One Day ( BL) (Onhold )

By Kishu_Aywar

25.1K 4.3K 767

තරු වලට අයිති සදට ආදරය කරන්න විතරද , එක තරුවක් ඉරට ආදරය කලොත්...... 🔞 සංවේදි කරුණු හා අවුල් ජිවිත හා ගැටි... More

(.1.)
(.2.)
(.3.)
(.4.)
(.5.)
(.6.)
(.7.)
(.8.)
(.9.)
(.10.)
(.11)
(.12.)
(.13.)
15.
16.
(.17.)
(.18.)
(.19.)
(.20.)
(.21.)
(.22.)
(.23.)
(.24.)
(.25.)
(.26.)
(.27.)
(.28.)
(.29.)
(.30.)
(.31.)
(.32.)
(.33.)
(.34.)
(35.)
(36.)
(38)
(39)
40
(41)
(42)
(43)
(.44.)
(45)
(46)
(47)
(48)
(49)
(50)
(51)
(.52.)
(53)
(54)
(55)

(37.)

295 56 6
By Kishu_Aywar

" ආ උබ ආවද...... මොන තූත්තුකුඩුවෙද ගියේ?! "
පියාගේ කැගැසිම ඇහෙනකොට දිහස් තරමක් ගැස්සුනා.

" තාත්තේ මන් ගියේ මගේ යාළුවගේ අවසන් කටයුතු වලට "
දිහස් හිමින් කිව්වා.

" ඔය මගුල් වලට ගියාම මන් කන්නේ කොහොමද ඕයි "
පියා කෑගහනකොට දිහස් කදුළු පිරුණු ඇස්වලින් පියා දෙස බැලුවා.

" උබ........උබ.......උබේ අම්මා වගේම මාව මරන් කන්න ආපු එකෙක්..!! "
ඔහු තවමත් කෑගැසුවා.

" පළයන් මගේ දෑහට නොපෙනි.....!! "
දිහස් සිතූ පරිදි පියාගේන් ගුටි නොකෑම පුදුමයට භාජනය වුනා.

සම්පූර්ණ දවල් වරුව පුරා දිහස් කාමරයෙන් ඉවතට නොයන්න ඉටාගත්තා.

" ලෑස්තිවෙයන් "
අද දවසට දෙවනි වරත් දිහස් ගැස්සුනා පියාගේ හඩට...... පියා කෑගහමින් ඇදට විසිකල ඇදුම දෙස බැලු දිහස් පියා වෙත ප්‍රශ්නාර්තමය බැල්මක් හෙලුවා.

" මොනාද යකෝ බලන් ඉන්නේ ඉක්මන් කරපන් " පියා දිහස් වාඩිව සිටි පොත් මේසය අසලින් නැගිට්ටවා රැගෙන ආ ඇදුම ඔහුගේ මුහුණට ගැසුවා.

කිසිවක් නොදන්නවා වුනත් මොකද්දෝ අමුත්තක් දිහස්ගේ හිත පුරා නළියන්න වුනා.

........................

නිවසෙ පුංචි ආලින්දයේ කුඩා පුටුවක් මත අවුරුදු තිස් හතක පමණ වයසැති කාන්තාවක් වාඩිව සිටියි.

කිසිවක් නොදන්න දිහස් ඔහේ බලන් හිටියා.

" නෝනා , මේ මගේ පුතා "
දිහස්ගේ පියා යටහත්ව කියමින් දිහස්ව කාන්තාව අසලට තල්ලු කලා.

" හ්ම්ම්...... "
ඔලුව වැනු කාන්තාව දිහස්ගේ අතින් අල්ලගත්තා.

" මෙයා කියුට් , වයස කීයද ? "
කාන්තාව අසනකොට දිහස් අපහසුවෙන් සිනාවෙමින් තම අත ඉවතට ගත්තා.

" ඌට දහනමය ලැබුවා විතරයි නොනා "
පියා පිලිතුරු දුන්නා.

" ආහ්.....හොදයි "
කාන්තාව සිනාවුනා.

" මන් කැමති "
ඒගමන්ම ආයෙත් ඇය කිව්වා.

වෙනදේ ලාවින් තෙරුන දිහස්ගේ ඇස් වල කදුලු පිරෙන්න ගත්තා.

