COUNT D R A C U L A ✅

By DEESHAPONNAMPERUMAGE

98.5K 21.8K 7.8K

දන්නවද....ආදරේ කියන්නෙ හරියටම ..... ම්ම්ම්ම්ම් සුලග වගේ..... පෙන්නෙ නෑ.... හැබැයි..... දැනෙනවා...... More

0️⃣1️⃣ වන කොටස🦇️
0️⃣2️⃣වන කොටස🦇️
0️⃣4️⃣ වන කොටස🦇️
0️⃣5️⃣ වන කොටස🦇️
0️⃣6️⃣වන කොටස🦇️
0️⃣7️⃣ වන කොටස🦇️
0️⃣8️⃣වන කොටස🦇️
0️⃣9️⃣වන කොටස🦇️
1️⃣0️⃣වන කොටස🦇️
1️⃣1️⃣ වන කොටස🦇️
1️⃣2️⃣වන කොටස🦇️
1️⃣3️⃣වන කොටස🦇️
1️⃣4️⃣ වන කොටස🦇️
1️⃣5️⃣වන කොටස🦇️
1️⃣6️⃣වන කොටස🦇️
1️⃣6️⃣ extra ....🦇️
1️⃣7️⃣වන කොටස🦇️
1️⃣8️⃣ වනකොටස
1️⃣9️⃣ වන කොටස🦇️
2️⃣0️⃣වන කොටස🦇️
2️⃣1️⃣වන කොටස🦇️
2️⃣2️⃣වන කොටස🦇️
2️⃣3️⃣වන කොටස🦇️
2️⃣4️⃣ වන කොටස🦇️
2️⃣5️⃣වන කොටස🦇️
2️⃣6️⃣වන කොටස🦇️
2️⃣7️⃣වන කොටස🦇️
2️⃣8️⃣වන කොටස🦇️
2️⃣9️⃣ වන කොටස🦇️
3️⃣0️⃣වන කොටස🦇️
3️⃣1️⃣වන කොටස🦇️
3️⃣2️⃣වන කොටස🦇️
3️⃣3️⃣වන කොටස🦇️
3️⃣4️⃣වන කොටස🦇️
3️⃣5️⃣වන කොටස🦇️
3️⃣6️⃣වන කොටස🦇️
3️⃣7️⃣වන කොටස🦇️
3️⃣8️⃣වන කොටස🦇️
3️⃣9️⃣වන කොටස🦇️
4️⃣0️⃣වන කොටස🦇️
4️⃣1️⃣වන කොටස🦇️
4️⃣2️⃣වන් කොටස🦇️
4️⃣3️⃣වන කොටස🦇️
4️⃣4️⃣වන කොටස🦇️
4️⃣5️⃣වන කොටස🦇️
4️⃣6️⃣වන කොටස🦇️
4️⃣7️⃣HAPPY ANNIVERSARY ...(completed )

0️⃣3️⃣වන කොටස🦇️

2.7K 582 206
By DEESHAPONNAMPERUMAGE

ආයිශ්......මේ ලමයගෙ ඔලුවත් නරක් වේගන එන්නෙ ඒ පාර......සිජියෙට මල්ලිලා දෙන්නෙක් ඉන්නවද......නෑ..වෙන්න බෑ...එහෙනම් ඉන් දෙන්නගෙම ඔය බකුසු මූනවල් දෙක මේ කොහෙ හරි තියෙන්නම එපැයිනෙ  ...ඒ මොන හරුපයක්ද අනේ ඒ සාතන් කිව්වෙ....

දැන් බලන්න මම මගෙ තියන මහත්මා ගුනේ හින්දා එයාට යන්ග් මාස්ටර් වන්ග් කිව්වම මේකා මට රවලා නිකලස් කූලන් ද නිකුලස් කූලන්ද කිව්වා....එයාට තිබුනනෙ මේ අපබ්‍රංසේ ලෙහලා යන්න.....

ඕ....හ්......ඉස්පිරිතාලෙ ලෙඩ්ඩුන්ගෙ ප්‍රස්න මදිවට මෙව්වත් හිතන්න වෙලා මේ ලමයට     ...නිකලස්ද නිකුලස්ද මම දන්නෙ නෑ..මට ලේසි එක මම කියන්නෙ.....ආය ඉතින් මේ...ඇයි එයා අලි පුපෙන්ද නෑනෙ.....

පිස්සු තමා ..

