6.

788 109 11
                                    

මල්වියන් මැද ඇවිද යන යුවරජුට තම ආදරනීය ගැහැනිය සිහියට එන්නට විය.

" ශියැන්ෂි............... ඇය දෙව්දුවක්. ඇගේ තද නිල් පැහැ ඇස් රාත්‍රි අහස වගේ. ඇගේ ලවන් හිරු රැස් උරා හොදින් වැසුනු රෝස මල් පෙති වගේ. ඇගේ දේහය රාගය වඩයි. ඊටත්වඩා ඈ තරන් අහිංසකාවියක් මේ තුන් ලොවේ කොහිවත් නැත.

මේ අතර වාරයේ යුවරජුගේ අහිංසකාවිය. තම සහෝදරයාට බැනවදිමින් සිටින බව ඔහු දැන සිටියේ නැත.

වන්තීන්හෝ කුමරුන් දෑස් විසල් කොට තම ඉදිරිපිට සිටින කාන්තාව දෙස බලා සිටියේය. උදෑසන පිපුනු සුකෝමල සිනිදු, ලදුන්ගේ කෙහෙරැලි සනසන අලංකාර මලක් බදු මේ යුවතිය. නොනවත්වා තමන්ට බැන වදිනුයේ මා ඇයගෙන් ඇගේ නම විමසු නිසාද නැත්නම් ඇයට සිත්සේ තම පපුව මත සිටින්නට ඉඩ නොදුන් නිසාද යන වග ඔහු කල්පනා කරන්ට විය.

කුමරු මේ නාදුනන දෙව්දුව දෙස නෙත් හැර බලා සිටියේය. ඇය තම අසු සුරතල් කරනු කුමරු බලාසිටියේ වික්ෂිප්තවය. මන්ද ඔහු හොදින්ම දනී තම අසු වනාහි ආඩම්බරය. කිසිවෙකුව රිස්සුම් නැත.

" මා රැගෙන යනවාද " ශියැන්ෂි අසුට කනර කර කීය. අසු එයට එකග වීමට මෙන් හිස සැලීය. ඉන්පසු දන ගසා පහත් විය.

" ඒ අහංකාරයා, පරිස්සමෙන් ඇවිදිනු, සර්පයන්ට වද නොදී " ශියැන්ෂි හිස ගසා ඉදිරිපස බැලීය. කාල වර්න අසු ඈ රැගෙන ඈතටදිවෙනු කුමරු බලා සිටියේය.

ගුවන පුරා රැදුනු මේඝයන් නොයෙක් හැඩයෙන් පාවි යයි. කුමරු බිම වැටුනු යමක් අහුලා ගත්තේය.

" මෙය වස්දණ්ඩක් "

" ඇය දෙව්දුවක්, හුගක් තරහ ගිය දෙව්දුවක්  " කුමරුගේ මුවේන් සිනා රැල්ලක් ඇදි ගියේය.

සිනා රැල්ලක් ! කුමරුගෙන් !

ඔව් ඇත්තෙන්ම ශියැන්ෂි ට හැකි වුනා ගල් බදු හදක් වෙඩරු කිරිමට අද රාත්‍රියේ කුමරු ගී අසන්නට හෝ ගයන්නට ගියහොත් පුදුම නොවන්න.


අද කතාව කම්මැලී නේ
මොනා කරන්නද මම හොද රචකයෙක් නෙමේනෙ

Bye
Kishu  :-)

Wishes ☑️Where stories live. Discover now