Wishes ☑️

By Kishu_Aywar

27.3K 3.7K 701

🔞 ඒ පොතේ සදහන් කතාව එක් නාමමාත්‍රිකව නිර්මානය කලා වූ පුරාවෘත්තයක් පමනක් කියා මා සිතන් සිටියද . අතීතයේ සිට වර... More

i.
01.
2.
3.
ii
4.
5.
6.
7.
8.
9.
10.
11. (iii)
12.
13.
14.
15.
16.
17.
19.
20.
21.
22.
23.
24.
25.
26.
27.
28
29.
30.
31.
32.
33.
34.
35.
36.

18.

349 66 7
By Kishu_Aywar

" මේ හලෝ, හොදවෙලාවට ඔයා ආවේ නැත්තේ " ශින්ගේ මූනේ ලොකු හිනාවක්

" ඒ මොකෝ "

" මට මින්සෝව හම්බුනා, එයා මට එලියට යන්න එන්න කිව්වා."
ශින් මාව බදා ගත්තා.

" කවද්ද "

" සෙනසුරාදා "

එහෙනම් වැඩේ හරි වගේ, හොද වෙලාවට ටෑනුයි, යුන්සොයි එකට හම්බුනේ. දැන් යුන්සො ශින්ව දැක්කට අවුලක් වෙන එකක් නෑ. ඒකත් හරි.

හැමදේම සමාන්‍ය විදියට හරියයිද? අනේ මන්දා ඉතින් කියන්න අමාරුයි. ඉස්සරහට මොන වගේ දෙවල් සිද්ද වෙයිද. ඒවා කියන්න මට දිවැස් නෑනෙ.

හෙට සෙනසුරාදා ශින් නම් හරි උනන්දුවෙන් ඉන්නේ එයා සැරින් සැරේ ඔරලෝසු වලට ඔරවන්නේ එහෙම කලාම වේගෙන් වෙලාව යයි කියලද දන්නෑ.










" එයි, චුටි ඔයා පරක්කුයි "
මින්සෝ නේවාසිකාගාරයේ දොරට හෙත්තුවෙලා බලන් ඉන්නවා.

" සොරි " ශින් හිනාවක් දැම්මා.

" යං "

දෙන්නත් එක්ක රෙස්ටුරන් වලටම දවස ගෙව්වා. ඇත්තම කියනවනම් මේ දෙන්නා කලේ පයින් යන ගමන් දකින දකින කඩවලට ඔලුව දාලා මොනා හරි කටේ ඔබාගත්තු එක. දැන්නම් දෙන්නම හොද යාලුවෝ.

හැමතැනම ඇවිද්දා. මින්සොගේ වැඩේ හතිදාගෙන ශින්හ්වා පස්සෙන් දුවපු එක. ඇත්තටම කියනවනම් ශින් චුටි ලමයෙක් වගේ දකින දකින එක පස්සෙන් දුවනවා. පාරෙදි දකින දකින සතාව හුරතල් කරනවා.

" අම්මෝ මට හති "
මින්සෝ පාර්ක් එකක තිබ්බ බෙන්ච් එකකින් වාඩි වුනා.

" අනේ ශින් පොඩ්ඩක් වාඩි වෙන්නකෝ "
තාමත් එහෙ මෙහෙ දුව දුව ඉන්න ශින්ට මින්සෝ කතාකලා.

" අයියෝ මින්සෝ එන්නකෝ  අපි ටිකක් සෙල්ලම් කරමුකෝ "

" සෙල්ලන් කරන්න ඔයා පොඩි ලමයෙක්ද ශින් ඔයා පස්සෙන් ඇවිත් මගේ කකුල් රිදෙනවා. "

" අය්යෝ ඔයා නම් වැඩක් නෑ "
ශින් ගස්සන් යන්න හදන කොට මින්සෝ එයාගෙ අතින් අල්ලා ලගින් වාඩි කරව ගත්තා.

