දෑස නිසා - 06

651 101 13
                                    

අහ්..නිර්මාල් බේබිට වෙද නලාව කාමරේ පුටුව උඩ බැරි වෙලා..ඒක දැක්කමමටත් ආසයි ඩොක්ට කෙනෙක් වෙන්න..මං ඒක අතට අරන් කනට දාගෙන ආයෙම පපුව , බඩ  හැමතැනම තිය තිය බැලුවෙ හිතට ආපු ආසාවක් එක්ක..ඒත් පපුවෙ තරම් කොහෙවත් සද්දෙ ඇහෙන්නෙ නෑ..මං එකපාරටම ඒකෙ කෙලවරට ඇගිල්ලෙන් තට්ටුවක් දැම්මෙ කනේ ගහගෙන ම...අම්මෝහ්..කන පුපුරන්න වගේ සද්දෙ..තරැ පෙනුණ ඒකට නම්....

    ඒත් මේක එක්ක සෙල්ලම් කර කර ඉන්න බෑ..නිර්මාල් බේබි ට දෙන්න ඕනෙ..පැයකට විතර පස්සෙ මං කාමරෙන් එලියට ආවෙ නිර්මාල් බේබිගෙ කාමරේ හොයාගෙන..පේනතෙක් මානෙ කවුරැත් නෑ..මට හිතෙන්නෙ බේබිගෙ කාමරේ තියෙන්නෙ උඩ තට්ටුවෙ..ආවත් හරි කුස්සියටයි මට දීල තියන කාමරේටයි ගියා ඇරෙන්න ගේ ඇතුලෙ වෙන තැන්වලට ගියෙ නෑනෙ....මං පඩිපෙළ නැග්ගෙ වෙද නලාවත් අරගෙනම...කවුරැහරි බැන්නොත් ඇවිදිනව කියල මට කියන්න පුළුවන්නෙ මේක දෙන්න යන්නෙ කියල..

පඩිපෙල නැගල මතු වුණේ උඩ තට්ටුවෙ සාලෙට..ඒක පහල තට්ටුවට වඩා පොඩි වුණත් හරි ලස්සනට පිලිවෙලට තියනව..ඊට අමතරව සාලෙට විවෘත වෙන කාමර තුනයි..මං විනාඩියක් විතර සාලෙ මැද හිටගෙන කල්පනා කරේ නිර්මාල් බේබිගෙ කාමරේ කයි එකද කියල..හිතාගන්න බැරි හින්දම එක කාමරේකට ගිහින් තට්ටු කරේ දෙගිඩියාවෙන්..

     එකපාරටම දොර ඇරැණ..ඒ එක්කම යටිගිරියෙන් කෑ ගැහුවෙ දිල්කි බේබි.....නිර්මාල් බේබිගෙ නංගි..බර්ත් ඩේ ගර්ල්...මට තරැ විතරක් නෙමේ හදත් පෙනුණ...

"අම්මේ....මේ හෝතඹුව ඇවිත්...කාමර ගානෙ එනව..මේ බලන්නකො "

    මගෙ කකුල් දෙකත් පණ නැති වුණා ඒ කෑ ගැහිල්ලට...

"සොරි බේබි..මං මේක නිර්මාල් බේබි ට දෙන්න ආවෙ..කාමරේ බැරිවෙලා තිබ්බෙ..සොරි...මං හිතල නෙමේ කරේ"

"ශිට්..ලැජ්ජ නැතුව ඇවිත් බොරැත් කියනවද තව..පේනවනෙ අපේ ලොකු අයියාගෙත් මෝඩකම් මේව.... හොරෙක්  ගෙදරට අරන් ඇවිත්"

  දිල්කි හයියෙන් කෑ ගහද්දි මං එන්න හැරැණෙ මැඩම් එන්න කලින් ..මැඩම් ආවොත් තත්වෙ මීට වඩා දරුණු වෙනව..මගෙ හිත කෑ ගැහුවෙ 'අහස් ඉක්මනට කාමරේට පලයන්' කියල.....ඒත් ඊලග කාමරේ දොර ඇරැණ..නිර්මාල් බේබි එලියට ආවෙ ඇස් දෙකත් පිහ පිහ..

දෑස නිසාKde žijí příběhy. Začni objevovat