One Day ( BL) (Onhold )

By Kishu_Aywar

25K 4.3K 767

තරු වලට අයිති සදට ආදරය කරන්න විතරද , එක තරුවක් ඉරට ආදරය කලොත්...... 🔞 සංවේදි කරුණු හා අවුල් ජිවිත හා ගැටි... More

(.1.)
(.2.)
(.3.)
(.4.)
(.5.)
(.6.)
(.7.)
(.8.)
(.9.)
(.11)
(.12.)
(.13.)
15.
16.
(.17.)
(.18.)
(.19.)
(.20.)
(.21.)
(.22.)
(.23.)
(.24.)
(.25.)
(.26.)
(.27.)
(.28.)
(.29.)
(.30.)
(.31.)
(.32.)
(.33.)
(.34.)
(35.)
(36.)
(37.)
(38)
(39)
40
(41)
(42)
(43)
(.44.)
(45)
(46)
(47)
(48)
(49)
(50)
(51)
(.52.)
(53)
(54)
(55)

(.10.)

588 109 23
By Kishu_Aywar

" මෙතන මොකද්ද වෙන්නේ "
පංතියට එක්වර පැමිනි ගුරුවරයෙක් දිහස්ට ඔරවයි.

" මුකුත් නෑ සර් වතුර බොන්න ආවේ "
දිහස් උත්තර දෙනවිට දිහස් දෙස බැලු ගුරුවරයා දිහස්ට ලගට එන ලෙස සන් කලා.

" මේ ලැප් එක ස්ටාෆ් රූම් එකෙන් තියන්න "
දිහස්ගේ අතට බෑගයක් දී ගුරුවරයා යන්න ගියා.

දිහස් ගොස් සුලුමොහොතකින් පාසල් සිනුව නාද විය.

" ඔයා මහ වාතයක් "
පාසලේ සීනුව නාද වෙනකොට ආශ්කා තම බෑගය කරට දමාගෙන යොමාල්ව තල්ලු කරමින් ඉදිරියට ඇදෙයි.

" මියූ යන් "

" ඉන්න මගේ බෑග් එක "
මියුමි දුවගොස් බෑගය අතට ගෙන දිහස්ගේ බෑගයද අතට ගත්තා.

" නෑ මියූ දෙන්න "
අවීන් මියුමිගේන් බෑගය උදුරාගත්තා.

තමන්ගෙන් බෑගය උදුරන් යන අවීන් දිහා මියුමි සිනාසෙමින් බලාසිටියා.

" ඔහොම යන් අවී "
පණ කඩාගෙන දුවන් ආ දිහස්ගේ කරට අවීන් බෑගය දමන සැටි බලමින් මියුමි මුමුනයි.

" මියූ මොකෝ ගාටන්නේ "
ආශ්කාගේ කෑගැහිල්ලත් සමග මියුමි දුවගොස් ආශ්කගේ අතෙහි එල්ලිනි.

" ආශි......ඇයි ඔයා යොමාල්ට බනින්නේ එයා පව්නේ "
තරමක් පිටුපසින් ඔරවන් එන යොමාල් දෙස බලමින් මියුමි කියයි.

" ඔයා ඉතින් ඔක්කොගෙම දුක්ගන්නාරාළනේ "

" ඒම නෑ "

" ආ ආශි , මියු ඔයාගේ වෙඩින් එකත් ප්ලෑන් කලා අර උලුවස්ස බදාගෙන "
දිහස් හිනාවෙනවා. අවීන් දිහස් සිනාවෙන සැටි බලන් සිටියා.

නැවතත් පරණ සිතුවිල්ල ඔහුගේ ඔලුව වටා දොංකාර දෙයි.
දිහස්ගේ කම්මුලක් තද කරලා ඉබින්න ඇත්නම් , එයාගේ තොල් ගොඩක් සිනිදු ඇතිනේ , ඒවා පිරිලා තියන හැටි , අවීන් දිහස් දිහා බලන් සිතනවා.

" මියූ ඔයා නම් ඇත්තටම පිස්සියක් "
ආශ්කා මුහුන ඇඹුල් කරගත්තා.

" ඇයි අනේ , මං හැමදේම ගානට ප්ලෑන් කලා. "

" වෙඩින් කාඩ් එක සුදු පාටයි , ගෝල්ඩනුයි. රෝයල් පෙනුමට තියෙන්න ඕන.  "
මියුමි පටන් ගත්තා.