මං දිහා රවලා වගේ බලපු එයා ගියත් එක්කම මම එහෙම්ම සෝෆාවට කඩාගන වැටුනා...දැන් ඉතින් කන්න අඩගහන කන් මෙතන ඉදපන්කො....කොච්චර  මේ ගෙදර පුරුදු  තැනක් උනත් මම ආගන්තුකයෙක්...ඉතින් මම කොහොමද හිතු මනාපෙට ඇවිදින්නෙ....යට කරලා තිබුන ශර්ට් එක උඩට ඇදන්  දිගට තියන ශර්ට් අත නවන්න හිතුනත්....ඒක එච්චර හොද දෙයක් නෙවෙ නිසා මම මට කාමරයක් දෙනකන් මේ හැම දේම ඉවසන් උන්නා....

බලන බලන තැන තිබුනෙ ලොකුම.ලොකු ආරුක්කු ජනෙල් වගේම බිත්තිවලට ගිනි පන්දම් හයිකර්ලා තිබුනා...ඒ කොහොම උනත් පන්දටම එහා පැත්තෙන් බිත්ති ලාම්පු තිබුනා.....

පන්දමක් වගේම ලාම්පුවක්......

ඒක හරිම අමුතුයි....මේ මාලිගාව කොයි තරම් පට්ට පරන උනත් වන්ග් මහත්තයා තවත් ලොකු සල්ලි කන්දරාවක් යට කරලා ඒකට තව තව දේවල් එකතු කරලා තිබුනා..... මේ මාලිගාව  කොච්චර පරන උනත්.....උනුසුම් දවස් වලට කාමර සිසිල් කරන්න හුලන් කවුලු තිබුනා වගේම ඒසි තිබුනා.....ඒක නිකන් " අතීතෙයි වර්තමානෙයි" දෙක එක තැන තිබ්බා හා සමාන හැගීමක් ගෙනාවා.......

මම සෝෆාවෙ එහෙම්ම ඇල උනා..... සෙවකයන්ගෙ කුටු කුටුව.....වගේම කුසියෙන් ඇහෙන පිගන් බඩු සද්දෙ එක්ක එයාලා කෑම මේසේ ලෑස්ති කරනවා...

ම්ම්ම්හුක්.....එපා වෙනවා අනේ...ගෙදර උන්නා නම් මේ ළමයා ටීවි එකවත් බලනවනෙ...කොහෙද ...ඇත්තමයි සාතන්  විදිහට උන්නෙ මේ ගෙදර සාතන් කියල දන්නවා නම්......මම ඕකව පත්තර පිටුවක් වෙන්න චප්ප කරන් යනවා.....

අනේ...අම්මෙ.....මොනවද ලමයෝ මේ හිතනෙන්.....පව්කාරයා........සොරි...සොරි....මම එහෙම හිතන් නෑ.....

හිතින් එක එක විකාර  හිත හිත උන්න මම ,මමම ඒ විකාර සාදාරනීනරනේ කෙරුවා...කරන්න දෙයක් නැති කමට ඵෝන් එක අරන් පලතුරු වලට කොටන ගේම් එක ගැහුවා....අනේ මන්දා අපේ ගෙදර වගේ නෙවෙ....මෙහෙ කොච්චර මිනිස්සු උනා උනත්.....ඒ ඒ අය....ඒ...ඒ අයගෙ ලෝකවල.... ඒකත් වරදක් නෑ...කාටත්.කරදරයක් නැතිව පාඩුවෙ ඉන්න එකත් එක අතකට හොදයි.......

සෝෆාවෙ ඇල වෙලා  උන්න මම ආයම කෙලින් වෙලා වටපිට බැලුවා.....වට පිට බලලා කවුරුත් නැතිද කියලා තහවුරු කරගනම ඈනුමක් ඇරලා ඇග මැලි කැඩුවා....ඒත් මම හිතන්නෙ...මගෙ දර්ශන පතේට එයාව අහු වෙලා නැතිද කොහෙද ......

ඔව්...ඒ එයා........

සාතන් .....යන්ග් මාස්ටර් සාතන්.....එයා ගල් ගරාදි වැටට හේත්තු වෙලා පහල උන්න මා දිහා ඇස් හීනි කරන් බලන් උන්නා...

හ්හ්..හායි......ය්යංග් මාස්ටර් ...වන්ග්.....

.................

බඩගිනිද.....මං හිතන්නෙ එයාලා තවම කෑම ලෑස්ති කරනවා....

....................

