"ඒවා ජීසෝ ගේ.. මං අරන් දුන්න රෝස පාට බූට්ස්.."

ජින්ට මතක් උනේ ජේජු එන්න කලින් ජීසෝට අරන් දුන්න රෝස පාට බූට් දෙක.. ඒවාට ජීසෝ වැඩිය කැමති නැති උනත් මෙහේ වැස්ස නිසාත් ඒවා ඇතුල උනුසුම් නිසාත් දැම්මා..

"හොබී මං හිතන්නේ ජීසෝ ඇතුලේ.. අපි ඉක්මන් කරන්න ඕනී.. ඉක්මනට දොර කඩන්න මොකක් හරි අරන් එන්න.."

ජින් කියනකොට හොබී යන්න ගිහින් නැවතුනා..

"හ්‍යොන්ග් සද්ද කරන්න එපා.. කවුද පහල අපේ වාහනේ ලග ඉන්නවා.."

එහෙම කියලා හොබී ජින් ඇදගෙන ඒ ලග තිබුන පදුරු අතරේ හැංගුනා.. එයාලාට දැන් කැබින් එකේ දොරත් එයාලාගේ වාහනේත් හොදට පෙනුනා.. ඒ කෙනා සුදු පාට rain coat එකක් දාගෙන හිටියේ.. ඕනෑකමින් එයාලාගේ වාහනේ වටේ යනගමන් ඇතුල බලලා වටපිට බැලුවා.. ඒත් එයාට ජින්වත් හොබිවත් ඉන්නවා පෙනුනේ නෑ..

"ඉක්මනට අපි ඉන්න තැන නම්ජුන්ට share කරන්න.."

ඒත් ජින්ට ඒක කියලා ඉවර කරන්න බැරි උනේ හොබී එක පාරටම වැටුන නිසා..

එයා ඉක්මනට එයාගේ watch එක අල්ලන ගමන් පිටි පස්ස බලනකොට කවුරු හරි ජින්ගෙත් ඔලුවට ගැහුවා..

ජින් හොබි ගිහින් ගොඩක් වෙලා ගියපු නිසා නම්ජුන් හිටියේ කලබල වෙලා.. Maknae Line එක ජන්ග්කුක් ලගට වෙලා ඉන්න අතරේ යුන්ගි ජන්ග්කුක්ට බොන්න කැද එකක් හැදුවා.. ඒ එක්කමයි එයාලාගේ මැනේජර් දුවගෙන ආවේ...

"හ්‍යොන්ග්.. මොකද මේ??"

"නම්ජුනා.. ඉක්මන් කරන්න.. මට ජින්ගේ watch එකෙන් SOS message එකක් ආවා."

ඒක ඇහුන යුන්ගී ඒප්‍රන් එක පිටින්ම දුවගෙන ආවා..

"නම්ජුනා ඉන්න මාත් එනවා.."

"හ්‍යොන්ග් ඔයා ඉන්න.. කුකී ඉන්න තත්වේ හොද නෑ.. එයා ලග ඉන්න.."

නම්ජුන් හැරිලා කියනකොට යුන්ගිට කුකී මතක් උනේ.. එයා නම්ජුන්ට ඔලුව වනලා බලන් හිටියේ බොඩිගාඩ්ස්ලා එක්ක යන නම්ජුන් දිහා..

නම්ජුන් වාහනේ යන අතරේ ජින්ගේ watch එකෙන් ආව signal කොහෙන්ද කියලා tab එක අතට අරන් බැලුවා..

එක පාරක් එයාලා නිවාඩුවට ගිහින් ඉන්නකොට sasaengලා නිසා උන සිද්දියක් නිසා Bang PDනිම් මේ watch 7 එයාලාට දුන්නේ.. ඒවා පිටින් සාමාන්‍ය Rolex watch වගේ පෙනුනට ඒවාගේ තියන පුංචි button එක press කලාම එයාලාගේ managersලා ඒ වගේම bodyguardsලාට එයාලාගෙන් SOS මැසේජ් එකක් යනවා එයාලා ඉන්න තැන coordinates එක්ක..

ඒ එක්කම එයාලාගේ Private Bodyguardsලාගේ ප්‍රධානියා කලබල උනා..

"සේජින්.. ජින්ගේ කාර් එක move වෙනවා.. කලින් ඒක තිබුනේ ජින්ගෙන් මීටර් කීපයක් ඈත හැබැයි දැන් එක town එක පැත්තට move වෙනවා.." 

"ඒත් ජින්හ්‍යොන්ග් එතනමයි.. අනික මේකේ හැටියට watch එක ගලවලා නෑ.. ඒකට ජින්හ්‍යොන්ග්ගේ ඇගේ temperature එක පෙන්නනවා.."

නම්ජුන් ටැබ් එක දිහා බලාගෙන කියනකොට ටිකකින් එයාලා කැබින් එක තිබුන වංගුවට ආවා..

"එයා ඉන්න ඕනී මේ හරියේ.."

නම්ජුන් වාහනෙන් බහින ගමන් කියලා වටපිට බැලුවා.. දැන් නම් මීදුම නිසා කැබින් එක වැහිලා ඒත් නම්ජුන් කැබින් එකේ විදුලි එලිය යාන්තමට දැක්ක නිසා bodyguardsලා එක්ක උඩට ගියා..

ඒ යනකොටත් කැබින් එකේ කවුරුත් නෑ.. නම්ජුන් වටේටම ගියත් කවුරුත් පේන්න හිටියේ නෑ... ඒත් කැබින් එකේ පිටි පස්සේ දොර ලග තිබුන ලේ පැල්ලම් නම්ජුන් දැක්කා..

"හ්‍යොන්ග්... ඔයාලා හොදින් ඇති කියලා ප්‍රාර්ථනා කරනවා මං"

නම්ජුන් ඒ ලේ පැල්ලම් දිහා බලන ගමන් කියලා නැගිට්ටා..

"එයා ඇතුලේ ඉන්නවා.. ඉක්මනට මේ දොර කඩන්න.."

නම්ජුන් කියලා ඒ ලග තිබුන යකඩ බටේ අරන් දොරට ගැහුවා.. ඒත් ඒ එක්කම හැමදේම නැවතුනා.. වැහි බින්දු එක තැන නතර උනා.. මුහුදේ රල ගහන සද්දේ නැවතුනා..

ගෙදර හිටිය ජන්ග්කුක්ගේ ඇස් ඇරුනේ මෙච්චර වෙලා ඔලුව අත ගාපු ජිමින්ගේ අත එයාගේ හිස කෙස් අතර නැවතුන නිසා.. එයා අමාරුවෙන් නැගිටලා වටපිට බැලුවා...

"කාලය.. ඒක.. නැවතිලා.."

  - මතුසම්බන්ධයි -

You'll Never Walk Alone Where stories live. Discover now