එක් යුගයක පුරාවෘතයක් වී සිටි මකරුන් මෙන්ම විවිද මායාවී ජීවි කොට්ටාශයන් පිලිබදව ලියැවෙන අපූරු කෙටි කතාවකි.
මෙය තනිකරම ෆැන්ටසිය තුල නිර්මානය කරන ලද කතාවක් පමනි....
*****************************************
ඒක මායාව පිරිනු රාජදානියක් .. ඒ දේශයේ නම තමයි එල්ඩෝරියා ..එල්ඩෝරියා වල වංශ කිහිපයක් පෙර සිටම පැවත ආවා..ඒ වංශ ප්රදාන වශයෙන් මකර , එල්ෆ් , කිඳුරු ලෙස මෙන්ම තවත් වංශ කිහිපයක් මෙහි ජීවත් උනා.
එල්ඩෝරියාවල සාරවත් කඳු මුදුනක එක් දෙවි කෙනෙක් වාසය කලා .ඔහු තමයි තෙබෙක් කඳු වැටියට අධිපති දෙවියන් .ඔහු ගුමිහෝ වර්ගයේ වල්ග නවයේ හිවලෙක් . ඔහු වෙත තමයි මේ සියලුම වර්ගයා පුද පූජා පැවැත්වූයේ .
මෙම රාජදානිය සාරවත් මෙන්ම අඳුරු ලෙස පැති දෙකකින් සමන්විත උනා.. සාරවත් පෙදෙසෙහි එල්ෆ්වරු , කිඳුරන් වැනි වංශද අඳුරු පෙදසෙහි මකරුන් මෙන්ම අඳුරු මායාකාරයන් ද ජීවත් උනා අතීතයෙ මනුෂ්යන් විසින් කරන ලද ආක්රමණයෙන් පසුව සියලුම දේ විනාශයට පත් උනා...දැන් ඒ එ සියලු වංශයන්ගෙන් බොහොම සුළු පිරිසක් පමනක් එම රාජදානිය තුල වාසය කලා .
ප්රදාන වශයෙන් ගත් කල මකරුන් ඔවුන්ගේ දේශය රජකම් කරනු ලැබුවේ අතීත මකර අධිරාජ්යාගේ වැඩිමහල් පුත්රයා විසිනුයි . ඔහු නමින් කිම් නම්ජුන් ඔහු දැනුමින් මෙන්ම ශක්තියෙන්ද ඉහල මකර වංශිකයෙක් උනා .ඔහු රන්වන් මකරා ලෙස ද ප්රසිද්දියට පත්ව සිටියා .සිදු වූ රාජ්ය පරිහානියෙන් පසුව නම්ජුන් විසින් ඉතා විශිශ්ඨ ලෙස මකර දේශය යලි ගොඩනගනු ලැබුවා
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ඔහු සටනට මෙන්ම අඳුරු මායාවටද ඉතා දස්කම් දැක්වුවා...
නම්ජුන් හට කුඩා සහෝදරයෙක් සිටි නමුත් මේවන විට ඔහු අතුරුදහන් ව සිටියා. මනුෂ්යන් ගේ ආක්රමන අවධියේදි ඔහු විසින් ඉතා විශිශ්ඨ ලෙස සටන් වැද තම වංශය බේරා ගැනීමට උත්සහ ගත්තා..නමුත් මිනිසුන් විසින් ඔහුට වෙඩි තැබූ පසු ඔහු කොහි ගියාද යන්න නම්ජුන්ට පවා අභිරහසක් උනා..පිරිසක් ඔහු මරණයට පත් වූවා යැයි විශ්වාස කලද නම්ජුන් විස්වාසකලේ ඔහු තවමත් ජීවත්වන බවයි . කවුද මේ අධිරජ නම්ජුන්ගෙ සහෝදරයා ..