" නෝනා ඔයා හිතනවා වගේ දෙයක් මෙතන කරන්න බෑ.......මන් ඕවට කැමති නෑ...... "

" හේයි ලව්...... මන් ඔයාගේ තාත්තට ඇඩ්වාන්ස් එකක් දුන්නා..... අනික අපි ලීගලි මැරි කරනවා....... හැබැයි ඉතින් දිගටම ඉන්න එක තීරණය වෙන්නේ ඔයාගේ හැසිරීම අනුව , ඕකේ...... "
කාන්තාව දිහස්ගේ හිසකෙස් අතරින් අතැගිලි යැව්වා.

එසනින් කාන්තාවගේ අතින් අල්ලගත් දිහස් අනෙක් අතින් කාන්තාවගේ කම්මුල පුපුරණ පහරක් ගැසුවා.

" ආන්ටි.........ඔයා...... වයසට ගැලපෙන වැඩ කරන්න. තමුසෙගේ වැඩ ගැණුන්ටත් අගෞරවයක් !! "
දිහස් ඒපිම්මට හයියෙන් කෑගැහුවා.

පියා තරහින් පුපුරමින් සිටියි. දිහස්ගේ පියා දිහස්ව තමන් වෙත හරවගෙන කම්මුල පුපුරන්න අතුල් පහරක් එල්ල කලා. දිහස් තවත් සිටන් ඉන්න බැරිකමට ඇද වැටුනා.

" අපි බලාගමු , මෙයාව ලෑස්තිකරලා තියන්න....!!  "
රතුවුනු කම්මුලින් අත තබාගත් කාන්තාව පියාටත් රවායන්න ගියා.

" තෝ......පරබල්ලා !! " (🙂)
දිහස්ගේ පියා කාමරයෙන් එළියට පැමිනියේ බෙල්ට් පටියක්ද සමගයි.

" තොටයි මටයි ගොඩ යන චාන්ස් එක නැති කරන්නද හදන්නේ , පරයා !! "

" එයා මට වඩා අවුරුදු ගාණක් වැඩිමල් ඇයි තෙරෙන්නැත්තේ !! "
දිහස් කදුලු අතරින් කෑගැසුවා.

" ඉතින් මොකද !? "

" ඔයා මට මගේ අම්මවත් නැති කලා...... !! තාත්තේ උබ මහ තිරිසනෙක් !!! "
පළමු වතාවට දිහස් තම පියාට හයියෙන් කෑගැසුවා. !!

පියා මෙලෙස මවවත් විකුනන්න ගිය බව දිහස් දනී..... මේ හේතුව නිසා මවට අනියම් පෙමක් තිබූ බවත් , මවට වඩා අවුරුදු දෙකක් බාලවූ ඔහු මවව හොදින් බලාගන්නා බවත් ,තම නමට ඉන්න පියා මෙන් නොව ඔහු දිහස්ගේ ඉගෙනිමට උදව් කරන බවත් ඇත්තයි.....

" වහගනින් කට "
පියා බිම වැටි සිටින දිහස්ට ගහන්න ආරම්බ කලා සුපුරුදු පරිදි පසෙක අඩන මිත්තනිය දිහස්ව ආවරණය කරගන්න උත්සහ කලා.

දිහස් මිත්තනියව ඈත් කරේ වයෝවෘද්ධ ගැහැණිය මේ කිස්කන පහරවල් දරාගන්න බැරි බව දන්න නිසාමයි.

බෙල්ට් පටියෙන් ගහන්න බැරිවී කැඩෙන තෙක් දිහස් එකදිගට ගුටිකන්න උනා. අවසානයේ එය නතරවුනේ දිහස්ගේ ඇස් පියවිලා ඔලුව බිම වදෙනකොට.

හයියෙන් හුස්ම ගනිමින් කැඩුණු බෙල්ට් පටිය බිම ගැසූ  පියා ගෙදරින් යන්න ගියේ තවමත් බැන බැන.....














අද දවසේ දෙවනි අප්ඩේට් එක , ඩබල් අප්ඩේට් දුන්නා. ඉතිරියට තව ටික කාලයක් යයි. 🙂🤧
Kishu aywar

Continue Reading

You'll Also Like

28.9K 3.9K 43
නුඹෙන් මං... විඳිමි හැඟුමන්... මා හද නිවාලනා ! ❤️
688K 56K 107
Original author~薛火火 Sauce _ 白月光回来后替身离开了 I own nothing of this novel #Full credit to original author Mm trans by jjkalix
9.9K 1.6K 38
මං උඹට ආදරෙයි...!! කල්පයක් ගෙවුනත් උඹ මගෙම විතරයි දේවා...!!!
2.5K 583 3
සොදුර නුඹ වෙමි ගොදුර !