" අනේ පොඩ්ඩො ටිකක් ඔහොම ඉන්නකෝ. "
මින්සෝ ශින්ගේ උරහිස වටා අත දලා ලගට ඇදලා ගත්තා. ටික වෙලාවකින් ශින් මින්සොට හෙත්තුවෙලා ඉන්නකොට නින්ද ගියා.

මින්සෝ ශින්ව තවත් තුරුලු කරගත්තා.

"කොහොමද ඔයා මෙච්චර හුරුබුහුටි වුනේ, ආ පැටියෝ, මගේ ලගම තියාගන්න හිතෙනවා." තමන්ට හේත්තු වෙලා නිදාගෙන ඉන්න පුංචි කොල්ලාගේ ඔලුව අත ගාන ගමන් මින්සෝ හිතුවා.


ඔය අතරේ අපේ යුන්සෝ ටෑන්වත් ඇදන් ගියා රෙස්ටුරන්ට් එකකට

" මෙන්න බොන්න "

" ආ........ මේ අයිස්කොෆි නේ "

" ඔව් සිනමන් ෆ්ලේවර් "
යුන්සෝ තමන්ගේ අයිස්කොෆි එක බොන්නගත්තා.

" ටෑන් ට්‍රයි කරන්නකෝ "
අයිස්කොෆි එක ටෑන් ලගට ලං කලා.

" හරි අපි බලමු "
ටෑන් අයිස්කොෆි එකෙන් ටිකක් බිව්වා.

"ම්ම්............... එක මරුනේ "
ටෑන් එක හුස්මට බීලා ඉවරකලා.

ටෑන්ට ඒක කොච්චර හිතට වැදුනද කියනවනම් තව අයිස්කොෆි දෙකක් අරන් දෙන්න යුන්සොට සිද්ද වුනා.

ටෑන් පාරෙ යනගමනුත් පොඩිඑකෙක් වගේ අයිස්කොෆි බිබී යනවා. යුන්සෝ ටෑන්ගේ සාක්කුවට අත දලා සිගරට් පැකට් එකයි,ලයිටර් එකයි අරන් පාරට විසික් කලා.

" ඇයි ඒ "

" ස්මෝක් කරන එක නවත්තන්න "

" එහෙනම් තව අයිස්කොෆි එකක් ඕන "

" තව එකක් "
යුන්සෝ ආයි ආපස්සට ඇවිත් ටෑන්ට අයිස්කොෆි දෙකක්ම අරන් දුන්නා.

" පුදුම පෙරෙතයෙක් නේ "
යුන්සෝ සිහින් හිනාවක් දැම්මා.

" එන්න නගිමු "
ටෑන් යුන්සොවත් ඇදන් බස් එකට නැග්ගා.

" ටෑන් ඇයි බස් එකට නැග්ගේ "

" ඇයි අහන්නේ "

" කොහේ යන්නද "

" කොහේ හරි යං "

"ඔයාගෙ කැමැත්තක් "
යුන්සෝ ශීට් එකට හේත්තු වෙලා ඇස් පියාගත්තා. ටික වෙලාවක් එහෙම ඉදලා ටෑන් දිහා බැලුවා. එයා පොඩි ලමයෙක් වගේ ජනේලයෙන් එලිය බලන් ඉන්නවා.

ලගින් තියාගන්න ආසයි. යුන්සොට හිතුනා.

එයාව දැක්කම මගේ හිත පිරෙනවා. මං එයාට කැමති. ඔව් ඒක ඇත්ත. එයාට ඒක කියනවද? නෑ ඕන නෑ දැන්ම ඕවා කියන්න ඕන නෑ.

යුන්සෝ ආයෙත් ඇස් පියන් කල්පනාකරන්න ගත්තා.

" යුන්සෝ අනේ නැගිටින්න. "
ටෑන් යුන්සොගේ කකුලට ගහන්න ගත්තා.

"මොකද වෙලා තියෙන්නෙ "

" යුන්සෝ මට අමාරුයි "

" ඇයි මොකද වුනේ "

යුන්සෝ කලබලයෙන් ටෑන් දිහාවට හැරුනා. එයාට හොදටම දාඩිය දාලා යුන්සොට බය හිතුනා. එයා ටෑන්ගේ නලලට අත තිබ්බා. හොදටම දාඩිය දලා.

