"ජන්ග්කුක්ෂී.. ඔයාට මතකද එදා උන දේ??"
"හ්ම්ම්.. ඔව් එක පාරටම අන්න අර වංගුවේදි break නැතුව ගියා.. ඒත් මං drive කරා.. හරියටම අර ගහ ලගින් සතෙක් පාරට පැන්න නිසා මං හැරෙව්වා.. වැස්ස නිසා පාර හොදටම ලිස්සනවා, මට වාහනේ control නැතුව මේ යකඩ වැටත් කඩාගෙන පහලට පෙරලුනා.."

"හ්ම්ම්ම් break නැති උනා?? ඔයාට විස්වාසද ඒ වාහනේ staff එකෙන් check කලා කියලා.."

"ඔව්.. අපිට මරන තර්ජන කොහොමත් තිබුන නිසා security එකෙන් හැමදේම බලනවා"

කුකී කියලා ඉවර වෙනකොට යාන්තම් පොද වැස්සක් පටන් ගත්තා.. අපි දෙන්නම ඒ ලගම තිබුන අතෑරලා දාලා තිබුන පොඩි මඩුව යටට ගියා..

"ජන්ග්කුකිෂී, අපි ඔයාලා caravan එක ගත්ත තැනට යමුද? අපිට ගොඩක් වෙලාව නෑ"

"නේ මං පාර කියන්නම්.."

අපි දෙන්නා taxi එකක් නවත්තගෙන එයාලා caravan එක ගත්ත තැනට ගියා.. ඒ යනකොටත් BTS Staff එකේ අය වාහනේ පරික්ෂා කරනවා..

"Lunch එක ලෑස්ති හැමෝම කලා ඉන්න.."

කෙනෙක් කියනකොට කට්ටියම ඇතුලට ගියා.. ඒ එක්කම අපි දෙන්නා එතනට යන්න හැදුවත් කුකි මාව නැවත්තුවා..

"වේ??"

"අර බලන්න.."

කවුදෝ මනුස්සයෙක් හොරෙන් හොරෙන් වාහනේ ලගට එනවා.. ඒ මනුස්සයා වටපිට බලලා ඉක්මනට වාහනේ යටට ගියා.. කුකි එතනට යන්න හැදුවත් එතනට ආව තව වාහනෙකින් බැස්සේ BTSලා.. එයාලා හිනා වෙවී වාහනෙන් බැහැලා අත පය දිග ඇරලා වටපිටාව බලනවා.. අන්තිමටම වගේ කුකී බැහැලා ඈනුමක් අරින ගමන් restaurant එක ඇතුලට ගියා.. එයාලාගේ වාහනේ නිසා අපි දෙන්නට caravan එක පේන්නේ නැතුව ගියා..

"කෝ අර මනුස්සයා??"

කුකි කට්ටිය ඇතුලට ගියාට පස්සේ හෙව්වේ කලින් ආව සැකසහිත මනුස්සයාව.. අපි දෙන්නා වටේම බැලුවත් කවුරුත් පෙන්න හිටියේ නෑ..

"මට පේන්නේ ඔයාලාගේ accident එක හිතලා කරපු දෙයක්.. ඉක්මන් කරන්න.. එයාලා මෙතනින් යන්න කලින් අපි නවත්තන්න ඕනී.."

ඒත් අපි දෙන්නා පරක්කු වැඩි.. caravan එක start කරනවා අපි දෙන්නට ඇහෙනවා එක්කම දුවගෙන එනකොට කුකි(අතීත) වාහනේ එලියට අරන් ඉවරයි.. ඊට පස්සෙන් staff එකේ වාහන දෙකත් පිටත් උනා..

You'll Never Walk Alone Where stories live. Discover now