යුන්සෝ හා ටෑන් සිනා හඩ මැදින් ඇවිද ගියා.
" අහ්............. සොරි " යුන්සෝ කාගේහෝ ඇගෙ හැපිනි.
"තමුසේ,"
" මින්සෝ, මේ ඔයාගේ සහෝදරයා නේ " ශින් ඇස් ලොකු කරගෙන බලාඉන්නවා.
" කවුද ඔයාට කිව්වෙ මූ මගෙ සහෝදරයෙක් කියලා"
මින්සෝ ශින්ගේ ඇගට කඩන් පැන්නා.
"අයියේ "
"යුන්සෝ! නවත්තපන් මට අයියා කියන්න එපා. "
"හරි මින්සො, මට සමාවෙන්න" යුන්සො මින්සෝ ඉදිරියෙන් හිට ගත්තා.
"ශික් මට කේන්ති තමන් අප්පිරිය කරන මනුස්සයෙක් මූනට හම්බුනාම, ඊටත් වඩා තමුසේ මගෙ ඇගේ හැප්පුනා "
මින්සෝ ෆිල්ම් හෝල් එකෙන් එලියට යන්න හැරුනා.
" මින්සෝ ඔයාට මොක්ද වෙලා තියෙන්නෙ අපි ආවේ.........."
" තමුසෙට ඕන නම් ඉන්නවා. නැත්තන් එනවා හොස්ටල් එකෙන් දාන් යන්නං " මින්සෝ ශින්ගේ අත තද කරලා අල්ල ගත්තා.
" ආව් මින්සෝ "
යුන්සෝ තමන්ගේ සහෝදරයා යන දිහා බලන් හිටියා. එයාටත් නොදැනිම එයාගෙ ඇස් කදුලු වලින් බොදවෙන්න වුනා.
" යුන්සෝ " ටෑන් යුන්සොගේ උරහිසෙන් අල්ලගත්තා.
" ඔයාගේ අකමැත්තක් නැත්තන් අපි යමුද "
" හරි "
දෙන්නම ඉස්කොලේ හොස්ටල් එක ලගට වෙනකන් කිසිම කතාවක් නැතිව පාර දිගේ ඇවිදන් ගියා.
" මං එහෙනම් යන්නං "
ටෑන් යන්නට හැරෙන කොට යුන්සෝ පිටිපස්සෙන් ඇවිත් ටෑන්ව බදාගත්තා. යුන්සෝ ඉකිගහන හැටි ටෑන්ට හොදට ඇහුනා.
" මොකද මේ "
"ටෑන් මම මේ ලොකේ තනි වෙලා. මාව දලා යන්න එපා "
ටෑන් මුකුත් නොකියා යුන්සොගේ ඔලුව අතගාන්න වුනා.
යුන්සෝ ටෑන්ගේ අත අල්ල ගත්තා.
" එන්න " කොහෙද යන්නේ කියලා අහන්න උවමනාවක් ටෑන්ට තිබුනේ නෑ.එයා කිසිම දෙයක් නොකියා යුන්සෝගේ පස්සෙන් ඇවිදන් ගියා. යුන්සෝ නතර වුනේ විශාල නිවසක් ඉදිරියෙනි. යුන්සෝව දැක්ක ගමන් ගෙදර සිටි අයෙක් දොර ඇරියා. යුන්සෝ ටෑන්ගේ අතින් අල්ලන් නිවසේ ඇතුලටම ගියා.
" අද මාත් එක්ක ඉන්නවද "
ටෑන් ඔලුව වනලා කැමත්ත ප්‍රකාශ කලා.
යුන්සෝ තමන්ගේ විශාල කාමරය මැද තිබුන විශාල ඇද හරි මැද්දෙ ටෑන්ට හේත්තු වෙලා ඇස් පියන් හිටියා. ටෑන් හිමින්සැරේ යුන්සෝගේ ඔලුව අතගාන්න ගමන් කාමරය හතර වටේම ඇස් යැව්වා. සුදුයි කලුයි ඇරෙන්න වෙන පාටකට තිබුනේ ටෑන් ඇදන් හිටපු ලා නිල් පාට ටිශර්ට් එක විතරයි.
