Jake🐶
ගිණිමැල වටේ සින්දු කියලා ඩාන්ස් කරලා මහන්සි නිසා කට්ටියම Tents වලට ගියේ හෙට ගෙදර යන්න තියෙන නිසා.කොච්චර කෑවත් මට Coffee 1ක් බොන්නේ නැතුව නින්ද යන්නැ නේ.Heeseung බොන්න ඕනේ කිව්ව නිසා ice coffee 2k ගෙන්න heeseung නවාතැනේ කුස්සියට ගියා.Jay,Jungwonට නම් එපා කිව්වා මොකද කාලා නටලා බඩට ආමාරුයි තවත් නම් දා ගන්න බැහැයි කිව්වා.අපි tent එකට ආවාම jay ගිහින් wosh dala awith ගිටාර් එක ply කර කර හිටියා.jungwon එනකම් මං එළියට ඇවිත් අහස දිහා බලන් හිටියා.හඳ ලස්සනට පායලා.මං කැමතියි හඳ දිහා බලන් ඉන්න.බලාගෙන හිටියාම කවුරුහරි කතා කලා.කවුද කතා කලේ බැලුවම ඒ හිටියේ Sunghoon.Sunghoon ඇවිත් මාත් එක්ක කතා කර කර හිටියා.ඉන්න ගමන් මං ඔයාගෙන් දෙයක් අහන්නද කියලා,මං හා කිව්වට පස්සේ මෙන්න බොලේ ඇහැව්වේ නැතැයි,ඔයා කාටහරි ආදරේ කරලා තියනවද?Girlfriend කෙනෙක් ඉන්නවද කියලා😅ඒක කියලා ඊට පස්සේ අහපු ප්‍රශ්නෙට මං ළඟ උත්තර නැති වුනා.මගෙන් sunghoon ඇහැව්වා Girlfriend කෙනෙකුත් නැත්නම් කවුරුමහරි ඉස්සරහා ඔයාගේ හදවත ගැහිලා තියනවද කියලා?මං අහපු ගමන් ගොලු වුනා.මං එයා දිහා බලන් ඉඳලා ඇහැව්වා,ඇයි ඔයා මගේන් එහෙම අහන්නේ?Sunghoon ටික වේලාවක් සද්ද නැතුව ඉඳලා කිව්වා මං ඔයාට කැමතියි මගේ හදවත ඔයාට විතරයි ගැහෙන්නේ කියලා.ඒක කිව්වා විතරයි මගේ හදවත හයියෙන් ගැහෙන්න ගත්තා.ඒත් එක්කම Sunghoon මගේ අත අරගෙන එයාගේ හදවත ළගින් තියලා මට ආදරෙයි කිව්වා.ඒ කිව්ව එකට මං sunghoon දිහා ඔලුව උස්සලා බලන්න යද්දිම එයා මගේ තොල් වලට kiss එකක් දුන්නා.ඒ වෙලේ මගේ හදවතත් හයියෙන් ගැහෙනවත් එක්කම බඩේ සමනල්ලු පියාඹනවා වගේ felling එකක් ආවා.ඒ වෙල් එකපාරට ඇහැනු සද්දේට හැරිලා බලද්දි දැක්කේ Heeseung අපි දිහා බලන් ඉන්නවා.මං දැක්කා ගෙනාපු ice coffee බිම වැටිලා තියෙනවා.Heeseung අපිව දැකලා යන්න ගියා.මාව බයටම එතනින් නැගිටුනේ Heeseung හොයන් යන්න.යන්න හදනකොටම sunghoon මගේ අත අල්ල ගත්තේ මට යන්න එපා කියන්න වගේ.ඒත් මං sunghoon අත අතැරලා ගියේ Heeseung හොයන්.දුවගෙන ගිහින් කොමහරි Heeseung ගේ අත අල්ලලා නවත්තගත්තා.Heeseung ඔයා ඒ දැක්ක දේවල් කාටවත් කියන්න එපා එහෙම දෙයක් නැ හරිද.එහෙනම් ඇයි ඔයා kiss කරන්න යද්දි ඒක නැවැත්තුවේ නැත්තේ?heeseung ඇහැව්වා.මං දන්නැ මං කොමද එයාව එහෙම ඈත් කරන්නේ.