23.

314 89 15
                                    

අද ඩබල් අප්ඩේට් කලින් එක කියවපු නැති එකෙක් නම් දුප් මුලින්ම ඒක කියෝලා එනවා.  හරි නේ.

මින්සෝ පුටුවෙන් නැගිටලා ශින් ලගට ආවා.

" මොකෝ මේ "
ඇස් දෙක තද කරන් ඉන්න ශින්ගේ එහාපැත්තෙන් මින්සෝ හාන්සි වුනා.

" ලගට එන්නකෝ "
මින්සෝ ශින්ගේ ශර්ට් එකෙන් ඇදලා තමන් ලගට ඇදලා ගන්න හැදුවා.

" අත ගන්න, ඔයා මොකටද මාව මෙහෙ එක්කන් ආවේ "

" එක්කන් ආවෙද , ලගට එන්නකෝ මං කියන්නම් "

" බෑ ඔහොම ඉදන් කියන්න "

" හ්ම්....... "

මින්සෝ ශින්ව ගබඩාකාමරේ දලා එලියට ඇවිත් ගොඩක් වෙලා කල්පනා කලා එයාට තෙරුනා එයා කේන්ති අරන් ශින්ට රිද්දපු එක වැරදි කියලා.
මින්සෝට ශින්ගෙන් සමාව ගන්න ඕන වුනා ඒත් ශින් දැන්නම් සමාව දෙන එකක් නෑ කියලා එයාට හොදටම තෙරුනා. ඒනිසා මින්සෝ ඔක්කොම අමතක වෙන්න කියලා හිතන් පංතිය ඇතුලේ පොඩි නින්දක් දැම්මා.

ආයේ නැගිටින කොට ඉස්කෝලේ ඇරෙන්න ලංවෙලා. මින්සෝ නැගිටලා ශින්ගේ පංතිය ලගට ගියේ ශින් තාම තරහින්ද කියලා බලන්න ඒත් ශින් කොහේවත් ඉන්නවා මින්සෝ දැක්කෙ නෑ. ඊටපස්සේ මින්සෝ කිශු ලගට ආවා.

කිශූගෙන් ලැබුන උත්තරය නිසා බය හිතුන මින්සෝ ශින්ව හොයාගෙන ආයේ ගබඩාකාමරේට ගියා. ශින් ගබඩාකාමරේ බිම ඉදගෙන හොදටම අඩනවා. මින්සෝට ශින් ගැන දුක හිතුනා.

" ශින්හ්වා "
ශින් ඔලුව උස්සලා මින්සෝ දිහා බලනවත් එක්කම එයා ඇස් දෙක පියාගෙන ලග තිබ්බ ලෑලි බිත්තියෙන් ඔලුව තියාගත්තා.

" ශින් ඔයාට මොකද උනේ, කතා කරන්නකෝ "
ශින් ගොඩක් වෙලා ඉදන් එකදිගටම  ඇඩුව නිසත් උදේ ඉදන් නොකා හිටපු නිසත් එයාට සිහිනැතිවෙලා තිබුනා.

මින්සෝ ටිකවෙලාවක් ශින් දිහා බලන් ඉදලා එයාව තමන්ගේ අත් දෙකට අරගෙන ගෙදරට ආවා.

මින්සෝ තමන්ගේ සේවකයෙක්ව යවලා ශින්ගේ බෑග් එක තමන්ගේ ගෙදරට ගෙන්න ගත්තා. 

තව හොද වෛද්‍යවරයෙක් කෙනෙක් ගෙන්නලා ශින්ව පෙන්නුවා.

ශින් දුර්වල බවත් හොදින් බලාගත යුතු බව කියලා වෛද්‍යවරයා යන්න ගියා.

Wishes ☑️Where stories live. Discover now