One Day ( BL) (Onhold )

By Kishu_Aywar

25.1K 4.3K 767

තරු වලට අයිති සදට ආදරය කරන්න විතරද , එක තරුවක් ඉරට ආදරය කලොත්...... 🔞 සංවේදි කරුණු හා අවුල් ජිවිත හා ගැටි... More

(.1.)
(.2.)
(.3.)
(.4.)
(.5.)
(.6.)
(.7.)
(.8.)
(.9.)
(.10.)
(.11)
(.12.)
(.13.)
15.
16.
(.17.)
(.18.)
(.19.)
(.20.)
(.21.)
(.22.)
(.23.)
(.24.)
(.25.)
(.26.)
(.27.)
(.28.)
(.29.)
(.31.)
(.32.)
(.33.)
(.34.)
(35.)
(36.)
(37.)
(38)
(39)
40
(41)
(42)
(43)
(.44.)
(45)
(46)
(47)
(48)
(49)
(50)
(51)
(.52.)
(53)
(54)
(55)

(.30.)

423 82 17
By Kishu_Aywar

" ඇයි මෙච්චර ?! "
අවීන් තුරුලු කරන් ඇවිත් ට්‍රොලියට අතැරපු චොක්ලට් ගොඩ දැක්කම දිහස්ට කියවුනා.

" ඇයි ඔයා ඕවට ආසයිනේ "

" ඒත් මෙච්චර එපා මිනිහෝ... !! "
දිහස් ඇස් ලොකු කරන් කියනකොට අවීන් දිහස්ගේ කනට ලන් වෙලා...... " මිනිහා කියන එක අහපන් " කියන ගමන් දිහස්ගේ තට්ටමක් රහසින් මිරිකුවා.

" ආයි.....මගේ පස්ස "
දිහස් මූණ ඇබුල් කරගත්තා.

හිනාවුන අවීන් ඈතට යනකොට දිහස් දත්මිටි කමින් බලන් හිටියා. එකපාරම ආපු අදහසට හිනාවුන දිහස් ට්‍රොලිය වේගයෙන් ඉස්සරහට අරන් ගියේ අවීන්ගේ පිටුපස ට්‍රොලිය වැදෙන්නයි.

" ඇද්ද....... " දිව දික් කල දිහස් පස්ස වනමින් පිටුපස අල්ලගෙන මොකද්ද වුනේ කියලා හිතමින් ඉන්න අවීන්ව පසු කරන් ගියා.

" ඔහොම හිටු " අවීන් දිහස් පස්සෙන් පන්නනකොට දිහස් දුවන්න ගත්තා. දිහස් සුපිරි වෙලදසැල වටා දුවනකොට කාගෙ හරි ඇගේ හැප්පුනා.

" ළමයි දගලන්න එපා "
අවීන්ගේ පියා සිනාසෙමින් දිහස්ගේ ඔලුව අත ගෑවා.

" ළමයි බඩු අරන් ඉවරනම් අපි යන් "

අවීන් හා දිහස් පියා පිටුපස සෙමෙන් ඇවිද යන්න වුනා. ඒයන අතරතුර අවීන් දිහස්ගේ හිසට කුඩා පහරක් ගැසුවා.

" හපනවා හොදේ "
දිහස් රවනකොට අවීන්ට හිනා ගියේ රෑට ඊට ඉඩ සැලසගන්නවා කියලා හිතන ගමන් ,

...................................

දිහස් සන්සුන්ව අවීන්ගේ පපුවට තුරුල් වෙලා ඉන්නගමන් සිවිලිම දිහා බලන් භාවනා කරන අවීන්ගේ ගෙලෙ දෙස බලා සිටියා. කතා කරන කොට උඩ යට යන උගුරු ගැටය අල්ලන්නට සිතුනත් දිහස් කලේ තවමත් බලන් හිටපු එක...

" ඔච්චරට මොනාද චුටි බලන් ඉන්නේ ? "

" මන් බලන් හිටියේ මගේ ලව් එක දිහා.... " කියලා මුමුනපු දිහස් අවින්ව තදකරලා බදාගත්තා.