අයිශ්.......මේකගෙ තියන ලොකු ලයින් එක.....අයියෝ...හරි පව් ඉතින්.......මනුස්ස  කමට හායි කිව්වා මිසක් කසාද බැදගන්න හායි කිව්වෙ නෑ කියලා කියන්න ඕනා උනත් මම ඉන්නෙ එයාගෙ ගෙදර වගේම මම එයාලගෙ අමුත්තෙක් කියන කාරනාව ආය ආයම මගෙ හිත මට මතක් කරලා දෙනකොට මම එයා එක්ක හිනා වෙලා ආයම ඉස්සරහට හැරුනා......

දැන් ඔයාලා හිතන්නෙ මම ඒ මනුස්සයා එක්ක හිනා උනා කියලා ඒ මනුස්සයා මා එක්කත් හිනා උනා කියලද ....අයියෝ..නෑ........අනේ...නෑ...මොන පිස්සුද......ඒ මනුස්සයා හිනා වෙනවා තියා හිනාව කියන වචනෙ අදුනනෙත් නෑ.....

මට මොකො....මම හිනා උනා...ඒත් එයා හිනා උන් නෑ....හිනාව දෙන එක මගෙ වැඩක්....ඒත්....ඒ හිනාවට පෙරලා හිනාවක් දෙනවද ....නැතිද....ඒක එයාගෙ තීරනයක්......මටවැඩක් නෑ...එයා හිනා උනා නැතා මට මොකද.......

.එයා මාව ගනන් නොගෙන ඉද්දි මාත් වැඩි ගානක් නැතිව අනිත් පැත්තට හැරුනා....ඒක එයාගෙ හැටි නම්...මේක මගෙ හැටි.....

සීන්ඩි......සින්ඩී..................කෝ ඔයා........

සිජියේ.......

අම්මො ඇති යාන්තන් ...මේ ගෙදර මට ඕන වෙලාවක ඕන දෙයක් කතා කරන්න පුලුවන් එකම කෙනා.සිජියෙ විතරක්ම වෙනකොට සීන් ඩිඩි කියන්න බැරි කමට වෙලාවකට එයා මට සින්ඩි කිව්වා....

ඔයා වොශ් එකක් දාගන දැන් ඇදුම් මාරු කරනවද....නැතිනම්...ඩිනර් අරම්ම.....

ඩිනර් අරගනම වොශ් එකක් දාගන්නම්......එතකොට ෆ්‍රෙශ් නෙ....

ම්ම්ම්ම්..හරි.....

සිජියේ........මේ...අයියෝ....

ඔව් අයියෝ....කියන්නකො......මොකක් හරි ප්‍රශ්නයක්ද......

ම්ම්ම්...ඕ...ඇබිත්තන් සයිස් එකක්....

ම්ම්ම්..කියන්නකො බලන්න.....මොනවද අපේ ඩිඩිගෙ ඇබිත්තන්  ප්‍රශ්නෙ කියලා....

එන්නකො  අයියෝ මෙතනනට.....

යන්න හදපු සිජියෙව මම ආයම නවත්ත ගත්තා .....ගෙදර උන්න එකා යකා වෙච්ච මට කාත් කවුරුත් නැති කොට සිජියෙගෙන් මේ හම්බෙන නෑකමක් නැති නෑකමට මම හරි ලෝභ උනා...ඒ ආදරේ හදවතට හරිසමීපයි......පවුලක එකම ළමයා වෙච්ච  කෙනෙක්ට දැනෙන ඒ පාලුව...."මටත් අයියා කෙනෙක් උන්නා නම්.....මටත් අක්කා කෙනෙක් උන්නා නම්" කියන සිතුවිල්ල අනිත් හැමෝටම වගේ මටත් වේදනාවක් දුන්නා.....දුකක් දැනුනම උකුලට ඔලුව තියාගන.වරු ගානක් ඉන්න....පුංචි දේකට රන්ඩුවෙලා ආයම රන්ඩු වෙන්න පොඩි දෙයක් බෙදාගන්න....මෙන්න මේ දේවල් කරන්න මටත් කවුරු හරි උන්නා නම් කියන දේ මගෙ හදවතට දැනෙනකොට ඩොක්ටර් පට්ටම පැත්තකට දාන මම සිජියෙ ගාව හැමදාම.පොඩි එකෙක් හා සමාන උනා.....

සමහර බැදීම් තියනවා ලේ වලින් එන්න ඕනෙ නැති වෙන......වතුරට වඩා කේ ඝනකම් කිව්වා උනත්....සමහර් තැනවලදි ඝනකම්.ලේ.වලට වඩා දියාරු වතුර හොදයි කියලත් හිතුනා....



