💙Chapter 05🤍

57 7 34
                                        

"X-O, X-O
Kiss me, don't say no
X-O-O-O-O-O-O, X-O-O-O-O-O-O
Kiss me-e-e-e-e-e, don't say no-o-o-o-o-o
X-O-O-O-O-O-O, X-O-O-O-O-O-O
Kiss me-e-e-e-e-e, just say O-O-O-O-O-O
X-O, yeah "🎶
ENHYPEN ලාගේ ❌⭕️ Song එක අම්මා කියනවා ලාවට වගේ මට නින්දෙන් ඇහුනා.ඒත් එක්කම මගේ කකුලේ කවුරුහරි වැඳිලා දඩබඩම් ඩොං ගාලා වැටෙනවා වගේ ඇහුනා.සද්දෙට ඇහැරිලා කකුලේ ඉදලා ඔලුවට වෙනකම් පොරවන් හිටිය රෙද්ද පිටින් මළ මිනියක් නැගිටුනා වගේ මං වට පිට බැලුවා.බැලුවම දැක්කේ අම්මා පොළොව බදාගෙන ඉන්නවා.මං ළඟට යද්දි අම්මා ආමාරුවෙන් නැගිටිනවා.අම්මෝ.දෙයියනේ මගේ කොන්ද,ඉල ඇටේ පැන්නද මන්දා කියන ගමන් අම්මා පිටිපස්සට හැරුණා.ආ........ආ........දෙන්නම බය වුනා වගේ කෑගැව්වා😂අම්මේ මං sunghoon.ඔයා හොදින් නේද?ඇහැව්වා විතරයි අම්මා මගේ පිටට තලාගෙන තලාගෙන ගියා.ඒකෙන් මගේ නිදිමත මාව ඩිවෝස් කලා.
මොනාද ළමයෝ මේ පාන්දර ඇහැරන් කරන්නේ?මාවත් බය කරනවා මදිවට තව පොඩ්ඩෙන් මගේ කොන්දත් කැඩෙනවා.මං සාලේ බිම නිදාගෙන හිටියේ අම්මේ.මං අම්මට කිව්වා.ඇයි පුතේ සාලේ නිදා ගන්නේ අච්චර අර ඇඳ තියෙද්දි.නැ අම්මේ ඊයේ නින්ද ගියේ නැ,ඉතිම් සාලේ කැරකි කැරකි හිටියා එහෙම්ම නින්ද ගිහින් අම්මේ.ඊයේ රැ group chat එකෙන් පස්සේ මට නින්ද ගියේ නැ.නිදා ගන්නවා කියලා හිතලා ඇස් පියාගත්තත් Jake මගේ ඔලුවේ කැරකුනා මැස්සෙක් වගේ.මට මොකද වුනේ කියලා කල්පනා කර කර මං කාමරේ එහාටයි මෙහාටයි ඇවිද්දා.පස්සේ කාමරේ ඉන්න බැරි තැන පොරෝන රෙද්දත් උස්සන් සාලේට ඇවිත් හිටියාම තමා මට නින්ද ගිහින් තිබුනේ.මට ඇහුනා අම්මා කියනවා,අනේ මන්දා මේ ළමයාට මොනා වෙලාද කියලා.මට ඒ ඇහැරුනාට පස්සේ අයේ නින්ද ගියේ නැ.මං ඒ නිසා ඉස්කොලේ යන්න හිමින් හිමින් ලෑස්ති වුණා.ලෑස්ති වෙලා,කාලා බීලා මං ස්කෝලෙට ගියා.ආවාම ස්කොලේ ගේට්ටුව ළඟ දැක්කේ අර ජෝඩුව මං එනකම් මඟ රැකගෙන ඉන්නවා දැක්කා.ඒ දෙන්නාව දැක්ක ගමන් ඔලුවට ගියේ දැන් මං අහන ප්‍රශ්න වලට කොහොමද උත්තර දෙන්නේ කියලා.ලොකු හුස්මක් අරගෙන මං ඉස්සරහට ගියා.මාව දැක්ක ගමන් sunoo Good morning කිව්වා.මාත් දෙන්නටම good morning කිව්වා.ඒ වෙලේ nikiයා මගේ දිහා බලපු බැල්ම නම් මට එච්චර ඇල්ලුවේ නැ.මේ මල යකා ඇහැව්වේ නැතැයි කවුද දැන් අර poppy Boy කියලා?දෙයියෝ බැලුවා වගේ ඒ වෙලේ බෙල් එක ගැහැව්වා.ඒ වේලාවෙන් උපරිම ප්‍රයෝජන ගත් මම නිකියාට දත් ටික දාලා දිව්වා පන්තියට.නිකියාත් මගේ පස්සෙන් දුවන් ආවා.මට පන්තියට ආපු ගමන් බැලුනේ Jake ඉන්න තැන.එයාගේ bag එක තිබ්බට එයාවත් එයාගේ යාලුවෝ 3 වත් හිටියේ නැ.ටික වේලාවකින් jake එයාගේ යාලුවොත් එක්ක ඇවිත් පන්තියේ වාඩි වුණා.

_Once Again_✨(Jakehoon)Where stories live. Discover now