" යුන්සෝ............."

" කියන්න "

" මට සූ බරයි "
යුන්සෝ ටෑන්ගේ කකුල් දෙක මැද්දට තදින් ගැහලා අහක බලා ගත්තා.

" ආ.........මොට්ටයෝ  ගහන්න එපා මෙතනම යයි "

"කෑගහපු විදියට මං හිතුවේ අසනීපයක් කියලා "

"අම්මෝ මේක ඊට හපන් මට ඉන්න බෑ, මොනා හරි කරන්නකෝ"

" හොද වැඩේ පෙරෙතකමට අයිස්කොෆි කප් කීයක් බිව්වද, මුලින්  තුනයි, ආයි දෙකයි අම්මො පහක් "

" අනේ මොකද කරන්නේ "
ටෑන් යුන්සොගේ කකුල මිරිකුවා

යුන්සෝ ටිකක් වෙලා කල්පනා කරලා. ටෑන් බීලා ඉවරකරපු අන්තිම අයිස්කොෆි කප් එක ශීට් එකේ මුල්ලේ තිබුනා.

" ආ මේකට දාන්න "
යුන්සෝ අයිස්කොෆි කප් එක ටෑන් ගේ කකුල් දෙක අතරින් තියා ගත්තා.

"ඔයාට පිස්සුද "

" එහෙනම් කලිසමේ දාගන්න "
ටෑන්ට ඉවසන්න බැරිම නිසා කැමති වුනා. හිමින් සැරේ ශිපර් එක ගලවන්න හදනකොටම යුන්සෝ ටෑන්ගේ අතින් අල්ලගත්තා.

" අපි බහිමුකෝ මෙතනින් "
යුන්සෝ ටෑන්ගෙ අතින් අල්ලගෙන බස් එකෙන් බස්සා.

ටෑන්ගේ වාසනාවටද කොහෙද එතන ෆිල්ම් හෝල් එකක් තියෙනවා. ටෑන් ෆිල්ම් හෝල් එකේ වොශෲම් එකට දිව්වා.

" හම්මෝ මාර සනීපයි "
ටෑන්ට මාර සනීපයක් දැනුනා.

" ආ "
යුන්සෝ ටෑන්ගේ අතින් ටිකට් දෙකක් තිබ්බා.

" ආ ඔයා ටිකට් ගත්තද "
මින්සෝ ඔලුව වනන ගමන් පොඩි හිනාවක් දැම්මා.

" ඔන්න යුන්සෝ ලයිට් ගියාම මොනා වෙයිද දන්නෑ "

"බලමුකෝ "





ළමයි,

යන්නං හොදේ.

Bye

Kishu :-)























Continue Reading

You'll Also Like

45.4K 7.7K 63
අසීමාන්තික අව්‍යාජ ප්‍රේමයක් වේද එය ලෞඛික නිවනක්ම වනු ඇත, එවන් ප්‍රේමයක් ලග කාලයද නවතිනු ඇත, එවන් ප්‍රේමයක් කාලයද පරදනු ඇත... Category :Bl, Gay love...
1M 42.9K 55
ငါလား.... စိတ်ချ...... နိဗ္ဗာန်ရောက်ရင်လည်း မင်းကိုပဲ ချစ်နေအုံးမှာ.......... သုနေတင်ထွဋ် ကမ္ဘာပျက်သလို လေပြင်းမိုးသံတွေထ...
3.7K 815 47
"ශිදි, හඬන්න එපා, ඔබට කරදර කළේ කවුරුන්ද? දා ශිශියොංග් නිසැකවම ඔවුන්ට පාඩමක් උගන්වන්නම්." "දා ශිශියොංග්." "මේ ලෙසටම සිටින්න. නැවත පැරණි දා ශිශියොංග් බ...
3.9M 414K 41
Myanmar BL