🦋𝕄𝕪 𝔸𝕟𝕘𝕣𝕪 𝔹𝕖𝕒𝕣(�...

Por Daisy93-94

21.9K 4.6K 672

🦋...නාහෙට නාහන හොස්ස ලගින් මැස්සෙක් ටවත් යන්න බැරි තරම් කොයි වෙලෙත් ඇවිලෙන්න බලාගෙන ඉන්න ජෝඩුවක් එකට වැඩ කරන... Más

🦋1st🦋
🦋.3rd
🦋.4th
🦋.5th
🦋.6th
🦋.7nth
🦋.8th
🦋.9th
🦋.10th
🦋.11nth
🦋.12th
🦋.13nth
🦋14nth
🦋.15nth
16nth
17 chapter
18nth chapter
19
19 part 2
20. End

🦋.2nd

1.3K 269 24
Por Daisy93-94

බ්ලැක් කලර් රිප් ඩෙනිම් ජීන් එකකට වයිට් කලර් ටීෂර්ට් එකක් ඇදලා බ්ලැක් කලර් හූඩී ජැකට් එකක් දාලා බ්ලැක් කලර් ම NY කැප් එකක් දාලා හිටපු තේහයුන් දිහා නිදිමත ඇස් වලින් එක පාරක් බලලා කට ඇද කරපු ඕහානී තේහයුන් ට ගස්සලා දොර දිහාවට ඇවිදගෙන ගියා....

"යාහ් සීරියස්ලි!! තමුන් මාව ගනන් ගන්නෙ නැද්ද?"

එක තැනම හිටගෙන උරහිස් අකුලලා තේහයුන් අහනකොට ඩෝ හැඩ්ල් එකට අත තියපු ඕ හානී ඇස් හීන් කරලා තේහයුන් දිහා බැලුවා...

"මොකද්ද ඒකෙන් අදහස් කරන්නේ!!"

කෙල්ල විකාර පෙනුමක් මූනට අරගෙන තේහයුන් ගෙන් අහනකොට, ටේ කෙල්ල දිහා බැලුවේ සොම්බියෙක් දිහා බලනවා වගේ බැල්මකින්....කිම් තේහයුන් ලග ඉද්දි මෙහෙම සාමාන්‍ය විදියට හැසිරෙන්න පුළුවන් ද කෙල්ලෙකුට..ගෝව්ඩ් Impossible!!!

"යාහ් මං වර්ල්ඩ් famous idol කිම් තේහයුන්!! "

"ඉතින්!!"

එයාගේ පපා වගේම ඩෝන්ට් කෙයා ලුක් එකක් දාලා කෙල්ල තේහයුන් ගේ උඩ ඉදලා පහලටම බලලා ආපහු පහල ඉදලා උඩටම බැලුවා...

"තමුන් කොහොමද ඔහොම සාමාන්‍ය විදියට හැසිරෙන්නේ, කිම් තේහයුන් ඉස්සරහ ආ... මාව දැක්කම ගර්ස්ලා කලන්තේ දානවා සතුට දරාගන්න බැරුව...!!"

ඇගිලි දෙකක් නිකට යටින් තියලා වින්ක් කරන ගමන් තේහයුන් කියනකොට, තේහයුන් දිහා බලලා කට කොනක් ඇද කරපු ඕහානී,

"ෆූහ්  වැඩේමයි!! මෙන්න මෙහේ එනවා යන්න!!"

කියද්දී ඇස් දෙක හීන් කරගෙන තොල හපාගෙන පිටුපාලා යන කෙල්ල දිහා බලපු තේහයුන් ඔලුව ගස්සලා කෙල්ලගේ පස්සෙන් දුවගෙන ගියා......

"කොහෙද ඔයාගේ වාහනේ "

Elevator එකෙන් එලියට එන ගමන්  තේහයුන් දිහා බලලා ඕහානි ඇහුවේ වටේ පිටේ උදවිය ඇස් කොනින් ඉගි පපා එයා  දිහා බලද්දි,  අමුතු හිනාවක් මූනේ ඇදගෙන බිම බලාගෙන යන තේහයුන් ගෙන්....