මම එහෙම්ම සිජියෙව මගෙ ගාවින් ඉදන්වගන කුටු කුටු ගාන්න ගත්තා

සිජියේ......ඇයි එයා නිකුලස් කූලන් කියලා දාන් ඉන්නෙ.....එයා ඔයාලගෙ ළමයෙක් නෙවෙද අනේ......

පොඩි මෝඩයා.....

නහය උඩට දාපු ඇබ්බත්තන් සයිස් තට්ටුව එක්ක එයා හිනා උනා වගේම මට පොඩි මෝඩයා කිව්වා....නෑ ඔතින් හැමෝම වන්ග් වෙලා එයාට විතරක් කූලන් වෙන්න බෑනෙ...එක්කො ඒකව කානුවෙන් වත් ඇහිදගත්තද.....නැත්තම්......වෙන.කොහෙන් හරි....නැ...ඉතින් ඔය හැම පවුලකම දෙවනියව කානුවෙන්නෙ ඇහිදන් එන්නෙ.......සමහර විට සාතන් වත් කානුවකින් ඇහිදන් ආවද දන්නෙ නෑ....ආපෝ...ඒ.....උනත් ඇහිදන් එන්නම බඩ්ඩ නෙමැයි....

නෑ..අනේ.....එයා අපේ තමා.....

ඒන...ම්...කූලන් කියලා දාන් ඉන්නෙ ඇයි.....

ඒ එයාගෙ හැටි ඩිඩි....එයා එහෙමයි.....එයාට ඕන දේ එයා කරන්නෙ....දෙයක් ඕනා කිව්වොත් ඕනාමයි.......ඔයා දන්නවනෙ එයා අවුරුදු ගානක් england  උන්නා කියලා ....

ඕ...ඉතින්.....එයා එහෙදි වෙන තාත්තෙක් අරන්ද අනේ.....

නෑ...අනේ..එයා එහෙදි නම මාරු කරලා.....අපිට නෙවෙ...කාට උනත් කිසිම දේකට ඕනවට වඩා විරුද්ද වෙන්න....ඇගිලි ගහන්න.....උපදෙස් දෙන්න යන්න  බෑ ඩිඩි...අනික....නමක් ඇතුලෙ නෙවෙනෙ බැදීම තියෙන්නෙ....එයා වන්ග් උනත්...කූලන් උනත්......මට මගෙ ඩිඩි.....මගෙ අම්මා තාත්තට එයා තවම පුතා...අනික හැමෝටම පුද්ගකත්වයක් තියනවනෙ.....කැමති අකමැති කම් තියනවනෙ....ඉතින්...ඒක එයාගෙ කැමැත්ත .....නමක් නිසා බැදීම් අතාරින්නෙ මොකටද ..නේද ...

ඕ...ඒක තමයි....මං හිතුවෙ එක්කො එයාට තව නිමුන්නෙක් ඇති කියලා .....ඒකනෙ....දැන් හරි....මේ ලමයටත් තියන ප්‍රශ්න නේද සිජියේ   ......

ඒකනෙ...මේලමයටත් තියන ප්‍රශ්න   ..ඔයාට බඩගිනිද.....

චුට්ටක් විතර   ..

තව විනාඩි පහයි.....

මගෙ කම්මුලට තට්ටුවක් දාපු සිජියෙ ආයම යන්න ගියා...එතකොට මේ හාදයා නම මාරු කරලා ....ඒකත් වරදක් නෑ....නිකලස් කුලන්.....එක්කො ඔන්න ඔහෙ මාත් මගෙ නම මාරු කරගනවා....ජේම්ස් බොන්ඩ් කියලා ...නැතිනම් ..මාර්ක් ඇන්තනි......ජෝන් සීනා.....

හිහි....අනේ මන්දා මේ ළමයා මොනවා හිතනවද කියලා .....පිස්සු අප්පා.....

මට එක එක නම් මම හිතින් හිතුවා වගේම අවසානෙදි මටම හිනා ගියා ...

ඩොක්ටර් සීන්.....

ආ...ලූකස් අංකල් ....

කෑම ලෑස්තියි....

