Wishes ☑️

By Kishu_Aywar

28K 3.7K 701

🔞 ඒ පොතේ සදහන් කතාව එක් නාමමාත්‍රිකව නිර්මානය කලා වූ පුරාවෘත්තයක් පමනක් කියා මා සිතන් සිටියද . අතීතයේ සිට වර... More

i.
01.
2.
3.
ii
4.
5.
6.
7.
8.
9.
10.
11. (iii)
12.
13.
14.
15.
16.
17.
18.
19.
20.
21.
22.
23.
25.
26.
27.
28
29.
30.
31.
32.
33.
34.
35.
36.

24.

306 73 11
By Kishu_Aywar

" දැන් නම් ඔයා හොටු බබෙක් වගේ "
එහෙම කියලා මින්සෝ හොදටම හිනාවෙන්න ගත්තා.

" පොල්බූරුවා "

" මටද කිව්වෙ " මින්සො ඒකටනම් ගැස්සුනා.

" ඔව්, ඇයි අනේ මම මෙච්චර අඩාගෙන මෙයාට ආදරෙයි කියනවා. එක්කො මමත් ආදරෙයි කියන්න ඕන නැත්තන් මං කැමති නෑ කියන්න ඕන. ඒවුනාට මෙයාට මට කියන්න තියෙන්නෙ මං හොටු බබෙක් කියලා "

" නැත්තන් මං වෙන මොනා කියන්නද, මගේ පුංචි දේවදූතයා හොටු පෙර පෙර අඩනකොට "

" කවුරු කිව්වා "
ශින් නහය පිහදාගන්න ගමන් ඇහුවා.

" මගේ, පුංචි දේවදූතයා " මින්සෝ එහෙම කියන ගමන් ශින්ගේ නලලට කිස් එකක් දුන්නා.

" බොරු කියන්න එපා "
ශින් කදුලු පිහිදාගත්තා.

මින්සෝ ටිකක් ඉස්සිලා ශින්ගේ තොල් හරිපරිස්සමට අල්ල ගත්තා. හරි හිමින් ලතාවකට ඒවා කිස් කරන්නගත්තා. ඊටපස්සේ කම්මුලටත් කිස් එකක් දීලා ඇදෙන් වාඩි වුනා.

ශින් ලැජ්ජාවට බිම බලාගෙන ඉන්න ගමන් හිමින් සැරේ ඔලුව උස්සලා බැලුවා. මින්සෝ ශින් දිහා බලන් ඉන්නවා.

" මොකද "

" ලගට එන්නකෝ "

මින්සෝ ශින්ගේ ශර්ට් එක ඇතුලින් බඩවටේට අත දලා තමන් ලගට ඇදලා ගත්තා.

" සොරි මැනික, මම සමාන්‍යෙන් තරහ ගන්න කෙනෙක් නෙමේ ඒත්, "
මින්සෝ ශින්ගේ ඔලුව අත ගානවා.

" ඒත් කිව්වේ "

මින්සෝ ලොකූ හුස්මක් ඉහලට ගත්තා.

" හ්ම් ........... මං යුන්සෝට වෛරකරනවා. ඒ මූසලයා නිසා මට මගේ ඔම්මාව නැතිවුනා "

" දෙයියනේ හියුන්ග් ඒ ඔයාගේ සහෝදරයා නේද "

" ඔයාට තෙරෙන්නෙනෑ ශින්,මගේ ඔම්මා මාව දලා යන කොට මම ගොඩක් පොඩි. දවසක්..........."
(ආයේ ටයිප් කරන්න බැරියෝ මට නිදි මතයි.)

" මගේ ඇස් ඉස්සරහා මගේ ඔම්මා මැරුනේ. පොඩිකාලේ හැමදාම රෑට මට ඇවිලා පේනවා මගේ අම්මා මැරිලා ඉන්නවා. අප්පට හැමවෙලේම ඔෆිස් වැඩ. මාව බලාගන්න ආපු එක් කෙනෙක්ගෙන් වත් ඔම්මා දුන්න ආදරේන් අංශුවක්වත් ලැබුනේ නෑ. මං මොකද කරන්නේ ශින්, ඔයාට හිතාගන්න පුලුවන්ද ශින්, එකපාරටම ඔම්මා දලා ගියාම දැනෙන වේදනාව.  "

" බෑ හියුන්ග් මට හිතාගන්න බෑ, මොකද මං මගේ ඔම්මව කවදාවත්ම දැකලා නෑ. එයාගේ සුවද කොයි වගේද කියලා මං දන්නෑ. "

ශින්ගේ ඇස් වල කදුලු තව දුරටත් මේ කතාව කරන්න මින්සෝගේ හිත් ඉඩ දුන්නේ නෑ.

" පොඩ්ඩො බඩගිනි නැද්ද "
මින්සෝ ලාවට හිනාවුනා.