"මගේ වාහනේ!! "

තේහයුන් කට ඇරගෙන ඕහානි දිහා බලාගෙන හිටියා....

"යාහ්.... නැතුව අපි මොකේද යන්නේ!!?"

කෙල්ල ආපහු සැරයක් ටේගේ ඇගට කඩා පනින කොට කට උල් කරගත්ත තේහයුන් ඕහානි දිහා බලලා කට කොනකින්  හිනා වුනා....

"යාහ් තමුන් මැනේජර් නේද? වෙහිකල් එක ගාඩ්ස්ලා ගෙන්න ගෙන දේවල් ඇරේන්ජ් කරගන්න ඕන කියලා තමුන් දන්නේ නැද්ද?"

කෙල්ල මොකුත් නොකියා ටික වෙලාවක් ටේ දිහා බලාගෙන හිටියේ  නිකමට වත් ඒ දේවල් මතක් නොවුන එක ගැන තමන්ටම දොස් කියාගන්න ගමන්....ඊලග තත්පරේ තේහයුන් උඩ විසි වෙලා යන්න කෙල්ලගේ phone එක රින්ග් වුනේ screen එකේ හේසෝක් ගේ නම සටහන් වෙද්දි.....

වෙලාව නවය හමාරයි කියලා දැක්ක කෙල්ල එක සැරේටම තේහයුන් දිහාට හැරුනා... කොල්ලා නිකට ලගට එනකම් පාත් කරගෙන උන්න මාස්ක් එක මූන වැහෙන්න දාලා , හූඩිය මූන වැහෙන්න පාත් කරලා කැප් එක දැම්මා... ඊලගට තුෂ්නිම්භූත වෙලා බලාගෙන ඉන්න තේහයුන්ගේ අතින් ඇදගෙන තමන්ගේ ස්කූටර් එක ලගට ගිය කෙල්ල ඉස්සරහ එල්ලලා තිබුන කහ පාට හෙල්මට් එක තේහයුන් ගේ ඔලුවට දාලා රතු පාට එක තමන් දාගත්තා....

"යා යා eww බලනවා මේ හෙල්මට් එකේ පාට!! කාගේද මේක මට නම් එපා!!"

ටේ හෙල්මට් එක ගලවන්න හදද්දී අතින් ඇදලා තේහයුන් ව හරහට බයික් එකේ ඉන්දවෙද්දි කෙල්ල බයික් එක ස්ටාර්ට් කලා.....

"යා යා ඔහොම ඉන්නවා!!"

ඉක්මනින් නැගිටලා කකුල් දෙක දෙපැත්තට දාල තේහයුන් වාඩි වෙනවත් එක්කම කෙල්ල බයික් එක පාරට දැම්මා....
වාහන අස්සෙන් හුලං කපාගෙන ස්කූටර් එක ඉස්සරහට යද්දි කෙල්ලගේ ඇගට ස්ටිකර් එකක් වගේ ඇලුන ටේ ඇස් දෙක තද කරලා පියාගෙන තමන්ගේ මරනේ ගැන නිව්ස් එක TVඑකේ යන  විදිය ගැන imagine කලා......

"හාහ්.... යාහ් කිම් තේහයුන්!! මාව අතාරිනවා දැන් වත් ...අයිෂ් තමුන් ගේ කට නම් තියෙනවා ගමකට ගහන්න...."

ඇග හොල්ලලා තේහයුන් ගේ ගැරඩි ගැටේ ලෙහාගත්ත කෙල්ල  තමන්ගේ හෙල්මට් එක ගලවල බයික් එකෙන් එල්ලලා තේහයුන් ගේ හෙල්මට් එකත් ගැලෙව්වා....

"අයිෂ් මං තමුන් ගැන කම්ප්ලේන් කරනවා,  මිස්ටර් මින්ට!!"

තේහයුන් අඩි පොලවේ හැප්පුවා...

"ෆූහ්, මෙන්න මෙහේ එනවා යන්න,  තව විනාඩි පහයි තියන්නේ,  හේසෝක් අංකල්ගේ පන ටික එලියට පනින්න කලින් ගියොත් අපි දෙන්නට ම හොදයි....!!"