ලූකස් කියන නම තිබුන කොන්ද කුදු ගැහුන වයස ඕනා නම්...හැට පහක් හැත්තෑවක් කියන්න පුලුවන් බයාදු මූනක් තිබුන සේවකයට මම අංකල් කියනකොට ගිලාබැහැපු ඇස් අස්සෙන් හිනාවක් මතු උනා...සමහර මිනිස්සුන්ට පුලුවන් කටින් හිනා නොවී ඇස්වලින් හිනා වෙන්න....තව සමහරුන්ට පුලුවන් කටින් වගේම ඇස් දෙකෙම්ම හිනා වෙන්න.....තවත් සමහරුන්ට පුලුවන් ඔය මොකුත් නොකර හිතුන් හිනා වෙන්න...හැබැයි හිනාව කියන දේ හංගන්න ඕන දෙයක් නොවෙනකොට හිතින් හිනාවෙන හිනාව ගැන මම ආය අමුතුවෙන් කොයන්න ඕනෙත් නෑ කියලා හිතුනා.....

යමු අංකල් මං එන්නම්.....

කොන්ද කුදු ගැහුන එයා මග දුරක් ගිහින් කොන්දට අත තියන් හිට ගත්තා ....

ඇයි අංකල් .....මොකද....අසනීපයක් ද.....

...................

ලූකස් අංකල්......කියන්න.....ඇයි මේ....

ගිලා බැහැපු ඇස් හිනා වෙලා උන්නා උනත් ඒ හිනාව අස්සෙ වේදනාවක් හැංගිලා තියනකොට මට අවංකව දුක හිතුන...සමහර මිනිස්සු ඉන්නවා ඇගේ හයියට වඩා හිතේ හයියට වැඩකරන ...ඉතින් මට කෑමට වඩා ඒ වේදනාව ලොකු වෙනකොට මම එයාගෙන් ඇයි කියන එක ඇහුවා...අනිත් මිනිස්සුන්ට වඩා අපිට තව කෙනෙක්ගෙ වේදනාව දැනෙනකොට මම එයාගෙන් උත්තරයක් බලපොරොත්තුවෙන් උන්නා....

තුනටිය ටිකක් වේදනා දෙනවා.....ඩොක්ටර් .....

අයියෝ......ඉතින් බෙහෙත් ....

මම කියන්න හදපු දේ නැවැත්තුවා......එයා බෙහෙත් ගත්තා නම්.......බෙහෙත් ගත්තා නම්..පොඩි හරි සහනයක් දැනෙන්න ගියනෙ.....එයාට නිවාඩු නැතිද කියලා අහන්න හිතුනා උනත් මම ඇහුවෙ නෑ....නිවාඩුවක් තිබුනා නම්...එයා එයාගැන නොබලා ඉන්නෙ නෑනෙ......

මම එහෙම්ම කැම පිරුන ලොකු මේසේ දිහා බැලුවා....අවුරුදු බර ගානකට උඩදි පාවිච්චි කරපු දිගම දිග කලුවර මේසේ ඇවිලෙන ඉටිපන්දම් එලි යටින් තිබුන කෑම ජාති දිහා මම බලන් උන්නා........එතන ගනින්න බැරි තරම් කෑම ගොඩක්.....ඒ හැම කෑමකම තියෙන්නෙ   එයාලගෙ මහන්සිය .....ඉතින්....තව කෙනෙක්ගෙ බඩකටක් පුරවන්න....විසි හතර පැයේම ඒයාලගෙ ඕනෑ එපා කම් කරන මේ මනුස්සයන්ට නිවාඩුවක් තියේවිද ......

ඇත්තටම ....සල්ලිම නෙවෙ ජීවිතේ කියන්නෙ....මනුස්සයෙක්ට විවේකයක් ඕනා....ඒඋනත්...සමහර තැන් තියනවා විනාඩියක විවේකයක් ගන්න ඒ තැනට වෙන කෙනෙක් දාන්න බැරි.......වෙන මොකුත් ඕන් නෑ...හැමෝටම විවේක ගන්න කියන මට පවා සමහර වෙලාවට විවේකයක් නැති වෙනවා.....මිනිස්සුන්ගෙ ගැහෙන හදවත එක්ක ගනු දෙනු කරන අපි කොහෙ විවේක ගන්නද.....සමහර විට  ලූකස්ටත් ඒ වගේ වෙන්න ඇති....එයාගෙ  තැනට වෙන කෙනෙක් නැතිව ඇති....

එන්නකො මා එක්ක....

කෑම මේසෙට යන්න ආව මම  එයාව එක්කන් ආයම මගෙ කාර් එක ගාවට ගියා

කෝ මේ පැත්ත හැරෙන්න

කාර් එකේ ඩිකිය ඇරපු  මම බෙහෙත් බෑග් එකේ තිබුන බෙහෙත් දිහා බැලුවා...

මේ තියෙන්නෙ.......

ඉන්න මං ඔයාට ජෙල් එකක් ගාන්නම් හොදද.....

