💙Chapter 13🤍

38 4 0
                                        

🌷Jake- Heeseung?
🌷Heeseung- මේ මං...?වැරදි වේලාවකද ආවේ?ඔයා මට jake call 1ක් දෙන්නම් කිව්වට Call 1ක් ආවේ නැති නිසා,මං කන්න ගන්න මේ පැත්තේ කඩේකට ආවා.ඉතිම් එහෙම්ම ඔයා ඉන්නවද කියලා බලන්න මේ පැත්තට හැරුනා.
🌷Sunghoon- ඇයි Heeseung එන්නේ?මට පුලුවන්නේ jake ඔයාව ඇරලවන්න.
🌷Jake- ආ...එකට කමක් නැ Sunghoon.මං දවල් ආවේත් Heeseung එක්ක.එයා මාව ඔයාලාගේ ගෙදරින් දාලා මට call එකක් දෙන්න කියලා ගියා.
🌷Sunghoon- ඇයි මෙයා ඔයාගේ bodyguard ද?හැම තිස්සෙම පස්සෙන් එන්නේ😒
🌷Jake- Sunghoon? මොනාද කියවන්නේ?bodyguard නෙවෙයි මොකා වුනත් ඔයාට මොකද?අනිත් එක මතක තියාගන්න ඔයාට කලින් මට මෙයාලාව හම්බුනේ.
🌷Sunghoon- වැරදියිනේ ඉතිම්.ඔයාට මාවයි මෙයාලාට කලින් හම්බුනේ. අනිත් එක තව ටිකක් ඔයත් එක්ක කතා කර කර ඉන්න තිබ්බ chance එකනේ නැතිවුනේ.කමක් නැ ඔයා දැන් යන්න.අර මල යකා පිට්ටු බම්බුව වගේ හිටගෙන බලන් ඉන්නවා.හැලපයා.😒
🌷Jake- ආ...මොකක්ද? මල යකා,හැලපයා?ඒ පාර ඔයා ඒ ටිකට Heeseungට නම් හැදුවද?ඔයාට පුදුම තරහක් නේ තියෙන්නේ Heeseung එක්ක?ඇයි ඔච්චර තරහා?
🌷Sunghoon- (හිතෙන්) තරහක් තියෙන්නේ නැතුව තියෙයිද ඉතිම්,මගේ කොල්ලවම උස්සන්න හදනකොට.හැලපයා
🌷Jake- Sunghoon? ඒ පාර මොනාද කල්පනා කරන්නේ?
🌷Sunghoon- මුකුත් නැ.ඔයා දැන් පරිස්සමට ගෙදර ගිහින් මට මැසේජ් එකක් දාන්නකෝ.Good night.
🌷Jake- Humm good night.

Jake, යනවා බලන් ඉදලා මං ආයෙත් සැරයක් Jakeට කතා කරලා,Jake Saranghiyo🫰🏻කියලා කෑගැව්වාම Jakeට එකට හිනා ගිහින් මට අත වනලා bye කියලා ගියා.මං jake නොපෙනි යනකම්ම බලන් ඉදලා ගෙදර ඇතුලට ගියා.මං ගෙදර ඇතුලට ඇවිල්ලත් Heeseungට හිතෙන් බැන බැන හිටයේ,Heeseung ඒ වෙලේ Jake දිහා බලන් හිටපු විදිහට මට ඒ ඇස් උගුල්ලන්න තිබ්බානම් කියලා.Jake එයා ගෙදරටත් ආවා කියලා මට මැසේජ් එකක් දාලා තිබුනා🙊මට නේද ඉතිම්🤭අම්මේ සතුටට ඇදේ පෙරලි පෙරලි කොට්ටේ කෑවා මං😂මොකද ඒ තමයි මට Jakeගෙන් ආව පලවෙනි මැසේජ් එක🥹මං සතුට වැඩි කමට මැසේජ් එක Screen short ගහා ගත්තත් එක්ක🤭හෙට ස්කොලේට ගියාම දාන්න පුලුවන් සේරම මගේ 65මායම් සෙට් එකම දාලා Jake කොල්ලාව කෝමහරි මගේ වසඟයට ගන්නවා කියන කුජිත පාරමාර්ථයෙන් මං කන්ට ඕනෙත් නැ කියලා සැතපුනා😂