ඒකට හිනාවුන අවීන් දිහස් දෙසට හැරිලා තොල් වලට නැවුනා.

" දොර වහලද ? "

" ඔව් අනේ , අප්පච්චිලා දැන් නිදිත් ඇති "

අවීන් නැවත සිප ගැනිම පටන් ගත්තා. සිප ගැනිම නතර කර දිහස්ගේ කමිසය ගැලවු අවීන් දල්වා තිබෙන ලෑම්ප්ශෙඩ් (ශින්හල නම මතක නෑ අප්පා ) එලියෙන් දිලිසෙන දිහස්ගේ සිරුර සෙමෙන් ස්පර්ශ කලා.

" ඔයා සුදුයි නේ "
අවීන් කියනකොට දිහස්ගේ කම්මුල් රතුවෙන්න පටන් ගත්තා.

" අපි දෙන්නා එකට ඉද්දි චොක්ලටුයි වැනිලයි වගේ "
අවීන් සිනාවෙයි.

" මන් ආසම චොක්ලට් වලට "
දිහස් අවීන් දිහා බලන් කියනවා.

අවීන් දිහස්ගේ පපුව පුරා හාදු තියන කොට දිහස්ට නොදැනිම කෙදිරිලි පිටවෙන්න වුනා.

අවීන් එක්වර දිහස් ඇද සිටි කලිසම පහත් කරන කොට දිහස් කලබලින් කෙලින් වුනා.

" අනේ.... "

" අත ගන්න "

" මට ලැජ්ජයි......... "

ටික වෙලාවක් දිහස් දෙස බලා සිටි අවීන් තම යට කලිසම ඉතිරි වෙන්න ටිශර්ටයත් , කලිසමත් ගලවා දැමුවා.

දවල් එතරම් උනන්දුවෙන් නොබැලුවත් දිහස් දැන් යටිතොල සපාගෙනම අවීන් දිහා බලන් හිටියා.

ඇත්තටම අවීන් මිල්ක් චොක්ලට් පාටයි. දිහස්ට අවීන්ගේ සිරුර පුරා හාදු තියන්න ඕන වුනා. දිහස් තම ඇස් වලින් සම්පුර්ණයෙන්ම අවීන්ව පරික්ශා කලා.

අවීන් හුස්ම ගන්න කොට තද පාට තනපුඩුත් එක්කම පපුව උස් පහත් වෙනවා.නාභියේ සිට ලාවට වැවි තිබුන රෝම ටික යටකලිසම තුලින් සැගවි ගොස් තිබුනා.

" ලැජ්ජාවෙන්න එපා "
අවීන් දිහස්ගේ අත තම උදරය මතින් තබා සෙමෙන් පහලට රැගෙන යනකොට දිහස් කම්මුල් රතු කරන්න බලන් හිටියා.

එකපාරටම ඇහුන අවීන්ගේ දුරකතනයේ හඩට දිහස් අවින්ව තල්ලු කලේ නොසිතුනු වෙලාවක ඇසුන හඩට ගැස්සුන නිසයි.

" අනේ සොරි " කියනකොට අවීන් දිහස් අතට ටීශර්ට් එක දුන්නේ ඉක්මනට දාගන්න කියනගමන් ,

අවීනුත් ඉක්මනට ඇදගෙන ඇමතුමට ප්‍රතිචාර දැක්වුවා.

" මොකෝ මේ මහ රෑ වද දෙන්නේ "
අවින් නුරුස්සනා පෙනුමකින් අහනකොට තිරයෙන් පෙනෙන මියුමි සිනාවුනා.

" උබලා තනියම ඉන්න නිසා බැලුවේ..... "

" හලෝ මියූ.....අපි මේ නිදාගන්න හැදුවේ.... "
දිහස් හිනාවුනා.

" ආ ඕකේ ඕකේ......මට උබලව නිකන් බලන්න හිතුනා.... ගුඩ් නයිට් හොදේ.... "

" හ්ම් හ්ම් , මේ හෙට ඉක්මනින් ලෑස්තිවෙයන් හරිද නැත්තන් ඇත්තමයි දලා යනවා. "

හිනාවුන මියුමි ඇමතුම විසන්දි කලා.