" බඩගිනි නෙමේ මේක ඇතුලේ දැන් යුද්දයක් "
ශින් තමන්ගේ බඩ පෙන්නලා කිව්වා.

" යං , මං ඔයාට කෑම හදලා දෙන්නම් "

" ඔයා "

" ඔව් ඇයි "

" ඔයා උයන්නත් දන්නවද "

" කාලාම බලන්න "

" බෙහෙත් ගන්න වෙයිද දන්නෑ ඊටපස්සේ "

" මොකක්ද කිව්වේ පනුපැටියා. "

" මුකුත් නෑ. ආ............ කිචි කිචි එපා අනේ නවත්තන්නකෝ "
මින්සෝ ශින්ව කිචි කවන එක නැවැත්තුවේ තොල්වලට කිස් එකක් දෙනගමන්.


මින්සෝ පලපුරුදු කෝකියෙක් වගේ උයන විදිය ශින් බලන් හිටියේ ඇස් ලොකු කරන්.

" ඒයි ළමයා, ඔයා ඕක බොන්නේ නැද්ද "

" බොනවා " ශින් මින්සෝට පෙන්න කිරි උගුරක් බිව්වා. මින්සෝ කෑම හදලා ඉවර වෙනකන් ශින්ට බොන්න ලොකූ කිරි වීදුරුවක් අතට දුන්නා.

හොද සීතලට වගේම සිනී එකතු නොකර ශින් කැමති විදියටම ( ඇත්තටම ලමයි ඔය ඕතර් කැමති විදිය. 😋) කිරි වීදුරුව තිබුනත් ශින්ට කිරි එක බොනවට වඩා ඕනවුනේ මින්සෝ කෑම හදනවිදිය බලන්න.

" තව චුට්ටකින් ඔයාට කන්න පුලුවන් "


" අම්මෝ සුවද, ම්ම්................ මං ආසම කෑම ක්‍රීම් චීස් පැස්ටා. "
ශින් කෑමවල සුවදට ඉව අල්ලන්න උනා.

" ආ ඔක්කොම කන්න ඕන "
මින්සෝ ශින්ට පිගානක් පුරෝලා බෙදලා දුන්නා.

ශින්ට ඔක්කොම කන්න ඕන කියලා කියන්න ඕන නෑ එයා ආයේ පාරක් පිගාන පුරෝලා දාගෙන කෑවා.

මින්සොට හරි සතුටුයි.

" ආ.............. දැන්නම් ඇවිදින්න බෑ මං පොඩ්ඩක් මෙහෙම හාන්සිවෙලා ඉන්නම් "
ශින් ලග තිබ්බ සැටියෙන් හාන්සී වුනා.

" අපරාදේ එතකොට මේවා "
මින්සෝ චොක්ලට් මැකෘන්ස් පිගානක් ගෙනල්ලා කොෆි ටේබල් එක උඩින් තිබ්බා.

" ආ....... අවුලක් නෑ, පොඩ්ඩක් විතර ඉඩ තියනවා. "
ශින් මැකෘන්ස් වලිනුත් පහ හයකට කෝම හරි වගකිව්වා.

පොඩි ලමයෙක් වගේ තමන්ගේ ඇගට හේත්තුවෙලා මැකෘන්ස් කන ශින් දිහා මින්සෝ හරි ආසාවෙන් බලන් හිටියා.




මේ පෙරේතයට මතක් උනොත් හොදයි චොක්ලට් වලට ආස යාලුවෙක් එයාට ඉන්නවා කියලා.

යන්නං බායි

Kishu :-)

Continue Reading

You'll Also Like

23.1K 2.5K 25
NOT A FANFICTION. තරමක් වෙනස් කතාවක්.🌈 ප්‍රසිද්ධ පිරිමි පාසල් ද්විත්වයක්. පාසල වෙනුවෙන් කරට කර සටන් වදින විද්‍යා විෂයන්හි නිපුණයන් දෙදෙනෙක්. ... න...
Drizzle By Monaliza

General Fiction

105K 17.3K 41
රළු දෙඅත'තර ගැවසෙමී නුඹෙ ආලේ තරමත් දන්නෙමී මුදු වදන් දෙන්නෙමී නුඹ අහිංසක බව දන්නෙමී _කොල පාට ඇස්_ තුරුල්ලේ සඟවමී නු...
12.2K 1.4K 26
Complete - Oct 20 2023 මේ කතාව mature content තියන එකක්.smut, sexual abbuse,rape වගේ දේවල් තියන නිසා අකමැති නම් කියවන්න එපා.ඒ වගේම bl / gay යටතට වැටෙ...
1.2K 199 14
ආදරේකට භයානක බලවේග වලින් බේරගන්න පුළුවන් ද? කට කතාවල එන හැම අවතාරයක්ම හොල්මනක් ම ඇත්තටම කරදර කළත් ඒකත් සමාජෙකින් ගරහන ආදරයක් වුණොත් ඒ දෙන්නගෙ ආදරේ...