සරත් සෘතුවේ අග භාගය..හවස් යාමයේ අහස අළුපාට වළාකුළුවලින් බර වෙලා තිබුණේ වැස්සක පෙර නිමිති කියන ගමන්..වැස්සට කලින් හමන සීතල හුළගත් එක්ක චෙරි මල් පෙති පාවෙලා ඇවිත් පදික වේදිකාවේ රටා මවද්දි ස්වභාවධර්මය මේ මවන අපූරු සිතුවම තමන්ගේ කැමරා කාචයට හසුකරගන්න මාශු පසුබට උනේ නෑ..
මාශු සෝල් නුවරට ඇවිත් වැඩි කාලයක් නැහැ..තමන්ගේ උපන් ගම උන බූසාන් වල ඉදන් ශිෂ්‍යත්වයකට සෝල්වලට ආව ඇයට මේ නගරය තවමත් හරිම ආගන්තුක උනත් ඇය මේ පරිසරයට හෙමින් හුරුපුරුදු වෙමින් හිටියා...ඇයගෙ ජීවිතය හරිම සරලයි..මාශු ට තමන්ගෙම කියලා පුංචි ලෝකයක් තිබුණා..ඒ ලෝකය තිබුණේ ඇය කියවන පොත්වල පිටු අතරත් , ඇයගේ කැමරාව තුළත් විතරයි....
" අද නම් වහීවි වගේ.."
ඇය තමන්ටම මුමුණ ගත්තා..
මාශු ඇදගෙන හිටිය නිල් පැහැති ලිහිල් කමිසය සහ සුදු පැහැති කලිසම නිසා ඇයගේ සරල පෙනුම තවත් වැඩි උනා..ලිහිල්ව බැද තිබුණ කොණ්ඩය හුළගට සෙලවෙද්දි කිසිදු ආලේපනයක් නොතිබුණ ඇයගෙ මුහුණ හරිම පිරිසිදු සහ සන්සුන් බවකින් යුක්ත උනා..
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
" මේ වගේ වෙලාවක උණුම උණු කෝපි කෝප්පයක් තිබුණනම් නියමයි..."
මාශු ගමන් කළේ ඇය හැමදාමත් වගේ යන ඇයට සිටින තැනට නුදුරින් පිහිටලා තිබුණ කෝපි හල දිහාවට....නිදහස් තැන්වලට වෙලා තමන්ගේ පාඩුවෙ කෝපි කෝප්පයක් රසවිදින ගමන් පොතක් කියවන්න පුරුදු වෙලා හිටිය මාශුට එතරම් සෙනග නොගැවසෙන ඒ කෝපි හල කදිම තැනක් උනා..
කෝපි හලේ දොර විවර වෙන විට ඇහෙන සියුම් සීනු හඩත් එක්කම මාශු ඇතුල් උනේ serendipity නම් වුණ මාශුගේ ප්‍රියතම කෝපි හලට...ඇසට ප්‍රිය මෘදු ආලෝකයක් එක්ක පසුබිමින් ඇහුණ jazz සංගීතය මාශුගෙ හිතට සාමකාමී හැගීමක් අරගෙන ආවා...