අනිත් ඒක ඒ වෙලේ නිකන් සීතල වෙලා ගියා වගේ ඇගේ ඇතුලින් අමුතු සීතලක් දැනුනා.මට මුකුත් හිතා ගන්න බැරි වුනා මොනාද මං කරන්නේ කියලා.මං sunghoon ගේ දිළිසෙන ඇස් දිහා බලන් හිටියා.එතකොටම සද්දයක් ඇහුනා.එතකොට තමා ඔයා අවේ.Hmmm ඔයා sunghoonට කැමතියි jake.heeseung කිව්වා.නැ නැ එහෙම දෙයක් නැ එයා මගේ යාලුවෙක් විතරයි ඊට එහා මුකුත් නැ.ඔයා ඔය හදවතට එකඟවද කියන්නේ Jake?මට තේරෙන්නැ heeseung. sunghoon ඇවිත් මාත් එක්ක කතා කරද්දි මං ආසයි එයත් එක්ක කතා කර කර ඉන්න.එයාව දකින්න කැමතියි.ඒක ඉතින් සාමාන්‍යයෙන් යාලුවෝ එක්ක ඉන්නවා වගේනේ.එකෙන් කොහෝමද කියන්නේ මං sunghoon ට කැමතියි කියලා.මට එකේ වෙනසක් පෙන්නැ.sunghoon මට කැමති ඇති.ඒත් මං,ආ...නැ නැ මට තේරෙන්නැ Heeseung.හරි එහෙනම් මට මේක කියන්නකෝ.මොකක්ද? මං Heeseung ගෙන් ඇහැව්වා.ඔයාගේ හදවත sunghoon දකිද්දි එයා ළඟට ඉද්දි හයියෙන් ගැහෙනවද?දැන් සාමාන්‍යයෙන් ඔයා අපි එක්ක ඉද්දි එහෙම ගැහෙන්නැ normally තියනවා නේ.sunghoon ඉද්දි එහෙම වෙනසක් තියනවද?ම්..ඔව් සමහර තැන් වලදි හදවත ගැහිලා තියෙනවා.අර sunghoon ස්කොලේට ආපු පලවෙනි දවස,ආයේ එයාව පාර්ක් එකේ හම්බුන වේලාවේ,ඊට පස්සේ දැන්.එච්චරයි කියලා මං Heeseung ට කිව්වා.හ්ම්.එතින් ඔය තියෙන්නේ ඒ වෙනස.දැන් අපි හිතමුකෝ ඔයා කවුරුහරි දැක්කා.ඔයා එයාට ආකර්ෂනය වෙනවා.ආ ඔයා කව්වේ sunghoon පන්තියට ආපු පලවෙනි දවසේ ඔයාගේ හදවත ගැහුනා,ඔයා එයා දිහා බලන් හිටියා කියලා.ඔයාට එයා එක්ක කතා කරන්න,එයාව දකින්න ආස හිතෙනවා.පස්සේ පස්සේ දන්නෙම නැතුව ඔයා එයාට ආදරේ කරනවා.ඒත් ඔයා දන්නේ නැ ඔයා එයාව හම්බුනු මේ ටික කාලේට ඔයා එයාට ඇත්තටම ආදරේ කලා කියලා.අන්න ඒ වගේ.heeseung මට ඒක කිව්ව වෙලේ මං මං මගේ අත හදවත ලගින් තියා ගත්තා.හ්ම්..දන්නැ heeseung මට ඇත්තටම මං sunghoont ආදරෙයිද කියලා හිතන්න ඕනේ.හරි ඔයා කියනවා වගේ අපි හිතමුකෝ මම sunghoon ට කැමතියි කියලා,එතකොට අපේ අම්මලා මොනවා හිතයිද?අනිත් ඒක boy boy love වලට මිනිස්සු කැමති නැනේ.එතකොට Jay,Jungwon ඒ දෙන්නා මාත් එක්ක තරහා වෙයිද?මට එයාලාව නැති කරගන්න බැහැ heeseung.මෙහෙමයි Jake,අපිට මිනිස්සු හිතන විදිහ වෙනස් කරන්න බැහැ වගේම තමයි,එයාලා කියන දේවල් නවත්තන්න බැහැ.එකනේ කියන්නේ ලෝකය ගෝලාකාරයි මිනිස්සු විෂමාකාරයි කියලා.විවිධ විවිධ මිනිස්සු ඉන්නේ.එයාලාට ඕනේ විදිහට ඉන්න ගියොත් සතුටින් ඉන්න බැහැ.