දෑස නිසා - 04

702 95 6
                                    


       කෙල්ල කොච්චර තරහෙන් කෑ ගැහුවත් කෙල්ලගෙ අයිය ගියෙ කිසිම දේකට උත්තර නොදී..ඔව් ඉතින් ..ඒ බෙරිහන් දෙන ගානෙ කොල්ලට කතා කරන්න බෑනෙ..මං එයාගෙ පිටිපස්සෙන් වැටුණෙ කෙහෙ ගියත් මට කන්න මොනව හරි ලැබෙයි කියල විශ්වාසයක් තිබ්බ හින්ද..බඩගින්නෙ ඉන්න එක මට නුපුරුදු දෙයක් නෙමේ..ඒත් ඊයෙ දවසත් හරියට නොකා හිටපු හින්දද මන්ද දැනුණෙ බඩ ඇතුලෙන් මොකකින් හරි හාරනව වගේ..

  ඒ අයියා කෙලින්ම ගියෙ බීච් එකේ කෙලවර තිබ්බ කඩේකට..මං ටිකක් ඈතට වෙලා හිටගෙන බලන් හිටිය..ලැජ්ජාවකුත් එනව.නොකා හිටියට මේ විදියට ඉල්ලගෙන කාල  නෑනෙ කවදාවත්..ඒත් දැන් වංශෙ බල බල ඉන්න බෑ..අනික මේ පලාතෙ ඉන්න කවුරැවත් මාව දන්නෙත් නෑනෙ..එයා බත් පැකට් එකකුයි වතුර බෝතලෙකුයි අරන් මං ලගට ආව..

"ආ...මේක අරන් ගිහින් කන්න "

   එයා කිව්වෙ ඒව මට දික් කරන ගමන්....මං ඒක ගන්න අදිමදි කරද්දි ඇඟේ ගැහුවෙ රවාගෙන වගේ..මොනව වුණත් හරිම ස්මාර්ට් කොල්ලෙක්..පේන විදියට ලොකු රස්සාවක් කරන කෙනෙක්..ගොඩක් සල්ලි තියන පවුලක් වගේ...ඔව්නෙ ..බීච් එකේ අච්චර ලොකු කේක් එකක් එක්ක පාර්ටි එකක් ගන්නව කියන්නෙ ගොඩක් පෝසත් ඇති..

  මං බත් එක අරන් ආයෙමත් එයා පිටිපස්සෙන් වැටුණ..මට නිකමට වගේ දැනෙනව එයා කාවවත් රවටන කෙනෙක් නෙමේ කියල..ඒ හින්දම හිත ඇතුලෙ තිබ්බ ප්‍රශ්නෙ එලියට දැම්ම..

"අයියෙ , මට රස්සාවක් හොයාගන්න පුලුවන් වෙයිද ?..අයිය දන්න තැනකින් හරි?"

    එයා එකපාරටම නැවතිල මං දිහා බලද්දි මං එකපාරටම බ්‍රේක් ගැහුවෙ එයාගෙ පිටිපස්සෙ ඉදන්....මං ශේප් එකේ මුහුද දිහා බැලුවෙ ඒ ඇස් දෙක මග ඇරල..කවුද දන්නෙ බනීද කියල..

"කොහෙ ඉදන්ද  ආවෙ?"

"වයස කීයද ?"

"අම්මල තාත්තල දන්නවද ?"

"ඇයි මෙහාටම ආවෙ?"

"ඉගෙන ගත්තෙ නැද්ද?"

   ප්‍රශ්නය ගොඩයි...ඒ ප්‍රශ්න ටික ඇති රස්සාවක් දෙන්නත්..මං එකින් එකට උත්තර බැන්දත් ගෙදර ප්‍රශ්න ගැන කියන්න හිත දුන්නෙනෑ...මොනව වුණත් අද හම්බුණු කෙනෙක්ව කොහොමද විශ්වාස කරන්නෙ..එයා ටිකක් වෙලා මං දිහා බලන් ඉදල පාර්ටි එක තියන තැනට ගියෙ මොකුත් ම නොකිය..හරිම ගුප්ත චරිතයක්..අඩුම තරමෙ රස්සාවක් නෑ කියල හරි කියපන්..මං ඈතට වෙලා පාර්ටි එක දිහා ටිකක් බලන් ඉදල වෙරල අයිනෙ තිබ්බ ගල් වැටිය උඩ වාඩි වුණේ බත් එක කන්න..

දෑස නිසාWhere stories live. Discover now