16.

410 75 7
                                    

" සිගරට් දුමට මම ආස නෑ කරුනාකරලා ඕක නිවන්න "

කටහඩ ආ දෙසට ටෑන් හැරි බැලුවා.

" ඔයා මොනාද මෙතන කරන්නේ "
ටෑන් ඔහුගෙන් ප්‍රශ්න කරා.

" හහ්ඃ , ඒක අහන්න ඕන මම . ඔයා මොනාද මෙතන කරන්නේ "
ඔහු වාඩි වී සිටි තැනින් නැගිට ටෑන් අසලට ඇවිදන් ආවා.

" ආ........... මේ ඉන්නේ ඊයේ හවස මගේ බයික් එකට පැනපු ළමයා නේද "

" ආ............ මෙයාද එතකොට බයිසිකලයක නැගලා සිහියක් නැතිව මාව යට කරන්න හැදුවේ " 
ටෑන් සිනාවිය.

" මෙතන මගේ " ඔහු පොලවට අත දික්කරා.

" නම ගහලා තියෙන්නෙ කොහෙද "
ටෑන් වටපිට බැලිය.

" මේ තියෙන්නෙ අවුරුදු ගානක ඉදන් මම  නිදහසේ  හිටපු තැන "

" ඔයා මට විහිලු කරනවද ඔයා මේ ඉස්කෝලේට ආවෙත් ගිය අවුරුද්දෙනෙ. "

" ඔයා මාව දන්නවද "

" මොකෝ නැත්තේ යුන්සෝ බබා "

" හ්ම්......... කෝම හරි මෙතන මගේ , ඔයා නිසා මෙතන තියෙන නිහඩතාව නැති වුනා. "

" අනේ මට ඕන නෑ "

" බලාගෙන යනවා "

" මොකක්ද "
ටෑන් පිටුපස හැරි දිගටම ගියා එකපාරම එතන හරහට තිබ්බ පොඩි ගැට්ටක කකුල පැටලිලා ටෑන්ව බිමටම සමතලා උනා.

යුන්සෝ බිම බදන් ඉන්න ටෑන්ගේ ඉස්සරහින් ගිහින් දණ ගැහුවා.

" මං කිව්වේ බලාගෙන යන්න කියලා " යුන්සෝ පොඩ්ඩක් හිනාවුනා.

ටෑන් නැගිටලා එතනම බිම වාඩිවුනා.

" ආහ්....ඌයියා....... "

" ලේ එනවානේ "
ටෑන්ගේ ඇදන් ඉන්න කලිසමේ දනහිස ලගින් ඉරිලා ලාවට රතුපාට වෙලා තියෙන තැන ටිකක් ඇගිල්ලෙන් තද කලා.

"අම්මා........ පිස්සුද මොනාද කරන්නේ "

" රිදෙනවද "

" හපෝ නෑ මම මනුස්සයෙක් නෙමේනෙ "

" ඔයා ඔහොම ඉන්න ,  දගලන්නැතුව ඉන්න ඕන "
යුන්සෝ ටෑන්ට එතනම ඉන්න කියලා රූෆ් ටොප් එකෙන් පහලට ආවා.

Wishes ☑️Where stories live. Discover now