එහෙමයි කියලා අපි ආදරේ කරන අයව නැති කරන් අපි අසතුටින් ඉන්න ඕනේ නැනේ.ඒ නිසා ඒ හැමදෙයක්ම තේරුම් අරන් ඉවසිමෙන් වැඩ කරන්න ඔනේ.අම්මලා තාත්තලා උනත් මං හිතන්නැ අකමැති වෙයි කියලා.මොකද,එයාලාට ඔනෙත් දරුවන්ගේ සතුටනේ.මුලදි කිව්වම පොඩ්ඩක් ෂොක් වෙයි,ඒත් එයාලා තේරුම් ගනි.අනිත් ඒක jay,jungwon වුනත් මුකුත් කියන එකක් නැ.එයාලත් ඔයාට support කරයි.අපි ඔයාව අත්අරින්න නැJake.ඒ නිසා එහෙම හිතන්න එපා.අපි ඔයා එක්ක හැමදේකටම ඉන්නවා.වැදගත්ම දේ ඔයාගේ සතුට.ඔයා ආදරේ කරන කෙනා ගෑණුද,පිරිමිද කියන එක නෙවෙයි.ඒ ආදරේ කරන කෙනා එක්ක ඔයා සතුටින් ඉන්නවා නම් එච්රයි වටින්නේ.ආදරේ කියන්නේ එක එක්කෙනාට දැනෙන හැගීමට.ඒකයි තාම ආදරේට හරි නිර්වචනයක් නැත්තේ.ඔයාට ඔයා හොයන ආදරේ හම්බුනා නම් ඒකට පවුලේ අයගේ අකමැත්තක් නැත්නම් අපිට අනිත් දේවල් වැඩක් නැ.මොකද අන්තිමට අපිට ඉතුරු වෙන්නේ අපේ පවුලේ අයයි ඔයාව හොඳට තේරුම් ගන්න යාලුවෝ කිහිපදෙනා විතරයි.ඒ නිසා ඒක තේරුම් අරන් ජිවත් වෙන්න.Heeseung පැහැදිලි කර දුන්නා.Hmm හරි.Thank You Heeseung.ඒක නෙවෙයි මෙයා දැන් උපදෙස් දෙන්නත් දන්නවනේ🤭කොල්ලා කාට හරි ආදරේ කරනවා වගේ,මං මගේ හොර මුණ දාලා Heeseungගෙන් ඇහැව්වා.Hmm ඔයාට(Heeseung හිතෙන් කිව්වා)කියන්නකෝ Heeseung කවුද ඒ.මං ආයෙත් සැරයක් Heeseung ඇහැව්වා මොකද Heeseung මගේ දිහා බලන් ඉන්නවා පිළිතුරක් නැති නිසා.නැ නැ එහෙම කවුරුත් නැ.එහෙම හිටියොත් ඔයාට තමා මුලින්ම කියන්නේ.Heeseung කිව්වා.මං ඇස් හිනී කරලා හිනා වෙලා Heeseungගෙන් ඇත්තමද?කියලා ඇහැව්වා.Jake මගෙන් ඇත්තමද කියලා අහනකොට මගේ මතකෙට ආවේ jakeව මට මුලින්ම හම්බුන දවස.🥹චුටී කාලේ මං මේ ඉස්කොලේට ආපු අලුත මට යාලුවෝ කවුරුත් හිටියේ නැ,ඒ නිසා පන්තියේ හිටපු සමහර ළමයි මට විහිලු කරද්දි,මාව සෙල්ලම් කරන්න ගන්නේ නැතුව ඉද්දි,කොහේදෝ ඉදලා පොඩි කොල්ලෝ 3දෙනෙක් ඇවිත් ඒයි...මෙයාට කරදර කරන්න එපා මෙයා අපේ යාලුවෙක් කියලා කොල්ලෝ 3 දෙනාගෙන් වම් පැත්තේ හිටිය කොල්ලා චන්ඩියෙක් වගේ කිව්වා.ඒ හිටියේ Jay.කොල්ලෝ 3දෙනාගෙන් මැද හිටියේ Jake.Jake කිව්වා,මෙයාට ගහලා අහුවෙන්න එපා මං ඔයාලව ටිචර්ට කියනවා හරිද.Jakeට දකුණු පැත්තේ හිටිය Jungwonනුත් අත්දෙක ඉනේ බැඳගෙන ඔව් හරිද කිව්වා.🤭ළමයි ටික ඊට පස්සේ ගියා යන්න.බිම වාඩිවෙලා හිටිය මට නැගිටින්න කියලා හිනා වෙලා Jake මට අත දුන්නා.