"කොළඹ කොටුවේ සිට කංකසංතුරේ දක්වා ධාවනය වන උත්තර දේවි දුම්රිය තුන්වන වේදිකාව වෙත ළඟා වුණා. එය යාපනයේ සිට කන්කසන්තුරේ දක්වා ඇති සියලුම දුම්රිය නැවතුම් වල නවත්වනවා ඇත..."
උදේ එකොළහයි ගානකට කොළඹ කොටුවෙන් පිටත් වුනු ගමන අපි යාපනයට එනකොට හවස හයහමාරත් පහුවෙලා තිබුණා. මට ට්‍රේන් එකෙන් බිමට අඩිය තියනකොටම දැනුනේ යාපනයටම ආවේණික වෙච්ච උණුහුම් දූවිලි මිශ්‍ර ඒත් අමුතු වේලුනු මල් සුවඳක් කැටි වුන ඒ හුළඟ.මම වටපිට බලන ගමන් බෝඩ් වල වැඩි හරියක් තිබුණු දෙමළ අකුරු ඇස් වලට හුරු කරගන්න උත්සාහ කරා.මේ ස්ටේෂන් එකටම හිටපු සිංහල මිනිස්සු දෙන්නා මමයි කෙත්මයි විතරයිදෝ කියලා මට හිතුනෙ.සාරිය ඇඳල පිච්චමල් කොන්ඩෙ ගහ ගත්තු ගෑණු අය වගේම වේට්ටිය ඇඳගත්තු පිරිමි ගොඩක් මැද්දේ මම හිටියේ මගේ අතිජාත මිත්‍රයා එනකම්.
"යාල්පානමේ පිපිච්ච පිච්ච මල් ගොතා යාල් දේවියෙන් වඩින්න නිත්‍ය රංජනා..."
කෙත්ම එයා බඩ් දෙකත් කනේ ගහගෙන උඩ පැන පැන ට්‍රේන් එකෙන් බැහැලා මං ගාවට දුවගෙන ආවා.
" යාල් දේවියෙන් නෙවෙයි යකෝ අපි උත්තර දේවියෙන් බැස්සේ"
"ඉතිං සකියා උඹ උඩ පනින්නේ ඇයි උඹ නිත්‍ය රංජනාද?"
"අන්නා.."
ස්ටේෂන් එකේ දොර ගාව ඉඳලා දිග සායකුයි ඒකටම ගැලපෙන හැට්ටෙකුයි ඇඳලා දිග කොන්ඩ කරලක් ගොතපු වයස අවුරුදු දාසයක දාහතක විතර ගෑනු ළමයෙක් අපේ පැත්තට දුවගෙන ආවා. හීනි දිගඇස් තිබුණු නළලේ පොට්ටුවක් තියල හිටපු කහ පාටට හුරු ඒ පුංචි කෙල්ල නළදත පේන්න හිනා වෙනකොට තිබුනෙ පුදුම සිරියාවන්ත කමක්. ටිකක් තලත්තෑනි පෙනුමක් තිබුණු එයාගේ තාත්තා කියලා හිතන්න පුළුවන් පිරිමි කෙනෙකුත් අපි ලඟට ආවා.
"මේ පුතාලා දෙන්නා කොළඹ ඉඳලා නේද තමා එනවා?"
ඒ කෙනා කතා කරේ පැහැදිලි ඒත් දෙමළ හුරුවක් තිබුණු ඇක්සන්ට් එකකින්. මම හිතන්නේ මේ අපි නවතින්න බලපු බෝඩිමේ අයිතිකාරයා වෙන්න ඕනේ. මේ තැන අපි හොයාගත්තේ කෙත්මගේ කසින් බ්‍රදර්ගෙ තාත්තගෙ මාර්ගෙන්. එයා මෙහෙ කෑම්ප් එකක ඩියුටි ඉන්න නිසා එයාට කිව්වම මේ තැන හොයලා දුන්නා.කිව්ව විදිහට නම් මෙතන කලින් ඉඳලා තියන්නෙත් අපේ කැම්පස් එකේම සීනියර් අයියලා දෙන්නෙක්.ඒ දෙන්නට නම් සද්ද කරනවා වැඩියි කියලා මේ අංකල් යන්න කියලා තිබුණා. අනේ මන්දා හැබැයි මූණ බැලුවහම එහෙම නපුරු පාටකුත් නෑ මේ මනුස්සයගේ.සමහර එවුන් ඉන්නවනේ කොච්චර පොතේ පතේ දැනුම තිබ්බත් තැනක ගිහින් ඉන්න දන්නේ නැති. එහෙම එවුන් ටිකක් වෙන්නැති එලවගන්න ඇත්තෙ.
YOU ARE READING
පිච්ච පොහොට්ටු (මේ ප්‍රේමයේ සුවඳයි) BL
Non-Fictionසීත මැදියමේ හමා ආ පිච්ච සුවඳ තැවරුනු උණුහුම් ගීයක ආදරය විඳගන්න.. සැ.යු. මෙහි එන නම් ගම් සහ ස්ථාන සියල්ල මනඃකල්පිත බව කරුණාවෙන් සළකන්න. තවද යතාර්ථයේ පවතින ස්ථාන හා තොරතුරු වුවද කෘතියේ සහ පාඨකයාගේ රසඥතාවය සඳහා යම් යම් ආකාරයන්ගෙන් වෙනස් කිරීම් වලට ලක්...