" ඔයා පලවෙනි දවසට අදින්නේ සුදු සාරියක් නෙමේ හරිද , ඔයා අදින්නේ මුතු පාට සාරියක්. එතකොට පොටේ තනිකර මුතු . "

" හැබැයි ඒකත් මරු "
අවීන් කියනකොට ආශ්කා අවින්ට රවනවා.

" එහෙනම් ඔයාගේ වෙඩින් එකට එහෙම ඇදගන්න " 

" මං කියලා ඉවරනෑ "
මියූ ආයේ කතාව පටන් ගන්න කොට ආශ්කා ඇස් රෝල් කරා.

" ඔයාලා ඩ්‍රයි අයිස් දාපු එක උඩ එක තියන ග්ලස් පිරමිඩ් එකකට ෂැම්පේන් වක්කරනවා. එක තියන මේසේ වටේ හයි කරලා තියන පුංචි ලයිට් වල එලියට ඩ්‍රයි අයිස් වල මීදුම පාට පාට වෙනකොට 

ඊටපස්සේ ඔයදෙන්නගේ ඩාන්ස් එක ed sheeran perfect song එකට "

" ඔන්න මං ආසම කොටස දැන් "
දිහස් සතුටින් උඩ පැනලා අවීන්ගේ අත අල්ල ගත්තා .

" ඔයාලට අපි දෙන සප්‍රයිස් ඩාන්ස් එක " මියුමි කියනකොට දිහස් අවින්ගේ අත තදින් සෙලව්වා.

" අපි කිව්වේ "
දිහස් අවීන්ගේ අත හොල්ලන විදියෙන් තමන්වත් සම්බන්ධකරගෙන ඇති කියලා දැනුන සධාරණ සැකයට අවීන් ඇහුවා.

" අයියෝ අපි කියන්නේ ඔයයි , මමයි , මියුයි " දිහස් අවීන්ගේ ඇස් වලට එබෙන කොට අවින් අහක බලාගත්තා.

" මං නටන්න දන්නෑ "

" මං පුරුදු කරන්නම් , වෙඩින් එකට සති දෙක තුනකට විතර කලින් ඉදන් වගේ "
දිහස් සිනසී ඔලුව වනන විට අවීනුත් ඉබේම ඔලුව වැනුවා.

" අවීන් , ඔයාටත් පිස්සුද , මේ බබාලා දෙන්නත් එක්ක විකාර කියවන්නේ "
ආශ්කාගේ මුහුන තරහින් රතුවී ඇත.

" මං බබෙක් නෙමේ හරිද "
දිහස් බුම්මගත්තා.

" ඒත් දිහස් සතුටින් ඉන්නකොට හිත රිද්දන්නේ කෝමද "
අවීන් එච්චර නොහිතා කිව්වා.

" ඕහ්...අවී ඔයා කවදා ඉදන්ද කෙනෙගේ හිත් රිදෙන එක ගැන හිතන්න ගත්තේ "
ආශ්කා පුදුමයෙන් ඇසුවේ අවීන් කිසිදිනක මෙසේ කතා කර නැති නිසාය.

" ඒම නෑ , ආ මේ හෙට ඔක්කොම එනවා නේ එන්න එන්න මාත් එනවා "
අවින් කලබලයෙන් කියා සියලු දෙනා පසුකොට වේගයෙන් ඉදිරියට ඇවිදන් යයි.

































Kishu :-)

Continue Reading

You'll Also Like

50K 6.1K 35
හුස්ම ගත්තත් ගත්තෙ නෑ වගේ දැනුන මොහොතවල් තිබිලා තියෙනවද ? කොච්චර අවදි වෙන්න ඕනේ වුනත් අවදි වෙන්න බැරි වුණ හීන තිබිලා තියෙනවද ? මගේ කියලා හිතේ කොටලා...
86.5K 11.7K 98
ආදරේ කියන දෙය වචනෙන්ම කියන්න ඕන නෑ නේ ? -ආරධ්‍ය ශෙහාන්- ඒත් ආදරේ දැනෙන්න දෙන්න පුල...
77.6K 12.9K 86
පොතක පිටු අතර හමු උන ඒක දිග කතාවක්
156K 22.7K 59
21+ අසබ්‍ය වචන හා mature content අඩංගුය.