" බබා අපිත් නිදාගමුකෝ.......හෙට අපි යන්න එපැයි ගමනක්..... "
දිහස් අහිංසක විදියට කියනකොට අවීන් තරහින් අනෙක් පස හැරි නිදාගත්තා.

" අනේ ඉතින් "
දිහස් අවීන්ව පිටුපසින් වැළදගෙන ඇග උඩින් කකුල දාගත්තා.

................................

පසුදා හිමිදිරියේ දිහස් ලහිලහියේ ලෑස්ති වෙන්න වුනේ තාම පාන්දර පහ වුනත් හයහාමාර වෙනකොට පාසලේ ඉන්න ඕන කියමින් අවීන් කලබල කරන්න වුන නිසයි.

" ඉක්මනට ඇදගන්න "
අවීන් දිහස්ගේ ඇදුම මැද අවසානයේ කියයි .

" මන් මියුට කෝල් එකක් අරන් ලෑස්තිද අහන්නම් " අවීන් කියයි.

" ඔය කොන්ඩේ පිරුවා ඇති බබා...සපත්තු දාගන්නකෝ..... "
ඇමතුමට ප්‍රතිචාර දක්වන තුරු අවීන් කියයි.

" එයා ගන්නෑ......ශුවර් එකටම මේකි තාම නිදි ඇති....... "
අවින් තරහින් ඉනට අත් තබා ගත්තා.

" ආයෙ බලන්න අරන් "

" මේ දලා යන් බන් රෙද්ද "

දෙවන වරත් උත්සහ කල අවීන් කියයි.

" ආ මෙන්න ගන්නවා "
අවීන් ඉක්මනින් දුරකතනය කනේ තබාගත්තා.

" මේ මියු හරිද....... ආ ආන්ටි.......මියු ලැස්තිද........මොකද්ද අපේ අප්පච්චිටද ........ඇයි ආන්ටි ප්‍රශ්නයක්ද ? "

අවීන් ලගට ලන් වුන දිහස් ඇයි කියා සෙමෙන් අසයි.

" මේ මියුගේ අම්මා....... අපේ අප්පච්චිට කතා කරන්න ඕන්ලූ "
අවින් සෙමෙන් කියන කොට දිහස් " ඇයි අහන්න " කියලා කිව්වා.

" මොකද්ද........ ? "

දිහස් එකපාරම අවීන්ගේ අත වෙව්ලන හැටිත් , ඇස් ලොකු වෙන හැටිත් බලන් හිටියේ හිතට ටිකක් බයෙන්......


































Good night all......

Kishu :-)

Continue Reading

You'll Also Like

9.4K 1.5K 38
මං උඹට ආදරෙයි...!! කල්පයක් ගෙවුනත් උඹ මගෙම විතරයි දේවා...!!!
139K 4.8K 49
"ငါယဥ့်ကိုဘယ်တော့မှချစ်လာမှာမဟုတ်ဘူး" "ငါလည်း ညီ့ကိုချစ်တယ်လို့မပြောမိပါဘူး " "နင်စိတ်ချပါ နန်းစုယဥ်ဆိုတဲ့ငါက ကိုယ့်လည်ပင်းကိုကိုယ်ကြိုးကွင်းပြန်မစွပ...
54.6K 5.1K 131
New Normal တစ်ပတ် သုံးပိုင်း update ပါမယ်ရှင် .. Normal novel page မွာ ဒီနေ့ပဲစဖတ်လို့ရပါပြီ Title - Ancient Foodeie Survival Guide Description က...
57.7K 2.7K 117
ရှိန်းခေတ်သာချိုတစ်ယောက် ဒုတိယနှစ်ဝက်စာမေးပွဲကြီးဖြေဆိုပြီး၍ အိမ်ပြန်ရောက်ချိန်၌ မထင်မှတ်ဘဲ လောကဓံ၏ရိုက်ချက်ကိုခံလိုက်ရသဖြင့် ရှိန်းခေတ်၏ဘဝသည် တစ်ဆစ်...