අනේ මහත්තයො සැර සුවද එන ඒවා නම් එපා....

එයා බයෙන් බයෙන් වගේ සැර සුවද එන ඒවා නම් එපා කියනකොට මට අවංකවම දුක හිතුනා....සැර සුවද ආවා හෝ නාවා ලෙඩේ නෙවෙද  සනීප කර ගන්න ඕනෙ........මගෙ ඉස්සරහා කොයි තරම් හිනා වෙලා කතා  කරා උනත් සමහර විට එයාලගෙ ඇත්ත ස්වරූපේ ..රුචි අරුචි කම් දන්නෙ මේ ගෙදර ඉන්න මිනිස්සු වෙනකොට එයාලා බයඇති ....එයාඅගෙ මූන දිහා ටික වෙලාවක් බලන් උන්න මම ඇගිලි තුඩුවලට ගත්තු ඩයික්ලොෆිනැක් ජෙල් එක හිමින් සීරුවෙ කොන්දට ගෑවා.....

මේක සැර සුවදක් නෑ...මෙන්න මේක තියා ගන්න.....කොන්දට විතරක් නෙවෙ දනහිස්...වැලමිට මේ හැම දේකටම මේක හොදයි.....මේක දවස් තුනක් ගාලා බලන්නකො....දවස් තුනකින් ගුනයක් නැති නම් මට ගන්න මම බලන්නම් හොදද.....

මම එයාට කාරුනික උනා....විවේක ගන්න ඕනා කාලෙ තවමත් නැහෙන්නෙ දරන්න බැරි පවුල් බර වෙනකොට ලූකස්ගෙ කොන්දට බර වෙච්ච පවුල් බර මට වේදනාවක් ගෙනවා........

මා දිහා බලන් උන්න ලූකස් බෙහෙත් ටියුබ් එකත් අතට ගුලිකරන් යනකොට ඩිකිය වහලා දාපු මම එහෙම්ම මේ සුවිශාල ගේ දිහා බැලුවා....

පීනන්න සල්ලි තිබ්බත් වැඩක් නෑ....තව කෙනෙක් වෙනුවෙන් හිතක් උනුවෙන්නෙ නැතිනම්....

ඒත්....එහෙම කියලත් බෑ.....

මොකද...මම කතව ඇහුවෙ තවම ලූකස්ගෙ පැත්තෙන් විතරයි......කව්ද දන්නෙ එයාට හැමදේම  දීලත් එයා නොගියද කියලා ....ඒක නිසා....හරිම දේ නොදැන කවිද හරි...කවුද වැරදි කියලා තීරනේ කරන්න බැරි නිසා මම ඒදෙන්නටම සීයට පනහා...පනහා ගානෙ ලකුනු දුන්නා.....

ගේ ඉස්සරහාම හිටවල තිබුන ලොකු ඇට්ටේරියා ගහෙ මල් සුදු පාටින් පිපිලා තියනකොට ඒ සුවද මටත් දැනුනා....කන්දක් මුදුනෙ තිබුන මාලිගාව මුලු ලෝකෙන්ම.ඈතයි වගේ හිතෙනකොට මම එහෙම්ම අතේ තිබුන බෙහෙත් සුවදට ඉවකරපු මම එහෙම්ම මාලිගාවෙ සදලු තලේ දිහා බැලුවා ....

මගෙ අම්මෙ....හ්හ්.....

අන්දකාර වෙලා ගියපු තැනක හද එලියට විතරක් දිලිසෙන ජනෙල් පට්ටමක් උඩ තිබුන කලු පාට හෙලවෙන ගුලිය දැකපු මගෙ පපුව එක පාරම නතර වෙන්න ආවා...

ඔන්න ඇත්තමයි අනේ මේ සාතන් මාව බයකරලා මරනවා....මේ අන්දකාර ගුහා අස්සෙ කොහෙ රිංගනවදෝ මන්දා මේ මනුස්සයා....ඇයි අනේ මේ ළමයා බයවෙනවනේ......

අන්දකාර මැද හෙලවුන කලු ගුලිය වෙන කවුරුත් නෙවෙ නිකුලස් සාතන් වෙනකොට පපුවට අත තියන් උන්න මම එයාට අත වැනුවා......ඒකා නෙවෙ අත වැනුවේ......හොද වෙලේට මම ඕකගෙ අප්පට බැන්නෙ නැත්තෙ පෙනේද අන්දකාරෙ ඉදන් ඕප දූප අහන් ඉදලා තියන ලස්සන.....
සැහ්....එංගලන්තෙලු උන්නෙ...ඒ උනාට කරන්නෙ මහ කැත වැඩ මහත්තයො.....කියලා කියන්න හිතුනා උනත් මම ඒක කටේ හිර කරගත්තා ..කව්ද දන්නෙ ඔව්වා කියන්න ගිහින් ඔය මනුස්සයා අර පොඩි සාතන්ට උසි...උසි කිව්වොත්.........

