මං යන්තමට ඇස් ඇරල වටපිට බැලුව...පොඩි එකා මට එහා පැත්තෙ නිදි..නිර්මාල් බේබි පොතක් බල බල මේසෙ ලඟ වාඩි වෙලා..ඇද උඩ නිදාගෙන ... තත්පර ගාණක් කල්පනා කරේ මං කොහොමද ඇදට ආවෙ කියල...මං පුතා එක්ක බිම නිදාගෙන හිටියෙ..ඇදට ආව කියල මතකයක් ම නෑ...මං එහෙමම ඇදෙන් බැස්සෙ හොරෙන් බේබි දිහා බලන ගමන්..එයා ලොකු අවධානෙකින් පාඩම් කරනව...මං ඇදෙන් නැගිටල අඩි දෙකක් ආව විතරයි...
"කොහෙද යන්නෙ ?"
නිර්මාල් බේබිගෙ කටහඬට මං එකපාරටම නැවතුණේ ඊලග අඩිය තියන්න කලින්..බොරැවනෙ කරන්නෙ..පාඩම් කරාට මං ගැනත් අවධානෙන්..
"ම් ..කාමරේට යනව "
"යන්න ඕන නෑ..ඔතනින් නිදා ගන්නව "
"ඒත් බේබි..මහත්තයට අමාරැ වුණොත්? .මැඩම් ගෙන් මට බැනුම් අහන්න වෙයි "
"මං දැන් සීයව බලල ආවෙ ..තමුසෙ නිදාගන්නව..පොඩි එකා ඇහැරැණොත් මට ඩිස්ටර්බ්.."
ඒ කියන්නෙ එයා ලෙඩාව බලල ඇවිත්..ඒත් මං මේකෙ නිදා ගත්තොත් මේ ගෙදර මකුලු දැල් වගේ පැටලිල තියෙන ප්‍රශ්න වලට තවත් එකක් එකතු වෙනව..මට ඉන්න තැනත් නැති වෙයි .මැඩම් කෑ ගැහුවෙත් වැඩකාරයො වැඩකාරයො විදියට තියන්න කියලනෙ..මං හරියට ගිරේට අහුවුණ පුවක් ගෙඩිය වගේ..
"මොනවද කරන්නෙ හිටගෙන?..මං කියපු දේ ඇහුණෙ නැද්ද..?"
ආයෙත් ඒ කටහඬ..මං ආපහු හෙමීට ඇවිත් පොඩි එකා ලගින් ඇල වුණා..නින්ද යන්නෙත් නෑ අප්ප..මං ඉන්න කාමරේට ගියා නම් හිත නිදහසේ නිදාගන්න පුළුවන්.....
නිර්මාල් බේබි පැයක් විතර පාඩම් කරල ඇදට ඇවිත් ඇලවුණෙ පොඩි එකාට එහා පැත්තෙන්..පොඩ්ඩ අපි දෙන්නට මැදි වෙලා..එයාල එක්ක එක ඇදේ නිදා ගන්න එක ගැන අවුල් වගේ , හරි නෑ වගේ දැනුණත් නැගිටල ගියොත් බැනුම් අහන්න වෙනව..ඒ හින්දම ඇස් පියාගත්තෙ ඒ ගැන වැඩිය නොහිත..
"ඇයි නින්ද යන්නෙ නැද්ද?"
නිර්මාල් බේබි ඇහුවෙ ඇද ලග ස්ටූල් එක උඩ තියන ටේබල් ලයිට් එක නිමන ගමන්..ඒ අන්ධකාරෙ මට ඇහෙන්නෙ එයාගෙ ගැඹුරැ කටහඬ විතරයි..එයා බැන්නත් ඒ කටහඬ ඇහෙද්දි මගෙ හිතට දැනෙන්නෙ ලොකු සැනසීමක්..වෙලාවකට මට හිතෙනව එයා වගේ අයියෙක් මට හිටියනම් කියල..
![](https://img.wattpad.com/cover/368672906-288-k593998.jpg)
YOU ARE READING
දෑස නිසා
Non-Fictionප්රතික්ශේපවීම් ගොඩක් මැද එකම එක ආදරණීය පිළිගැනීමක් ඇති ජීවිතේ හිනිපෙත්තටම යන්න..