ආශ්කා යොමාල්ගේ අතින් අල්ලන් හොදහැටි සිනාවෙයි. ඔවුන් දෙදෙනාගේ බැදිම ශක්තිමත් වෙමින් පවති.
දිහස් අවීන්ගේ අතේ අල්ල මත යමක් කුරුටු ගාමින් සිටියි. අවීන් ඒ කුමක්ද කියා ගෙල දිගුකර බැලුවත් රැවු දිහස් තම කාරිය ඉදිරියට කරගෙන යයි.
" චුටි ට්‍රිප් එක යන්න ලෑස්ති නේ...... "
" හ්ම්..... "
" කලින් දවසේ අපේ ගෙදර එන්න හොදේ අපි එකට යමු "
" හා..... "
දිහස් හිස වනන කොට අවීන් ඔහුගේ හිස අතගෑවා.
" උබලා නිකන් ගෑණියි මිනිහයි වගේ නේ බන් "
පංතියේ ළමයෙකු දිහස්ට කියන්න වුනා.
ඔහුගේ හඩින් ගැස්සුනු අවීන් දිහස්ගේ අත අත් හැර ඉක්මනින් පුටුව ටිකක් ඈතට ඇදගත්තා.
එයින් දිහස්ගේ හිතට දුකක් දැනුනා.
ඔහු ගිය පසු දෑස් පහලට කරගත් දිහස් අවීන්ට පිටුපා මේසය මත හිස තබා ගත්තා.
සමහර විට තාමත් අවින්ට මේ සම්බන්ධය ලැජ්ජාවක් වෙන්න පුලුවන් , ඒනිසා ඕනවටත් වඩා බලාපොරොත්තු තබා නොගන්න එක හොද බව දිහස්ට සිතුනා.
බොහෝ වෙලාවකට පසු හිස මේසය මත තබාගෙන නිදා සිටි මියුමි අවුල්වූ කොන්ඩෙත් අතින් හදමින් නැගිටුනා.
" අපෝ හැටි " යැයි කියු ආශ්කා හිනාවෙන්න වුනා.
" බලන්න බැරි නම් අහක බලා ගන්න එකයි ඇත්තේ "
නැගිටුනු මියුමි ආශ්කාගේ හිසට සෙමෙන් ගසමින් ඇසක් ගසා සිනාසී පන්තියෙන් ඉවතට ගියා.
" ආපු ඒකිගේ සැර "
අවීන් දිහස්ගේ හිසකෙස් අතරින් ඇගිලි යවමින් සිනාවෙයි.
දිහස් නැවත දෑස් පියාගත්තේ අවීන්ගේ ඇගිලි තම හිසකෙස් මත එහෙමෙහේ වන විට දැනුනු සනීපයටමයි.
" චූටි මොකෝ "
අවීන්ගේ හඩ කන ළගින් ඇසෙයි. ඔහුගේ හුස්ම තම කන් පෙත්ත මත වැදෙන විට දිහස්ව ගැස්සෙන්න වුනා.
" ටිකක් ඉන්න දෙන්න අප්පා "
" මේ මොකෝ ? "
මියුමිගේ හඩ දිහස්ට ඇසෙයි. ටිකකින් තම පුටුව ගැස්සෙන සැටිත් මියුමි තම එහා පසින් වාඩිවන සැටිත් දිහස්ට දැනුනා.
" මොකෝ බන් "
" මුකුත් නෑ අයියෝ..... "
" මොකද නැත්තේ...... තමුසේ ඉන්නේ මිනිහා මැරිච්ච ගෑණි වගේ "
" මගේ මිනිහා මලේ නෑ , ඔය ඉන්නේ එහා පැත්තට වෙලා මෙලෝ රහක් නැතුව "
දිහස් බුම්මන් කියයි.
" මන් ගැනද ඔය කියන්නේ ? ආහ්......කියනවා.......බලන්න......"
අවීන් දිහස්ගේ ඉනෙන් අල්ලා කුචි කවමින් ඔහුව නැගිට්ටවිය.
" දැන් මොකද මේ බුම්මන් ඉන්නේ "
මියුමි සිනාව මැඩගෙන අසයි.
" නෑ මියූ ඒවා වැඩක් නෑ "
" නෑ කියපන්කෝ "
" මෙයාට මාව ලැජ්ජාවක් මියූ......... "
දිහස්ගේ ඇස් අග කදුලින් තෙමෙයි.
" මොකක්ද ඒ කතාව , කවද්ද එහෙම උනේ.......ඇයි දැන් මේ අඩන්නේ "
අවීන් ඇස් සිහින් කර නලල රැළි කරගත්තා.
" තමුසේ ඉන්නවකෝ පොඩ්ඩක් , ඔයා කියන්න........"
මියු අවීන්ට දෙස බලා දිහස්ගේ අතින් අල්ලගත්තා.
" නෑ දැන් අර අපේ පංතියේ ළමයෙක් අපි ලගට ආවා. කථා කරන්න , එතකොට මෙයා ගැස්සිලා ඉක්මනින් පුටුවත් අහකට කරගත්තා......ඇයි ඉතින් මෙයාට මාව ලැජ්ජාවක් වෙන්නැතිනේ..... "
දිහස් අවීන්ට රවා බැලුවා.
හැමවෙලේම එළියට පනින්න මාන බලන් ඉන්න දිහස්ගේ කදුලුත් මේවනවිට ඉවතට එමින් තිබුනා.
" එහෙම නෑ , ඔයාට පිස්සුද ? "
" ඔව් ඔව් මට පිස්සු " කියමින් දිහස් නහය ඉහලට ඇද්දා..