තේහයුන් ගේ ඇගේ හැප්පීගෙන කෙල්ල ෂූට් එක තියෙන තැනට ඇවිදගෙන යද්දී ටේත් මොකුත් නොකියාම කෙල්ලගේ පස්සේ වැටුනා.... කිව්වා නාහන වදකාර තේහයුන් බුම්මගෙන ඕහානීගේ පස්සෙන් ඇවිදගෙන යන දිහා දැනටමත් එතන්ට ඇවිත් හිටපු ස්ටාෆ් එකේ අය බලාගෙන හිටියේ මැජික් බලනවා වගේ....

දවසම ෂූටින්ග් වලට වෙන් වෙද්දී හේසෝක් ඕහානී ට එයාගේ වැඩ ටික මැනේජ් කරගන්න හැටි කියලා දුන්නා.... හෙමින් හෙමින් එකින් එක හැමදේම ඔලුවට දාගත්ත කෙල්ල ලන්ච් එකෙන් පස්සේ විශේෂ වැඩක් නොතිබුන නිසා පුටුවක වාඩි වෙලා සුපුරුදු පරිදි නිදි කිරන්න පටන් ගත්තා.....

ඒත් වැඩි වෙලාවක් යන්න කලින් කෙල්ල උඩ විසි වෙලා ඇහැරුනේ ඩිරෙක්ටර් සියොක්ජින් ගේ ලවුඩ්ස්පීකර් එකක් වගේ කටේ සද්දෙට.....

"යා යා තේහයුන් chemistry කෝ තව ලං වෙන්න... යා යා ඔච්චර ලං වෙන්න ඕන නෑ මනුස්සයෝ ආන්න හරි....ගුඩ්....!!"

ඉවරයක් නැතුව කියවන අංකල් සියොක්ජින් දිහා බලාගෙන හිටපු ඕහානිගේ බැල්ම ටිකකින් තේහයුන් ට මාරු උනා....

Ash colour full suit එකක් ඇදලා පියානෝ එක ඉස්සරහ වාඩි වෙලා ඉන්න තේහයුන් ඇත්තටම ගොඩාක්  හැන්ඩ්සම් කියලා කෙල්ලට විනාඩියකට හිතුනා.....

ඒත් ඊලග විනාඩියේ නහයෙන් පිබඵු කෙල්ල ඒ සිතුවිලි හිතෙන් ඈතකට තල්ලු කරලා දැම්මා....

"ෆූහ් වෙන නැත්තන්!!!!"...

__________________________________

දවසම ෂූටින්ග් අස්සේ හිරවෙලා ඉදලා පහුවදාට තියෙන ෂෙඩුල්  එකට ඕන කරන හැමදේම ලෑස්ති කරලා තියලා තේහයුන් ව ගෙදරට ඇරලවලා ආපහු ගිහින් බයික් එක අරගෙන කෙල්ල ගෙදර එනකො හවස හතට ලංවෙලා තිබුනා.....

ආහ්  ඒ විතරක් ද ගෙදරටම ඇරලුවට පස්සේ තේහයුන් බබාට ඕන වුනා ඕහානීට කියලා එයාට strawberry shake එකක් හදාගන්නත්.... ටේ වොෂ් කරගෙන එනකම් මිල්ක් ෂේක් එක හදපු ඕහානීගේ අතින් ඒකට ලුනු බෝතලේ හැලුනේ හිතලා නෙවෙයි කියලා කෙල්ල ස්ටිකි නෝට් එකක් තේහයුන්ගේ fridge එක ඇතුලේ  ඇලෙව්වේ  ටේ ආපහු මිල්ක් ෂේක් එකක් හදන්න යද්දී පේන්න..... ඇත්තටම ඕහානී ඒකේ කදුලු බිංදු තුනක්ම ඇන්දා එයාට ගොඩක් දුක බව පෙන්නන්න.....

"ඕහ් හානී නූනා මං ඔයා එනකම් බලාගෙන හිටියේ!!"

