දෑස නිසා - 07

679 103 15
                                    

"කවුද තමුසෙට පුතාව ගේන්න කිව්වෙ?"

   නිර්මාල් බේබි ඇහුවෙ ටිකක් තරහෙන් වගේ..මගෙ කටේ කෙලත් හිදුණ ඒ බැල්මට..

"බේබි පුතා තනියම අඩ අඩා බේබිව හොයාගෙන ආව..කවුරැත් හිටපු නැති හින්ද මං ගෙනාවෙ "

   මං සන්සුන් විදියට කියද්දි  තරහ ටිකක් අඩු වුණා වගේ..පොඩි එකා තනියම අඩ අඩා යද්දි නලවන්න කවුරැවත් නෑ...දැන් නලවපු කෙනා තමයි වැරදි...කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දු..

"ඇයි ඉතින් කාටවත් කිව්වෙ නැත්තෙ...?"

"ඒ හරියෙ කවුරැවත් පේන්න හිටියෙ නෑ බේබි"

   නිර්මාල් බේබි මං දිහා ඇසිපිය නොගහ බලාගෙන මොකුත්ම නොකිය..මං එහෙමම බිම බලා ගත්ත..

"අරන් ගිහින් කාමරෙන් තියන්න"

     නිර්මාල් බේබි එකපාරටම තරහෙන් වගේ කියල එලියට ගියෙ මට මොකුත් කියන්න නොදී.....මං පොඩ්ඩව අරන් එයාගෙ කාමරේට ගියෙ හෙමින් අඩිය තිය තිය..එයා කලින් ඇවිත් ඇදුම් මාරැ කරනව..දැන් රෑ නවයටත් කිට්ටුයි...මං හොරෙන් එයා දිහා බැලුව...ම්හ්... පාඩුවෙ ටවල් එක ඇදන් නාන්න යන්න ලෑස්තිය..ඒ පලල් උරහිස, පපුව, මස්ගොබ පිරැණ බාහු දෙක දකිද්දි හිතෙන්නෙම එයා ජිම් යනව ඇති කියල ..ඒත් දන්න විදියට එයාට ඒකට යන්න තරම් වෙලාවක් නෑ..මටත් පිස්සු ...කෙල්ලක් දිහාවත් මේ තරම් උනන්දුවෙන් බැලෙන්නෙ නැද්ද මන්ද..

පොඩි එකාව හෙමීට ඇදෙන් තියද්දිම ඇහැරැණා...

"අප්පත්ති..."

    ආයෙත් අඩනව.....මං බැලුවෙ නිර්මාල් බේබි දිහා..එයත් මං දිහා බලන්..

  "දැන් ඔය යන්නද හදන්නෙ ?...පොඩි එකා අඩනව පේන්නෙ නැද්ද. ...ඉදල නිදි කරවල යනව "

    නිර්මාල් බේබි විධානෙ දීල එලියට යද්දි මං එහෙමම පොඩි එකා ලගින් ඇල වුණේ එයාගෙ පස්සට යන්තම් තට්ටුවක් දාන ගමන්..ඉස්සර මල්ලිව නිදි කරවද්දි එයාට නින්ද යන්නෙ නැතුවම මෙහෙම තට්ටු දාද්දි නින්ද යනව...ඒ වගේ...පොඩ්ඩටත් ඉක්මනට නින්ද ගියා..මේ දවස් ටිකට ලෙඩ්ඩුන්ට සලකන්න , ගෙදර වැඩ විතරක් නෙමේ පොඩි ලමයි බලාගන්න එකත් දැන් මට හොදට පුරැදු වේගෙන එන්නෙ...මං ඇස් පියාගත්තෙ පොඩි එකාවට තට්ටු දාන්න ගමන්ම...


දෑස නිසාWhere stories live. Discover now