33.

315 62 13
                                    

" අම්මෝ මගේ පස්ස "
අපි දෙන්නගේ පිටිපස්සෙන් විශාල ශබ්දයක් සමග කෙදිරිලි හඩක් ඇසින.

" ශින් "
මං නැගිටලා ගිහින් බිම බදාගෙන ඉන්න ශින්ව උස්සන්න පාරුට උදව් කලා.

" මොකද මේ "

" හී හී ඔයාලා අපිව හොයාගත්තා. "
පාරු හිනාවෙන්න ගත්තා. ශින් පාරුට වැලමිටෙන් ඇන්නා. මං ඒකනම් හොදටම දැක්කා. මුං දෙන්නා මොන මගුලක්ද අපේ පිටිපස්සට වෙලා කලේ.

" මොකද මෙතන වෙන්නෙ " මින්සෝත් අපි ඉන්න තැනට ආවා.
මං පාරුට රවන්න ගත්තේ එහෙම කලාම එයා හැමදේම කියන නිසා.

" මේ ඔන්න මමනම් දන්නෑ හොදේ මෙන්න මෙයා තමා හොරෙන් අහන් ඉන්න ඔනේ කියලා කිව්වෙ. ඒත් මං කිව්වා අපෝ බෑ කියලා. ඒවුනාට මෙයා මාවත් ඇදගෙන ආවා. ඊටපස්සේ කියන ඒවා ඇහෙන්නෙ නෑ කියලා දගලලා දගලලා මෙතනින් ඩවුන්ද පල්ලම් උනා. එච්චරයි "

" ඔව් ඒ පැහැදිලි කිරිම හොදයි "
මං හිනාවුනා.

මින්සෝ ශින් දිහා බලන් හිටියා.

" ශින් "

" මොකෝ "

" මට සමාව දෙනවද "

" දෙමුනේ, දෙමු දෙමු"

" කිශු, ඔයා ඉන්නකෝ කටවහන් "
ආපෝ මාත් බැනුම් අහනවා.

" ශින් දෙන්නකෝ "

" ඉන්න දෙන්නං "
ශින් කලිසම් සාක්කුවට අතදැම්මා.

" ආ ඉදා තියාගනිං "

කලිසම් සාක්කුවෙන් අත ඉවතට අරගෙන මැද ඇගිල්ල දිග ඇරලා අනික් සියලු ඇගිලි නවාලා මින්සෝට පෙන්නුවා.
ඊටපස්සේ පස්ස හොල්ල හොල්ල යන්න ගියා.

" ඔයා තමා ශින්ව නරක් කරලා තියෙන්නෙ "
මින්සෝ ටික වෙලාවක් ඇස් ලොකු කරන් ඉදලා කෑගැහුවා.

" ඒකගේ නරක් වෙන්න දෙයක් නෑ ඔයා කොහොමත් නරකයි. කුණු ගොඩට කුණු මිසක් රත්තරන් එකතු වෙන්නෙ නෑනෙ "

එහෙම කියලා පාරුගේ අතින් ඇදන් මං හයියෙන් දුවන්න ගත්තා.

" කුණු " මින්සෝ කල්පනාකරන්න වුනා.

" ආ............ මෝඩ කෙල්ල මටද කුනු කිව්වේ " මින්සෝට කතාව තෙරෙනකොට මං පැත්ත පලාතක නෑ 😁

Wishes ☑️Where stories live. Discover now