යන්ග් මාස්ටර් නිකුලස් ....ඔයා එන්නෙ නැද්ද...එන්න කන්න

පහල උන්න මම අන්දකාරෙ හොරගල් අහුලන එයාට කතා කෙරුවා.....

එයාගෙන් මනුස්ස කමට කන්න එන්නෙ නැද්ද කියලා අහපු මට එයාගෙන් එකම වචනයක් වත් හම්බුනේ නැති වෙනකොට මම ආයම එයා දිහා බැලුවා...

අම්මෙ...ඔය ඉන්නෙ......

අන්දකාරෙ උන්න එයා කෙලිම්ම ඇවිත් හද එලිය මූනට වැටෙන්න හිටගන්නකොට මං ඒ මූන දිහා හොදට බලන් උන්නා.....

හිතේ ඇති වේල්ස් කුමරයා කියලා....නිකුලස් ආදිපාදි තුමා........

බෙහෙත් උලපු අතේ නියපොත්තක් වැරදිලා කටේ ගහගත්තු මම කටත් ඇබුල් කරන් දෙපාරක් තුන් පාර්කම තූ තූ ගෑවා....

තමුන් මොකද ඔය කරන්නෙ....

ඇයි...පේන්නෙ නැද්ද කෙල...ග්ග්...ගහ....ය්ය්..යංග්...මාස්ටර් ...නිකුල....ස්

නිකලස්....

නිකු...

නිකලස්   ....

එයාට බැන බැන කෙල ගගහා උන්න මන් මගෙ ඉස්සරහින් ආව කට හඩට ඕනවට එපාවට උත්තර දීලා ඔලුව උස්සනකොට මගෙ ඉස්සරහා උන්න ඒ නපුරු ඇස්දෙක ළඟ මම ගොත ගැහුවා....ඒ වෙන කවුරුත් නෙවෙ....නිකුලස් ආදිපාදි තුමා....

හිනාව කියන දේ බෙහෙතකටවත් හියා ගන්න බැරි ඒ මූනෙ ඇස් දෙක හීනි වෙලා තිබුනා වගෙම මාව හමගහලා සපත්තු මහන ලයින් එකක් ඒ ඇස්වල තිබුනා....

අයියෝ...හරි පව් ඉතින්...මාව හම ගහන්න හිතේ තියනවා නම් එයාට හුගා...........ක්...රිදෙයි.......මේ ළමයා මෙහම හුරතලේට හිනා වෙලා උන්නට හරියට තරහා යනවා අනේ හරිද.....





නිකු.....

නිකලස් .....තමුන්ට නමක් කියවගන්න බැරිද........

හරි ඉතින්....නිකුලස්...උනත්...නිකලස් උනත්...ඒ දෙකම ඔයානෙ යන්ග් මාස්ටර් ...අනික....ඔය නිකලස් කියන නමට ඔච්චර මැරෙන්න හදන්නෙ....ඔයා....නිකලස් කූලන් මිසක්.....සර් නිකලස් කොපර්නිකස් නෙවෙනෙ....

.....................

ආවා මෙතන.....නමක් අල්ලන් කියවගන ආව එයාට මාත් පොඩ්ඩක් අනම් මනම් කිව්වා...මේකා ආව වෙලේ ඉදලා මට මහ එපා කරපු ඇඩ් දානවනෙ....එක පාරක් නහය වහගත්තා .....ඔය කිව්වට මේ මනුස්සයා දැනුත් මාස්ක් එකක් දාන් ඉන්නෙ........

නම මොකක්ද කිව්වෙ....

සීන්....ඩොක්ටර් සීන්...ශියාඕ ...

එක් නමක් ඇති...වැල්වටාරම් ඕන් නෑ...

හහ්....මොකක්....එයා කිව්වෙ එක නමක් ඇති කියලා .....එහෙනම් මොකටද දන්නෙ නෑ එයත් මහ ලොකුවට නිකලස් කූලන් ගෑවෙ.....මුන්ට එන්ගලන්තේ ඌස්නෙ......

හ්හ් ..හරි....ඔයාට...පුලුවන් ..මට...සීන්...කියන්න....