අවීන් මියුමි දෙස බැලුවේ මොකක්ද බන් මගේ වරද කියා අහන්න වගෙයි.
සිනාවූ මියුමි දිහස්ට කතා කරන්න වුනා.
" අනේ බන් , ටිකක් හිතපන් , උබ කෙල්ලෙක් මේ කොල්ලෙක් නෙමේනේ බන් පබ්ලික් තැනක අත අල්ලන් ඉන්න පුලුවන් වෙන්න....... "
මියුමි දිහස්ගේ මුහුණ දෙස කෙලින් බලා කතා කරයි.
" අනික ඉතින් කෙල්ලෙකුයි , කොල්ලෙකුයිටවත් ලංකාවේ එහෙම ඉන්න බෑනේ..... හුගක් වෙලාවට මිනිස්සු උන්ට පද හදලා කෙල්ලව වේසියක් කරලා කොල්ලව රස්තියාදුකාරයෙකුත් කරලා ඉවරයිනේ..... "
මියුමි කට කොනින් සිනාවෙන්න වුනා. ඉන්පසු හුස්මක් ඉහලට ගත් ඇය නැවත කතාකරන්න වුනා.
" ඒකයි බන් අවීන් බය......උබ පොඩ්ඩක් හිතපන් ඉතින්......මොළයක් තියෙනවනේ.....උබලා ඉන්නේ ලංකාවේ මිසක් ඇමරිකාවේ , තායිලන්තේ වගේ නෙමේනේ...... "
මියුමි තම කතාව අවසන් කරන කොට හෙමෙන් හිස වැනු දිහස් තම උරහිස මත දමාගෙන සිටින අවීන්ගේ අත සෙමෙන් ඇල්ලුවා.
" චුටී තරහද ? "
අවීන්ගේ පැනයට හිසවනා නෑ කියූ දිහස් සිනාවුනා.
" අම්නේ මුන් " කියූ මියුමි ලැජ්ජ බව පෙන්නන්න වගේ අතින් මූණ වසා ගත්තා.
.......................................
" ඇයි.....මෙහෙම බලන් ඉන්නේ "
මියුමි හිස පසෙකට ඇල කර ඇසුවේ අවීන් හා යොමාල් පාසලේ ගෙට්ටුව අසල ඇඹරෙන නිසයි.
" මියූ දෙයක් කිව්වොත් තරහා වෙන්නැද්ද ? "
යොමාල් අහනකොට අවීන් හා දිහස් මුහුණට මුහුණ බලා ගත්තා.
" මොකද්ද ? "
" අපි හතර දෙනා අද පොඩි ගමනක් යනවා......දන්නැද්ද ඉතින් අපි දෙගොල්ල්ලෝ කපල් නේ....පොඩ්ඩක් ඉතින්........."
" ආපෝ මන් යනවා ගෙදර උඹලා ලව් කොරන කොට මට උඩ බලන් ඉන්න බෑ..... "
මියුමි හිනාවෙමින් ඉනට අත තබා ගත්තා.
" කමක් නෑනෙ මියූ "
ආශ්කා ඇසුවා.
" අනේ මට මොකෝ..... උබලා කොහේ ගියත් , හැබැයි රූම් අස්සේ යන්න එපා , ඊටපස්සේ ඩාම් වෙලා ඩූම් උනොත් මට එන්න වෙයි බබ්බු බලන්න "
හයියෙන් සිනාවූ මියුමි අත වනාගෙනම ඔවුන්ගෙන් සමු ගත්තා.
" ඒනම් ඒකත් හරි " කියූ යොමාල් ආශ්කගේ අතින් අල්ලගත්තා.
" එයාටත් කාව හරි සෙට් කරානම් අපිට කරදරයක් නෑ "
ආශ්කා සෙමෙන් කියන කොට අනිත් අය හිස වැනුවේ " ඔව් හැබැයි " කියමින් ,
බෑගයේ පටිය අතින් තද කරගත් මියුමි " අනේ මට ඕන්නැති රෙද්දක් නෑ...." කියා මුමුණන්න වුනා.
................................
ඔවුන් ඊට යාබදින් පිහිටි යොමාල්ගේ නිවසට ඇවිදගෙන යන්න වුනා.
" නැන්දම්මාට වැදපන් "
දිහස් රහසින් ආශ්කට කියනකොට ආශ්කා ඔහුට වැළමිටෙන් ඇන්නා.
ආහාර මේසයට රැගෙන ඒමට ආශ්කා යොමාල්ගේ මවට උදව්කරන්න වුනා. කවදාවත් නොවූ තරන් කඩිසරෙන් එහෙමෙහෙ යමින් ආශ්කා ඇයට උදව් කරන්න වුනා.
යොමාල්ගේ අම්මගේ අත් ගුණය ගැන දිගටම වර්ණනා කරමින් සියළුදෙනා ආහාර ගන්න වුනා.
ඔවුන් පෙර සිට මේ ගමනට හොද සුදානමක් තිබූ බව කියාපාමින් පාසල් බෑගය තුල දාමාගෙන ආ ඇදුම් ඉවතට ගෙන ඇග සොදා පිරිසිදු වී ඒවා ඇගලා ගන්න වුනා.
ඉන්පසු තොරතෝංචියක් නොමැති කතාද සමග දකින දකින විදී කඩවලටද හිස පොවමින් අයාලේ ඇවිදිමින් හවස් වන තෙක් ඔවුන් විනෝද වුනා.
Kishu :-)