JAKE🐶
Jake?මොනාද ඔයා කල්පනා කරන්නේ?හොදින් නේද?මං වේලාස්සන ආවාවත්ද ඔයාව ගන්න කියලා Heeseung ඇහැව්වා.අනේ නැ Heeseung එහෙම ප්‍රශ්නයක් නැ.ඔයා හරි වේලාවට තමයි ආවේ.බොරු කියන්න එපා jake.ඔයා මොනවම හරි ගැන හිතනවා.අපි sunghoonගේ ගෙදරින් ආපු වෙලේ ඉඳලා ඔයා මොනවාම හරි කල්පනා කරනවා.මං දැන් ඔයා ලග හිටියේ නැ කියලා ඔයා දන්නෙත් නැනේ.මං කතා කරාමයි ඔයා මං කොහේද කියලා බලන්න පිටිපස්ස හැරිලා බැලුවේ.නැත්නම් තාමත් හොල්මන වගේ ඇවිදගෙන යනවා.ඇත්ත තමයි මං Sunghoon දාන් හිටපු මාලේ ගැන කල්පනා කර කර ගියා මං ලග Heeseung නැ කියලා මට තේරුනෙත් නැ.Heeseung මට කතා කරලා මං හැරිලා බැලුවමයි එයා මට පිටිපස්සේ හිටියේ.පස්සේ Heeseung මං ඉන්න තැනට ඇවිත්,Jake ඇත්තටම මොනාද ඔයාට ඔච්චරටම කල්පනා කරන්න තියෙන්නේ?මං දැකලාම නැ ඔයා මෙහෙම ඉන්නවා.මට කියන්න බැරි දෙයක්ද?අනේ නැ Heeseung.කියන්න පුලුවන්.මං කෝමත් ඔයාලාට මේක කියන්න තමා හිතන් හිටියේ.කමක් නැ දැන් එහෙනම් ඔයාට කියන්නම්කෝ.ගෙදර ගියාම අර දෙන්නට කියනවා.හ්ම්ම්...මේකයි, මං මේ දවස් වල අමුතු හීන වගයක් දකිනවා.මෙහෙමයි මං ඒ හීන කලිනුත් දැකලා තියෙනවා.ඒත් පස්සේ පස්සේ කාලයක් යද්දි මං ඒ හීන දැක්කෙම නැ.ඒත් ඒ හීන දැන් ආයෙමත් පෙන්න ගන්නවා.එකම හීනේ ආයේ ආයේ දකිනවා.සමහර වේලාවට මං බයවෙලත් ඇහැරෙනවා.ඒ හීන වල සමහර දේවල් මට මතකයි.සමහර ඒවා පැහැදිලි මදි.අර මතක දේවල් වල එකක් මං දැන් දැක්කා.ඒකයි මං මේ කල්පනා කර කර ආවේ.හ්ම්ම්...හරි.ඔයා මොනවගේ හීනද දැන් දකින්නේ? දකින්නේ,මං ගිටාර් 1ක් ply කරනවා family 1ක් ඉස්සරහා.මට ඒ පවුලේ හැමෝගෙම මුණු මතක නැ.කිහිප දෙනෙක්ගේ මතකයි.ආයේ මං drive කරන් යන වාහනේ හැප්පෙනවා දකිනවා.එදා නම් මගේ හදවත හයියෙන් ගැහුනා.මං හිතුවෙම මං ඇත්තටම මැරුණා කියලා.දැන් මතක් වෙද්දිත් මොකක්ද මොකක්ද වගේ.අයේ දැක්කේ,පිරිමි ළමයෙක් දකිනවා මගේ අත අල්ලන් යනවා.එයාගේ හීනාව ඇහෙනවා හැබැයි මුණ මට පැහැදිලි නැ.ඒ හැඩරුවත් ටිකක් sunghoonට සමානද මන්දා.ආ..ආයේ ඒ පිරිමි ළමයා දාන් ඉන්න මාලේ මතකයි.ඒ මාලේ වගේ මාලයක් sunghoon අද දාන් ඉන්නවා දැකලා ඒ හරියටම ඒ මාලේද කියලා බලන්න යනකොට තමා Heeseung ඔයා ආවේ.ඇ...ඔයාට හෛදටම sure ද ඒ sunghoon දාන් හිටිය මාලේ ඔයා හීනයෙන් දකින මාලේමයි කියලා.මට ඒ මාලේමයි කියන්න බැහැ.මොකද බලන්න හම්බුනේ නැ ඔයා ආවානේ.