැලුවා...

"ටේටේ කොහොමත් ගුඩ් බෝයි කෙනෙක් තමයි ජිමිනී... ඔහේගේ හානී නූනා තමා කුලප්පු වුන බුල් කෙනෙක් වගේ කොච්චර වත් ටේටේ ට බනීන්නේ!!!"

"යාහ් ජන්කුකා...මගේ නූනා ට පොඩ්ඩක් තරහ ගියාට එයා තමයි හොදම, තමුන් මං කියන විදියට වැඩ කරනවද නැද්ද "

සුට්ටං නයි කුබියෙක් වගේ රතු වෙච්ච ජිමින් එයාගේ චූටි ඇගිල්ල ඉස්සරහට දික් කරලා කියද්දී ජන්කුක් බෙල්ලෙන් පිටිපස්සට වෙලා ඇස් ලොකු කරගෙන ඔලුව වැනුවා....

ඇග පත ලොකුවට තිබුනට ජන්කුක් ජිමින් ගේ කටට බයයි... හොදයි එයා බයයි නෙවේ එයා එයාගේ චූටි යාලුවට ආදරෙයි.... ඇත්තටම ඒක ආදරේද...ඇත්තටම ජිමින් හැමදාම ජන්කුක් ගේ girl  friendsලා ගැන අංකල් ජූන් ට කියනවා කියලා තර්ජනය නොකලා නම් තමන්ගේ   ආදරේ තරම ජිමින් ට පෙන්නන්න ජන්කුක් දෙපාරක් හිතන්නේ නෑ....

"ඕකේ මේකයි ප්ලෑන් එක අපි මුලින්ම ටේටේ හොද කෙනෙක් කියලා නූනට දැනෙන්න අරිනවා,  ඊට පස්සේ නූනා කොච්චර හොදයිද කියලා ටේටේට දැනෙන්න අරිනවා...ඊට පස්සේඒඒඒ...."

ජන්කුක් ඇස් රෝල් කරනකොට අතේ ඇගිලි එක්ක සෙල්ලම් කරන ගමන් ජිමින් තොල් හප හප හිනාවෙන්න ගත්තා....ජිමින් තව මොනවා හරි කියයි කියලා ජන්කුක් බලාගෙන හිටියත් ජිමින් හිටියේ මේ ලෝකේ නෙවෙයි....

කොලේජ් එකේ ආඩම්බරම වගේම ලස්සන ම කෙල්ල නීනා!!! ජිමින් ගේ අලුත්ම crush එක... නීනා තේහයුන් ගේ ලොකු fan කෙනෙක් කියලා ජිමින් දැනගත්තේ අහම්බෙන්.... ඉතින් තේහයුන් ගේ අනාගත මස්සිනා එක්ක ඩේට් එකකට යන්න නීනා අකමැති වෙන එකක් නෑ කියලා ජිමින් හිතුවා.....ඒ තමයි ජිමින් ගේ ටිකිරි මොලේ....
ආහ් ඇත්තටම හැමදාම ටර්ම් ටෙස්ට් එකෙන් ජන්කුක් පලවෙනියා වෙද්දි එයා දහවෙනියා වෙන එක වෙනම කතාවක්!!! කොහොම වුනත්  එයා දන්නවා  ලකුනු ගැන එයාගේ මමාගේ ප්රශ්න කිරීම් වලින් අංකල් යූන් එයාව බේරනවා කියලා...

🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋

පරිස්සමින්ඉන්න හොදේආදරෙයි ගොඩක්😘💙

Deshu 🦋

Continue Reading

You'll Also Like

21K 3.7K 18
වසර කිහිපයකට පසු කෝමා එකකින් නැගිටින ගෑණු ළමයෙක්..... එයාව බලා ගන්න ටිකක් විතර මොංගල් ඩොක්ටර් කෙනෙක්.... මේ එයාලගෙ කතාව Kim Taehyung Fanfiction C...
6.7K 824 10
සීතල කුමාරයෙක්ගේ හිත හොරකම් කරපු දගකාර කෙල්ලෙක් වටා ගෙතුනු පුංචි කතාවක්..🌿 𝚈𝙾𝙾𝙽𝙶𝙸 𝙵𝙵
9.9K 1.5K 32
රුදුරු පලිගැනීමක ආත්මීය අඳෝනාව...💀⚡
216K 6.2K 73
Daphne Bridgerton might have been the 1813 debutant diamond, but she wasn't the only miss to stand out that season. Behind her was a close second, he...