මං Soojinට thanks කරලා මගේ බඩු ටික room එකෙන් තියලා ඇදට පැන්නේ ගමන් මහන්සිය තිබුනු නිසා.ඇදට හාන්සිවෙලා සිවිලිම දිහා බලන් ඉන්නකොට මට මැවිලා පෙනුනේ Jaewooව.උදේ එයාව දැක්ක විදිහ,හරියට කොරියන් ඩ්රාමා එකක කොල්ලා කෙල්ලව දකින විදිහට මට jaewooව මැවෙන්න ගත්තා.ස්කොලේ යන කාලේ කොච්චර කෙල්ලෝ මගේ පස්සෙන් ආවත් මට jaewooව වගේ මට එයාලාව පෙනුනේ නැ.එයාලා දිහා ගල් ගිලලා වගේ බලන් ඉදලත් නැ.කොටින්ම කිව්වොත් කැමති නැත්නම් කැමති නැ sorry කියන්න මං පස්ස ගැහැව්වේ නැ.එත් අද උදේ වුනු දෙයින් මං කල්පනා කලේ ස්කොලේ කාලේ කෙල්ලන්ට ලොකු ලයින් දාපු මට අද මොකද මේ උනේ කියලා.එකපාරටම මං Jaewoo ගැන හිතනවා නේද කියලා ඔලුවට ආපු නිසා මොන මගුලක්ද මේ?මොනාද මං මේ හිතන්නේ මට පිස්සු හැදිගෙන එනවද කොහේද කියලා ඔලුවට මමම අතින් ගහගෙන ඒ ගහපු පාර රිදුන නිසා ඔලුවත් අතගාන් ඇදෙන් බැස්සේ ගෙනාපු ඇඳුම් පිළිවෙලට නමලා කබඩ් වලට දාගන්න.මං කාමරේ අස්කර කර ඉද්දි සොපි නැන්දා කෑම එකක් උස්සන් ආවේ අද ආපු ගමන් නිසා කන්නෙත් නැතුව ඇතිනේ ආ මේක ගන්න පුතේ කියලා මට කෑම එක දීලා ගියා.මං සොපි නැන්දට ඔලුව නමලා ස්තුතී කරලා අත හොදන් කන්න ගත්තා.කාලා කැම්පස් යන්න බඩු ලැස්ති කර කර ඉද්දි දොරට ගහනවා ඇහුන නිසා මං දොර අරින්න ගියා.ගියාම ඇවිත් හිටියේ සොපි නැන්දා.කියන්න සොපි නැන්දේ කියලා මං කතා කලාම මට කිව්වා පුතේ ගෙදර මහත්තයයි නොනයි ඇවිත් තියෙන්නේ.පුතාට කතා කරනවා කිව්ව නිසා මං සොපි නැන්දා එක්කම පහලට බැස්සා.පහලට ගියාම ගෙදර සාලේ Soojin එයාගේ අම්මත් එක්ක ඉඳගෙන හිටියා.Soojin මට අතවනලා හිනා වුනා.Soojin ගේ අම්මා මාව දැකලා මට ඉඳගන්න කිව්වා.ඒ කියලා එයා මගෙන් පුතාගේ නම මොකක්ද කියලා ඇහැව්වා.මං Kang Jihoon කියලා හිනා වෙලා උත්තර දුන්නා.ඒ වෙලේම කවුරු හරි එනවා වගේ සපත්තු අඩි සද්දයක් ඇහුන නිසා කවුද කියලා බලන්න මං පිටිපස්ස හැරුනමයි දැක්කේ ඒ තමයි මේ ගෙදර අයිතිකාරයා.උස,මහත ටිකක් නපුරු පෙනුමක් තිබ්බට හිනා වුනාම මුලු මුණම වෙනස් වෙන පෙනුමක් ඒ අංකල්ට තිබ්බේ.මගේ ළඟට ඇවිත් ආ...මෙයාද ඒ campus boy කියලා ටිකක් රලු කටහඬකින් කතා කලා.මං නැගිටලා ආචාර කරලා ඔව් මං තමයි ඔයාලාට කතා කලේ මගේ නම Kang Jihoon කියලා උත්තර දුන්නා.Soojinගේ තාත්තා මගේ ළඟට ඇවිත් බය වුනාද පුතේ කියලා මගෙන් ඇහැව්වා.මං දත් සෙට් එක දාලා හිනාවෙලා නැ නැ නැ කියලා හිනා වෙලා උත්තර දුන්නා.ඒ වෙලේ Soojin කිව්වා,ඔහොම නපුරා වගේ හිටියට හරි හොදයි අපේ තාත්තා කියලා කිව්වා.කෝමහරි ටික වේලාවක් මං Soojinගේ අම්මයි තාත්තයි එක්ක කතා කර කර ඉදලා එයාලාටත් වැඩ තියෙනවා උදේට hospital යන්නත් තියෙනවානේ කියලා ගියා.මාත් එයාලට good night කියලා ගෙදරින් එළියට ආවා.ඒ ඇවිත් ආයේ ගේ දිහා බලලා Jaewoo පෙන්න ඉන්නවද කියලා බැලුවත් එයා පෙන්න හිටියේ නැ.සමහර විට ඇන්ටිලා උදේ hospital යනවා කිව්ව නිසා jaewoo දැන් ළඟ ඉන්න ගියාද දන්නැනේ ඉන්න කෙනාගේ කියලා හිතාගෙන මං උඩට නැග්ගා.
YOU ARE READING
_Once Again_✨(Jakehoon)
Fanfiction"මං ආයේ ඉපදුනොත් ඔයාට මාව මතක තියේයිද?මාව හොයාගෙන එන්න."♥️