ෂිට් අයියෝ ගම කාලානේ මං.ඔයාට ඉතිම් ස්කොලේට ආවාම shape එකේ sunghoonගෙන් අහන්න පුලුවන්.ඔව් ස්කොලේදි sunghoonගෙන් අහන්න ඕනේ.කොහෙන්ද ඔයා ඒ මාලේ ගත්තේ කියලා.අපොයි කොල්ලා උත්තර දෙයි.කියන්න බැනේ කොල්ලා මාලේ ඔයාගේ කරට දාලාම උත්තර දෙයි.මගේ දේවල් කියන්නෙත් ඔයාගේ දේවල් වගෙනේ සුදු...කියලා😂Heeseung,ඒ පාර ඔයා මට විහිලු කරන්නත් පටන් ගත්තාද?Sorry sorry jake😁නැ ඉතිම් මං එහෙම කිව්වේ,ඔයාට Sunghoon කැමතියිනේ ඒකයි.දැක්කානේ අද ඔයාව ගන්න මං ආවා කියලා මගේ දිහා බලන් හිටපු විදිහ🥲හරියට මාව ගිලින්න වගේ මනුස්සයා බලන් හිටියේ😂ආ...දැක්කානේ ඔය මතක් වෙද්දි ඔයාටත් හීනා යන්නේ🤭එතකොට මං හිනාව නවත්තලා Heeseung දිහා ඔරවලා වගේ බලන් හිටියා🤨ආ..හි..හි..😁එතකොට Jake ඔයා කියන්නේ,ඔයා ඒ හීනයෙන් දැක්කේ sunghoon කියලාද?නැ නැ මං ඒ ඉන්නේ sunghoonමයි කියන්නැ.මොකද මටත් තාම ඒ මුණ clear නැති නිසා.හ්ම්ම්..මෙහෙමයි jake,මං අහලා තියෙනවා පෙර භවයේ සමහර මතක සමහර මිනිස්සුන්ට ආයේ ඉපදුනාම මතක් වෙනවා කියලා.එයාලා එතකොට ඒ පරණ මතක තැන්,පවුලේ අය හොයන් යනවා කියලා.ඔයාටත් ඒ වගේ ඔයාගේ කලින් ආත්මේ දේවල් හීන මාර්ගයෙන් මතක් වෙනවද දන්නැනේ.අනිත් එක එකම හීනයනේ ඔයා ආයේ ආයේ දකින්නෙත් ඒකයි.මං දන්නැ හරියටම ඒකමද කියලා.ඔයත් චුට්ටක් ආයේ ඒ හීන දැක්කම පොඩ්ඩක් මතක් කරන්න try කරන්න.සමහරක් විට ඔයාට මතක් වෙන්නත් පුලුවන්.නැත්නම් පොතක ලියා ගන්න ඔයාට මතක දේවල්.ඒ ඔයා දකින තැන් ඇත්තටම තියෙනවද කියලා හොයලා බලන්න.එතකොට ඔයාටම ඔය හිතේ තියෙන සැකේ දුරු කර ගන්න පුලුවන්නේ.මාත් එන්නම් එතකොට ඔයත් එක්ක ඒ දේවල් හොයන්න.අපිට sunghoon ගේනුත් අහලා දැන ගන්න පුලුවන්නේ ඇත්තටම එහෙම දෙයක් තියෙනවද කියලා.හ්ම්ම් අපි එහෙනම් එහෙම කරමු කියලා මං හිනා වුනා.අපි ගෙදර ගියාම අර දෙන්නාටත් කියමු කියලා මං කිව්වා.කෝමහරි අපි දෙන්නා ගෙදරත් ගිහින් විඩියෝ කොල් එකක් අරන් මං අර ඩබලට මගේ හීන story එක කිව්වා.එයාලා එක්ක කතා කර කර ඉඳලා මං එයාලාට කලින් නිදා ගන්න ගියා.මොකද මගේ නිදා ගන්න time එක ආපු නිසා.මං නැති අතරේ මාව තක්කාලි ගෙඩියක් චොර චොප්ප කරනවා වගේ කාලා දාලා තිබුනා.හොද වේලාවට මං video call එකෙන් leave වුනේ.නැත්නම් කියන දේවල් අහන් ඉන්නත් එපැයි.ඊට වැඩිය නිදා ගන්න එක සැපයි.

_Once Again_✨(Jakehoon)Where stories live. Discover now