ඊට පස්සේ එයාගේ නම Jake මේ ඉන්නේ එයාගේ යාලුවෝ දෙන්නා Jay,Jungwon කියලා අදුන්වලා දිලා මගේ නමත් අහලා ඔයත් දැන් අපේ team එකේ කියලා මාව එයාලාගේ යාලුවෙක් කරගත්තා.එදා ඉදන් තමා මං Jakeට ආදරේ කරන්න පටන් ගත්තේ.එදා දවස මට කවදාවත් අමතක වෙන්නැ.එදායින් පස්සේ මං එයාලා 3දෙනා එක්කමයි හිටියේ.අපි එකට කෑම කෑවා,සෙල්ලම් කලා,එකට පාඩම් කලා.Jake එයාගේ ගෙදරත් මාව එක්කන් ගියා.Jake වගේම එයාගේ පවුලේ අයත් හරි හොඳයි.මගේ දෙමව්පියන් busy life එකක් ගත කරන නිසා මට එයාලාගේ ආදරේ ලැබුනේ හරි අඩුවෙන්.මාත් එක්ක ගෙදර කතා කරන්න හිටියේ ගෙදර වැඩ කරන් මැගී ආන්ටි විතරයි.ඒ නිසා මං Jakeගේ පවුලෙන් ලැබෙන ආදරේට මං ආදරේ කලා.කාලයත් එක්ක යද්දි තේරුනේ මට,මං Jakeට ආදරේ කරනවා කියලා ඒ ආදරයත් යාලුකමට එහා ගිය ආදරයක් මගේ හිතේ Jakeට තියෙනවා කියලා.එදායින් පස්සේ මං මගේ හිත තඳ කර ගත්තේ කවදාම හරි Jake එයාගේ ආදරේ පස්සේ දුවන් යනවා කියලා මං දන්න නිසා.ඒ නිසා මං මගේ හිතේ විතරක් ඒ ආදරේ තියා ගත්තා.ඒ නිසා මං Jakeට රිදෙනවට කැමති නැ.එයා කාට ආදරය කලත් එයාගේ මේ හිනාව හැමදාම තියෙන්න ඕනේ.(මං හිතෙන් හිතුවා)Heeseung Heeseung මට Jake කතා කරනවා වගේ ඇහුනා.ඔව් jake.කොයි ලෝකේද හිටියේ?මං ඔයාට කතා කලා ඔයාට ඇහුන්නැ.මොනාද කල්පනා කරන්නේ?Jake ඇහැව්වා.ආ.....මේ අපේ Coffee බිම හැලුනා නේද? අයියෝ ඔව් නේ.අපරාදේ මගේ coffee එක.Jake දුකින් කිව්වා.Jake ඔයාට ඕනේ නම් මං තව coffee 1ක් අරන් දෙන්නම්.Heeseung ඇහැව්වා.ඕනේ නැ Heeseung කියලා මට මතක් වුනේ sunghoonව.Heeseung,Sunghoon තාම එළියේ ඉන්නවද දන්නැ නේද?දන්නැ jake ඔයාට ඕනේ නම් ගිහින් බලලා එන්න.මං යනවා tent එකට නැත්නම් අර දෙන්නා බලයි කොහේද අපි දෙන්නා ගියේ කියලා.මේ Heeseung?ඔව් jake?මේ අපි මේක Jayටයි jungwonටයි කියනවද?ආ..අපි ගෙදර ගියාට පස්සේ ඒ දෙන්නට හිමීට කියමු.මං Heeseung හරි කියලා ආවේ sunghoon තාම එළියේ ඉන්නවද බලන්න.නැ එයා එතන හිටියේ නැ.මං ලොකු හුස්මක් අරන් පහලට දාලා බිම වැටිලා තිබ්බ හැලුන coffee බැග් එක විසිකරලා මාත් ගියා tent එකට.wash දාලා නිදාගන්න කියලා ආවාට,මට නින්ද ගියේ නැ.කෝමහරි මට පාන්දර නින්ද ගිහින් තිබ්බා.අද හැමෝම ගෙදර යන දවස නිසා අපි ඇඳුම් පැළඳුම් අස්කරගෙන ලැස්ති වුණා.
YOU ARE READING
_Once Again_✨(Jakehoon)
Fanfiction"මං ආයේ ඉපදුනොත් ඔයාට මාව මතක තියේයිද?මාව හොයාගෙන එන්න."♥️