හිත ඇතුලෙන්.කොච්චර බැන්නා උනත් ඒ නපුරු ඇස් ඉස්සරහ හුලන් බැස්ස ටයර් එකක් වගේ වෙන මම හොරා වගේ කුටු කුටු ගාලා එයාගෙ මූන දිහා බැලුවා ....

යන්ග්..මාස්ටර් කූලන්.....ඔයාගෙ...දත්වල ප්‍රශ්නයක් තියනවද....මං ....අහන්නෙ....ඔයා රට උන්නනෙ...සීනි බෝලා ටොපි  චොකලට් කාලා දත් එහෙම පනුවො කාලද.....

  ................

නෑ...මං...මේ එහෙම ඇහුවෙ ඔයා ඔය මාස්ක් එක දාන් ඉන්න නිසා....එහෙම නම් කියන්න...මං...ඔයාට හොදම ඩෙන්ට

නෑ ඕන් නෑ.....

අ...හ්හ්..හරි...හරි......

අනෙ ඇත්තමයි අනේ මේ ලමයටත් කට පියන් ඉන්න බෑනෙ....කොහෙවත් යන සාතන්කෙනෙක්ගෙ දත් පනුවො කාලද හොයන්න යනවානෙ...දැන් හරිනෙ......ඔය අහගත්තෙ.....මේකා නම් මහ අහංකාර සාතන් කෙනෙක්....අපො....මේ යකා මෙහෙ දිගටම උන්නොත් මම කොහොමද හදිසියේ වත්  ආය මෙහෙ එන්නෙ....

මගෙ මූන දිහා කන්න වගෙ බලන් උන්න එයගෙ පියකරු මූන දිහා මම හොර ඇස් වලින් බලලා බොරු හිනාවක් මවා ගත්තා .....

ඔයා..නිවාඩුවකට වෙන්න ඇති නේ..මේ මෙහෙ ..ආවෙ.....ආයම ඉක්මනට යනවද.....ගෙදර ඉදලා..ඉදලා ආයම යනකොටත් දුකයි නේද....මොනවා..කරන්නද....යන්නම...එ...

නෑ මං ආය යන්නෙ නෑ

මො...මොක...ක්...ඔයා...ආය....යන්නෙ..නැත්තෙ...ඇයි....අනේ....ය...න්..න....

..................

න්න්..නෑ..නෑ...මං..කිව්වෙ...ඒක...හොද දෙයක්...ඒක හොදයි.......අම්මා තාත්තා එක්ක ඉන්න එක..ඇත්තටම හොදයි...මටත්...සෑහෙන්න....සතුටුයි.....

එයා ආයම යයි කියන බලාපොරොත්තු වෙ පහන ලාවට වගේ පපුව මැද දැල්වීගන එනකොට මාව මරන් කන්න වගෙ බලන් උන්න නිකලස් කොපර්නිකස් ආයම යන්නෙ නෑ කියනකොට අර ඇවිලීගන ආව පහන් දැල්ල නිවිලා ගියා.... ඒ විතරක් නම් මදැයි උඩ තට්ටුවෙන් ඇහුන පොඩි සාතන්ගෙ සද්දෙ එක්ක මැටි පහන කුඩු පට්‍ටම් වෙලා ගියා....



දැන් ඉතින් මම මුගෙත් දොස්තරනෙ දෙවියනෙ.......!!!ම්හුක්............මට බෑ......................













🦇️ආයම කොටසකින් එන්නම්........

🦇️කතාව කියවන.හැමෝටම ස්තූතියි ගොඩාක්

මම

Ferdeesha ❤️💚😘


Continue Reading

You'll Also Like

22K 4.6K 85
ඔව්.. අග්නි වෙනුවෙන් මගේ අතට ලැබුන හැම නිර්මාණයක්ම... මේකේ දාන්න කියලා බැලුවේ..
60.2K 16.9K 46
ඔව්..හැම දේම වෙනස් වේවි....ඇහිපිල්ලමක් ගහන පමාවට.... හැම දේම වෙනස් වේවි.....හුස්මක් අරන් හුස්මක් පිටකරන පමාවට.... ඒත් මේ ආදරෙ......??? ඒක වෙනස් වේවිද...
229K 13.2K 37
Taekook ⚠️ រឿងភាគខ្លីᕦ⁠༼⁠✩⁠ل͜⁠✩⁠༽⁠ᕤ
178K 26.7K 21
"နွေအရောင်တွေဟာ ဝိုင်လိုပဲ..."