සවස හතරයි පනහ.
විශ්වවිද්‍යාල පුස්තකාලයේ තුන්වැනි මහලේ ජනේලයක් අසල වාඩි වී සිටි සුනූ, තමන් ඉදිරියේ විවෘත කර තිබූ පොත දෙස විනාඩි පහකට අධික කාලයක් බලාගෙන සිටියේය.
පොතේ අකුරු එකිනෙක පේනවා.
වාක්‍යත් පේනවා.
නමුත් ඔහුගේ මොළය ඒවා කියවීම ප්‍රතික්ෂේප කරමින් සිටියේය.
ඊට හේතුව සරලය.
ඔහුට නිදිමතය.
ඉතාමත්ම නිදිමතය.
පසුගිය දින තුන පුරා assignment එකක් නිසා පාන්දර දෙක තුන වනතුරු නිදාගෙන නොසිටි නිසා, දැන් ඔහුගේ මොළය වැඩ වර්ජනයකට ගොස් තිබුණි.
"මම මේක ඉවර කරනවා."
ඔහු තමාටම මුමුණා ගත්තේය.
තත්පර තුනක් ගත විය.
"නෑ... මම මේක ඉවර කරන්න යනවා."
තවත් තත්පර තුනක්.
ඔහුගේ හිස සෙමින් සෙමින් ඉදිරියට නැඹුරු විය.
තවත් තත්පරයක් ගත වූවා නම්, ඔහු නින්දට වැටෙනු ඇත.
එවිටම...
"බූ!"
"ආහ්!"
සුනූ සම්පූර්ණයෙන්ම ගැස්සී ගියේය.
ඔහු අතේ තිබූ පෑන බිමට වැටුණි.
ඉදිරියේ සිටි පුද්ගලයා ඒ දැක උඩ පැන පැන හිනා වීමට පටන් ගත්තේය.
"ජේක්!"
"මට බෑ! 🤣"
"මාව බය කළා!"
"ඔයාගේ මූණ දැක්කද?"
ජේක් පුටුවක වාඩි වෙමින් තවමත් හිනා විය.
"මම හිතුවා ඔයා පුටුවෙන් වැටෙයි කියලා."
"මම ඇත්තටම වැටෙන්න හිටියේ."
"ඒක නම් bonus එකක්."
සුනූ ඔහු දෙස රවා බැලීය.
ජේක්ගේ සිනහව තවත් පුළුල් විය.
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
YOU ARE READING
BLOOD ECLIPSE
General Fiction"මේ ඔහුයි... මගේ ආත්ම සහකරු." Moonblood නමින් හැඳින්වෙන දුර්ලභ රුධිරය සොයා අඳුරු වංශ නැගී එන අතරේ, ඉරණම ලේ වලින් ලියවෙන්න පටන් ගනී. "ආදරය..." ශාපයක් මෙන් භයානක විය හැක. - Book 1 of MOONLOVE series -