මැන්ෂන් එක ඇතුලට ආපු ඕහානි එතනම ගල්ගැහිලා හිටගත්තේ ජිමින් ගේ අතිජාත මිත්‍රයා ජන්කුක් ගේ කටහඩ ගේ ඇතුලෙන් ඇහෙද්දි....

කුලප්පු වුන ඩයිනෝසරයෙක් වගේ  දුවගෙන ඇවිල්ලා කරට පනින එක ජන්කුක් ගේ පුරුද්ද... හුලගටත් ගහගෙන යන සයිස් එකට ඉන්න ඕහානිගේ කරේ ලොකු සයිස් පිටි ගෝනියක් වගේ ඉන්න ජන්කුක් එල්ලුනා ම කොන්දෙන් එන ටකස් සද්දෙට ඕහානිගේ ඇග හිරිවැටිලා යනවා....

කාලේකින් ඔම්මා දැක්ක මහත ඌරු පැටියෙක් වගේ පඩිපෙළ දිගේ දුවගෙන එන ජන්කුක් ව ඇහැගැටුන තත්පරේ ම ඉක්මනින් බිම වාඩි වූන කෙල්ල ඇස් දෙක පියාගත්ත....

"යාහ් හානී නූනා, මට චිම් දැනුයි කිව්වේ.... ඉතින් නූනා කියන්නකෝ ටේටේ අද මොකද කලේ...."

කිම් ජන්කුක් ඕහානීගේ පපාගේ හොදම යාලුවා කිම් නම්ජූන් ගේ එකම පුතන්ඩියා..... ජන්කුක් තමයි ජිමින් ගේ හොදම යාලුවා...කිම් මැන්ෂන් එක  තියන්නේ මින් මැන්ෂන් එක ඉස්සරහා වුනත් ජන්කුක් වැඩි කාලයක් හිටියේ මින් මැන්ෂන් එකේ.....

එතකොට ජන්කුක් ගේ රෝල් මොඩ්ල් කිම් තේහයුන්....!! ඉතින් අද ඉදන් එයාගේ නූනා තමයි තේහයුන් ගේ මැනේජර් කියලා ජන්කුක් ලවා ජිමින් එයාගේ සම්පූර්ණ කොලේජ් project එකම ඉවර කරගත්තේ නූනා එක්ක කථා කරලා ජන්කුක් ට තේහයුන් මුනගස්සන පොරොන්දුව පිට.....

"හානී නූනා කියන්නකෝ ටේටේ  අද දවල්ට කෑවේ මොනවද? ඔහ් හානි නූනා ටේටේ දැන් මොනවා කරනවා ඇතිද, ඔයා එයාගේ ගෙදරටත් ගියාද?"

"ආහ් කුකී බබා, ඇත්තටම මට ඔයාගේ හිත රිද්දන්න ඕන නෑ, ඒත් ඒ ජරා සතා නම් වැඩකට ම නෑ මේ ඇත්තමයි!!!"

වාඩිවෙලා හිටපු තැනින් නැගිටින ගමන් ඕහානි කියනකොට ජන්කුක් ඇස් රවුම් කරලා කෙල්ල දිහා බැලුවා....
🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋

හෙටත් පහට... පරිස්සමින් ඉන්න හොදේ ආදරෙයි ගොඩක් 😘🦋

Deshu🦋

Seguir leyendo

También te gustarán

3.1K 604 10
💥තම රාජකාරියට හදවතින්ම ගෞරව කරමින් මෙහෙයුමක නියැලී සිටින එක කෙල්ලෙක්😌 💥එක කුස උපන් සහෝදර සහෝදරියන් මෙන් හැම දේකටම එකටම සිටින යහළුවන් කීපදෙනෙක්❤ 💥...
1.2K 346 14
•••මට හැගෙනවා ඒවා මා තුළ වැඩෙනවා.... මේ පිපෙන මල් සියල්ලත් ඔබ වගෙයි සුන්දරයි... මරණීයයි...🌹
1.2K 356 24
"ශාපලත් පොත public library එකට ගියේ කොහොමද??"
470K 31.7K 47
♮Idol au ♮"I don't think I can do it." "Of course you can, I believe in you. Don't worry, okay? I'll be right here backstage fo...