30.

332 68 27
                                    

" ඒත් කිව්වේ "
ඇහුවා නෙමේ මට කියවුනා.

" යුන්සෝ බයයි. එයා එතනට ගියොත් මින්සෝ එයාට තවත් වෛර කරයි. කියලා. "
ටෑන් ඒක කිව්වේ ශින් දිහා බලන්

" මින්සෝ සතුටින් ඉන්නවා කියලද හිතන් ඉන්නේ එයත් විදවනවා. එයාට හැමදාම රෑට එයාගේ ඔම්මව මතක් වෙනවා. එයත් රෑ පුරා අඩනවා. "

" මේ ඔයා ඇයි එකපාරම මගෙන් ඇහුවේ මං යුන්සෝට ආදරේද කියලා. ඔයා කැමති තැනක ලොකු අකුරෙන් ලියාගන්න මං එයාට මගේ පනට වඩා ආදරෙයි. "

" ටෑන් ඔහේට පෙන්නෙ මාව පිස්සෙක් වගේද,😑😒 ලොකු අකුරු, ආව මෙතන🤬.
ඔයාලට තෙරෙන්නෙ නැද්ද, 😕ඒදෙන්නා විදවන එක නෙමේ විසදුම. ඔය දෙන්නා පිස්සො වගේ අරයා තමා හොදටම ඇඩුවේ, මෙයා තමා හොදටම කලේ කිය කිය රන්ඩු වෙන එකත් නෙමෙ විසදුම. ඒ දෙන්නව එකතු කරන්න කැඩිච්ච සහෝදරකම හදන්න.
ටෑන් ඔයා එයාට ආදරේනම්  යුන්සෝව එක්කන් සොහොනට යන්න එයාගේ හිතේ දුක අඩු කරන්න 🙂"

" මින්සෝ, එයා මොනා කරයිද "

" ගිහින් බලන්න " ඇහෙන නොඇසෙන තරන් හිමින් මං කිව්වා.

" අමේ............. ඔයා ඇයි මෙච්චර දේයක් කරන්නේ එයාලා වෙනුවෙන් " ඔව් මට දැන් පෙනී යනවා ටෑන්ගේ මූනේ ලොකු ප්‍රශ්නාර්ථයක් තියෙන අපුරුව.

" දැන් ඒකද වැදගත්,(කෑගහලම දවසක උගුර ගැලවෙනවා.) උබලගේ ප්‍රශ්න ඉවරවුනාම මට ගෙවන්න. ලොකු ගානක් නෙමේ. චොක්ලට් අයිස්ක්‍රීම් හතරක් විතරයි. අයකරන්නේ. "

" එහෙමද "
මගේ කටේ සද්දෙට ගැස්සුනු ටෑන් තාමත් මං දිහා බලන් ඉන්නවා.

සමහර ප්‍රශ්න තියනවා ඒවට උත්තර අනවශ්‍යයි.















" කිශූ !...... මටනම් ඔයාව ප්‍රෙහෙලිකාවක් "
සිද්ධවුන හැමදේම මම පාරුට කිව්වම එයාගේ අදහස උනේ ඕක.

" ඔයා දන්නවද ඕකේ බරපතලකම. හරියට  ලෝකයුද්දේ වගේ තියෙයි.

" ඔව් එහෙම වෙයි "

" ඇයි ඉතින් එහෙම කරන්න කිව්වේ "

"තද වැස්සක් එක්ක ගොරොන අකුනු ගහන අදුරු මූසල රෑකට පස්සේ උදාවෙන්නෙ දීප්තිමත් අලුත් දවසක් "
මං හැම ප්‍රශ්නයක් දිහාම බලන්නේ එහෙමයි.

Wishes ☑️Where stories live. Discover now