" යුන්සෝ, මට දැනගන්න පුලුවන්ද "
" මං හරි අවාසනාවන්තයෙක් ටෑන් මගේ අම්මා මං නිසා මැරුනා ඒක නිසා මගේ අයියා මට වෛර කරනවා. මං හැමදාම විදවනවා."
ටෑන් නැවත යුන්සොගේ හිස අතගාන්න වුනා. ටෑන්ගේ ඇස් කදුලු වලින් තෙත් වෙන්න ගත්තා.
"මං වොශෲම් එකට ගිහින් එන්නම් "
" එපා ඕකට යන්න "
ඒවෙනකොටත් ටෑන් නාන කාමරයේ දොර විවර කර අවසන්.
ටෑන් බයෙන් ඇස් විසල් කරගත්තා. ඔහු දුවගෙන ඇවිත් යුන්සෝගේ කමිසයේ අත මදක් මෑත් කරා . ඒ ඇත්දල පාට හමේ කැපුම් පහරවල් වලින් වැසි තිබුනා. ඒවගේම යුන්සෝගේ නානකාමරයේ බ්ලෙඩ් තල ද ලේ තවරුන පුලුන් වලින් පිරිලා තිබුනා.
" ඇයි මේ " ටෑන් යුන්සොගේ අත උඩින් තම ඇගිලි පරිස්සමෙන් ගෙන ගියා.
" විදවන ක්‍රමයක් තියෙන්න ඕනනේ "
" මෝඩ වෙන්න එපා "
" එකෙන් මගේ ප්‍රශ්න අමතක වෙනවා. "
ටෑන් යුන්සෝ දිහා බලන් කල්පනාකරන්න වුනා.
"ඔයාට ඕන ප්‍රශ්න අමතක කරන්නද "
"හ්ම්........."
ටෑන් තමන් ඇදන් ඉදපු කමිසයේ බොත්තන් ගලවන්න වුනා.
"ඔය මොකද "
" ඔයාගෙ දුක මගෙන් නැති කරගන්න"
ටෑන් යුන්සොගේ අත අරන් තමන්ගේ කම්මුලෙන් තියාගත්තා. යුන්සෝ එයාගේ මාපටගිල්ලෙන් ටෑන්ගේ තොල් ඇල්ලුවා. එවා හරිම මෘදුයි.
" ඔයා යන්න මෙතනින් නැත්තන් ලොකු වැරැද්දක් වෙයි. "
"ඒ වැරැද්ද කරන්න "
ටෑන් ඇදේ හාන්සි වෙලා අත්දෙක ඔලුවට උඩින් තියාගෙන ඇස් වහගත්තා.
ටෑන් මෙහෙම කරන්නේ ඇයි කියන එකට හිත ඇතුලෙන් හේතු ගොඩ ගහ ගත්තා.
තමන්ගේ අම්මා මැරෙනවා ඇස් දෙකටම දැකපු ටෑන්ට තමන් නිසා අම්ම මැරුනා කියන කතාව කොච්ව්ර ලොකු වේදනාවක්ද කියලා දන්නවා.
තමන්ගේ නරක ඇබ්බැහිය නතර කරන්න උත්සහ කරන මනුස්සයා වෙනුවෙන් තමන්ටත් මොනාහරි දෙයක් කරන්න ඕන කියලා ටෑන්ට හිතුනා.
ඊටත් වඩා තමන්ට එක දවසක් හරි තමන් හිත ඇතුලෙන් ආදරය කරන මනුස්සයාගෙම වෙන්නත් ටෑන්ට හිතුනා.
ඒක නිසා එයා හරි ආසාවෙන් යුන්සොගේ ඇගට යටවෙන්න කියලා හිතාගත්තා. ටෑන් තමන්ගේ කකුල් දෙක මදක් ඈත් කරලා කලිසමේ බොත්තමයි, ශිපර් එකයි පැන්නුවා. හීනියට යුන්සෝ දිහා බලන ගමන් ඇස් වහගෙන ටිකක් බරට හුස්ම ගත්තේ ඒ වෙනකොටත් ටැන්ගේ යටිබඩ දිගේ යුන්සොගේ අත සිනිදුවට අරන් ගිය නිසයි.
Hi
කවුරුත් බනින්න එපා.
ඔයාලා ආස කොටස ඉක්මනට දෙන්නම්. තව ටිකක් හිතලා ලියන්න ඕන
තරහ වෙන්න එපා.
Bye
Kishu :-)